The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

පමාවෙන තරමටම ඔබත් මමත් අනාරක්ෂිතයි !

T

The Leader Desk

October 19, 2023 • 3:14 PM

පමාවෙන තරමටම ඔබත් මමත් අනාරක්ෂිතයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුදුසු පරිසරය හැදෙන අවුරුද්දෙ එක කාලෙකට විතරයි.
  • ඒවායෙ අඩංගු වෙන්නෙ විකිණීම සඳහා ම නිර්මාණය කෙරෙන කෘතීම දර්ශන අඩංගු "අධි රංගනයක්" මවා පෙන්වන විකෘතියක් මිසක් ඇත්ත සෙක්ස් නෙවෙයි.
  • මේ තියෙන අන්ත පසුගාමී ආගමික සංස්කෘතික බැමිවලින් බැඳලා දාලා ඇති ආශාවන් සමහර වෙලාවට මේවගේ සිද්ධි හරහා එළියට පනිනවා.
  • රාජ්‍ය මට්ටමෙන්, පුද්ගලික මට්ටමෙන් මොන මට්ටමෙන් වුනත් මිනී මැරුමක් කියන එක නිකම්ම නිකම් තවත් එක සිද්ධියක් වෙන ගානට ඇවිත්.
අකුරු ප්‍රමාණය (Font Size):

සුදුසු පරිසරය හැදෙන අවුරුද්දෙ එක කාලෙකට විතරයි. නමුත් මිනිස්සුන්ට එහෙම නෑ.

හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා අදාල වයසකදි ලිංගිකව පරිණත වෙච්චි දා පටන් එයාලා ලිංගිකව සක්‍රීයයි. ඒ ඒ තත්වයන්ට අදාලව පාලනය වියයුතු ක්‍රියාකාරකම් පාලනය වෙන්න සංස්කෘතික තහංචි හැදිලා තියෙනවා. මේවා කාලෙන් කාලෙට අනුරූපව වෙනස් වෙනවා උනත් මූලිකව කොතැනත් රැකෙන තහංචි තියෙනවා.

ඒ නිසා මිනිස්සු හැටියට සලකන්න පුළුවං වෙන්නෙ ජීවවිද්‍යාත්මකව විතරක් නෙවෙයි සමාජීයවත් මේ ප්‍රමාණයට පරිණාමය වෙච්චි උදවියව.

ලිංගිකව සක්‍රීය වෙන වයසෙදිම ඒ ළමයින්ට සෙක්ස් කියන්නෙ මොනවගෙ දෙයක්ද ? ඒක කරන්නෙ කොහොමද ? නොකරන්න ඕනෙ මොනවද ? කියන දේවල් ගැන විධිමත් අධ්‍යාපනයක් ලැබෙන්න ඕනෙ.

sex

අපෙ වගෙ රටවල් වල සෙක්ස් කියන්නෙ එළිපිට කතා කෙරෙන දෙයක් නෙවෙයි, ඒකෙන් වෙන්නෙ අවිධිමත් විදිහට නිල් චිත්‍රපටි හරහා ලිංගික අධ්‍යාපනය හොයන්න උත්සාහ කෙරෙන එක.

අනෙක් පැත්තෙන් නිල් චිත්‍රපටි කියන්නෙ ලෝකයේ විශාල ආදයමක් උපයන ව්‍යාපාරයක්. ඒවායෙ අඩංගු වෙන්නෙ විකිණීම සඳහා ම නිර්මාණය කෙරෙන කෘතීම දර්ශන අඩංගු "අධි රංගනයක්" මවා පෙන්වන විකෘතියක් මිසක් ඇත්ත සෙක්ස් නෙවෙයි. ඒවා බලලා මොළේ අවුල් කරගත්තු පිස්සොත් සමාජයේ ඉන්නවා.

මේ තියෙන අන්ත පසුගාමී ආගමික සංස්කෘතික බැමිවලින් බැඳලා දාලා ඇති ආශාවන් සමහර වෙලාවට මේවගේ සිද්ධි හරහා එළියට පනිනවා.

සාමාජීය වශයෙන්, ආර්ථිකමය වශයෙන් සංස්කෘතිකමය වශයෙන් වන පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න විකෘතියත් දිනපතා වැඩි වෙනවා.

