The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

නිල ඇඳුම් නැති, වයස් භේද නැති 'ශ්‍රී ලංකාවේ පළමු අමුතු ඉස්කෝලයේ' නිර්මාතෘවරිය

T

The Leader Desk

October 24, 2023 • 9:23 AM

නිල ඇඳුම් නැති, වයස් භේද නැති 'ශ්‍රී ලංකාවේ පළමු අමුතු ඉස්කෝලයේ' නිර්මාතෘවරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු රට අතහැර වෙනත් සංවර්ධිත රටවල් කරා සංක්‍රමණයවීමට උත්සහ දරද්දී, ඇය එක්සත් රාජධානිය අතහැර ශ්‍රී ලංකාවට පැමිණියා ය.
  • එක්සත් රාජධානියේ රාජ්‍ය නිලධාරිනියක ලෙස සේවය කළ ඇය දැන් ව්‍යවසායිකාවකි, ගුරුවරියකි, චිත්‍ර ශිල්පිනියකි, කතුවරියකි, වෘත්තීය උපදේශිකාවකි.
  • ඒ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයෙහි වෙනසක් ඇති කරන 'ශ්‍රී ලංකාවේ පළමු විකල්ප පාසල' ආරම්භ කිරීම ය.
  • පාසල් ගොස් ලබන විධිමත් අධ්‍යාපනයට වඩා නිවසේ දී ලබන අධ්‍යාපනය වඩාත් වැදගත් බව ඇගේ අදහස යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු රට අතහැර වෙනත් සංවර්ධිත රටවල් කරා සංක්‍රමණයවීමට උත්සහ දරද්දී, ඇය එක්සත් රාජධානිය අතහැර ශ්‍රී ලංකාවට පැමිණියා ය.

එක්සත් රාජධානියේ රාජ්‍ය නිලධාරිනියක ලෙස සේවය කළ ඇය දැන් ව්‍යවසායිකාවකි, ගුරුවරියකි, චිත්‍ර ශිල්පිනියකි, කතුවරියකි, වෘත්තීය උපදේශිකාවකි.

ඇයට හීනයක් තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයෙහි වෙනසක් ඇති කරන 'ශ්‍රී ලංකාවේ පළමු විකල්ප පාසල' ආරම්භ කිරීම ය.

15896381 1202491499799108 6387952371343310587 o

යසෝදරා පථන්ජලී ගේ මුහුණු පොතෙනි

'පාසල් නොයා ඉගෙනගැනීම'

යසෝදරා පවසන පරිදි, ඇය පාසල් නොගොස් නිවසේ දී අධ්‍යාපනය ලැබූ කාන්තාවකි.

පාසල් ගොස් ලබන විධිමත් අධ්‍යාපනයට වඩා නිවසේ දී ලබන අධ්‍යාපනය වඩාත් වැදගත් බව ඇගේ අදහස යි.

2018 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි ඇය, පාසල් නොයවා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට ක්‍රියා කළා ය.

"ඉස්කෝලේ ගිහිල්ල දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. නමුත් දෙමාපියන්ට වුවමනාව තියෙනව නම්, හැකියාව තියෙනව නම් ඊට වඩා යමක් කරන්න, එතකොට පුළුවන් හොඳ ම පාසලට වඩා දෙයක් ළමයට ලබා දෙන්න. මම උසස් පෙළ වෙනකම් කිසි ම පාසලකට යන්නෙ නැතුව ගෙදර ඉඳලා අම්මාගේ උදව්වෙන් තමයි ඉගෙනගත්තේ. ඒ ක්‍රමය සාර්ථක ක්‍රමයක්. ඒ නිසා ඒ ක්‍රමය තමයි මගේ දරුවන් සම්බන්ධයෙනුත් අනුගමනය කරන්නේ," යසෝදරා බීබීසී සිංහල සේවයට පැවසීය.

ඇය ඇගේ දරුවන් පාසල් නොයවා නිවසේ දී ම ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙයි.

"මම ගුරුවරියක් සහ කාලය තියෙන අම්මා කෙනෙක් නිසා මගේ දරුවන්ට නිවසේ ඉඳගෙන උගන්වනවා. ඒත් ඒක කරන්න බැරි මව්පියන් ගොඩක් ඉන්නවා. ඒ නිසා පාසල් යැවීමකින් තොරව දරුවන්ට උගන්වන එක හැම කෙනෙකුට ම කරන්න අමාරු යි. ඒත් ගොඩක් අම්මලා කැමතියි මේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන ක්‍රමය වෙනුවට විකල්ප අධ්‍යාපන ක්‍රමයකින් දරුවන්ට උගන්වන්න. විකල්ප අධ්‍යාපන ක්‍රමය ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙනවා."

විකල්ප අධ්‍යාපන ක්‍රමය යනු කුමක් ද?

සාම්ප්‍රදායික සහ විකල්ප අධ්‍යාපන ක්‍රමවේදයන්හි පැහැදිලි වෙනසක් දක්නට ලැබේ.

සාම්ප්‍රදායික හෙවත් විධිමත් අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රි.පූ. 3000 පමණ ඈත අතීතයට දිවයයි. කෙසේ වෙතත්, අවිධිමත් අධ්‍යාපන ක්‍රමවේදය මිනිසා බිහිවූ දා සිට පවතින්නට ඇත.

විකල්ප අධ්‍යාපන ක්‍රමය යනු අවිධිමත් අධ්‍යාපනය සහ විධිමත් අධ්‍යාපනය මුසුවීමෙන් ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන ක්‍රමවේදයකි.

