The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

දිසා විනිසුරු සරවනරාජාගේ අවාසනාවන්ත පෞද්ගලික තීන්දුව නීතිය හා යුක්තිය පිළිබඳ ප්‍රශ්නයට ලඝු නොකළ යුතුයි -(කුසල් පෙරේරා)

T

The Leader Desk

September 30, 2023 • 12:07 AM

දිසා විනිසුරු සරවනරාජාගේ අවාසනාවන්ත පෞද්ගලික තීන්දුව නීතිය හා යුක්තිය පිළිබඳ ප්‍රශ්නයට ලඝු නොකළ යුතුයි -(කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටින් වහා බැහැරව යාම මේ දිනවල විශේෂයෙන් සමාජ මාධ්‍යයන්හි කතා බහට ලක් වන්නකි.
  • ඔහු මුහුණ දුන් සියලු බලපෑම්, තර්ජන හා අනාරක්ෂාව මගින් ප්‍රදර්ශනය වන නීතිය හා යුක්තිය බිඳ වැටීම බරපතල රෝග ලක්ෂණයක් මිස, මේ සමාජය ගොදුරුව ඇති පිලිකාව නොවේ.
  • දිසා විනිසුරු ටී.සරවනරාජා සඳහන් කර ඇති පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තෙවරක්ම අධිකරණ නීති උල්ලංඝණය කර ඇත්තේ කුරුන්තූර්මලෙයි බිම අනවසරයෙන් විහාරයක් ඉදිකිරීම සඳහා ය.
  • එය අධිකරණ ක්‍රියාවලියද පසුබා ව්‍යාපත්ව ඇති සමස්ථ ශ්‍රී ලාංකීය රාජ්‍ය ඉතා දැඩිව සිංහල-බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටීමේ කාරණාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

රටින් වහා බැහැරව යාම මේ දිනවල විශේෂයෙන් සමාජ මාධ්‍යයන්හි කතා බහට ලක් වන්නකි.

ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ඔහු ගැන කතා බහ වන්නේ ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව ඔහු මාධ්‍යයට කියූ, හේතු දැක්වීම් සම්බන්ධයෙන්ය.

කුරුන්තූර්මලෙයි බිම අනවසර විහාරයක් ඉදිකිරීමට රජයේ දෙපාර්තමේන්තුවක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගන්නා උත්සාසයට එරෙහිව ඔහු ලබා දුන් තීන්දුව හේතුවෙන් ඔහුට මුහුණ දීමට සිදුවූ බලපෑම්, තර්ජන හා අනාරක්ෂාව සම්බන්ධ සිදුවීම් පිළිබඳව වැඩි දෙනාට ඇත්තේ විරෝධයක් සහ නීතිය හා යුක්තිය කොහේදැයි ප්‍රශ්න කිරීමකි.



ඔහු මුහුණ දුන් සියලු බලපෑම්, තර්ජන හා අනාරක්ෂාව මගින් ප්‍රදර්ශනය වන නීතිය හා යුක්තිය බිඳ වැටීම බරපතල රෝග ලක්ෂණයක් මිස, මේ සමාජය ගොදුරුව ඇති පිලිකාව නොවේ. පිලිකාව වන්නේ සමස්ථ රාජ්‍යයම දැඩි සිංහල-බෞද්ධ රාජ්‍යයක් වීමය.

  xzdfe


දිසා විනිසුරු ටී.සරවනරාජා සඳහන් කර ඇති පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තෙවරක්ම අධිකරණ නීති උල්ලංඝණය කර ඇත්තේ කුරුන්තූර්මලෙයි බිම අනවසරයෙන් විහාරයක් ඉදිකිරීම සඳහා ය. එහෙත් පුරාවිද්‍යා බලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කළේ යැයි නීතිමය පියවර ගෙන නැත. එය විනිසුරුවරයාගේ සහ පුරාවිද්‍යා බලධාරීන්ගේ පෞද්ගලික ආරවුලක් නොවේ. එය අධිකරණ ක්‍රියාවලියද පසුබා ව්‍යාපත්ව ඇති සමස්ථ ශ්‍රී ලාංකීය රාජ්‍ය ඉතා දැඩිව සිංහල-බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටීමේ කාරණාවකි.

