The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

නීතියේ ආධිපත්‍යය සමාජ ජීවිතයේ කැඩපතක් ද ; පුද්ගලික ජීවිතය සීමා කිරීමක් ද ?

T

The Leader Desk

October 2, 2023 • 3:46 PM

නීතියේ ආධිපත්‍යය සමාජ ජීවිතයේ කැඩපතක් ද ; පුද්ගලික ජීවිතය සීමා කිරීමක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට හේතු වන්නේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මිනී මැරීමේ චෝදනාවකට අත් අඩංගුවට ගැනීමේ දී එවකට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ වරද මහාධිකරණ නඩුවිභායක් මගින් ඔප්පු වීම නිසා ය.
  • අනිත් පැත්තෙන් තමන්ගේ රාජකාරිය ඉටුකිරීමේ දී පවතින දැඩි ආතතිය නිසා තමන් ඉල්ලා අස්වන බව මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් මගින් දැනුම් දෙනවා.
  • ඔහු උතුරු පලාත භාරව කටයුතු කරන විට සිදු වූ සිසුවියක් සමූහ දූෂණය කර මරා දැමූ සිද්ධියකට අදාළ ව සැකකරුවන්ට පලා යාමට උපකාර කළ බවට චෝදනා එල්ල වූවෙක්.
  • ඔහුගේ ජන වර්ගය දෙමළ වීම මත එහි ඇති බලපෑම් සහගත භූමිකාව ප්‍රශ්නකාරී වූ බව නිරීක්ෂණය වන්නක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට හේතු වන්නේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මිනී මැරීමේ චෝදනාවකට අත් අඩංගුවට ගැනීමේ දී එවකට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ වරද මහාධිකරණ නඩුවිභායක් මගින් ඔප්පු වීම නිසා ය.

අනිත් පැත්තෙන් තමන්ගේ රාජකාරිය ඉටුකිරීමේ දී පවතින දැඩි ආතතිය නිසා තමන් ඉල්ලා අස්වන බව මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් මගින් දැනුම් දෙනවා. ලැබෙන ආරංචි අනුව මේ හිටපු මහේස්ත්‍රාත්වරයා විදේශගත වීමට නියමිතයි.

 

S/DIG ලලිත් ජයසිංහ පිළිබඳ ව පොලීසිය තුළ ප්‍රසාදයක් නැහැ. ඔහු උතුරු පලාත භාරව කටයුතු කරන විට සිදු වූ සිසුවියක් සමූහ දූෂණය කර මරා දැමූ සිද්ධියකට අදාළ ව සැකකරුවන්ට පලා යාමට උපකාර කළ බවට චෝදනා එල්ල වූවෙක්. එසේ ම ඔහු දකුණු පලාත භාරව කටයුතු කරද්දී එල්ල වූ චෝදනා ද තිබෙනවා. හික්කඩුවේ මනෝජ් මෙන්ඩිස් (පසුව ඝාතනය වූ ප්‍රකට පාතාල කල්ලි නායකයෙක්) සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳවත් ඔහුට චෝදනා තිබෙනවා.

මුලතිව් මහේස්ත්‍රාත්වරයා කුරින්දි විහාර භූමිය පිළිබඳව වන ගැටලුව සේ ම මුලතිව් ආශ්‍රිත සමූහ මිනී වළවල් පිළිබඳවත් විමර්ශන කටයුතු සදහා නියෝග ලබා දුන් කෙනා වන විට ඊට අදාළ කටයුතු පිළිබඳ ව කතාබහට ලක්වූවෙක්. මේ සදහා ඔහු නීතිමය තත්ත්වය මත සිදුකරනු ලැබූ මැදිහත් වීම දකුණේ සිංහල සමාජය භාර ගත්තේ ජාතිය මත පදනම්වයි. ඔහුගේ ජන වර්ගය දෙමළ වීම මත එහි ඇති බලපෑම් සහගත භූමිකාව ප්‍රශ්නකාරී වූ බව නිරීක්ෂණය වන්නක්.

