The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

ජනාධිපතිවරයාට පවතින හොඳම විකල්පය - (ආචාර්ය ජෙහාන් පෙරේරා)

T

The Leader Desk

October 15, 2023 • 7:37 AM

ජනාධිපතිවරයාට පවතින හොඳම විකල්පය - (ආචාර්ය ජෙහාන් පෙරේරා) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ථාවරත්වය අතර නිතර නිතර කෙරුණු සැසඳීම මේ වන විට තුනී වී ඇත.
  • රටේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ආණ්ඩුවේ නායකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රකාශ කරන වත්මන් සන්දර්භය තුළ, කුසගින්නෙන් පෙළෙන මිනිසකුට දේශනා කිරීම ඵලදායී නොවන බවට මහත්මා ගාන්ධි කළ ප්‍රකාශය වඩවඩාත් තහවුරු වෙමින් පවතී.
  • මෙම ප්‍රකාශ, මේ මොහොතේ මැතිවරණ පැවැත්වීම, ලබාගෙන ඇති ජයග්‍රහණවලට අනතුරක් විය හැකි බවට සූක්ෂ්ම ලෙස ඉදිරිපත් කෙරෙන තර්කයක් ලෙසින් හඳුනාගත හැකිය.
  • එහෙත් භූමියේ යථාර්ථය මෙම ප්‍රකාශයන්ට පටහැණිය.
අකුරු ප්‍රමාණය (Font Size):
ස්ථාවරත්වය අතර නිතර නිතර කෙරුණු සැසඳීම මේ වන විට තුනී වී ඇත. රටේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ආණ්ඩුවේ නායකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රකාශ කරන වත්මන් සන්දර්භය තුළ, කුසගින්නෙන් පෙළෙන මිනිසකුට දේශනා කිරීම ඵලදායී නොවන බවට මහත්මා ගාන්ධි කළ ප්‍රකාශය වඩවඩාත් තහවුරු වෙමින් පවතී. මෙම ප්‍රකාශ, මේ මොහොතේ මැතිවරණ පැවැත්වීම, ලබාගෙන ඇති ජයග්‍රහණවලට අනතුරක් විය හැකි බවට සූක්ෂ්ම ලෙස ඉදිරිපත් කෙරෙන තර්කයක් ලෙසින් හඳුනාගත හැකිය. එහෙත් භූමියේ යථාර්ථය මෙම ප්‍රකාශයන්ට පටහැණිය. අරගල යුගයේ සිට අද දක්වා ආර්ථිකය හැකිළෙමින් පවතී. ආර්ථිකය තවමත් ආපසු හැරවී නැත. පසුගිය කාර්තුවේදී එය සියයට 03කින් හැකිළී ගිය අතර, එය පෙර කාර්තුවේ සියයට 11ක හැකිළීමකට ලක්විය. මෙය පසුගිය වසරේ සිදුවූ සියයට 07ක හැකිළීමට වඩා ඉහළ අගයකි.
 
භූමියේ යථාර්ථය නම්, ව්‍යාපාර වැසීයෑමත් සමඟ මිනිසුන්ට දිගටම රැකියා අහිමි වීමයි. ව්‍යාපාර සිමාකිරීම හෝ වැසීම සහ රැකියා වෙළඳපොළ හැකිළීමත් සමඟ මිනිසුන් සතුව ඇති මුදල් ප්‍රමාණය සීමාසහිත වේ. මෙම අඩු ප්‍රමාණයන් පවා තවදුරටත් අඩුවෙමින් පවතින අතර, පසුගිය සතියේ සිදු වූ සියයට 10 කින් පෙට්‍රල්, ඩීසල් සහ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම නිසා සමස්ත ආර්ථිකයටම බලපෑමක් එල්ල කර ඇත. පෙට්‍රල්, ඩීසල්, ගෘහස්ථ ගෑස් මෙන්ම, පසුගිය වසරේ සියයට 100ත් 200ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගිය විදුලි මිල නැවතත් සියයට 20 කින් වැඩිකිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වෙමින් පවතී. ආර්ථික අර්බුදයට පෙර සියයට 13ක් වූ මෙරට දරිද්‍රතා මට්ටම අද සියයට 25ක් වන අතර, ඉදිරි වසර තුළ එය සියයට 28 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කර තිබේ. ප්‍රබල ප්‍රතික්ෂේප කිරීම්වලින් යටපත් කළ නොහැකි වත්මන් තත්ත්වයෙහි ඛේදවාචකය නම්, රජයේ වියදම් ආදායම් සමඟ සරිලන පරිදි නොගැළපීමේ බර, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි ජනතාව මත අධික ලෙස පැටවීමයි.
ජනතාව මේ කැපකිරීම් කළද ප්‍රමාණවත් ආදායමක් එකතු නොවන බවත් සිය ණය මුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමට තවදුරටත් කැපවීම් සිදුකළ යුතු බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) රජයට දන්වා ඇත. මේ නිසා සෘජු හා වක්‍ර බදු යන දෙක මගින්ම දැනටමත් තම සීමාව ඉක්මවා මිරිකී සිටින ජනතාව තව තවත් මිරිකීමට ඉඩ ඇත.
 
