The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොලි-ටික්කෝ සහ සොම්බි-දායකයෝ

T

The Leader Desk

October 8, 2023 • 6:41 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොලි-ටික්කෝ සහ සොම්බි-දායකයෝ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා ඒ ගැන වැඩි කලබල නොවන්නේ දේශපාලන විහිළු කිසිදා පරණ නොවන බැවිනි.
  • ''ලෝකයේ හොඳම දේශපාලන විහිළු හැමවිටම වැඩි ඡන්දයෙන් තේරීපත් වෙති.'' යනුවෙන් කියුමක් ඇත්තේද එහෙයිනි.
  • මෑතකදී මුහුණුපොතේ දක්නට ලැබුණු ඡායාරූපයකින් කියැවුණේ සිරි ලංකාවට ද ZOMBIE - සොම්බි නමැති මත්ද්‍රව්‍ය උවදුර ළඟා වී ඇති බවකි.
  • සිහි බුද්ධිය නැතිව ගොසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

මා ඒ ගැන වැඩි කලබල නොවන්නේ දේශපාලන විහිළු කිසිදා පරණ නොවන බැවිනි.

ඉංග්‍රීසියෙන් දේශපාලනය යනු පොලිටික්ස්ය. එහි මුල් දිවයන්නේ පුරාණ ග්‍රීසියේ නගර හෝ පුරවර හැඳින්වීමට යෙදුණු 'පොලිස්' යන වචනය වෙතය.

උපහාස ලේඛකයෝ 'පොලි-ටික්ස්' යන්න වෙනත් ක්‍රමයකටත් විග්‍රහ කරති. 'පොලි' යනු බොහෝ/ සමූහ (Many) වැනි අරුතක් දෙයි. ටික්ස් යනු ලේ උරා බොන කෘමියෙකි. කිනිතුල්ලා ද ටික්කෙකි. බොහෝ පොලි-ටික්කන් කරන්නේද ජනතාවගේ ලේ උරා බීමය.

 pADGnJ4aLJKJRUEC0XWC7oI1MMIteokOL4BRQx05NqcUbDxyAsgNBPDj71zlOLr67HnmSkBIi6lkujtYuuQoQ6eDZLUC70KNW5ToZerVWOkQyQ9JPFa9okcNqbClJfcEnuzPjoByseg6bWEiKZw 84

තවත් උපහාස ලේඛකයකු ලියා තිබූ ආකාරයට දේශපාලනඥයා (පොලි-ටික්කා) යනු ඩ්‍රුකියුලා කෙනෙකි. එහෙත් ඔහුට උල් දත් නැති අතර, ඒ වෙනුවට උල් අං දෙකක් පිහිටා තිබේ.

ටික්කා සේම පොලිටික්කා ද පරපෝෂිතයෙකි. ඔහු යැපෙන්නේ ඡන්ද දායකයාගෙනි.

ඡන්ද දායකයා ද පොලිටික්කාට නොදෙවැනි අමුතු ජාතියේ සත්වයෙකි. ඡන්දයක් එනතුරු ආණ්ඩුවටත් දේශපාලනඥයන්ටත් බණිමින් සිටින ඔහු, ඡන්දයකදි ඔවුනගෙන් කෙනකුට මනාපය දෙයි. ''ලෝකයේ හොඳම දේශපාලන විහිළු හැමවිටම වැඩි ඡන්දයෙන් තේරීපත් වෙති.'' යනුවෙන් කියුමක් ඇත්තේද එහෙයිනි. එය අසත්‍යයක්ද නොවන්නේ නිතරම වාගේ පාර්ලිමේන්තු තුළින් සුපිරි විහිළු අසන්නට ලැබෙන බැවිනි.