 

එක් පසෙකින් පවතින දේශපාලන වාතාවරණය තුළ මේ නීතියේ ඉහළ ම ස්ථාන නියෝජන කරනු ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු හරහා එය නිරීක්ෂණයට ලක්විය යුතුයි. නීතිපතිවරයා විසින් රත්නපුර පලාත්බද මහාධිකරණයේ ප්‍රේමලාල් ජයසේකර වෙත ගොනු කරනු ලැබූ අධිචෝදනාවලින් ඔහු නිදහස් වන විට, ඔහුව අත් අඩංගුවට පත්වීම වැළැක්වීමට උත්සාහ කරනු ලැබූ ⁣ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දඩුවම් ලබනවා. මෙය නීතිය පිළිබඳ ව හාස්‍යයට ලක් කරමින් සමාජමාධ්‍ය මත ද ලියැවුණු කතාවක්. නමුත් යම්කිසි සිද්ධියක සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබීමෙන් ඕනෑ ම පුද්ගලයෙකු එකී සිද්ධියේ වරදකරු වෙන්නේ නැහැ. එය අධිකරණ ක්‍රියාවලියක් තුළ සිදුවිය යුතු යුක්තිය පසදලීමේ ක්‍රියාවලියක්. ඒ සදහා විමර්ශන කටයුතුවල නියැලෙන විමර්ශන නිලධාරීන්ට බාධා හෝ බලපෑම් කිරීමට කිසිවෙකුට පුඵවන් කමක් නෑ. ඒ සලකා බැලීම මෙකී සිද්ධියේදී වැදගත්.

නමුත් මෙතන දී රාජ්‍ය වෙනුවෙන් නඩු පවරන්නා වන නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාපිළිවෙත සැඟවී තිබෙනවා. ප්‍රේමලාල් ජයසේකර මනුශ්‍ය ඝාතන චෝදනාව මෙන්ම S/DIG ලලිත් ජයසිංහගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනාවත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැමිණිල්ල මෙහෙයවන්නේ නීතිපති විසින්. එහි දී එක් සිද්ධියක් නිදහස් වීමකින් කෙළවර වීමත් අනිත් සිද්ධිය සිර දඩුවමකින් කෙළවර වීමත් පිළිබඳව හා එකී නඩු කටයුතුවල පැමිණිල්ල මෙහෙයවීම පිළිබඳවත් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් අපිට නැහැ. මහාධිකරණයක වුව ද නීතිපති වෙත ඇති බලතල අසීමිතයි. සැකකරුවන් නිදහස් කිරීම, සැකකරැවන් නම් කිරීම, ගොනු කරන චෝදනා නම් කිරීම, චෝදනා ඉවත් කිරීම හෝ අලුතින් චෝදනා එකතු කිරීම ආදී බලපෑම් සහගත නීතිමය මැදිහත් වීම් සදහා නීතිපතිට මැදිහත් විය හැකියි.

 

අධිකරණ ක්‍රියාවලියක සිදුවන විෂමාචාරයන් පිළිබඳ ව අග්‍රවිනිශ්චයකාරවරයා සිය නිලබලයෙන් ම සභාපතීත්වය දරන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි කළ හැකියි. එසේ කරනු ලැබූ පැමිණිලි හරහා එවැනි අධිකරණවල විනිශ්චය කරනා නඩුකාරවරුන්ට දඩුවම් කරන ලද අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඉතා මෑතක දී ගාල්ලේ මහාධිකරණ විනිසුරුවරයා ව සිය තනතුරෙන් ඉවත් ක⁣ළ එවැනි පැමිනිල්ලකින් පසුව ගනු ලැබූ තීරණයකින්. පොලීසිය පැත්තෙන් ද පොලිස් කොමිසම හරහා පොලීසියට එරෙහි පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර මානව හිමිකම් කොමිසම මෙන් ම පොලිපතිවරයාටත් එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ද පොලීසියට එරෙහිව මූලික මිනිස් අයිතිවාසිකම් හරහා මේ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. අධිකරණය හා පොලීසිය යන ආයතන පද්ධති දෙක ම මේ ආකාරයෙන් යම්කිසි අධීක්ෂණ ක්‍රියාවලියකට යටත් කිරීමත්, ඒවා හොද මට්ටමින් ක්‍රියාකිරීමත් වැදගත්.

