The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

විකල්පයක් රහිත ශ්‍රි ලාංකිකයා.. - (ඩලස් අලහප්පෙරුම)

T

The Leader Desk

October 11, 2023 • 12:17 PM

විකල්පයක් රහිත ශ්‍රි ලාංකිකයා.. - (ඩලස් අලහප්පෙරුම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෑම පුවත්පතකම, කතානායකයා වී ඇත්තේ ද ඔහු ය.
  • මන්ද, එය අපේ කතානායකයාට ද එලෙසින්ම වලංගු වන බැවිනි.
  • අවසන, "සැබවින්ම ඔහු ජීවිතය පිළිබඳ කලාකරුවෙකි." වර්තමාන මාධ්‍ය භාවිතයන් තුළ සමාජ පරිකල්පනයට හා රසවින්දනයට සිදුවන බලපෑම නිසා සංස්කෘතික අනන්‍යතාව ගිලිහෙන බව වරෙක, ඔහු ලියුවේ ය.
  • එහෙත්, හස්ති ප්‍රහාරයෙන් බරපතළ ලෙස ගිලන් වූ අස්ථි සහිතව ඇඳට සීමාවී, පණ සමඟ පොරබදන අවසන් යාමයේ පවා, 'අශිෂ්ටත්වය' ඉතා කුරිරු ලෙස ඔහුට ආමන්ත්‍රණය කිරීම සරදම්කාරී සංස්කෘතික ඛේදවාචකයක් නොවන්නේ ද..?
අකුරු ප්‍රමාණය (Font Size):

සෑම පුවත්පතකම, කතානායකයා වී ඇත්තේ ද ඔහු ය. ඔහු පිළිබඳ දැක්වෙන සියලු අර්ථකථන වචන හතරකට සම්පිණ්ඩනය කොට පෙළ ගස්වන්නේ නම්, "ඔහු විකල්පයක් රහිත ශ්‍රී ලාංකිකයෙකි."

Untitled design 2022 11 09T144832.193

රංගනය, ගායනය, ලේඛනය, භාෂණය, දේශනය, ගවේෂණය, චිත්‍රණය සහ සන්නිවේදනය යන සෑම කොදෙව්වක් ම එක හා සමානව ම අතික්‍රමණය කළ නැතිනම් දිග්විජය කළ කිසිවකු මගේ ජීවිත කාලය තුළ හෝ මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලාංකේය නාමයෙන්  මට  හමුවී නැත.  හමුවූයේ ඔහු ම පමණි. හේ අන් කවරෙකුත් නොව මා මිත්‍ර, පනාපුත්‍ර "ජැකා" ය.

"ජැකා" පිළිබඳ ඉතා සමීප වූ දිගු මතකයට වඩා, මට මේ මොහොතේ ස්මරණය වන්නේ, ලියෝ ටොල්ස්ටෝයි විසින් ඇන්ටන් චෙකොෆ් පිළිබඳව තැබූ සටහනයි.

මන්ද, එය අපේ කතානායකයාට ද එලෙසින්ම වලංගු වන බැවිනි.

Arumasiya2

"ජැකා" වූ කලි; ඔබේ හදවත පිරී ඉතිරී යන තෙක්, ශත වර්ෂ ගණනාවක් පුරා නැවත නැවතත් කියවිය හැකි පුස්තකයකි. නැවත නැවතත් රස විඳිය හැකි නාට්‍යයකි. නැවත නැවතත් නැරඹිය හැකි චිත්‍රපටියකි. එසේ ම, නැවත නැවතත් මිමිණිය හැකි අපූරු ගීතයකි. අවසන, "සැබවින්ම ඔහු ජීවිතය පිළිබඳ කලාකරුවෙකි."

වර්තමාන මාධ්‍ය භාවිතයන් තුළ සමාජ පරිකල්පනයට හා රසවින්දනයට සිදුවන බලපෑම නිසා සංස්කෘතික අනන්‍යතාව ගිලිහෙන බව වරෙක, ඔහු ලියුවේ ය.

සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම යනු අතීතකාමය නොවේ යැයි වරෙක, ඔහු කියුවේ ය.

සංස්කෘතික අනන්‍යතාව අනාගත පරපුර වෙත සම්ප්‍රේෂණය කිරීමේ වගකීම, ගුරුවරුන් හා කලාකරුවන් තම දෙඋර මතට ගත යුතු යැයි වරෙක, ඔහු දිවුලේ ය.

එහෙත්, හස්ති ප්‍රහාරයෙන් බරපතළ ලෙස ගිලන් වූ අස්ථි සහිතව ඇඳට සීමාවී, පණ සමඟ පොරබදන අවසන් යාමයේ පවා, 'අශිෂ්ටත්වය' ඉතා කුරිරු ලෙස ඔහුට ආමන්ත්‍රණය කිරීම සරදම්කාරී සංස්කෘතික ඛේදවාචකයක් නොවන්නේ ද..?

ආවඩා .. ආයුබෝ වේවා යි සියලු ශ්‍රී ලාංකිකයන්ට හදවතේ ගැඹුරුම පත්ලෙන් ආශිර්වාද කළ ඔහුට, ධම්ම පදය, බයිබලය, භගවත්ගීතාව සහ කුරාණය දෝතින් ගත් මිලියන සංඛ්‍යාත මිනිසුන් එකාවන්ව, එසේම වේවා! යි පෙරළා ප්‍රාර්ථනා කරද්දී ම ඔහු අවසන් නින්ද තෝරා ගත්තේය.

ජැක්සන් ගැන කුහක කතා - (චින්තන ධර්මදාස)

දුරින් සිට හෝ ඔහු බලන්නට තිබූ ආශාව ගැන ප්‍රදීපා සහ ම'විසින් කුමාරිට කීවේ මීට සති දෙකකට පෙරයි. එම අවස්ථාව පමණක් නොව, අවසන් හෝරාවේ හෝ ඔහුට සමු දෙන්නට තිබූ නිමේෂය පවා මට අහිමිව ඇත.

සමාවෙයන් "ජැකා"..!
උඹට සුව නින්දක්..!!

                               (ඩලස් අලහප්පෙරුම)
හිටපු ජනමාධ්‍ය ඇමති 


සබැඳි පුවත් :
'සකල කලාවේ දස්කම් පා' වසර එක හමාරක් නිහඬව ම සිට නික්ම ගිය 'පනාපුත්‍ර කුහුඹුපැණියා'

මගේ ශෝකය “ජැකා” නම් කලාකරුවාට පමණි - (කුසල් පෙරේරා)



 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...