384383495 1033797531086419 2989343868420371479 n

මෑතකදී මුහුණුපොතේ දක්නට ලැබුණු ඡායාරූපයකින් කියැවුණේ සිරි ලංකාවට ද ZOMBIE - සොම්බි නමැති මත්ද්‍රව්‍ය උවදුර ළඟා වී ඇති බවකි. සිරි ලාංකික නගරයකට සමාන පසුතලයක තරුණියක් දෙකට නැවී (ඉණෙන් පහළට) මහත් අපහසුවෙන් මෙන් සිටී. සොම්බි මතට ගොදුරු වන්නන් මෙසේ කොන්ද නමාගෙන සිටිනු දුටු මට සිහිපත් වූයේ නැවත හිස ඔසවන මෙරට දේශපාලන පක්ෂවල රුස්වීම් සඳහා ගොස් සිටින පුද්ගලයන්ය. බැලූ බැල්මට නොපෙනුණත් ඔවුන්ගේ කොඳු නාරටි දෙකට නැමිලාය. සොම්බි මත් රෝගීන් මෙන්ම මළගිය පරාණකාරයන්ට සමානය. සිහි බුද්ධිය නැතිව ගොසිනි.

එසේ සිතන කල, සොම්බි උවදුර සිරි ලංකාවට පැමිණියේ මෑතකදි නොවන බව පෙනී යයි. දේශපාලන මත්ද්‍රව්‍ය සිරි ලාංකිකයාට හුරු වූයේ නිදහස ලැබූ දා සිටමය. නැත්නම් තමන්ගේ ලේ උරා බොන පොලි-ටික්කන් ඉදිරියේ කොඳු නමාගෙන සිටින සොම්බි දායකයන් ලෙස හැසිරෙන්නේ නැත. (සිරි ලංකන්ස් යන යෙදුම සොම්බියන්ස් යනුවෙන් යොදාගැනීමේ වරදක් ද නැත. නිදසුනක්: සොම්බියන් එයාර් ලයින්/ සොම්බියන් ක්‍රිකට් ටීම් යනාදී වශයෙන්.)

කිසිම පක්ෂයකට ඡන්දය නොදී සිටීම බුද්ධිමත්කමේ ලක්ෂණයකැයි සිතන පුරවැසියෝ ද වෙති. එහෙත් එවිට අමනයන් (සොම්බියන්) විසින් පත් කර ගන්නා අමන ආණ්ඩුවක් යටතේ සිටීමට වන බව ඔවුහු අමතක කරති.

රුසියානු විහිළු කතාවක මෙසේ කියැවෙයි.

මැතිවරණ සමයකදි රුසියානුවෙක් ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයකට ගියේය. එහි ඡන්ද පෙට්ටි දෙකක් තිබුණි.

rus 23
''මගේ ඡන්දය දැමිය යුත්තේ කුමන පෙට්ටියටද? ඇයි මෙතන පෙට්ටි දෙකක්?''

ඡන්ද දායකයා, නිලධාරියකුගෙන් ඇසීය.

''එකක් පුටින්ට.''

''අනික?''

''ඒකත් පුටින්ට.''

''නෑ. මට වෙන පෙට්ටියක් ඕනේ.''

නිලධාරියා, ඔහු වෙනත් කාමරයකට ගෙන ගියේය.

එහි මිනී පෙට්ටියක් දක්නට තිබුණි.

Screenshot 2023 10 08 at 11.57.05
යුක්රේනියානුවන් රුසියානු විරෝධී ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීම පිළිබඳව පුටින්ට චෝදනාවක් නැගුණි. 

එක් විදේශීය මාධ්‍යවේදියෙක් මේ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළේය.

පුටින් මෙසේ පිළිතුරු දුන්නේය.

''ත්‍රස්තවාදියා කවුදැයි හඳුනා ගැනීම දෙවියන් වහන්සේට බාර කාර්යයක්. මා කරන්නේ සැක කටයුතු පුද්ගලයන් දෙවියන් වෙත යැවීම පමණයි.''
ඇමෙරිකානු පුවත්පතක, උපහාස කොලමේ මෙසේ සඳහන්ව තිබුණි.

''රුසියාවේ මත්ද්‍රව්‍ය ඇත.
සොම්බි නැත.

පුටින් ඇත.''


හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...