The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

මරණාපර පනාපුත්‍ර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

October 29, 2023 • 5:32 AM

මරණාපර පනාපුත්‍ර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාට්‍යය වූයේ ශේක්ස්පියර්ගේ හැම්ලට් ය; එහි සිංහල අනුවාදයක් ය.
  • හැම්ලට් කුමරා කීවේ පෙර දා අවමගුලේ සංග්‍රහයට තිබූ මස් පාන් (meat pies) පසු දා සීතලට ම මගුල් උත්සවේට පිළිගැන් වූ බව (The funeral baked meats did coldly furnish forth the marriage tables). ගාමිණි හත්තොටුවේගම අවමගුල්වලදී හැදෙන ෆියුනරල් පයි (pie) යනු විශේෂිත මස් පාන් වර්ගයකි.
  • මේ කුඩා භාජනය මිනී පෙට්ටියක් ලෙස ද පෙනෙන නිසා එහි සංඛේතාත්මක බවක් ද ඇත.
  • එය වියලි ලෙස වචනාර්ථයෙන් පරිවර්තනය කළහොත් අර්ථය ඝාතනය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නාට්‍යය වූයේ ශේක්ස්පියර්ගේ හැම්ලට් ය; එහි සිංහල අනුවාදයක් ය. නිර්මාණශීලී අනුවාදය කරන ලද්දේ ප්‍රවීණ නාට්‍යවේදී ගාමිණි හත්තොටුවේගම ය. 

ඩෙන්මාර්කයේ හැම්ලට් කුමරා තම පියා වූ ඩෙන්මාර්කයේ රජුගේ අවමගුලට පසු දා ම තම බාප්පා වූ ක්ලෝඩියස් රජකම බලෙන් ඩැහැගත්තා පමණක් නොව එදා ම තම මව වූ  ගර්ට්රුඩ් ව තකහණියේ විවාහ කර ගැනුම ගැන දැඩි අප්‍රසාදය පළ කළේ එක්තරා සාහිත්‍යම ය ආකාරයකට ය. හැම්ලට් කුමරා කීවේ පෙර දා අවමගුලේ සංග්‍රහයට තිබූ මස් පාන් (meat pies) පසු දා සීතලට ම මගුල් උත්සවේට පිළිගැන් වූ බව (The funeral baked meats did coldly furnish forth the marriage tables). 

Gamini K. Haththotuwegamaගාමිණි හත්තොටුවේගම

අවමගුල්වලදී හැදෙන ෆියුනරල් පයි (pie) යනු විශේෂිත මස් පාන් වර්ගයකි. අත් ගහන ලද පාන් පිටි භාජනකයක හැඩයට සකසා, ඊට උඩින් පියනක් ද සාදන්නේ, එම කේසයට මස් දමා පියනින් වසා බේක් කිරිමට ය. පියනේ කුඩා කුරුසයක් අඳින්නේ බේක් කරන්නට පෙර ය. මේ කුඩා භාජනය මිනී පෙට්ටියක් ලෙස ද පෙනෙන නිසා එහි සංඛේතාත්මක බවක් ද ඇත. මෙවැනි බර සාර දෙබසක් සිංහලට නගන්නේ කෙසේ ද යී මා නාට්‍යයට යාමට පෙර සිතුවෙමි. එය වියලි ලෙස වචනාර්ථයෙන් පරිවර්තනය කළහොත් අර්ථය ඝාතනය වේ. හත්තොට්ටුවේගම කෙතරම් ප්‍රතිභා සම්පන්න කියා මට සිතුණේ සිංහල නාට්‍යය අනුවාදයේ එම දෙබස ඇසුණු විට ය : "මළබත රත් කරන්නේවත් නැතුව පහුව දා ම මගුල් මේසෙට ඇරියා."    

මගේ මේ පරණ මතකය ඇවිස්සුණේ මීට සති කිහිපයකට පෙර ජැක්සන් ඇන්තනී මහතාගේ මළගම පවත්වන කාලයේ සමාජයේ හා සමාජ මාධ්‍යයේ එක්තරා කොටසකගේ හැසිරීම නිරීක්ෂණය කරන විට ය.

ඇන්තනී මහතා බහුවිධ කුසලතා පෙන්නුම් කළ පුද්ගලයෙක් වූ අතර ඔහුගේ කේන්ද්‍රීය කුසලතාව හා විශේෂ ප්‍රාගුණ්‍යය වූයේ නළුකම හෙවත් රඟපෑම ය. ඔහුගේ මරණයෙන් අනතුරු ව මා සඳහන් කළ කොටස් ඇන්තනී නළුවෙක් ද ඔහු ඇත්තට ම හරි හැටි රඟ පෑවා ද වැනි ෆන්ඩමෙන්ටල සාකච්චා මහත් ජ්වලිතභාවයකින් කළ හ.

එම පිරිස් සමාජ මාධ්‍යාධිකරණයේ විනිශ්චය කළේ ඇන්තනී කළේ රංගනයක් නොව අධි රංගනයක් බව ය. 'ඕවර් ඇක්ටින් දඟලානා' නම් කුසලානය යට කී මාධ්‍යාධිකරණය විසින් ඇන්තනී ට ප්‍රදානය කළේ ය. ඇත්තට ම ඇන්තනී ඇදහු ක්‍රිස්තියානි ධර්මය අනුව එය කුසලානයක් නොව කටු ඔටුන්නකි.