දැන් බදු ගෙවන බහුතරයක් බදු වැඩිකිරීමට පෙර තම වියදම් පියවා ගැනීමට නොහැකි වූ පිරිසකි. ඔවුන්ට තවදුරටත් ගෙවිය නොහැකි බව ඔවුන් දැනුවත්ව සිටී. අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැඩි බදු අයකළ යුතු බව පවසන්නේ, එම කාණ්ඩය ඉලක්ක කර නොවන බව පෙනේ. ප්‍රශ්නය වන්නේ රජය ජනතාව අතුරින් ධනවත්ම කොටස්වලින් විශාල ප්‍රමාණයකගෙන් බදු අයනොකිරීම සහ දූෂණයට හා බදු වංචාවලට තිත තැබීමට කටයුතු නොකිරීමයි. මේවාට බැංකු සහ විශාල ලියාපදිංචි ව්‍යාපාර පමණක් නොව දේශපාලනඥයන්, කොමිස් නියෝජිතයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ලියාපදිංචි නොකළ ව්‍යාපාර ද ඇතුළත් වේ.
 
IMF වාර්තාව
 
ඖෂධ කන්ටේනර් 41ක් අනාරක්ෂිත ගබඩාවල !
 
මේ වන විට රජය තුළ පාලනය කළ නොහැකි දූෂණ ඉහළ මට්ටමක පවතින බව පෙන්නුම් කරන දර්ශකයක් සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධයෙන් පවතින කතාන්දරය තුළ දැකිය හැකිය. දැනට මාස කිහිපයක සිට රටේ ඉහළම වෛද්‍ය සහ සෞඛ්‍ය වෘත්තිකයෝ වෙළෙදපොළ මිලට වඩා වැඩි මිලකට මිලදී ගන්නා ප්‍රමිතියෙන් තොර ඖෂධ හා ඖෂධ හිඟය පිළිබඳව මැසිවිලි නඟති. එහෙත් පලක්වී නොමැත. ජනමාධ්‍ය වාර්තා සහ වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ප්‍රකාශවලට අනුව දූෂණ ක්‍රියා දිගටම පවතී. පසුගියදා සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් පවා ගෙන ආ අතර, එය පාර්ලිමේන්තුවේ බහුතරය භාවිත කරමින් ආණ්ඩුව විසින් පරාජයට පත්කෙරිණි. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය භාවිත කරන ජනතාව වෙනුවෙන්, ගැටලුව සමඟ කටයුතු කිරීම සහ එය විසඳීම වෙනුවට පවතින්නේ චෝදනා ප්‍රතික්ෂේප කිරීම් පමණකි. ආණ්ඩුව පාර්ශවයට හෘද සාක්ෂිය නැති වී ඇති බව පෙනේ. අභ්‍යන්තර පරීක්ෂණයක් සහ සමතුලිතතාවක් නොමැති තැන, එය බාහිරව පැමිණිය යුතු අතර, මෙය සිදුවෙමින් පවතින්නේ ණය පැකේජයක් සඳහා ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් යැපෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ අන්තර්ජාතික ප්‍රජාවේ ස්වරූපයෙන් බව පෙනේ.
 
