The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

රන් දෙවොලින් බැහැපන් දෙයියෝ - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 30, 2023 • 6:02 PM

රන් දෙවොලින් බැහැපන් දෙයියෝ - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චමුදිතයි කපුවයි අතර සිදුවුණු අර හිනා කාලා පණ යන සංවාදය ඇසුරෙන් අප ඇසිය යුතු ප්‍රශ්නය එයයි.
  • පූජාව යනු සමාජයක නිතැතින් නිර්මාණය වෙන "ඇති නැති පරතරය" සෑහෙන දුරකට සංසිඳුවන සරල උපක්‍රමයකි.
  • ඉපැරණි ගෝත්‍රිකයන්ගේ කුසගින්න නිවා ගැනීමට එය කදිම උපායක් වන්නට ඇත.
  • අද සිදු කරන පූජාව තුළ ඇත්තේත් එම ඉපැරණි චාරිත්‍රය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙන අහවල් දෙයක් කරන්නද? චමුදිතයි කපුවයි අතර සිදුවුණු අර හිනා කාලා පණ යන සංවාදය ඇසුරෙන් අප ඇසිය යුතු ප්‍රශ්නය එයයි.

දේවාලවලට පූජා කරන මිල මුදල් රන් රිදී මුතු මැණික් ආදියෙන් කළ යුත්තේ නැවත සමාජයටම වියදම් කිරීමයි. ඒ ඇයි? කොහොමද එහෙම කරන්නේ?

zxvstgsd

පූජාව යනු කුමක්ද? පූජාව යනු සමාජයක නිතැතින් නිර්මාණය වෙන "ඇති නැති පරතරය" සෑහෙන දුරකට සංසිඳුවන සරල උපක්‍රමයකි. කිසිවෙකු විසින් බිලි පූජාවක් කළ පසු එම මළකුණ ගින්නේ පුළුස්සා ඒ අවට සිටින මිනිසුන් අතරේ බෙදා ගෙන අනුභව කරයි. ඉපැරණි ගෝත්‍රිකයන්ගේ කුසගින්න නිවා ගැනීමට එය කදිම උපායක් වන්නට ඇත. අද සිදු කරන පූජාව තුළ ඇත්තේත් එම ඉපැරණි චාරිත්‍රය යි. එය මානව ශිෂ්ටාචාරයේ පැවැත්මට උදව් කළ නිසා පරම්පරාවෙන් පරම්පරාවට පැවත ඒ.



දානය යනු එහිම තව ආකාරයකි. හොඳින් හෝ නරකින් හෝ කිසිවෙකු විසින් ස්ව අයිතියට ගන්නා සම්පත් නැවත සමාජයට බෙදා දෙන අපූරු උපක්‍රමයකි. ඒ සඳහා දෙවියන් හෝ පරලොව හෝ ස්වර්ගය හෝ ගූඪ පව්පින් වැනි සංකල්ප නිර්මාණය වී තිබේ. බුදු දහමේ කුසලය යනු එහි ප්‍රායෝගික නිරූපණයයි. මහා ධනවතුන් විසින් දිය ධනය දන් දුන් විට ඒවා සමාජයේ දුප්පතුන් අතර බෙදී ගොස් සමාජය දීර්ඝ කාලයක් යහමින් පවත්වා ගත හැකිය. කුසල විපාකය යනු ඒ ආකාරයට යහපත් සමාජයක ඵල භුක්ති විඳිමින් ජීවත් වීමට හැකි වීමයි.

xcvsr

ඉන්දියාවේ දේවාලවල මෙය ඉතා හොඳින් සිදු කෙරේ. ලෝකයේ විශාලතම මුළුතැන්ගෙවල් තිබෙන්නේ හින්දු දෙවොල්වලය. ඒවායේ දිනපතා බැතිමතුන් දහස් ගණනකට රසබර පෝෂණීය ආහාර ඉවේ. ඒවා කරන්නේ ඔවුන්ට පූජා කරන මිල මුදල් රන් රිදී අබරණවලිනි. ඉන්දියාව වැනි අතිශය විශාල අතිශය සංකීර්ණ ඇති නැති පරතරය හිතා ගැනීමටවත් නොහැකි සමාජයක් පවතින්නේ එවැනි උපක්‍රම නිසාය.



නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නැත. පූජා කරන දේ කපුවන් සිය පුද්ගලික ප්‍රයෝජනයට ගන්නවා මිසක් එම ධනය නැවත සමාජයට බෙදී නොයයි. පන්සල් පල්ලි දේවස්ථානවල වෙන්නෙත් එයයි. කතෝලික පල්ලියට විශාල වත්කම් තිබේ. නමුත් බොහෝ කතෝලිකයන් අන්තිම දුප්පතුන්ය.

dfsefe3

ලංකාවේ ප්‍රධාන පන්සල්වලට ලැබෙන ධනයෙන් කොටසක් විතරක් යොදවා ලංකාවේ මන්ද පෝෂණය නැත්තටම නැති කළ හැකිය. නමුත් ලංකාවේ ඉන්නේ අර මිහින්තලේ වාන්සේ වගේ සල්ලි හිඟාකමින් මාධ්‍ය ඉදිරියේ වහසි බස් දොඩමින් ලක්ෂ ගණන් විදුලි බිල් ගෙවන ගොබ්බ වාන්සේලාය. පූජ්‍ය පක්ෂයේ සැබෑ සමාජ කාර්යය පිළිබඳ වැටහීමක් ඔවුන්ට නැත.



මෙය තරමක් දුරට හෝ කරන්නේ මුස්ලිම් පල්ලිය කියා මට සිතේ. ඉස්ලාම් භක්තිකයන් විසින් පල්ලියට පූජා කරන ධනය ඔවුන් සිය ප්‍රජාව අතර ආයෝජනය කරන බවක් පෙනේ. ඒවා පුද්ගලික පරිභෝජනයට නොගත හැකි ආකාරයට ආගමික නීති පනවා තිබේ. මුස්ලිම් සමාජය සාපේක්ෂව යහමින් සිටීමට මේ ක්‍රමය ප්‍රයෝජනවත් වන බව නිසැකය.

බෞද්ධ සිංහල සංස්කෘතිය තුළ දානය මුල් තැනක් ගනී. සමාජයේ තිරසාර පැවැත්මට එය අනාදිමත් කාලයක සිට බෙහෙවින් ප්‍රයෝජනවත් වී තිබේ. අප කළ යුත්තේ සමාජයට වැඩදායි එම කුසල කර්ම සිහි නුවණින් අවබෝධයෙන් නිවැරදිව ඉටු කිරීමයි. බදු යනුද ඉහත පූජා දාන කරන තවත් ආකාරයකි. ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com


2023 සැප්තැම්බර් 30

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රන් දෙවොලින් බැහැපන් දෙයියෝ - (එරන්ද ගිනිගේ) | The Leader