"මම විකල්ප අධ්‍යාපන ක්‍රමය කියලා සලකන්නේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය හෝ භාෂා භේද නොසලකා ව්‍යාපෘති පදනම් කරගෙන කරන අධ්‍යාපන ක්‍රමයකට. මගේ පාසලේ අධ්‍යාපන කටයුතු කෙරෙන්නේ ව්‍යාපෘති පදනම් කරගෙන. යම් ව්‍යාපෘතියක් කරගෙන යන ගමන් ඊට අදාළ සියලු ක්ෂේත්‍ර ගැන විද්‍යාත්මකව විස්තරාත්මකව ඉගැන්වීම තමයි මේ ක්‍රමයේ දී සිද්ධ වෙන්නේ. ඒ ක්‍රමයෙදි දරුවන් ඉතා කැමැත්තෙන් ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි පොතේ කටපාඩම් දැනුම වෙනුවට ඔවුන් ප්‍රායෝගික දැනුමක් ලබනවා," යසෝදරා පථන්ජලී පවසයි.

Screenshot 2023 10 24 at 14.37.40'ශ්‍රී ලංකාවේ පළමු විකල්ප පාසල'

යසෝදරා පථන්ජලී විසින් 2024 ජනවාරි 04 වන දා ආරම්භ කිරීමට නියමිත ICS (Independent Collective School) පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන්නේ ද ව්‍යාපෘති මත පදනම්ව ය.

එම පාසල ඇය ශ්‍රී ලංකාවේ පළමු විධිමත් ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී පාසල ලෙස හඳුන්වයි.

"මේ පාසලේ දී වයස, පන්ති, ස්ත්‍රී පුරුෂ වගේ දේවල්වලට බෙදන්නෙ නැහැ. හැමෝට ම හැම දෙයක් ම ඉගෙනගන්න පුළුවන් ව්‍යාපෘති හරහා."

මේ අතර, පාසලේ සිසු සිසුවියන්ට පිළිගත් විභාගවලට පෙනී සිටීමට ද අවස්ථාව ඇති අතර, ඒ සඳහා වයස් සීමාවක් ද නැතැ යි යශෝධරා පතන්ජලී පැවසීය.

"අවශ්‍ය අයට Cambridge, වගේ විභාගවලට පෙනී සිටින්නත් අවස්ථාව සලසලා තියෙනවා‍. ඒ වගේ ම ඒ විභාග ලියන වයසත් ශිෂ්‍යයන්ට සහ දෙමාපියන්ට තීරණය කරන්න පුළුවන්. කාටහරි අවශ්‍ය නම් නියමිත වයසට කලින් හෝ පසුව අදාළ විභාගවලට පෙනී සිටින්න, ඒකටත් අවස්ථාව තියෙනවා."

විශේෂතා

මෙම පාසල තුළින් දරුවන්ට විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙස ක්‍රීඩා පමණක් නොව වෘත්තියමය නිපුනතා ඉලක්කකර ගත් ක්‍රියාකාරකම් ද සිදු කෙරෙයි.

"මම හිතන්නෙ ශ්‍රී ලංකාවේ පාසල් අතරින් වැඩි ම විෂය බාහිර ක්‍රියාකාරකම් තියෙන්නේ අපේ පාසලේ. දරුවන්ට අවශ්‍ය සියලු විෂය බාහිර ක්‍රියාකාරකමක් ම වගේ මෙහේ තියෙනවා. උදාහරණයක් විදිහට සිනමා කර්මාන්තය ගැන උනන්දුවක් තියෙන දරුවන්ට පුළුවන් වයස අවුරුදු හතේ ඉඳලා සිනමා කලාව හදාරන්න. තවත් ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා."

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, විධිමත් නිල ඇඳුමක් නියමකර නොමැති වීම ය. සපත්තු පැළඳීම හෝ නිල ඇඳුමකින් සැරසී පාසලට පැමිණීම අනිවාර්ය නැත.

"අපි ළමයින්ට බල කරන්නෙ නෑ ගණිතය, විද්‍යාව ඉගෙනගන්න කියලා. කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් වෙනත් විෂයයන් ඉගෙන ගන්න කැමති, අපි ඒ දරුවන්ට අදාළ විෂය හරහා නිපුනත්වයක් ලබාගෙන වෘත්තියමය වශයෙන් විශිෂ්ටයන් කරන්න අවශ්‍ය මඟපෙන්වීම කරනවා," යසෝදරා සඳහන් කළා ය.

යුනිසෙෆ් මාර්ගෝපදේශ

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් පෙන්වා දෙන පරිදි ඉදිරි වසර කිහිපය තුළ දී සමාජයට වැඩදායී පුරවැසියන් බවට පත්වීම සඳහා දරුවන්ට අවශ්‍ය කුසලතා 12ක් තිබේ.

* නිර්මාණශීලීත්වය (Creativity)

* විවේචනාත්මක චින්තනය (Critical thinking)

* ගැටලු විසඳීම (Problem solving)

* සහයෝගීතාව (Cooperation)

* සාකච්ඡා කිරීම (Negotiation)

* තීරණ ගැනීම (Decision making)

* ස්වයං කළමනාකරණය (Self management)

* ඔරොත්තු දීමේ හැකියාව (Resilience)

* සන්නිවේදනය (Communication)

* විවිධත්වයට ගරු කිරීම (Respect for Diversity)

* සංවේදීත්වය (Empathy)

* සහභාගිත්වය (Participation)

(මූලාශ්‍රය: යුනිසෙෆ් - The 12 Transferable Skills)

ඇගේ පාසලේ අධ්‍යාපන ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන් තුළ ඉහත කී කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගෙන ඉගැන්වීම් කටයුතු සිදු කරන බව යශෝධරා පතන්ජලී පවසයි.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිල ඇඳුම් නැති, වයස් භේද නැති 'ශ්‍රී ලංකාවේ පළමු අමුතු ඉස්කෝලයේ' නිර්මාතෘවරිය | The Leader