 

නමුත් නීතිපති දෙපාර්තමේන්තුව මෙවැනි අධීක්ෂණ ක්‍රියාවලියකට යටත් නැහැ. ඒ පිළිබඳ ව පැමිණිලි කිරීමේ යාන්ත්‍රනයක් හෝ එහි ක්‍රියාකලාපයන් පිළිබඳ ව අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. මේ සදහා පූර්වාදර්ශය අපිට ඉන්දියාවෙන් ලබාගත හැකියි. එහි නීති කොමිසම පිහිටුවා ඇති අතර විශ්‍රාමික අග්‍රවිනිශ්චයකාරවරයෙකගේ සභාපතීත්වයෙන් එය ක්‍රියාත්මකයි. එහි මුඛ්‍ය අරමුණ වන්නේ නීතිය ක්‍රියාත්මක ආයතනික ව්‍යුහය පිළිබඳ ව සුපරික්ෂාකාරී වෙමින් ඒ පිළිබඳව වන පර්‍යේෂණය කරමින් නියාමනය සදහා රජය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමයි. ඒ හරහා නව නීති පාර්ලිමේන්තුවට ගෙන ඒමත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ව්‍යුහය අලුත් ලෝකයට අවශ්‍ය පරිදි නවීකරණය කිරීමත් ඊට ඇතුළත්. ඒ හරහා සාමාන්‍ය ජනතාව වෙත ලැබෙන නීතියේ රැකවරණය පිළිබඳව හොද තක්සේරුවක් ලැබීමට රාජ්‍යයට හැකි වෙනවා.

අනිත් පසින් නීතියේ ආධිපත්‍ය සුරැකිය යුත්තේත් එයට ගරු කළ යුත්තේත් සමාජීය අරුතින් විනා පුද්ගලික අගති මත රැදීමෙන් නොවෙයි. පුද්ගලික ජීවිතයේ සීමා කිරීම් නීතිය මත අතිපිහිත වන්නේ එහි සමාජීය සීමාවන් ආරක්ෂා කළ යුතු බැවින් බව දේශපාලනිකව අවබෝධ කරගත යුතුයි. උදාහරනයකට අපිට අපේ නිවසේ සිටින ආකාරයට සමාජය තුළ සිටිය නොහැකියි. නිවසේ දී ඔබේ ම ජීවිතය තුළ ඔබ ලබනා නිදහස (ඇදුම්, ආහාර, හැසිරීම, කතාකිරීම, ආදිය….)සමාජය තුළ සීමා වෙනවා. ඔබට කැමති ඇඳුමක් නිවසේදී ඇදිය හැකි වුවත් ඔබ සමාජයේදී එහි නීති මත එය සීමා කරගත යුතුයි. උදාහරණයකට ඔබ මගුල් ගෙදරකට සහභාගි වන විදිහෙන් මරන ගෙදරකට සහභාගී වෙන්නේ නැහැ.

 

මෙතන දී අපේ රටේ මිනිසුන් මේ නීති, රීති කැඩීම පිළිබඳව වන අදහස නිදහස පිළිබඳව වන අදහසට ලඝුකරනවා. නමුත් සමාජයේ පොදු නීතිය කැඩීමෙන් ජීවිතය අර්ථයකට ගමන් කරන්නේ නෑ .එහි දී ඔබට ලැබෙන්නේ විනෝදයක් පමණයි. මෙය පූර්ණ වශයෙන් ම අයත් වන්නේ ආත්මීය තලයකටයි. එක් පසෙකින් නීතිමය ව්‍යුහය සුපරික්ෂා කිරීම පිණිස වන ආයතනික ව්‍යුහයක් අවශ්‍ය වෙන්නේ සියලු ම අංශ ඒකාබද්ධ කිරීමෙන්.පොලීසිය, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි සියලු ම ආයතනවල පූර්ණ යාන්ත්‍රනය එක්වර පරීක්ෂා කළ හැකි ක්‍රමයක් සැකසිය යුතුයැයි රජයට යෝජනා කරන්නට කැමතියි. මෙහි ඇති වැදගත්කම නම් පුද්ගලයෙකු සිය යුක්තිය ඉටුකරවා ගැනීමේදී සිදුවන අසාධාරණ හා ප්‍රමාදවීම් නැවැත්වීමත්, සිදුවන ක්‍රියාවලිය පිළිබඳ විනිවිද දැකිය හැකි ක්‍රමයක් ඇතිකිරීමත් වැදගත් බැවින්.

