The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : දේශසීමා නැති රටක්

T

The Leader Desk

October 22, 2023 • 9:40 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : දේශසීමා නැති රටක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මනුසතා ලෝකේ ඉපදී මංමුලා වුණා මගදී හරි කියා කළේ වැරදී මරුවගේ අතේ පරදී (ගී පද: ඩී.ටී.
  • අනාගතයේදීත් තව තවත් ලියැවෙනු ඇත. දැනට සිදුවෙමින් පවතින පලස්තීන - ඊශ්‍රායල යුද්ධය නොහොත් ගාසා හටන ද මිනිසාගේ දියුණුවේ තරම කියාපාන්නකි.
  • ඒ ගැන ද බොහෝ කව්, ගී ලියැවෙනු ඇත.
  • ඒ බව දුටු පලස්තීන කාන්තාවක් පැමිණ බූරුවාට යකඩ පොල්ලකින් බැට දුන්නාය.
අකුරු ප්‍රමාණය (Font Size):


මනුසතා ලෝකේ ඉපදී 
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී

(ගී පද: ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය : බී.එස්. පෙරේරා)

මිනිසා කොතරම් 'දියුණු'දැයි කියැවෙන ගීත බොහෝය. අනාගතයේදීත් තව තවත් ලියැවෙනු ඇත. 

ඊශ්‍රායල - හමාස් ගැටුම් : ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

දැනට සිදුවෙමින් පවතින පලස්තීන - ඊශ්‍රායල යුද්ධය නොහොත් ගාසා හටන ද මිනිසාගේ දියුණුවේ තරම කියාපාන්නකි. ඒ ගැන ද බොහෝ කව්, ගී ලියැවෙනු ඇත.

මෑතකදී මුහුණුපොතේ දක්නට ලැබුණු උපහාස කතාවක් තරමක් එහා - මෙහා කර මෙසේ දක්වමි.

ගාසා තීරයේ යුදෙව් ජනාවාසයක පිහිටි නිවෙසක් ඉදිරියේ කණුවක බූරුවෙක් බැඳ සිටියේය. සාතන් පැමිණ බූරුවා බැඳ සිටි ලණුව කපා දැමුවේය. 

TOPSHOT - Two Iraqi men ride a donkey cart past a US soldier providing security for a US military armored vehicle convoy temporarily parked on the side of a road during a maintenance stop on a highway northeast of Baquba, 07 May 2003. US soldiers from the 2-8 Infantry, 4 Infantry Division moved north in an effort to expand their presence in this region of the country.  AFP PHOTO/Roberto SCHMIDT (Photo by ROBERTO SCHMIDT / AFP) (Photo by ROBERTO SCHMIDT/AFP via Getty Images)බූරුවා අසල පිහිටි පලස්තීන පෙදෙසකට කඩා වැදී එහි නිවෙසක් ඉදිරියේ වූ වගාවන් සියල්ල විනාශ කර දැමීය. ඒ බව දුටු පලස්තීන කාන්තාවක් පැමිණ බූරුවාට යකඩ පොල්ලකින් බැට දුන්නාය. ඉන් තුවාල ලද බූරුවා මිය ගියේය.

තම බූරුවාට සිදුවී ඇති දෙය දුටු උගේ හිමිකාර යුදෙව්වා බොහෝ සේ කිපී තුවක්කුව රුගෙන විත්, යුදෙව් කතට වෙඩි තැබීය. තම බිරිඳට සිදුවූ විපත දුටු පලස්තීන ජාතිකයා මෝටාරයක් ගෙනැවිත් යුදෙව් නිවෙස දෙසට එල්ල කළේය. ඉන් එම නිවෙසේ සිටි සියල්ලෝ මියගියහ.

ඉන්පසු පවුල් දෙකේම ඥාතීහුද මේ හටනට පැටළුණහ. ක්‍රම ක්‍රමයෙන් එය එම ජාතීන් දෙක අතර යුද්ධයක් දක්වා පැතිරෙන්නට විය.

මේ බව දැක උදහස් වූ දෙවියන් වහන්සේ වහාම සාතන් කැඳවා මෙසේ ප්‍රශ්න කළේය.

''සාතන්.. මොකද්ද උඹ කරපු ඒ අසමජ්ජාති වැඩේ.. බලපන් දැන් වෙලා තියෙන විනාසෙ!''

එවිට සාතන් අහිංසක ලෙස මෙසේ පිළිතුරු දුනි. 

''මං මොනවත් කෙරුවෙ නෑ... අර බූරුවා ලිහා දැම්මා විතරයි.''

ලෝකයේ බොහෝ යුද්ධවලට හේතු වන්නේ මෙබඳු බූරු කාරණයකි. අන්තිමේට බූරුවා කොහේවත්ය. මිනිසා බූරුවෝ වෙති.

