The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

ප්‍රති-ත්‍රස්ත පනත මගින් සුවිශේෂී තත්වයන්හිදී පමණක් කල හැකි දේ සාමාන්‍යකරණය නැවැත්විය යුතුය - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

October 13, 2023 • 10:22 AM

ප්‍රති-ත්‍රස්ත පනත මගින් සුවිශේෂී තත්වයන්හිදී පමණක් කල හැකි දේ සාමාන්‍යකරණය නැවැත්විය යුතුය - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1973 සිට ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ සම්මුතීන් දහයක් සම්මත කර තිබීම, දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොමැති නව ලක්ෂණ මෙම සංසිද්ධියට ඇති බවට සාක්ෂියකි.
  • ඔවුන්ගේ අරමුණ වූයේ ජනතාව අතර භීතිය ඇති කිරීමයි.
  • පාස්කු බෝම්බ ප්‍රහාරය වැනි සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සාමාන්‍ය ක්‍රියා පටිපාටිවලින් ව්‍යතිරේක අවශ්‍ය බව තේරුම් ගැනීම අපහසු නැත.
  • එසේ වුවත්, එම අපගමනයන්, රජය විසින් නිල වශයෙන් වෙන් කරන ලද ගාලු මුවදොර විරෝධතා භූමියේ, 2023 අප්‍රේල්-මැයි මාසවල සිදු වූ ආකාරයේ සාමකාමී විරෝධතා දක්වා ව්‍යාප්ත නොවිය යුතු බව තේරුම් ගැනීම ද ඔවුන්ට අපහසු නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1973 සිට ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ සම්මුතීන් දහයක් සම්මත කර තිබීම, දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොමැති නව ලක්ෂණ මෙම සංසිද්ධියට ඇති බවට සාක්ෂියකි.

ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න තේරුම් ගැනීම ශ්‍රී ලාංකිකයන්ට අපහසු නැත. 2019 අප්‍රේල් මාසයේ දී රටපුරා සිදු කරන ලද, සංකීර්ණ, සැලසුම් ගත, බෝම්බ ප්‍රහාරය මෑතම උදාහරණයයි. පල්ලියේ යාඥා කරමින් සිටි හෝ හෝටලයකින් උදේ ආහාරය ගනිමින් සිටි අය ඝාතනය කිරීමට අන්තවාදීන්ට කිසිදු පුද්ගලික කෝන්තරයක් තිබුණේද? ඔවුන්ගේ අරමුණ වූයේ ජනතාව අතර භීතිය ඇති කිරීමයි.

පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් -  (පළමු කොටස)
පාස්කු බෝම්බ ප්‍රහාරය වැනි සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සාමාන්‍ය ක්‍රියා පටිපාටිවලින් ව්‍යතිරේක අවශ්‍ය බව තේරුම් ගැනීම අපහසු නැත. එසේ වුවත්, එම අපගමනයන්, රජය විසින් නිල වශයෙන් වෙන් කරන ලද ගාලු මුවදොර විරෝධතා භූමියේ, 2023 අප්‍රේල්-මැයි මාසවල සිදු වූ ආකාරයේ සාමකාමී විරෝධතා දක්වා ව්‍යාප්ත නොවිය යුතු බව තේරුම් ගැනීම ද ඔවුන්ට අපහසු නැත.

ත්‍රස්තවාදය ඇති වීමට හේතු වන තත්ත්වයන් තුරන් කිරීම සඳහා අපගේ ශක්තීන් යොමු කළ යුතු බව පැවසීම පහසු ය. නමුත් වඩාත් ක්ෂණික ගැටලුව වන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදුවීමට පෙර හෝ ඊට පසුව පවා ඒවා පිළිබඳව කටයුතු කිරීම යි. නව විසඳුම් අවශ්‍යතාවය පිළිගැනීම යනු, විමර්ශනය, රඳවා තබා ගැනීම යනාදිය සම්බන්ධයෙන් සාමාන්‍ය නීති වලින් බැහැරවීම් පිළිගත යුතු බව යි. මෙම ව්‍යතිරේක මගින් ඒවාට යටත් වන අය සඳහා බරපතළ ප්‍රතිවිපාක ඇත. එමනිසා ඒවා හැකි තරම් පැහැදිලිව හා පටු ලෙස සීමා ලකුණු කිරීම වැදගත් වේ.

ත්‍රස්‌තවාදය නමැති වරදේ නිර්වචනය

1461029606 dd8386fa50 o
ඉතා හොඳින් මෙය කළ හැක්කේ සාමාන්‍ය අපරාධ සහ පවතින නීතිය යටතේ වරදක් නොවන ක්‍රියාවන් බැහැර කෙරෙන පරිදි වරද පටු සහ නිශ්චිතව නිර්වචනය කිරීම මගින් ය.

