The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : බලු බැණුම් සහ කුණුහරුප

T

The Leader Desk

October 15, 2023 • 9:23 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : බලු බැණුම් සහ කුණුහරුප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් කනේ වදින්නට, කන පිරෙන්නට ඇසෙන විට ඒ ගැන කතා නොකරද බැරිය.
  • මෑතකදී මේ දූපතේ උත්තරීතර ආයතනයකදී ප්‍රභූවරයකු විසින් ප්‍රභූවරියකට ''බැල්ලී'' (සුනඛ ධේනුව) යන වචනයෙන් ආමන්ත්‍රණය (පරිභව) කළේ යැයි ආන්දෝලනයක් ඇතිවුණි. මිනිසකුට අපහාස කිරීමේදී තිරිසනකුගේ නමක් භාවිත කිරීම ඈත අතීතයේ සිටම පැවතෙන්නකි.
  • එහෙත් මිනිස් සමාජයේ සිදුවන දෑ දෙස මැදහත්ව බලන කල, මිනිසාට තිරිසනා සැසඳීමට යාම, ඒකාට කරන අපහාසයක් ලෙස හැඟෙයි.
  • ඒ දේවල් ගැන වැඩිපුර කතා කරන්නට ගියහොත්, මිනිස්කමෙනුත් ඉල්ලා අස්වන්නට සිතෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි ඇත්තක් ඇත.

එහෙත් කනේ වදින්නට, කන පිරෙන්නට ඇසෙන විට ඒ ගැන කතා නොකරද බැරිය.

කතා කිරීම මෙන්ම, අසා සිටීමද මිනිස් අයිතිවාසිකමකි.

මෑතකදී මේ දූපතේ උත්තරීතර ආයතනයකදී ප්‍රභූවරයකු විසින් ප්‍රභූවරියකට ''බැල්ලී'' (සුනඛ ධේනුව) යන වචනයෙන් ආමන්ත්‍රණය (පරිභව) කළේ යැයි ආන්දෝලනයක් ඇතිවුණි. 



මිනිසකුට අපහාස කිරීමේදී තිරිසනකුගේ නමක් භාවිත කිරීම ඈත අතීතයේ සිටම පැවතෙන්නකි.

එහෙත් මිනිස් සමාජයේ සිදුවන දෑ දෙස මැදහත්ව බලන කල, මිනිසාට තිරිසනා සැසඳීමට යාම, ඒකාට කරන අපහාසයක් ලෙස හැඟෙයි. මේ දිනවල සිදුවන හමාස් - ඊශ්‍රායල ගැටුම ඊට හොඳම නිදසුනකි. එබඳු ගැටුම් - සිද්ධීන් තිරිසන් ලෝකයේවත් සිදු නොවෙයි.

ඒ දේවල් ගැන වැඩිපුර කතා කරන්නට ගියහොත්, මිනිස්කමෙනුත් ඉල්ලා අස්වන්නට සිතෙනු ඇත. (මිනිසුන්ට බල්ලා - බැල්ලී යැයි කියාගන්නා සමාජයක මොන මිනිස්කම්ද?) 

මේ තීරුව ආරම්භ කරන විටම මගේ නිමිත්ත වූයේ කතාබහේ භාෂාව නොහොත් කටවහරය.

aHR0cHM6Ly9jZG4uZW5oYW5jdi5jb20vbGFuZ3VhZ2VzXzNiNTkzOTdkMjkuanBnjpeg
මිනිසා මුලින්ම පටන් ගත්තේද කතාවය. ලිවීම ඊට පසුවය. එහෙයින් භාෂාවේ ආරම්භයද කටවහරමය. අදටත් මිනිස්සු තමන්ට අවශ්‍ය පරිදි කටවහර සකසා ගනිති. පණ්ඩිතයන්ට අවශ්‍ය පරිදි භාෂාවක් පරිණාමය වන්නේ නැත.

කුණුහරුප ද භාෂාවේ කොටසකි. එහෙත් ලියන භාෂාවේදී ඒවා යොදා නොගැනේ. කටවහරේදී නම් හරුප නිතර කියැවේ. පාර්ලිමේන්තුවේදී පවා කියැවුණත්, ලියන භාෂාවට නුසුදුසු නිසාත්, එය රටේ ප්‍රභූවරුන්ගේ ස්ථානයක් නිසාත් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කෙරේ.

හරුප යනු නරක වචනය. එහෙයින් ඉංග්‍රීසියෙන් ඒවාට කියන්නේ බෑඩ් වර්ඩ්ස් (Bad words) නැත්නම් ඩර්ටි වර්ඩ්ස් (dirty words) ය. සිංහලෙන් කතා කරන උදවිය ඉංග්‍රීසි කුණුහරුප ද ඉංග්‍රීසියෙන් කතා කරන අය සිංහල කුණුහරුප ද කියන අවස්ථා නැතුවා නොවේ.

