පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ‍්‍රායලයට එල්ල කළ රොකට් ප‍්‍රහාරයෙන් පසු තවදුරටත් ඊශ‍්‍රායලය විසින් අඛණ්ඩව දෙසතියක් පුරා ගාසා තීරයට ප‍්‍රහාර එල්ල කරමින් සිටියි. හමාස් සටන්කාමීන්ගේ පළමු ප‍්‍රහාරයෙන් ඊශ‍්‍රායලයේ 1400ක පමණ ජනතාවක් මරණයට පත් වූ බව විදෙස් වාර්තා සඳහන් කර තිබූ නමුත් ලෝකයේම අවධානය මේ කෙරේ යොමු වීමට ප‍්‍රබලම සාධකය වූයේ, හමාස් ප‍්‍රහාරයෙන් දින 10කට පසු එනම් ඔක්තෝබර් 17 වෙනිදා ගාසා නගරයේ ජනාකීර්ණ ප‍්‍රදේශයක පිහිටි අල්-අහ්ලි අරාබි රෝහල ඉලක්ක කොට සිදුවූ ප‍්‍රහාරයයි. ඒ හරහා එතෙක් බටහිර ගැතිව කටයුතු කළ රටවල පවා අනුකම්පාව මුසු අවධානය ප‍්‍රහාරයන් හමුවේ පීඩාවට හා අසරණභාවයට පත් වූ ගාසා වැසියන් කෙරේ යොමු වීම සිදුවිය.




ඉන් නොනැවතුණු ඊශ‍්‍රායල් හමුදාව (IDF) විසින් ගාසා තීරයට සේවා සැපයුම් අවහිර කිරීමේ අරමුණින් ඇලෙප්පෝ සහ ඩැමස්කස් අගනුවර ගුවන් තොටුපළ දෙකට රොකට් ප‍්‍රහාරයන් එල්ල කළේය. මේ සම්බන්ධයෙන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් හර්සි හැලෙවි අවධාරණය කර සිටියේ, ”අපි ගුවන් තොටුපොල දෙක විනාශ කළා. ඊශ‍්‍රායල් ස්වෛරීත්වයට ප‍්‍රතිචාර දක්වන ලෙස අපි ඉරානයට සහ අසාද් රෙජිමයට අභියෝග කරන්නෙමු, මෙය පූර්වගාමී ක‍්‍රියාවක් පමණයි.” කියාය.
මෙකී කරුණු අනුව පැහැදිලි වන්නේ, ඊශ‍්‍රායලය තමන්ගේ ස්වෛරීභාවය වෙනුවෙන් පූර්ණ යුද්ධයකට සුදානමින් සිටින බවය. ඒ වෙනුවෙන් මේ මොහොතේ සියලූ හමාස් සටන්කාමීන් මහ පොළොවෙන් අතුගා සහමුලින්ම විනාශ කිරීම ඔවුන්ගේ එකම අරමුණ බවය. නමුත් එකී ඒකපාර්ශවීය යුධමය ප‍්‍රතිචාරය නිසා ගාසා තීරයේ ජීවත්වන සාමාන්‍ය වැසියන්ට විශේෂයෙන්ම ජනගහනයෙන් අඩක් පමණ වන දරුවන්ට අත්වන ඉරණම සම්බන්ධයෙන් බටහිර ලෝකයේ බලාධිකාරයට කිසිඳු සානුකම්පාවක් නොමැති බව දැන් දැන් පෙන්නුම් කරමින් සිටිති.
ගාසා තීරයේ අසරණභාවයට පත්ව දුක් විඳන මිලියන දෙකක් පමණ වූ මිනිසුන්ට අවශ්‍ය ඖෂධ, ආහාර, ජලය වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් කිරීම වෙනුවෙන් සටන් විරාමයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර සිටියේය. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වූ සටන් විරාම යෝජනාව ඇමරිකාව විසින් සිය නිෂේධ බලය භාවිත කර පරාජය කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණි.