ගාසා තීරයට නොදුරේම ඉන්ධන, ඖෂධ සහ ආහාර නොමැති වෙයි - ඊශ්‍රායල් බලධාරීන්
යුද්ධයක් අවසාන වන්නේ දෙපැත්තටම බොහෝ අලාභ හානි සිදුවීමෙනි. දේපල හානි පමණක් නොව කිසිදින පිරිමසාලිය නොහැකි ජීවිත හානිද ඒ අතර වෙයි. පුදුමය වන්නේ මේ සියල්ල අවසානයේ ජයග්‍රාහකයකු ද සිටීමය.

ඉතිහාසය පුරාම යුද්ධය යනු ම්ලේච්ඡ නොමිනිස් ක්‍රියාවලියක් වුවද එයටද ආචාරධර්ම නියමයක් තිබුණි. එහෙත් මිනිසා දියුණුවේ ඉහළම අඩියේ සිටිනවා යැයි කියන මේ යුගයේ ඒ ආචාරධර්මද විනාශ වී ගොසිනි. නිදා සිටින ළදරුවන්ට වෙඩි තබන්නේත්, රෝහල්වලට බෝම්බ දමන්නේත් එහෙයිනි.

ලෝක සාහිත්‍ය තුළ ද විශාල ඉඩක් යුද සාහිත්‍යයට වෙන් වී ඇත. සුප්‍රකට ඇමෙරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී පුවත්පත් වාර්තාකරුවෙක් ලෙස කටයුතු කළේය. ඔහු තම අත්දැකීම් ඉතා අගනා කෙටිකතා ලෙසින්ද පළ කළේය. ඒ කතා අද දවසේද කියවන්නකුට මෙසේ හැඟෙනු ඇත.

Screenshot 2023 10 22 at 14.53.42අර්නස්ට් හෙමිංවේ''යුද ශරීරය කොතෙක් වෙනස් වුවද එහි මුහුණුවර සදා නොවෙනස්ය.''

හෙමිංවේ මෙසේද පැවසීය.

''යුද්ධයේ අවශ්‍යතාව හෝ යුක්තිසහගත බව ගැන කොතෙක් කරුණු දැක්වුවත්, එය අපරාධයකි, යන සත්‍ය වසං කළ නොහැකිය.''

යුද්ධයක් අවසානයේ දෙපැත්තෙන්ම මරු මරු කතා හැදෙන බව ඇත්තය. එහෙත් ඇතැම්විට එක පැත්තකින් හැදෙන මරු කතා අනෙක් පැත්තට දරාගැනීමට අමාරු වෙයි.

ගාසා යුද්ධයට සමගාමීව යුක්රේන - රුසියානු යුද්ධයද දිග්ගැස්සෙයි.

යුක්රේන උපහාස කතාවත් අද දවසේ පලස්තීනයටද කදිමට ගැලපෙයි.

rabbit ears

යුද සමයේදී උගුලක් අටවා හාවකු අල්ලාගත් යුක්රේන ජාතිකයෙක් නිවෙසට පැමිණ බිරිඳ ඇමතීය.

''මට හොඳටම බඩගිනියි. මේ හාවා රෝස්ට් කරල ගන්ඩ.''
''ගෑස් නෑ.''
''එහෙනං මයික්‍රොවේව් එකේ දාන්න.''
''ලයිට් නෑ.''
''තම්බල ගන්න.''
''වතුර කපලා.''
''එහෙනං දර ලිපේ උයමු.''
''දර ගේන්න කැලේට යන්න බෑ... වෙඩි තියනවා.''

කෝපයට පත් යුක්රේනුවා, හාවාගෙ කනින් අල්ලා ජනේලයෙන් පිටතට විසි කළේය. පණ බේරාගත් හාවා, ''යුද්ධයට ජය වේවා'' කියමින් පලා ගියේය.

ලෝකයේ කොතැනක යුද්ධයක් වුණද, ඇමෙරිකාවද ඊට වක්‍රව පැටලෙයි. මේ නිසා සමාජ මාධ්‍යයක උපහාස තීරුවක මෙසේ සඳහන් කෙරුණි.

''ඇමෙරිකාව යනු දේශසීමාවන්ගෙන් තොර එක්සත් රාජධානියකි.''

නිදහස් පලස්තීන රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටිමු! - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ගාසා තීරයට අරක්ගෙන සිටි භූතයකුට යුද්ධය සංසිඳවීමට සිතුණි. පලස්තීන ජාතිකයකුට ඒ බව පැවසූ ඔහු, කැමැති දෙයක් ඉල්ලන්නැයි කීය.

''පලස්තීනය වටේට උස තාප්පයක් බැඳල දෙන්න, එතකොට සතුරන්ට අපේ භූමියට ඇතුල් වෙන්න බෑ.''

භූතයා ඉල්ලීම ඉටු කළේය. දැන් මීයකුටවත් පලස්තීනයට ඇතුල් විය නොහැකිය. 

ඉන්පසු ඔහු ඊශ්‍රායල ජාතිකයකුගෙන් ඔහුට අවශ්‍ය වරය කුමක්දැයි ඇසීය.

''අපිට ලොකු ජලාශයක් අවශ්‍යයි. අර තාප්පෙන් ඇතුළෙ වතුර පුරවල දෙන්න.''

භූතයා අතුරුදන් විය.

යුද්ධය තවමත් පවතී.

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...