The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : බොරුවක් සේ පෙනෙන ඇත්තක්

T

The Leader Desk

October 29, 2023 • 10:25 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : බොරුවක් සේ පෙනෙන ඇත්තක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී ඕනෑම කෙනකුට ඉදිරිපත්ව විනාඩි පහක කාලයක් තුළ බොරුවක් ඉදිරිපත් කළ හැකිය.
  • මෙම තරගයේදී ජයග්‍රහණය ලැබූවන් කියූ බොරු අතරින් වඩාත්ම නිර්මාණාත්මක බොරුව ලෙස මට දැනෙන්නේ අයිරිෂ් ජාතිකයකු කියූවකි.
  • ඒ නිසා මම මේ තරගයෙන් ඉවත් වීමට තීරණය කළෙමි.'' බොරුකාරයන් අතර ඇත්ත කියන්නන්ට ඉඩක් නැත්තේ ඔහු කුමන ඇත්තක් කියුවද එය බොරුවක් සේ සැලකෙන බැවිනි.
  • කුඩා ළමයින් බොරු නොකියන බවට පිළිගැනීමක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එහිදී ඕනෑම කෙනකුට ඉදිරිපත්ව විනාඩි පහක කාලයක් තුළ බොරුවක් ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා කල් තියා සූදානම් කරගත් පිටපත් හෝ උපකාරක භාණ්ඩ භාවිත කිරීමද තහනම්ය. වඩාත් වැදගත් කාරණය වන්නේ වෘත්තීය වශයෙන් බොරු කීමේ යෙදෙන අයට මේ සඳහා ඉදිරිපත් වීමට අවසර නොදීමය. ඒ අනුව දේශපාලනඥයන්ට හා නීතිඥයන්ට මෙම තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව නැත.

මෙම තරගයේදී ජයග්‍රහණය ලැබූවන් කියූ බොරු අතරින් වඩාත්ම නිර්මාණාත්මක බොරුව ලෙස මට දැනෙන්නේ අයිරිෂ් ජාතිකයකු කියූවකි. ඒ මෙසේය.

''මා කිසිදාක බොරුවක් කියා නැත. මා දන්නා තරමින් මගේ පවුලේ කෙනකු හෝ සමීප ඥාතියකු ද බොරු කියා නැත. ඒ නිසා මම මේ තරගයෙන් ඉවත් වීමට තීරණය කළෙමි.''

lie762

බොරුකාරයන් අතර ඇත්ත කියන්නන්ට ඉඩක් නැත්තේ ඔහු කුමන ඇත්තක් කියුවද එය බොරුවක් සේ සැලකෙන බැවිනි.

කුඩා ළමයින් බොරු නොකියන බවට පිළිගැනීමක් ඇත. පාර්ලිමේන්තුව ගැන රචනයක් ලියූ ළමයකු එය ආරම්භ කර තිබුණේ මෙසේය.

''පාර්ලිමේන්තුව යනු බොරුවේ උපතය. ඒ නිසා රටක් පාලනය කිරීමට බොරුකාරයන්ද අවශ්‍ය බව පෙනී යයි.''

'පන්ච්' නමැති කවට සඟරාව මගින් කළ සමීක්ෂණයකට අනුව එකිනෙකාට බොරු කරගන්නන් අතර මුලටම පැමිණියේ අඹු-සැමියන්ය.

පසුව එය ගැන විග්‍රහයක යෙදුණු මනෝ වෛද්‍යවරයකු පැවසුවේ සාර්ථක විවාහ දිවියක පැවැත්ම උදෙසා බොරුවද යම් තරමකට අවශ්‍ය වන බවය.

මෙහිදී මට සිනා සැහැල්ලක් මතකයට එයි.

තම බිරිඳගේ අල්මාරිය රහසින් විවෘත කර බැලූ සැමියකුට එහි රහසිග‍ත තැනක සඟවා තිබූ මංජුසාවක් දක්නට ලැබුණි. එය විවෘත කර බැලූ ඔහු දුටුවේ කඩල ඇට පහක් සහ රුපියල් දස දහසක මුදලකි. ඉන් කුහුලට පත් ඔහු බිරිඳගෙන් ඒ ගැන විමසුවේය. වැඩි කලබලයක් නොපෙන්වූ බිරිඳ මෙසේ කීවාය.

''ආ.. මම ඔයාට බොරුවක් කිව්වම එක කඩල ඇටයක් මංජුසාවට දානවා. ඔය තියෙන්නෙ පහුගිය දවස් දෙක තුනේ දාපු කඩල ඇට.'' 

marriage lie

සැමියාටද සිනා පහළ විය.