රාජ්‍ය ක්‍රියාකාරකම් හරහා ක්‍රමානුකූලව සහ දැඩි ලෙස පාලන දුර්වලතා හා ගැඹුරට මුල් බැසගත් දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම සඳහා IMF විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කරන ලද පාලන රෝග විනිශ්චය තක්සේරු (GDA) හි ප්‍රමුඛතා ක්‍රියාමාර්ග දහසයක් නිර්දේශ කර ඇත. IMF විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ, “පසුගිය සතියේ නිකුත් කරන ලද තාක්ෂණික සහාය වාර්තාවෙන් හෙළිදරව් වූයේ, පුලුල්ව පැතිරුණු දූෂණ අවදානම් හා පාලන දුර්වලතා, තාවකාලික බදු ප්‍රතිපත්ති භාවිතයන්, මුදල් විශුද්ධිකරණයට එරෙහිව හා ත්‍රස්තවාදයට මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීම සඳහා ඇති ප්‍රවේශයන් සම්බන්ධයෙන් ශක්තිමත් නෛතික රාමුවක් නොමැතිකම හා රාජ්‍ය සතු සමාගම්වල භාවිත වන දුර්වල ක්‍රියාවලීන්, රාජ්‍ය ප්‍රසම්පාදන නීති නොමැතිකම, බදු නීති නිතර වෙනස් කරන තාවකාලික බදු ප්‍රතිපත්ති භාවිතයන්, EPF කළමනාකරණය හා නියාමනය කරන මහ බැංකුවේ උනන්දුව පිළිබඳ ගැටුම්, බදු අධිකාරීන් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ යාන්ත්‍රණයක් නොමැතිකම සහ සොරකම් කළ අරමුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් බලධාරීන් තවමත් පියවර ගෙන නොමැති වීම” යනුවෙනි.
ශ්‍රී ලංකාවට අලුත් IMF කොන්දේසියක් !
 
රටින් පිටකර ඇති මහජන මුදල් හෝ ඒවා සොරකම් කළ පුද්ගලයන් පසුපස හඹාගොස් කටයුතු කිරීම සඳහා වත්මන් පාලන විධිවිධාන මගින් පැහැදිලි ප්‍රමිතින් ස්ථාපිත කර නොමැති බවද IMF පෙන්වාදී තිබේ. රජයේ ක්‍රියාමාර්ග අධීක්ෂණයට සහ නිරීක්ෂණයට නිත්‍ය සිවිල් සමාජ සහභාගිත්වය සීමාවී ඇත්තේ, සීමිත විනිවිදභාවය හා සහභාගිත්ව පාලනය සඳහා වේදිකා නොමැතිකම සහ ත්‍රස්ත විරෝධී නීති පුළුල් ලෙස භාවිත කිරීම හේතුවෙනි. නිලධාරීන් විසින් භුක්ති විඳින, වැරදි හැසිරීම් සඳහා දඬුවම් නොලැබීමේ වරප්‍රසාදය විසින් දිගටම රාජ්‍ය අංශය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කරන අතර, ආරවුල් විසඳීම සඳහා කාර්යක්ෂම සහ රීති මත පදනම් වූ විනිශ්චය කිරීමේ ක්‍රියාවලියකට ප්‍රවේශය හෝ උනන්දුව නොමැතිකම විසින් අධිකරණයේ අඛණ්ඩතාවට හානියක් වන බවද IMF අවධාරණය කරයි.
සහයෝගය නැවත ලබාගන්න
 
දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදය අද
 
ශ්‍රී ලංකාව අද අන්තර්ජාතික ප්‍රජාවේ සහයෝගය අහිමිවීමේ අවදානමකට ලක්ව සිටී. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහයෝගය තවදුරටත් සුළුකොට තැකිය නොහැක. ඒ සඳහා පාලනයේ විශාල වෙනස්කම් හෝ අවම වශයෙන් එම දිශාවට ආරම්භයක් ලබාගැනීම පිළිබඳ සාක්ෂි අවශ්‍ය වේ. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ එක් අවශ්‍යතාවක් වන්නේ නව දූෂණ විරෝධී නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව එක්සත් ජනපද ආධාර වැඩසටහනේ පරිපාලක සමන්තා පවර් හමුවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ, දූෂණයට එරෙහිව කටයුතු කිරීමට කාලයක් ගතවන බවයි. විධිමත් පුහුණුවක් සහිත කාර්ය මණ්ඩලයක් බඳවාගැනීමේ කාර්යය සමඟ දූෂණ විරෝධී කොමිසම මේ වන විට පොරබදමින් සිටින බව ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන, දූෂණ විරෝධී නීතිය සම්මත කර ගැනීමේ අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කරගැනීම සඳහා අමතර වසරක් අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. IMF විසින් දැන් වෙනසක් ඉල්ලා සිටින විට ප්‍රමාද වැඩියි. 1954 අල්ලස් පනත 1994 දී සංශෝධනය කරන ලද අතර, එමගින් අල්ලස් හෝ දූෂණ කොමිසම පිහිටුවනු ලැබීය. අවාසනාවකට, පසුගිය වසර 30 තුළ එමගින් සැළකිව යුතු ප්‍රගතියක් ලබා නොමැත. දැනට සභා ගැබේ සිටින අපගේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට විධිමත් හා වෘත්තීය පුහුණුවක් සහිත කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට නොහැකිවීම පුදුමයක් නොවේ.
 
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති
 
රටට බලපාන බහුවිධ අර්බුද සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය වන්නේ ඒවා ප්‍රතික්ෂේප කිරීමයි. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජිත නීති දෙක වන ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත සහ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා විරෝධතා දැක්වීමේ අයිතිය යටපත් කිරීමට රජයට වැඩි බලයක් ලබාදෙනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා DW German Television නාලිකාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාව රට තුළ සහ අන්තර්ජාතිකව යම් ආන්දෝලනයක් ඇතිකර තිබේ. රට මුහුණ දෙන බරපතළම ප්‍රශ්න ගැන ප්‍රශ්න කළ සම්මුඛ පරීක්ෂකවරයා ජනාධිපතිවරයා අසීරු තත්ත්වයකට පත්කළේය. ළමා මන්දපෝෂණය, අතීතයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් සහ පාස්කු ප්‍රහාරයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ පරීක්ෂණ ඊට ඇතුළත් විය. ජනාධිපතිවරයාට අනාරක්ෂිත දේ ආරක්ෂා කිරීමට සිදු විය. අවසාන කරුණ නම්, එම ගැටලු ඇති කළ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක් සමඟ වැඩකිරීමට ජනාධිපතිවරයා තීරණය කළ නිසා, මෙම ගැටලු විසඳීමට ජනාධිපතිවරයාට කළ හැකි දේ අල්ප බවයි.


 
අන්තර්ජාතික මූල්ය අරමුදල සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටින පරිදි, ආණ්ඩුව පිහිටුවන ලදපාර්ලිමේන්තු බහුතරයට, ආර්ථික හෝ යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට කිසිදු මනෝභාවයක් නොමැති වීම ජනාධිපතිවරයා මුහුණදෙන ඛේදනීය යථාර්ථයයි. මෙම තත්ත්වයන් තුළ, IMF ණයෙහි ඊළඟ වාරික සහ යුරෝපා සංගමයේ GSP ප්ලස් බදු සහනය වෙත ප්‍රවේශ වීම වඩාත් දුෂ්කර වනු ඇති අතර, රටට සහ එහි ජනතාවට තවදුරටත් අවාසිදායක ලෙස ඒවා අහිමිවීමට පවා ඉඩ තිබේ. ජනාධිපතිවරයා අනුගමනය කළ යුතු ප්‍රතිසංස්කරණවාදී මාවතේ ගමන් කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරයක් අකමැති නම්, තවදුරටත් ප්‍රමාදයකින් තොරව එවැනි පසුගාමී පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීම ගැන සළකා බැලිය යුතු අතර, එමඟින් ඔහුට වැඩකිරීමට මහජන ඡන්දයෙන් තේරී පත්වූ නව සහ අඩු දූෂිත කණ්ඩායමක් ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව එහි පවතින අඳුරු සිදුරෙන් පිටතට හිරු එළිය වෙත ගෙනයා යුතුව තිබේ.
 
පාලනය ගිලිහේ යැයි ආණ්ඩුවට පවතින බිය - (ජෙහාන් පෙරේරා)
ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනාධිපතිවරයාට පවතින හොඳම විකල්පය - (ආචාර්ය ජෙහාන් පෙරේරා) | The Leader