The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

හෙළ බසට පෙම්බැඳි දමිළ මොඩ් ගොවියාගෙන් තවරාගත් දේශප්‍රේමයට කණේ පහරක් !

T

The Leader Desk

October 4, 2023 • 5:11 PM

හෙළ බසට පෙම්බැඳි දමිළ මොඩ් ගොවියාගෙන් තවරාගත් දේශප්‍රේමයට කණේ පහරක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩිල්ෂාන් අධ්‍යාපනය ලබන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්මපිරිය රෝමානු කතෝලික සිංහළ දමිළ විද්‍යාලයෙන්.
  • ''අපේ සමාජය තුළ අද ගොවිතැන් කරන පිරිස අඩුවෙලා, ඒක 3D රැකියා ඝණයට වැටිල…එහෙම සමාජය ඇතුලෙ තියන ආර්ථික සාමාජීය ගැටලු මම දැක්ක, දකිනව..'' ''ඒ නිසා " හිටියොත් හොඳට හැදී.
  • දෙවියොත් නමට වදී" වගේම අපි එකම රටක එක අම්මගෙ දරුවො වගේ කියල සරලව ජීවත් වෙන්න ඕන කියන හැඟීම ඇතුව මම ගොවිතැනට අත ගැහුවෙ මගේ ජීවනෝපාය විදියට…….'' '' අනික අපි අවුරුදු 100ක් ජීවිත් වෙන්න නෑ…ඉතිං මට ඕන අපි මුහුණ දීල තියන ආර්ථික සාමාජීය අර්බුඵයෙන් ගොඩ ගන්න අපේ මිනිස්සු ….
  • අපේ ආහාර රටාව වෙනස් කරගන්න ඕන….
අකුරු ප්‍රමාණය (Font Size):



ඩිල්ෂාන් අධ්‍යාපනය ලබන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්මපිරිය රෝමානු කතෝලික සිංහළ දමිළ විද්‍යාලයෙන්.

අපොස සාමාන්‍ය පෙළ අධ්‍යාපනයෙන් පස්සෙ VIbration ( වයිබ්‍රේෂන් ) කියල සංගීත කණ්ඩායමක් පටන් ගන්න මේ තරුණයගෙ විශේෂත්වය ඔහු ගායනා කරන්නෙ සිංහළ ගීත.

දමිළ පවුලක ඉපදිලා සිංහළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ඩිල්ෂාන්ගෙ එකම හීනය විශ්ව භාෂාවක් වූ සංගීතය හරහා ඔහු දකින ශ්‍රී ලාංකික අනන්‍යතාව ගොඩ නගන්න.

ඒකට ඔහු සිංහල තරුණියක් විවාහ කරගන්නව.

ඉන් අනතුරුව අක්කර එක හමාරක වගේ භූමි භාගයක් ඔහුගේ දෑතින්ම අස්වද්දන ගමන්, ඔහු සිංහළ ගීත ගායනා කරමින් ඊට දමිළ සංස්කෘතික ලක්ෂණ එක් කොට විශිෂ්ඨ පරිකල්පනමය ව්‍යායාමයක නිරත වෙමින් සිටිනව.

ජාතිවාදය කරපින්නාගත් අර්බුදයක ගිලුණු සමාජයට ඩිල්ගෙන් අළුත් සිතුවිල්ලක්.

''අපේ සමාජය තුළ අද ගොවිතැන් කරන පිරිස අඩුවෙලා, ඒක 3D රැකියා ඝණයට වැටිල…එහෙම සමාජය ඇතුලෙ තියන ආර්ථික සාමාජීය ගැටලු මම දැක්ක, දකිනව..''

''ඒ නිසා " හිටියොත් හොඳට හැදී. දෙවියොත් නමට වදී"  වගේම අපි එකම රටක එක අම්මගෙ දරුවො වගේ කියල සරලව ජීවත් වෙන්න ඕන කියන හැඟීම  ඇතුව මම ගොවිතැනට අත ගැහුවෙ මගේ ජීවනෝපාය විදියට…….''

'' අනික අපි අවුරුදු 100ක් ජීවිත් වෙන්න නෑ…ඉතිං මට ඕන අපි මුහුණ දීල තියන ආර්ථික සාමාජීය අර්බුඵයෙන් ගොඩ ගන්න අපේ මිනිස්සු ….