ඔහු පවසා ඇති අයුරු නීතිපති විසින් දිසා විනිසුරු ලෙස ඔහුව කැඳවා ඔහුගේ තීන්දු වෙනස්කරන මෙන් ඉල්ලා ඇත්තේද පෞද්ගලික කාරණාවකට නොවේ. නැවතත් එය කුරුන්තූර්මලෙයි බිම අනවසර විහාරය සම්බන්ධයෙනි. නැවතත් එය සමස්ථ ශ්‍රී ලාංකීය රාජ්‍ය ඉතා දැඩිව සිංහල-බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටීමේ කාරණාවකි.



දැඩි සිංහල-බෞද්ධ අන්තවාදයකට මේ රාජ්‍ය නතුව ඇත්තේ උතුරු නැගෙනහිර පමණක් නොවේ. එය සමස්ථ රාජ්‍යයේම මතවාදය යැයි මා කියන්නේ, කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ශාෆි ෂිහාබ්ඩීන්ට එරෙහිවද කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පියවර ගනු ලැබූයේ රාජ්‍ය මතවාදය සිංහල-බෞද්ධ වූයෙනි. මහනුවර දිස්ත්‍රික්කයේ හසලකදී අහිංසක මුස්ලිම් කාන්තාවක් වූ ෆාතිමා නුස්රා ඇයගේ ඇඳුමෙහි ධර්ම චක්‍රය මුද්‍රණය කර ඇතැයි අත්අඩංගුවට ගනු ලැබීමේ සිට සාහිත්‍යධර ශක්තික සත්කුමාර හරහා හාස්‍යෝත්පාදක රංගවේදිනි නතාශා එදිරිසූරිය දක්වා කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට රාජ්‍ය ආයතන විසින් සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යොදා ගනු ලැබූයේද සිංහල-බෞද්ධ මතවාදය වෙනුවෙනි. කොවිඩ් වසංගත සමයේ ඇමති මණ්ඩල තීන්දුවක් මත භූමදාන තහනම් කරනු ලැබ එය විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව රාජ්‍ය සේවයෙහි යොදා ගනු ලැබූයේ සිංහල-බෞද්ධ රාජ්‍ය මතවාදය හේතුවෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනි රටක් සඳහා තනී නීතියක් හැදීමේ අරමුණින් පත් කළ කොමිසමෙහි ප්‍රධානියා ලෙස සිංහල-බෞද්ධ අන්තවාදයේ අවිනීතම සංකේතය ලෙස සැළකෙන ඥාණසාර භික්ෂුව පත් කරනු ලැබූයේද සිංහල-බෞද්ධ රාජ්‍ය මතවාදය වෙනුවෙනි.



අනෙක් දේශපාලන හා රාජ්‍ය නායකයින්ද මේ සිංහල-බෞද්ධ මතවාදය තවදුරටත් තහවුරු කරමින් තීන්දු ගැනීමේ ඉහළම මට්ටමේ සාක්ෂි වන්නේ 2015 ජනවාරි මැතිවරණයෙන් බලය ලබා ගත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් දෙපළම, ජ.වි.පෙද ඇතුලු අනෙක් දේශපාලන පක්ෂවලද එකඟත්වය ඇතිව අතිශය ජාතිවාදී තීන්දු ක්‍රියාත්මක කිරීමය.

පළමුවැන්න, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 පෙබරවාරියේදී අපගේ හමුදාවේ ප්‍රමාණයට හා ශක්තියටද එහා ගිය හමුදාවේ සියලු නිල වරප්‍රසාද සහ පූර්ණකාලීන වැටුප් සහිත ෆීල්ඩ් මාෂල් පදවියට විශ්‍රාමික හමුදාපති සරත් ෆොන්සේකා උසස් කිරීමය. ඒ ගැන මෑතක පාර්ලිමේන්තුවේදී සිරිසේන මන්ත්‍රීවරයා කියූවේ ඔහු විසින් එවැනි තීන්දුවක් ගනු ලැබුවේ යුද්ධය ජයගත් හමුදාපති වශයෙන් එදා තිබූ සැළකිල්ලට යැයි කියා ය.