සංශෝධිත ත්‍රස්තවාද විරෝධී පනත අනුව ත්‍රස්තවාදී වරද යන්නට, වැරදි ලෙස හෝ නීති විරෝධී ලෙස යම් ක්‍රියාවක් කිරීමට හෝ කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට හෝ බල කිරීම සඳහා හෝ, යුද්ධය ප්‍රචාරය කිරීම හෝ, භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ස්වෛරී රටක හෝ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සඳහා හෝ,  මහජනතාව හෝ මහජනතාවගෙන් කොටසක් හෝ බිය ගැන්වීමේ චේතනාව ඇතුළත් විය යුතු ය. 

ව්‍යවස්ථාපිතව ආරක්ෂා කොට ඇති ප්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අපරාධ ලෙස සැලකීමේ හැකියාවක් ඇතැයි විවේචනයට ලක් වූ “එවැනි රජයක් ක්‍රියාත්මක වීම නීති විරෝධී ලෙස වැලැක්වීම” යන පෙර පනතේ පැවති වගන්තිය ඉවත් කර ඇත. 2023 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් ඒකාබද්ධ කර ඇති අතර 2007 අංක 56 දරන ICCPR පනත මගින් දැනටමත් ආවරණය කර තිබූ කොටස ඉවත් කර ඇත.

PTA Faul37gaAAEtOEk

ත්‍රස්තවාදයේ වරදෙහි අංගයක් වන ක්‍රියාවන් දක්වා ඇති 3(2) වගන්තියේ, “අත්‍යවශ්‍ය සේවා හෝ සැපයුම් හෝ කිසියම් අත්‍යාවශ්‍ය සේවාවක් හෝ සැපයුමක් හා සම්බන්ධ ඕනෑ ම තීරණාත්මක යටිතල පහසුකම් හෝ සැපයුම් පහසුකමකට බරපතල බාධා කිරීම් හෝ හානි සිදුකිරීම හෝ මැදිහත් වීම”  සහ “ඕනෑම ක්‍රියාවක් සඳහා නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හෝ (අ) සිට (ක) දක්වා ඡේදවල දක්වා ඇති නීති විරෝධී පැහැරහැරීම් ” යන වගන්ති මකා දමා ඇත.”2005 අංක 25 දරන ත්‍රස්තවාදයට මුල්‍ය ආධාර සැපයීම මැඩපැවැත්වීමේ සම්මුතියේ විෂය පථය තුළ වරදක් වන ක්‍රියාවක් කිරීම" යන වගන්තිය එකතු කර තිබේ. 

2023 මාර්තු මාසයේදී ගැසට් කරන ලද පනත් කෙටුම්පත මගින් ජනනය වූ විවේචනවලට ප්‍රතිචාර වශයෙන් වෙනස්කම් සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට ප්‍රශංසා කළ යුතුය. නමුත් එම වෙනස්කම් ප්‍රමාණවත් නැත.

Screenshot 2023 10 13 at 15.39.45

එක්සත් ජනපද සෙනෙට් සභික ජෝර්ජ් මිචෙල්

ඉතා සුදුසු දේ වන්නේ, කෙටුම්පත්කරුවන් නැවත සැලසුම් පුවරුවට ගොස්, ඊශ්‍රායල-පලස්තීන ගැටුම විසඳීමට කල උත්සාහයේ දී හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික ජෝර්ජ් මිචෙල් විසින් යෝජනා කරන ලදුව, එම නොවිසඳිය හැකි ගැටුමේ පාර්ශ්වයන් විසින් පිළිගනු ලැබූ  “ත්‍රස්තවාදය යනු දේශපාලන අරමුණු සඳහා අහඹු ලෙස තෝරාගත්, සටන්කාමීන් නොවන අය, හිතාමතා මරා දැමීම යි. එමගින් ජනගහනයක් පුරා භීෂණය සහ අධෛර්යය පතුරුවා හැරීමෙන් දේශපාලන ප්‍රතිඵලයක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි.” යන ත්‍රස්තවාදයේ නිර්වචනයට අනුකූල නීතිමය විධිවිධාන සැකසීමට කටයුතු කිරීම යි.

ක්‍රියා පටිපාටිය 

වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියෙක් ද ? - දින 90ක් රඳවා ගැනීමට ජනපති අනුමැතිය
රැඳවුම් නියෝග, ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නීතියක කේන්ද්‍රීය අංගයක් වෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඒවා බියකරු වී ය. රැඳවුම් නියෝග නිකුත් කරන ලද්දේ, දේශපාලඥයෙකු වූ ආරක්ෂක අමාත්‍යවරයා විසිනි. ඒවා නිකුත් කිරීමේ දී හෝ රඳවා තබා ගැනීමේ තත්ත්වයන් අධීක්‍ෂණය කිරීමේ දී හෝ අධිකරණයට කාර්යභාරයක් නොතිබිණි.

