The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : අපි කොතනද කුණු එතන

T

The Leader Desk

October 1, 2023 • 8:20 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : අපි කොතනද කුණු එතන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චිත්‍රපටය අවසාන වන්නේ, විජය තම මිතුරකුට (කලංසූරිය) පවසන උපහාසාත්මක දෙබසකිනි.
  • එහෙත් මෑතක දුටු පුවතකින් කියැවුණේ, එරට ෆුජියාමා කන්ද තරණයට යන දෙස්-විදෙස් සංචාරකයන් ඉවත දමා යන දෙයින්, කුණු කන්දක්ද සැදෙමින් ඇති බවකි.
  • කුඩා ළමයා පවා ටොෆී කොළය, හිස් යෝගට් කෝප්පය බිම නොදමන්නට පුරුදු වන්නේ නම්, අනාගතයේදී ඔහු පරිසර හිතකාමී පුරවැසියකු වනු ඇත.
  • වායු දූෂණය, පාංශු දූෂණය, ශබ්ද දූෂණය, ජල දූෂණය හා විකිරණශීලී දූෂණය (Radio Active pollution) යනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

චිත්‍රපටය අවසාන වන්නේ, විජය තම මිතුරකුට (කලංසූරිය) පවසන උපහාසාත්මක දෙබසකිනි.

''කුණු කොතනද අපි එතන''

මෙය වර්තමාන සිරි ලංකාවට ගැලපෙන සේ සකස් කර ගත හැකිය.

''අපි කොතනද - කුණු එතන''

Screenshot 2023 10 01 at 13.26.29

මුළු සිරි ලංකාවම ලොකු කුණු මල්ලකි. හැමතැනම කුණුය. කුණු වී පල් ගඳ ගසන ප්‍රශ්නය. සිස්ටම් එකද දිනෙන් දින කුණු වෙයි. ඒ කිසිවක් විසඳන - විසඳෙන පාටක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට කුණු කතා නම් ඕනෑතරම්ය. කුණු කඳු බඳු උස් මහත් පුද්ගලයෝ සුදුවතින් සැරසී කුණු ගොඩවල් අවුස්සමින් රටපුරා සැරිසරති.

මිනිස්සු, කුණු කඳුවලට යට වී, කුණු කන පණුවන් සේ ''ජීවත්'' වෙති.

පරිසරවේදීන් පෙන්වා දෙන අන්දමට, ලෝකයේ කුණු ප්‍රශ්නය උග්‍ර වන්නට හේතුවූයේ, මිනිසාගේ පරිභෝජන රටාවේ වෙනස්කම්ය. සෑම කෑමවේලක් සමඟම, පරිසරයටද යමක් ඉතිරිවූයේ ඒ අනුවය. ප්ලාස්ටික් බෝතල්, කෝප්ප, පොලිතින් මලු, කොළ යනාදී වශයෙනි.

 75303187 everest
ජපානය කියූ සැණින් අපගේ මතකයට නැඟෙන්නේ පිරිසිදු, සුන්දර රටකි. එහෙත් මෑතක දුටු පුවතකින් කියැවුණේ, එරට ෆුජියාමා කන්ද තරණයට යන දෙස්-විදෙස් සංචාරකයන් ඉවත දමා යන දෙයින්, කුණු කන්දක්ද සැදෙමින් ඇති බවකි.

සිංගප්පූරුව චුවිංගම් තහනම් කළේ, ඉන් සිදුවූ පරිසර හානිය නිසාය. සිරි ලංකාවේ චුවිංගම්වලට වඩා භයානක බුලත්විටය. බුලත් කෙළින් අපිරිසිදු වූ පාරක් තොටක් නැති තරම්ය.

පරිසර දූෂණය අවම කරගත හැක්කේ, මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙනි. කුඩා ළමයා පවා ටොෆී කොළය, හිස් යෝගට් කෝප්පය බිම නොදමන්නට පුරුදු වන්නේ නම්, අනාගතයේදී ඔහු පරිසර හිතකාමී පුරවැසියකු වනු ඇත.

ඉංග්‍රීසියෙන් Bank කියූ සැණින් අපගේ සිතට නැගෙන්නේ බැංකුව වුවත්, ඊට විශේෂණ පද එක් කළ විට වෙනස් අරුත්ද නැගෙයි. නිදසුනක් දක්වනවා නම්, River Bank යනු ගං ඉවුරය.

අමෙරිකාවේ ප්‍රාන්තයක, ගං ඉවුරක මෙවැනි පුවරුවක් දක්නට ලැබුණි. 

river bank
''These banks do not need your deposits. Use your litterbags” (මෙම ''ඉවුරට'' ඔබේ තැන්පතු අවශ්‍ය නැත. ඒ සඳහා ඔබේ කුණු මලු භාවිතයට ගන්න.)