එසේම ඊශ‍්‍රායලයේ සංචාරයක නිරත එක්සත් රාජධානියේ අග‍්‍රමාත්‍ය රිෂී සුනෙක් ටෙල් අවීව්හිදී ඊශ‍්‍රායල් අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවෙමින්, හමාස් සංවිධානය හඹායෑමට ඊශ‍්‍රායලයට ඇති අයිතියට එක්සත් රාජධානිය පූර්ණ සහාය දෙන ලබාදෙන බව සඵත කර ඇත. එසේම ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, ”අපට අවශ්‍ය ඔබේ ජයග‍්‍රහණය” කියාය.
ඊශ‍්‍රායලයේ යුධ උන්මාදයේ සහායට ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය එසේ ප‍්‍රකාශ නිකුත් කරමින් සිටිය දී රුසියාව මේ සම්බන්ධයෙන් දක්වන්නේ වෙනස් මතයකි. ඒ ඊශ‍්‍රායල-පලස්තීන ගැටුම දේශපාලන හා රාජ්‍ය තාන්ත‍්‍රික ක‍්‍රමවලින් මිස බලහත්කාරයෙන් විසඳිය නොහැකි බවය. ඒ නිසාම රුසියාව ගාසා වැසියන් වෙනුවෙන් වහාම සටන් විරාමයක් ඉල්ලා සිටියේය. ප‍්‍රචණ්ඩත්වය අත්හැරීම සහ මැද පෙරදිග තිරසාර සාමයක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ඇතිව සාකච්ඡා ක‍්‍රියාවලියක් ආරම්භ කළයුතු යැයි ද අවධාරණය කර සිටියේය.


ලෝක බලවතුන්ගේ පමණක් නොව ලිබියාව වැනි රටවල් ද යුධ උණුසුම තවතවත් තීව‍්‍ර කරමින් ප‍්‍රකාශ නිකුත් කිරිමට පෙළඹී සිටී. ”අපි ලිබියාවේ සිට ගාසා තීරයට ආයුධ ප‍්‍රවාහනය කිරීමට සූදානම්, දේශසීමා විවෘත කිරීමට අවස්ථාවක් උදා වුවහොත් ඒ සඳහා සම්බන්ධ වීමට හොඳින් පුහුණු වූ සටන්කාමීන් පිරිසක් අප සතුව ඇත.” යැයි නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ (HoR) සහ අරාබි පාර්ලිමේන්තුවේ ලිබියාවේ නියෝජිත හසන් බර්ග්හෝති අවධාරණය කර සිටියේය. ලෝක බලවතුන්ගේ සහ ඒ ඒ රටවල මේ මැදිහත්වීම් විසින් ලෝකයට කියා සිටින්නේ තවදුරටත් ගාසා තීරයේ පමණක් නොව ලොව විවිධ තැන්වල සාමාන්‍ය වැසියන් තව තවත් අසරණභාවයට, පීඩාවට හා මරණයට පත්වීමට සූදානම් විය යුතු බව නොවේද?
වසර 75කට අධික කාලයක් පුරා පලස්තීනය සම්බන්ධයෙන් ලෝක බලවතුන්ගේ විසඳුම ඔවුන්ගේ භූ-දේශපාලන වුවමනාව, ආර්ථික බලවන්තකම හා යුදමය සුරක්ෂිතභාවය පදනම් කොටගෙන සිදුවිය. නමුත් අද පැරණි බටහිර ලෝක බලවතුන්ගේ ආර්ථික දේශපාලන ශක්තිය ක‍්‍රමයෙන් හීන වෙමින් පවතින අතර ආසියානු කලාපය වටා බලය කේන්ද්‍රගත වෙමින් තිබෙන බව පැහැදිලිය. ඒ නිසාම මියැදෙමින් පවතින පැරණි ලෝක බලවන්තයන්ගේ උත්තර තවදුරටත් ලෝක සාමයේ පැවැත්ම රඳා නොපවතින ඇත. මන්ද බලය පිළිබ`ද ප‍්‍රශ්නයකට ඔවුන්ද මැදිව සිටින බැවිනි.