ඕනෑ ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට රැඳවුම් නියෝග නිකුත්  කිරීමට අවසර දීමෙන් ඒවා නිකුත් කිරීම ඉතා පහසු කර ඇති බවට එල්ල වූ විවේචනයට සංශෝධිත ත්‍රස්තවාද විරෝධී පනත් කෙටුම්පත මගින් විසඳුම් ලබා දී තිබේ. දැන්, රැඳවුම් නියෝගයක් නිකුත් කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (දේශපාලකයෙකු නොවන මුත් සෑම විටම අදේශපාලනික නොවන) විසින් ය (s. 31). එසේ වුව ද, රැඳවුම් නියෝග නිකුත් කිරීමේ දී හෝ ඒවා අනුමත කිරීමේ දී අධිකරණය සම්බන්ධ විය යුතු බවට එල්ල වූ විවේචන නොසලකා හැර ඇත. මෙයට පිළියම් යෙදිය යුතු ය. පුද්ගලයන් රඳවා තබා ගැනීමට පොලිසියට හේතු තිබේ නම්, ප්‍රමාණවත් ලෙස සාධාරණීකරණය නොකරන ලද රැඳවුම් නියෝගයක් ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයාට අයිතිය ලබා දීම ගැන ඔවුන් විරුද්ධ විය යුතු නැත.

රැඳවුම් නියෝග යටතේ පුද්ගලයෙකු කොපමණ කාලයක් රඳවා තබා ගත හැකිද යන්න පිළිබඳ සීමාවන් (s. 30), පූර්ව දැනුම්දීමකින් තොරව රැඳවුම් ස්ථාන නැරඹීමට මහේස්ත්‍රාත්වරුන්ට ලබා දී ඇති බලය (s. 32) යනාදිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා සැලකිය යුතු වැඩිදියුණු කිරීම් වෙයි.

ජනාධිපතිට අධික බලතල

ජනපති, ජනපතිවරණයට වියදම් සොයයි
ත්‍රස්තවාද විරෝධී පනත එක ක්ෂේත්‍රයක දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා අවිවාදයෙන් නරක ය.

තහනම් නියෝග නිකුත් කිරීම මගින් සංවිධාන තහනම් කිරීම, සීමා කිරීම් නියෝග මගින් පුරවැසියන්ගේ ගමන් බිමන් සීමා කිරීම, ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීම ආදිය සඳහා ජනාධිපතිවරයාට බලය පැවරීම X කොටස මගින් සිදුකොට තිබේ. මෙම විධිවිධාන මාර්තු මාසයේ ගැසට් කරන ලද පිටපතේ තිබූ අතර පුළුල් ලෙස විවේචනයට ලක් විය. ඒවාට අවධානය යොමු කර නැත. X කොටස නොවෙනස්ව නැවත දැකගත හැකි ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංවිධානගත වීමේ නිදහස (14(1)(ඇ) වගන්තිය ) සහ ගමන් බිමන් යාමේ නිදහස (14(1)(ඌ)) වැනි මූලික අයිතිවාසිකම් පිළිගනු ලැබ ඇත. මෙම මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා 15 වැනි වගන්තිය මගින් විශේෂයෙන් නිර්වචනය කර දක්වයි. මහජන ආරක්ෂක පනත (140 පරිච්ඡේදය) යටතේ සුවිශේෂී අවස්ථාවන්හි දී මෙම නිදහස උල්ලංඝනය කිරීම පිළිගැනීම එක් දෙයක් වන නමුත්, සාමාන්‍ය මෙන් ම සුවිශේෂී අවස්ථා යන සෑම විට ම, ක්‍රියාත්මක වන නීතියක් යටතේ ජනාධිපතිවරයාට ඔහුගේ අභිමතය පරිදි ඒවා උල්ලංඝනය කිරීමට ඉඩ දීම ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

හදිසි අවස්ථා ප්‍රකාශ කිරීමේ බලය ජනාධිපතිවරයා විසින් අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ආරක්ෂණ විධිවිධාන උල්ලංඝණය කිරීමක් මෙමගින් ඇති කරයි. මහජන ආරක්ෂක පනත යටතේ ව්‍යතිරේක ක්‍රියාවන්ට ඉඩ දීමේ බරපතළකම, එබඳු ප්‍රකාශනයක් මාසයක් ඇතුළත සහ මාසයක කාලයක් සඳහා පමණක් පාර්ලිමේන්තුවෙන් අනුමත කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන මගින් පිළිගෙන ඇත.

 

මෙම විධිවිධාන මගින්, හදිසි අවස්ථාවකට අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්‍ෂාවන් අර්ථ විරහිත කරයි. ඒවා  ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමට පෙර, රජය ස්වේච්ඡාවෙන් X කොටස ඉවත් කර ගත යුතු ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ නාමයෙන් රජය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටපත් නොකළ යුතු අතර ව්‍යවස්ථාදායක හෝ අධිකරණ අධීක්ෂණයකින් තොරව මූලික අයිතිවාසිකම් කඩ කිරීමට ජනාධිපතිවරයාට අවසර ලබා නොදිය යුතුය.


ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු බව අඩු කරගන්නේ කෙසේ ද ? - (මහාචාර්ය රොහාන් සමරජීව)(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
rohan@lirneasia.net

(උපුටා ගැනීම - අනිද්දා පුවත්පත)

Anida



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රති-ත්‍රස්ත පනත මගින් සුවිශේෂී තත්වයන්හිදී පමණක් කල හැකි දේ සාමාන්‍යකරණය නැවැත්විය යුතුය - (මහාචාර්ය රොහාන් සමරජීව) | The Leader