වැදගත් හා ශීලාචාර උදවිය ද කුණුහරුප දනිති. එහෙත් ඒවා භාවිතයට නොගනිති. භාවිත කළත් ඒ අමු අමුවේම නොවේ. වක්‍රවය.

එක්තරා නාගරික ප්‍රදේශයක ඉහත කී ආකාරයේ වැදගත්, තැන්පත්, උගත් ගුරුවරයෙක් විසුවේය. ජාතික ඇඳුම අඳින ඔහු සිංහල භාෂාව උගැන්වීය.


z p19 Apeමේ ගුරුතුමාගේ නිවෙස අසල විසුවේ කම්කරු රුකියාවක් කළ අයෙකි. සෑම දිනකම සවස, බීමත්ව හතර ගාතෙන් එන ඔහු, ගුරුතුමා බයිට් කර ගනිමින් කුණුහරුපෙන් බැණ වදින්නට වෙයි. එවිට ගුරුතුමා ජනෙල් දොරවල් වසාගෙන නෑසුණාක් මෙන් හිඳී. එහෙත් ඔහුගේ රෑමත්, තරුණ බිරිඳ දිගින් දිගටම සිදුවන මේ හිරිහැරය නොරිස්සීය. එහෙයින් දිනක් ඇය සිය සැමියා අමතා මෙසේ කීවාය.

''අන්න අර යකා අදත් කුණුහරුප කියන්න පටන් අරන්. ඔහෙට විතරක් නෙවෙයි, මටත් බණිනවා. ඔහේ පිරිමියෙක්ද... යනවකො ගිහින් ඌට දෙකක් කියල එනවකො... නැත්තං මං බහිනව එළියට.''

ඒ ඇසූ ගුරුතුමාද බැරිම තැන ගෙයින් මිදුලට බැස්සේය.

කවදාවත් නැතිව වලියට එන ගුරුතුමා දුටු බේබදු අසල්වැසියා වෙනදාටත් වඩා උස් හඬින් බැණ වදින්නට විය.

''අඩෝ ඉස්කෝලයා... මං තෝ අද බාවනවා. තෝ මහ ....... ක් යකෝ...''

ගුරුතුමා සැළුණේ නැත. කුණුහරුප කියන්නට ගියේද නැත. එහෙත් මෙසේ පිළිතුරු දුන්නේය.

''මාත් ඔහෙට කියන්නේ ඒ අසභ්‍ය වචනයමයි.''

ඉන් කිපුණු අසල්වැසියා බල්ලා යන වචනයට අකුරු දෙකේ විශේෂ පදයක්ද දමා බැන්නේය. ගුරුතුමාද යළිත් වරක්, තැන්පත්ව පිළිතුරු දුන්නේය.

''මාත් ඔහෙට කියන්නෙ එම සත්වයාගෙ නමමයි.''

අසල්වැසියා ඉන්පසු ගුරුවරයාට බැණ වැදුණේ කිසියම් බරපතළ ලිංගික ක්‍රියාවක් ගැන කියමිනි.

''මාත් එම ස්ථානයටමයි.''

එසේ කියූ ගුරුතුමා තම වැදගත්කමද රුකගනිමින් නිවෙස දෙසට පිය මැන්නේය.

buddist web

එක් එක් අවස්ථාවලදී මෙන්ම, එක් එක් අවස්ථාවලදී භාවිත කළ යුතු විශේෂ වචන හා යෙදුම්ද සිංහල භාෂාවෙහි වෙයි. බෞද්ධයන්, භික්ෂූන් වහන්සේලා හා කතාබහේදී එහෙයි, වඩිනවා, වළඳනවා වැනි ගෞරව පූර්වක වචන නිතර යොදාගනිති.

තම ගමේ, පන්සල් වත්තේ, බලු පැටවුන් පිරී සිටිනු දුටු දායකයෙක් ඒ බව නායක හිමි සමඟ පැවසුවේය.

''ඔය අපේ උපාසක මහත්තුරුම ගෙනත් දාන සත්තු තමයි... මහත්තයට ඕනෙ නම් බලු පැටියෙක් අරන් යන්ඩ.''

''අනේ එපා අපෙ හාමුදුරුවනේ. අපෙ දිහාත් තුන් නමක්ම ඉන්නවා.''

වැඩි ගෞරවයද නරකට හිටී!

චරිත සහතිකයක් ලියාගැනීමට ආ තරුණයෙක් ආවාස ගෙට ගොඩවී වටපිට බැලුවේය. නායක හිමියෝ දහවල් දානයෙන් පසු කවිච්චියේ ඇලවී කෙටි නින්දකට සැරසෙමින් සිටියහ.

තරුණයා ආචාරශීලී ලෙස මෙසේ ඇසීය.

''ඔබවහන්සේ අපවත් වෙන්ඩ වගේ සූදානම...?''

''අපොයි ඒකට තව කල් තියෙනවා නෙව. මං මේ ටිකක් සැතපෙන්ඩ හැදුවෙ.''

නායක හිමි වරද නිවැරදි කළහ.

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...