පරිසර දූෂණයේ ප්‍රධාන කොටස් පහකි. වායු දූෂණය, පාංශු දූෂණය, ශබ්ද දූෂණය, ජල දූෂණය හා විකිරණශීලී දූෂණය (Radio Active pollution) යනුවෙනි. මෙය තවත් කොටස්වලට බෙදෙයි.

''මිනිසා පරිසර විනාශයට වැට නොබැන්දොත්, එය මිනිසාද විනාශ කරයි'' යන කියමන දැන් දැන් සැබෑවෙමින් පවතී. ඒ අතරම, ඒ පිළිබඳ උපහාස කියුම් හා කතාද පැතිරෙයි.

මේ එබඳු කියුම් කීපයකි.

• දුම්පානය පරිසරයට හානි කරන නමුදු දුම්පානය කරන්නාද විනාශ කර දමයි. එහෙයින් දුම්පානය පරිසරයට හිතකරද වෙයි.

පරිසර කමිටු රුස්වීමකදී, එහි සාමාජිකයෙක් ප්‍රාදේශීය දේශපාලනඥයකුගෙන් මෙසේ විමසීය.

''ගෝලීය ඌෂ්ණත්වය වැඩිවීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස හා විසඳුම කුමක්ද?''

what is global warming ct36ke web.jpg
''මා හිතන්නේ, ඔබ ඔය ප්‍රශ්නය ඇසිය යුත්තේ විපක්ෂයෙන්.''

මාධ්‍ය සාකච්ඡාවකදී, ඊට සහභාගිව සිටි ඇමතිවරයකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරුණි.

''පහුගිය දිනවල ම.... ප්‍රදේශයේ විශාල වන සංහාරයක් සිදුව තිබෙනවා. අක්කර ගණනක තිබූ වටිනා, පැරණි ගස් රාශියක් කපා ඉවත් කරගෙන ගිහින්. මේ ගැන ඔබතුමා දැනුවත්ද?''

''ඔව්... අපිට ඒ භූමිය ඕන වුණේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත් ගොඩනැගිල්ල ඉදි කරන්න.''

• පරිසරය යනු සංවර්ධනය සඳහා ගෙවිය යුතු වන්දියක් නොවේ.

• මුහුදු මත්ස්‍යයන්ගේ රුස්වීමකදී, එක් වෘද්ධ මත්ස්‍යයෙක් මෙසේ කීය.

''මේ විදිහට ගියොත්, අනාගතයේදි අපිට කන්න වෙන්නෙ පොලිතින් විතරයි.'

polluted water with plastic trash
එවිට, සභාපති මත්ස්‍යයා මෙසේ කීය.

''ටිකක් ඉවසමු. මිනිස්සු මේ විදිහට මාළු කෑම දිගටම කරගෙන ගියොත්, අනාගතයේදි පොලිතින් හදන්නටත් මිනිහෙක් ඉතිරිවෙන එකක් නෑ.''

අමෙරිකානු පුවත්පත් කාටූනයක ලෝක පරිසර සමුළුවක් දැක්වෙයි. ඊට සහභාගි වන සියල්ලෝම ඔක්සිජන් මුහුණු පැළඳ සිටිති. ඒ අතර, සියැට්ල්හි ආදිවාසී නායකයාද (සුප්‍රකට පරිසර දේශනය කළ පුද්ගලයා) සිටිනු දැකිය හැකිය.

• තවත් කාටූනයක, රෝහල් වාට්ටුවක් දැක්වෙයි. එහි සෑම ඇඳක් පිටුපසම ගසක් ඇති අතර, ඔක්සිජන් බටය සම්බන්ධ කර ඇත්තේ, ඒ ගසටය.

පරිසරය විහිළුවක් නොවුණත්, විසෙන් විස නසන්නාක් මෙන් පරිසර විහිළුවකින්ම, මෙවර ''හී සරය'' නිම කරමි.

ලෝක අවසානය ආසන්නයේ, ධන කුවේරයන් කීප දෙනෙක් සිය දරු පවුල්ද සමඟ චන්ද්‍රයා මත පිහිටවූ මිනිස් ජනපදයක් වෙත ළඟා වූහ. එහි ඈතින්, දියුණු රටවලින් ගෙනවිත් දැමූ විශාල කුණු කන්දක් ඉදිවෙමින් තිබුණි. ඊට පහළින්, චීන ජාතිකයෙක් මුව වැසුම් (Mask) කඩයක් දමාගෙන සිටියේය.

00india trash 1 videoSixteenByNineJumbo1600

කුණු කන්ද අසල සිරි ලාංකිකයෙක්, සිය රට පැටවීම සඳහා මෙට්ට තෝරමින් සිටියේය.


හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...