.
අපේ ආහාර රටාව වෙනස් කරගන්න ඕන…. පරිභෝජනය කියන එක අරපිරිමැස්මෙන් කරගන්න ගමන් , අපේ රටේ තියන ඩොලර් එළියට යන්න නොදී, දේශීයව සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුවෙලා රටට ඩොලර් සොයන මාර්ගයන් විවෘත කරගන්න ඕන…… ඒකට සංගීතය වෙනස්ම විදියකට භාවිතාකරන්න මම උත්සාහ කරනව….''
xjcods
cfgdfg


මොඩ් ගොවියකු ලෙස ප්‍රායෝගිකව සංගීතය හා ගොවිතැන භාවිතයෙන් ඩිල්ෂාන්ගේ අරමුණ කුමක්ද ..?


ඩිල්ෂාන් නැතිනම් KDR වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෙක්.

ඔහුගෙ අරමුණ ආදරයෙන් පිරුණු හදවත් ඇති නිරෝගී ශ්‍රී ලාංකික ජාතියක් ලෙස හැමෝම එක්ක අත්වැල් බැඳගන්න… ඒ වෙනුවෙන් ඔහු තම වෘත්තීය ලෙස ඉතා සාරවත් ගොවි බිමක් පවත්වාගෙන යනව.

ඒ අතර තුර වෙනස් ලෙස සිතමින් පරිකල්පනය මුසු කරමින් දමිල සහ සිංහළ සමගිය වඩාත් අර්තවත් ලෙස ශක්තිමත් ව පෝෂණයන කරන්න විශ්ව සංගීතය භාවිතා කරමින් ඉන්න තරුණයෙක්..

අපේ රටේ ආහාර පරිභෝජන සංස්කෘතියහි වෙනසක් අවශ්‍ය බව වටහා ගත් KDR සංගීතයට විශ්ව සංගීතයේ ලක්ෂණයන් එක් කරමින් නව ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙන තරුණයෙක් ..

ඩිල්ෂාන් (KDR ) ගේ සීයාවන ප්‍රවීන වැඩ සටහන් නිෂ්පාදකයකු, මෙන්ම දක්ෂ කළා කරුවකු හා විදෙස් රූපවාහිනී හා රේඩියෝ නාලිකා තුළ විශිෂ්ඨ සේවයක් කරමින් සිටින ජීවන් ප්‍රසාද්ගේ මඟ පෙන්වීම මත, ඉන්දියානු දමිළ චිත්‍රපට වෙනුවෙන් ගී පද රචනය කළ මුරුගන් මන්දිරම් ( Murugan Manthiram ) විසින් රචිත, ලන්ඩනයේ වෙසෙන පාර්ත්ති යෝගරාජා විසින් නිෂ්පාදන කරන "වන්දිඩු කණ්මණි" ( wandidu Kanmani ) නම් රූප රචනය කළ ගීතය ළඟදීම ප්‍රේක්ෂක ඔබට නැරඹීමට හා සවන්දීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම KDR විසින් සිංහළ තරුණයකු දමිළ පෙම්වතියකගේ ආදරය බලාපොරොත්තු ව සිදුකරන ප්‍රේමය වෙනුවෙන් ( Enna karana ) එන්න කාරණා නමින් කන්කළු ගීතයක් මීට කාළයකට පෙර අන්තර්ජාලයට මුදා හැර තිබුනා..

ශ්‍රී ලාංකේය සංගීතය මෙන්ම ශ්‍රී ලාංකේය රසික ප්‍රජාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් ඉදිරිගාමී දැක්මක් ඇති ආදරණීය දමිල මොඩ් ගොවියා ( KDR ) ට අපේ උණුසුම් සුභ පැතුම්..

KDR ගේ එළිදැක්වීමට නියමිත මියුසියස් වීඩියෝවක් පහතින් නරඹන්න..
 

 
 
sumudu maddumaa(සුමුදු මද්දුමආරච්චි)
මිලානෝ,
ඉතාලිය.

lyricsdsl7@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හෙළ බසට පෙම්බැඳි දමිළ මොඩ් ගොවියාගෙන් තවරාගත් දේශප්‍රේමයට කණේ පහරක් ! | The Leader