දැරියෝ, විතරක්ම නෙමෙයි දැන් දැන්  පිරිමි දරුවන්ගෙත් මේ විකෘති මානසික සත්තු  බිලි අරන් ජීවිත කෙළවර කරනවා.

CVBCR
මේවා වෙනස් කරන්න නම් අධ්‍යාපන ක්‍රමයෙ වෙනසක් වෙන්න ඕනෙ. ලිංගිකත්වය වගෙම එකිනෙකාට ගරු කරන එක, මිනිස් අභිමානය රකින එක, නීතිය වගෙ බොහෝ දේවල් උගන්නන්න ඕනෙ.


අනිත් එක තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය කියන එක කොතෙක් නම් සාමාන්‍යකරණය වෙලාද කියන එක.

රාජ්‍ය මට්ටමෙන්, පුද්ගලික මට්ටමෙන් මොන මට්ටමෙන් වුනත් මිනී මැරුමක් කියන එක නිකම්ම නිකම් තවත් එක සිද්ධියක් වෙන ගානට ඇවිත්.

ඊට මෙහායින් කාන්තාවන්ට, දරුවන්ට එරෙහිව කෙරෙන අපරාධ ගැන කියන්න ඕනෙ නෑ. ස්ත්‍රී දූෂණ සීයක් කරලා ඒක සමරන්න පාටි දාපු දේශපාලුවො ඉන්න රටක් මේක. ඒවට උතුරු දකුණු බේදයක් නෑ.

XZDFGWE45
මෑත කාලෙක ලෝකය ම හොල්ලපු සිදුවීමක් උනේ ඉන්දියාවෙදි වෛද්‍ය සිසුවියක් බස් එකක් ඇතුළෙදි සමූහ දූෂකයෝ ටිකක් බලහත්කාරකම් කරලා මරපු එක. එතැනදි ඉන්දියාව විශේෂ නඩු විභාගයක් කඩිනමින් තියලා වරදකරුවන්ට දඬුවම් නියම කළා.


සාමාන්‍ය හැටියෙන් අවුරුදු ගණන් ඇදෙන නඩු විභාග නැතිව ඉක්මන් නඩු විභාගයක් පවත්වලා මේ නරුමයින්ට උපරිම දඬුවම් නියම කෙරෙන්න ඕනෙ. අනාගතයෙදි මෙවැනි සිද්ධි ඇතිවෙන්න තියෙන ඉඩ ඇහිරෙන්න අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙන්න ඕනෙ.

මිනිස්කමට නිගා නොවෙන විදියට කොහොමද මාධ්‍ය භාවිතා කරන්නේ කියලත් මාධ්‍යවේදීන් පෝලිම් ගස්සලා හරි කියලා දෙන්න ඕනේ.. හොඳම උදාහරණය ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්කගේ සිද්ධිය. ඒ රටේ මාධ්‍ය ඒ සිද්ධියට අදාල කාන්තවගේ කිසිම තොරතුරක් සමාජ ගත නොකරන්න වග බලා ගත්තා.

ඒ නිසා බලයට මුදල් වලට කෑදරකමේ, සංස්කෘතික ගල්ගුහා අස්සෙ හිරවෙලා නොඉඳ එළියට එන්න ඕනෙ. කරන්න දේ බොහොමයි.

මේවා පමාවෙන තරමට ඔයාගෙ අම්මත්,  නංගිත්, ඔයාගෙ දුවත් අනාරක්ෂිතයි ...!

ljkser

පසු සටහන :
(නම් ගම් ලිවීම ප්‍රතික්ෂේප කරමි. තවත් පාසල් සිසුවියක් දූෂකයින්ගේ ගොදුරක් වී ඇති බව දුටිමි. ඒ පාදක කර ගනිමින් මෙය ලියා තබමි. යළිත් කියන්නේ පමාවෙන තරමටම ඔබත් මමත් අනාරක්ෂිතය.)

Himashi K(හිමාෂි කරුණාරත්න)
නිදහස් මාධ්‍යවේදිනී
himashimedia@gmail.com

සබැඳි ලිපි :
හඬක් නැති ගැහැණු කරුමය
සමුහ දුෂණයක් ! - බස් රථයක් තුලදී පාසල් දැරියක් අපයෝජනය කල සිද්ධියට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...