 

ලංකාවේ “නිදහස” යන සංකල්පය අරුත් ගැන්වෙන්නේ පුද්ගලික මතයන් තුළයි.එය සමාජීය වශයෙන් පුළුල් අදහසක් කරා ගමන් කර නැහැ. ඊට හේතු බොහොමයක් තිබිය හැකිමුත් එය වඩා නිරාවරණය වන්නේ සමාජමාධ්‍ය ප්‍රබල වීමත් සමඟයි. දාර්ශනික අදහසකින් මේ වෙත එලැඹුණහොත් අපි ජීවත් වන ලෝකය යනු මහා ආඛ්‍යාන අහිමි වූ ලෝකයක්. ධනවාදය සමාජ ක්‍රමයක් ලෙසින් යථාර්ථය හා සමපාත වූ විට එහි විරුද්ධභාෂය අහිමි වෙනවා. තවදුරටත් ප්‍රාග්ධනය පමණක් සිය ගමන නවතා නැහැ. එය ළගාවිය හැකි අවසාන නැවතුම වන මනුෂ්‍ය ආත්මය තුළට ම ගමන් කර තිබෙනවා. එහි ඇති ආදරය, මිත්‍රත්වය, කරුණාව, වෛරය වැනි ආත්මීය සංඝටක තුළ ප්‍රාග්ධනය ආයෝජනය කර අවසන්. ඒවා විකිණීම සදහා වෙළදපොළ වෙත පැමිණ තිබෙන අතර වඩා නිරුවත් ආකාරයෙන් සමාජ මාධ්‍ය මත දිගහැරෙනවා. ධනවාදය වෙත විවේචනාත්මක කෝණයකින් බැලූ සමාජවාදී දෘෂ්ටිවාදය අවසන් වී ඇති අතර මුස්ලිම් ආගම හැරුණු කොට අනිකුත් ආගම් ද ඒ මත දියවී අවසන්. මේවා මහා ආඛ්‍යානවල අවසන් වීම ලෙස ලකුණු කළහොත් අපිට අපේ ම ආරක්ෂක දැල අහිමි වී තිබෙනවා.

මනෝවිශ්ලේෂණය අනුව සලකා බැලුවහොත් අවසන් වෙමින් යන්නේ “පියාගේ භූමිකාවයි”.මෙය හිතන තරම් සරල නෑ. මනුශ්‍ය ආත්මය භාෂාව මත පරායත්ත කර නැවතුමක් ලකුණු කරන්නේ මේ පීතෘ හැගවුම්කාරකය විසින්. ඔබ හැගවුම්කාරක දාමයක් දිගේ නොනැවතී යන ගමනේ ඇන්කර් එක වෙන්නේ මේ පීතෘ හැගවුම්කාරකයයි. ඔබ නීතිය කෙරෙහි අවනත වීම සලකුණු වෙන්නේ අධිකරණ පද්ධතිය තුළ ලැබෙන නියෝගයක් නිසා නම්, අදාළ නියෝගය නිකුත් කරන භූමිකාව විහිළුවක් බවට පරිවර්තනය වන්නේ නම් ඔබට අහිමිව යන්නේ එහි ආරක්ෂාවයි. නැවතුමයි. පිහිටයි. ජන සමාජයක් දියුණු වෙනවා යනු මේ ආරක්ෂාව, පිහිට, නැවතුම විධිමත් ආකාරයේ ව්‍යුහයක් තුළට ගෙන ඒමයි. එය අහිමි වූ වහාම පුද්ගලිකව ඔබ බලාපොරොත්තු වන නිදහස පිළිබඳව වන අදහස ද අර්බුදයකට යන අතර පොදු නීතිය අවසන්ව පුද්ගලික නීති මත ජීවිත තීන්දු කිරීම ආරම්භ වෙනු ඇති. සමකාලීන ලංකාව මේ අවස්ථාවට මුහුණ දී ඇති අතර එය මතුපිටට එන්නේ මා විසින් සාකච්ජා කළ ඉහත සිද්ධීන් හරහා වීම තියුණු ලෙස සලකා බැලිය යුත්තක්.

 

ලංකාවේ රාජ්‍ය පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කිරීමෙන් විනා ඊට මෙහා රැඳෙන විසදුමකින් මේවාට පිළිතුරු නැහැ. පැලැස්තර මගින් සිදු වන්නේ මේ දේශපාලනික උමනාවන් යට කිරීම පමණයි. ඒවා යට කිරීම මතුවෙනු ඇත්තේ පුද්ගල හිංසනීය පැසේජයක් තුළින් වීම අනිවාර්‍යතාවයක්. පොදු නීතිය කෙරෙහි අවනත නොවූ විට ආත්මීය ව අවිඥානික නීති මගින් අපි, අපිව පාලනය කරගන්නා යුගයක් යනු එහි අවසානයයි. එහි ඇත්තේ ආලෝකය නොව අදුරයි.

 

(carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...