''වෙන ගෑනු එක්ක බැලුවම ඔයා ඒ තරම් නරක නෑ... පහුගිය ටිකේ බොරු පහයිනෙ කියල තියෙන්නෙ.. එතකොට අර සල්ලි කොහෙන්ද?''

''ඒ පහුගිය මාස තුනේ මං කඩල විකුණල හොයපු සල්ලි. දැන් කඩල හරි ගණන්.''

බිරිඳ ආඩම්බරයෙන් පැවසුවාය.

බොරු කීම හෙවත් මුසාවාදය වරදකි. සියලු ආගම්වලද ඒ බව පෙන්වා දෙයි. එහෙත් මිනිස්සු බොරු කියති. 

බොරුව වරදක් බව දැන දැනම, වරද වසාගැනීමටද බොරු කියති. දඬුවමට බියෙන්ද බොරු කියති.

උසාවියේදීද බොරු කියන්නේ එහෙයිනි. බොරු සාක්කි දී අසුවුවහොත් හිරේ විලංගුවේය.

බොරු අතර ඇත්තක් සේ පෙනෙන නිර්මාණශීලී බොරු මෙන්ම, අතේ පැලවෙන හෝ අතේ පත්තුවෙන බොරුද වෙයි. 

බොරුවට ආයුෂ කොටය. එහෙත් බොරු ආරංචිවලට පියාපත් තිබේ.

බොරුවටත් හුරුව ඕනෑ යැයි පිරුළක්ද ඇත. කට ඇරියොත් බොරුවක් කියන්නෝද ලොව වෙති. බොරුවෙන් ජීවත් වන්නවුන් අතර විවිධ වර්ගයේ යාචකයෝද වෙති.

lies 3289
පච, බේගල්, කෙප්ප සහ කෙබර යනු බොරුව සඳහා යෙදෙන තවත් වචන දෙකකි. ගල් පැලෙන බොරු කියා, පොළොව පලාගෙන නිරයට වැටුණු බොරුකාරයන් ගැන ආගමික හා ජනකතාවලද සඳහන් වෙයි.

දැන් නම් එබඳු සිදුවීම් ගැන වාර්තා නොවන්නේ එම සිරිත දිගටම පැවතිණි නම් මහ පොළොවේ එක ගලක් හෝ පැලෙන්නට තැනක් ඉතිරි වන්නට ඉඩක් නොතිබූ බැවින් විය යුතුය. අනෙක් අතට, මහ පොළොවටද දැන් මනුසතුන්ගේ බොරු කිරියාවන් පත්තියම් ඇතුවාට සැක නැත. බොරු කර පච වූවන් අතර ඇමෙරිකාවේ ජනාධිපතිගේ සිට සිරි ලංකාවේ ජනාධිපතිවරු දක්වාම වන ලොකු ලොකු පොරවල් සිටිති.

බොරුකාරයන්ට කඩේ යන සහ අත්පොළසන් දෙන ජනතාව අතරද සිරි ලාංකිකයා ඉදිරියෙන්ම සිටී. ඔවුනට දැන් ඇත්තත් බොරුවත් අතර වෙනස වටහාගත නොහැකි තරමට 'ටැපලී' ගොසිනි.

මෑතකදී මියගිය සිරි ලාංකිකයෙක් ඔහු මෙලොවදී කියූ මුසාවාදයන් නිසා අපාගත විය. එහි ඉදිරිපස ගේට්ටුවක මෙසේ දැක්වුණි.

''සත්‍ය පවසන්නාට ලිහිල් දඬුවම් ලැබේ.''

මෙය දුටු සිරි ලාකිකයාද තම රටේ සැබෑ තත්ත්වය විස්තර කරන්නට විය.

මරබිය සමාජගත කිරීමේ මෙහෙයුමක් !
''එහෙ අපේ මිනිස්සු දැන් කන්නෙ බාගෙට. ඉන්නෙ කරුවලේ. යන්නෙ පයින්. අතේ සතේ නෑ. ඇත්තම කියනව නං මිනිස්සු දැන් ඉන්නෙ වීසා දෙනව නං අපායට වුණත් එන්න කැමැත්තෙන්.''

සියලු විස්තර අසා සිටි අපායේ නිලධාරියාට තද විය.

''ඔහොම කොහොමද ඕයි, රටක් ඉතුරු වෙන්නෙ. තමුසෙ බොරු නේද කියන්නෙ? තමුසෙ විපක්ෂෙ කෙනෙක්ද?''

සිරි ලාංකිකයා බරපතළ වැඩ සහිත අංශයට යැවුණි.

ඇත්තෙන්ම දැන් සිරි ලාංකිකයා පසුවන්නේ තමන්ගේ රට ගැන ඇත්ත කියුවත්, එය බොරුවකැයි අනුනට සිතෙන තරම් නරකාදී තත්ත්වයක නොවේ ද?

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...