දෙවැන්න, ඊට වසරකට පසු 2016 මාර්තු මාසයේ එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.කේ.ඩී.එස් ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කිරීමය. අගමැති වික්‍රමසිංහ එදා ඒ පත්වීම කරනු ලැබූයේ පූර්ණ සේවයේ ඉන්නා හමුදා නිලධාරියෙකු එසේ පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි නොදැන නොවේ. ඔහුට එය අවශ්‍ය වූයේ සිංහල-බෞද්ධ රාජ්‍ය සමගින් ඔහු දේශපාලනිකව ඉන්නා බව කීමටය. මැතිවරණ කොමිසම විසින් ඒ පත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන්නේද ඔවුන්ද සිංහල-බෞද්ධ රාජ්‍ය මතවාදයට අනුගතවූ හෙයින්ය.



අප තේරුම්ගත යුත්තේ නිදහස ලැබූ දින සිට මේ රාජ්‍ය ක්‍රමානුකූලව සිංහල-බෞද්ධ රාජ්‍යයක් බවට පත් කෙරුණු බවය. 1956 සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් රාජ්‍ය සිංහල-බෞද්ධකරණය කිරීම සීඝ්‍ර විය. ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකය සමග ඉන්දියාවේ අන්තවාදී හින්දුත්වා මතවාදය පාරට රැගෙන ආ පසු ඉන්දීය රාජ්‍යයද හින්දුත්වා මතවාදයට නතු වූ අයුරු, අපේද ජයවර්ධන ජනාධිපති යටතේ විවෘත වෙළඳපල ආර්ථකය විසින් 1979, 1981 සහ 1983 වසර වලදී සිංහල-බෞද්ධ ජාතිවාදය ප්‍රචණ්ඩ දෙමළ විරෝධයක් ලෙස මුදා හැරි පසු රාජ්‍ය සිංහල-බෞද්ධවීම වඩාත් තහවුරු විය. අනතුරුව රාජපක්ෂ යුගයේ මුදා හැරුණු ප්‍රචණ්ඩ මුස්ලිම් විරෝධය විසින් රාජ්‍ය පූර්ණ ලෙස සිංහල-බෞද්ධ රාජ්‍යයක් බවට පත් කෙරුණි.




එබැවින් දැන් මේ සිංහල-බෞද්ධ රාජ්‍යයෙන් නීතිය හා සාමයත් නීතිය හා යුක්තියත් බලාපොරොත්තු විය නොහැක. එවගේම මේ සිංහල-බෞද්ධ රාජ්‍ය, සැමට තමන්ගේ යැයි කිව හැකි අයුරු ස්වාධීන, නිර්දේශපාලනික, ලෞකික රාජ්‍යයක් කිරීමේ අභියෝගය බාර ගන්නා කිසිදු දේශපාලන පක්ෂයක්, දේශපාලන නායකත්වයක් ඇත්තේද නැත. දිසා විනිසුරු සරවනරාජා සිදුවීම මගින් කියන්නේ දුරදිග යන රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් නොමැතිව නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමට, නීතිය හා සාමය, නීතිය හා යුක්තිය සහතික කර ගැනීමට කිසිවක් කළ නොහැකි බවය.

එවැනි දුර දිග යන රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට සමාජ සම්මුතියක්ද අවශ්‍යවන හෙයින් එවැන්නක් සඳහා දැන් අවශ්‍ය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී හුරුවක් අවබෝධයක් නොමැති මේ තිබෙන ජාතිවාදි දේශපාලන පක්ෂ ගැන බලාපොරොත්තු තැබීමක් නොවේ. දැන් අවශ්‍ය වන්නේ එවැනි සමාජ කතිකාවක් සඳහාවන ස්වාධීන ජනතා ආරම්භයකි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යාපාරයකි.

දිසා විනිසුරු සරවනරාජා සිදුවීම එවැනි සමාජ නැඹුරුවකට ඉඩ හදන්නේ නම්, එයම ඔහුගේ ඉල්ලා අස්වීමෙන් ඔහු ලබන ජයග්‍රහණයකි.


kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 සැප්තැම්බර 29

 

 

සබැඳි පුවත :
මරණ තර්ජන හමුවේ කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු සේවය හැරයයි
මරණ තර්ජන හමුවේ කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු සේවය හැරයයි

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...