tom h

ටොම් හෑන්ක්ස්

අධි රංගනය කළේ ඇන්තනී පමණක් ම නොවේ. එක්තරා කාලයක එය රංගන ශෛලියකි. හතලිස් පනස් ගණන්වල චිත්‍රපට වල රඟපෑම කෙරුණ සාමාන්‍ය ක්‍රමය එය ය. ඊට කීවේ රංගනය මිස අධි රංගනය කියා නොවේ. පසු කලෙක මෙය වෙනස් විය. එහෙත්, ඉන් පසුවත් ගාමිණි ෆොන්සේකා, හෙන්රි ජයසේන, දයා අල්විස් හා යම්තාක් දුරකට විමල් කුමාර් ද කොස්තා අධි රංගන ශෛලිය භාවිත කළ බව රහසක් නොවේ. ප්‍රකට හොලිවුඩ් නළුවෙකු වන බිල් මරේ ලොස්ට් ඉන් ට්‍රාන්ස්ලේෂන්, බ්‍රෝකන් ෆ්ලවර්ස් වැනි චිත්‍රපටවල විශේෂයෙන් හා සෙසු ඒවායේ ද අඩු වැඩි වශයෙන් අධි රංගනයක යෙදේ. ටොම් හෑන්ක්ස් වුව ද දැන් දැන් අධි රංගන ශෛලියට බර වන බව ඔහුගේ මෑතක කරන ලද 'එ මෑන් කෝල්ඩ් ඔටෝ'  චිත්‍රපටය බලන විට පෙනේ. සමහර විට මෙම ශෛලිය නිර්මාණය හෝ අදාළ අධ්‍යක්ෂකවරයා විසින් ඉල්ලා සිටින එකක් ද විය හැක. කෙසේ හෝ, මරණයෙන් පසුව අප මේ සා කරදර වෙමින් ඇන්තනීගේ රංගන විලාසය ගැන ඇගැයුම් කරන්නේ ඇයි ද යන්න විමසීම වටී. මෙසේ දිගට හරහට ඇගැයුම් කරන බොහෝ දෙනා, මා ද ඇතුළු ව, රංගනය ගැන දැණුමක් පුහුණුවක් ලද අය ද කියා අප අපෙන් ම ප්‍රශ්න කළ  යුතු ය.

සාමාන්‍යයෙන් කෙනෙකු මිය ගිය විට, විශේෂයෙන් සුවිශේෂී හෝ අසාමාන්‍ය හේතූන් මත, ඔහු හෝ ඇය යම් වෘත්තියකට අයත් වුවා නම්, උදාහරණයක ලෙස හමුදාවේ, මිය ගිය පුද්ගලයා දරණ  ලද තනතුරට වඩා උසස් තනතුරක් ප්‍රදානය කරයි. මෙවැනි තනතුරු හෝ උසස් වීම ප්‍රදානය කිරීම් ඉංග්‍රීසියෙන් සනිටුහන් කරන්නේ posthumously කියා ය. සිංහලෙන් මීට යෙදෙන පදය 'මරණාපර' ය. මරණින් පසු යන්න ඉන් ගම්‍ය වේ. උපාධි හෝ ආචාර්ය උපාධි වුව ද මෙලෙස 'මරණාපර ව' ප්‍රදානය කෙරේ. එහෙත් මා අසා ඇති ආකාරයට, මෙලෙස මරණාපර ව ප්‍රදානය කෙරෙන්නේ යම් උසස් වීමකි. එසේ නොවී, මිය පරලොව ගිය තැනැත්තාට තිබුණු උපාධිය හෝ ඩිප්ලෝමාව හෝ පදක්කම මරණින් පසු ගලවා ගැනීමක් ගැන මා අසා නැත. මිනිය වැළලු පසු වටිනා කණකර මිනියේ ඇත්නම්, මිනිය ගොඩ දමා, ඒවා ගලවා ගැනීම නම් කලකට පෙර අසා ඇත.  ඇන්තනීගේ 'මරණින් පසු' සිදු වූයේ මෙය ද කියා මට සිතේ.  

image f50cc8fb50        

ඇන්තනී මහතා කළ දේශපාලනය කුමක් ද කියා ප්‍රහේලිකාවක් නැත. එහෙත් 'මරණාපර ව', ඒ මහතාගේ මිනිය ගොඩගෙන එය කපා කොටා, එහි තිබු කණකර පදක්කම් හා පිත්තල බොත්තම් ගලවා ගන්නට උත්සාහ කළ සමාජ හා දේශපාලන කොටස කවුද ? ඇන්තනී මහතා ගැන මේ කොටසට ඇති ආරෝව හා අපුල ප්‍රධාන වශයෙන් හට ගන්නේ, එම මහතා 'රාජපක්ෂවරුන්ට කඩේ යාම' නිසා ය. රාජපක්ෂ, පොහොට්ටු හා බයි යන විවිධ නාමකරණයෙන් හැඳින්වෙන දේශපාලන ධාරාවට කැමති හා අකමැති අය වෙත්. කැමති වීම ද අකමැති වීම ද ප්‍රජාතාන්ත්‍රික නිදහසකි. කලාකාරයෙකුට දේශපාලනය අකැප නැත. එසේ ම ඒ කලාකාරයාට අහවල් පක්ෂයට පමණක් කඩේ යා යුතුයි කියා නීතියක් ද නොමැත. සෑම පක්ෂකට ම කඩේ යන කලාකරුවන් රොත්තක් ඇත. අප කඩේ යන පක්ෂයට කඩේ යන කලාකරුවා ඒ කඩේ යෑම නිසා ම උභය ජීවියෙකු නොවේ. එහි විලෝමය ද එසේ ම ය. ඇන්තනීගේ මළගම අප බොහෝ දෙනාට ජය මගුලක් ම විය. ඇන්තනීගේ මළබත අප බොහෝ දෙනා මගුල් මේසෙට ඇර සති ගානක් ම කෑවේ හැම්ලටයානු නිවිච්ච පයි (pie) මෙන් නොව පිළුණු වෙච්චි කොත්තු මෙන් ය.


Udan(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


Anida


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...