The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

පිං පොං සහ පැන්ඩා රාජ්‍යතාන්ත්‍රිකත්වය - නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

T

The Leader Desk

November 11, 2023 • 5:56 AM

 පිං පොං සහ පැන්ඩා රාජ්‍යතාන්ත්‍රිකත්වය  - නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දී පානයේ නගෝයා හි පැවැති ලෝක මේසපන්දු තරඟාවලියේ දී ඇමරිකානු මේස පන්දු ක්‍රීඩිකා ග්ලේන් කොවුන් (Glenn cowan) හා තෙවරක් ලෝක ශූරතාවය දිනා ගත් චීන ක්‍රීඩික සුන් සේතුං (Zhuang Zedong ) අතර ඇති වූ මිතුදමත් සමඟ මෙම සබඳතා ආරම්භ විය.
  • දී ආරම්භ වූ කොරියානු යුද්ධය හේතුවෙන් චීන ඇමරිකා සබදතා දැඩි ලෙස පිරිහී තිබිණි.
  • විනාඩි 15 ක ස් ගමන දෙරටේ රාජත්‍රාන්තික සබඳතාවල ආරම්භය විය.
  • දී කියුබාවේ පැවැති ලෝක මේස පන්දු තරඟාවලියට කොරියානු රාජ්‍යයන්දෙක ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමද මෙම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල දිගුවක් ලෙස සැලකිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

සුළු සිදුවීමකි.

1971 දී පානයේ නගෝයා හි පැවැති ලෝක මේසපන්දු තරඟාවලියේ දී ඇමරිකානු මේස පන්දු ක්‍රීඩිකා  ග්ලේන් කොවුන්  (Glenn cowan) හා තෙවරක් ලෝක  ශූරතාවය දිනා ගත් චීන ක්‍රීඩික සුන් සේතුං (Zhuang Zedong ) අතර ඇති වූ මිතුදමත් සමඟ මෙම සබඳතා ආරම්භ විය.

ග්ලේන්  හට තමා ගේ කණ්ඩායමේ බස් රථය මගහැරී තිබූ අතර  ඇය වැරදීමකින් චීන ක්‍රීඩකයන් සිටි බස් රථයට ගොඩ වී තිබුණි. වැරදීමෙන් බස් රථයට ගොඩ වූ ග්ලේන් හට  චීන ක්‍රීඩක සුන් මිත්‍රත්වයේ දෑත් දිගුකොට ඔහුට සිල්ක් තිරයේ නිර්මිත හුන්ෂාන්  කඳු වැටියේ චිත්‍රයක් තෑග්ග කර තිබුණි

00935b537b8a46bb81b2fbc0e12d8248මහජන චීන සමූහාණ්ඩුව බිහි වීමෙන් පසු එක්දහස් නවසිය පනස් දෙකෙන් පසු චීනයට ඔලිම්පික් උළෙලට සහභාගි වීමට නොහැකි වූයේ ලෝක ඔලිම්පික් කමිටුව චීනය ලෙස  අවශ්‍ය නිල පිළිගැනීම  තායිවානයට ලබාදී තිබුණු බැවිනි.  1950 දී ආරම්භ වූ කොරියානු යුද්ධය හේතුවෙන් චීන ඇමරිකා සබදතා දැඩි ලෙස පිරිහී තිබිණි.

 විනාඩි 15 ක ස් ගමන දෙරටේ රාජත්‍රාන්තික සබඳතාවල ආරම්භය විය. මාධ්‍යවේදීන් ගලෙන්  ගෙන්  ඇසූ සමහර ප්‍රශ්න වලට ඔහුට උත්තර දීමට නොහැකි වූයේ දෙරට අතර තිබූ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුව හේතුවෙනි එහෙත් මෙය ඉතා හොඳ ආරම්භයක් විය.

1990 දී කියුබාවේ පැවැති ලෝක මේස පන්දු තරඟාවලියට කොරියානු   රාජ්‍යයන්දෙක ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත්  කිරීමද මෙම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල දිගුවක් ලෙස සැලකිය හැකිය.

maxresdefault
චීන   රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් ලෙස විදේශීය සත්වෝද්‍යාන වලට  පැන්ඩාවන්  ලබාදීම  panda  diplomacy යනුවෙන් ද හඳුන්වනු ලබයි. 1941 දී චීන විප්ලවය ටත් පෙර ඇරඹි මෙම  පැන්ඩාවන් ලබාදීම 1984 වසරේදී   චීන නායක ඩෙන් ශියාඕ පිං විසින් පැන්ඩාවන් ගේ අයිතිය වෙනුවට දීර්ඝකාලීන බදු පදනම කට ලබාදීම ආරම්භ කළේය.

   1972 දී ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් චීනයට ගොස් චීන නායක  මාවෝසේතුං හා සාකච්ඡා කිරීම සංකේතවත් කිරීමට පැන්ඩාවන් දෙදෙනකු සහ maskox වර්ගයේ සතුන් දෙදෙනෙකු හුවමාරු කරගත්තේය.

   1984 දී චීනය දීර්ඝකාලීන බදු පදනම ආරම්භ කිරීමෙන් පසු  ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලට පැන්ඩාවෙකු ලබාදුන්නේ මාසිකව ඩොලර් 50,000ක මුදලටය. 1991 සිට චීනය පැන්ඩාවන් ලබාදෙන්නේ වාර්ෂිකව ඩොලර් මිලියනයක මුදලටය. එම පැන්ඩාවන් ට දාව උපදින පැටවුන් ද චීන මහජන සමූහාණ්ඩුව සතු දේපලකි.

පසුගිය සතියෙ ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට ලක් වූයේ  ඇමරිකාවේ වොෂින්ටන් හි smithsonian සත්වෝද්‍යානයේ සිටි පැන්ඩාවන් තිදෙනෙකු ඇමෙරිකාවෙන් නැවත චීනයට ගෙන යෑමයි. ඇමරිකා එක්සත් ජනපදයේ සිටින අවසාන පැන්ඩා ඇට්ලන්ටා  සත්වඋද්‍යානයෙන් 2024 දී චීනයට යැවීමට නියමිතය. ඉන්පසු උතුරු ඇමරිකානු මහද්වීපයේම  පැන්ඩාවකු   ඉතිරිවන්නේ මෙක්සිකානු සත්වෝද්‍යානයේ පමණි.

Panda 2023.11.11ඇමරිකානු සත්වෝද්‍යාන වලින් ඉල්ලුමක් තිබියදීත් මෙම පැන්ඩාවන් නැවත චීනයට ගෙන යාමෙන් පිළිබිඹු වන්නේ දෙරට අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවයි. ඇමරිකාවේ බොහෝ ආයතන වල රාජ්‍ය සේවකයන්ට  චීන  සමාජ මාධ්‍යයක් වූ ටික් ටෝක්  භාවිතය මෑතදී තහනම් වූ අතර  මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සේවකයන්ට ඇපල්  ජංගම දුරකථන භාවිතය තහනම් වූයේ ද දෙරට අතර පවත්නා වෙළඳ යුද්ධයේම   ප්‍රතිඵලයක් හැටියටය.

චීනය ඉතා මෑත දී තම මිතුරකු වන රුසියාවේ  මොස්කව් සත්වෝද්‍යානයට  පැන්ඩාවන් දෙදෙනකු ලබාදුන් අතර බෙල්ජියම ,පින්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවලට පැන්ඩාවන් ලබාදීමට ක්‍රියා කලේද  මෑතදීය. මේ වන විට රටවල් 21ක සහ උද්‍යාන 27කට  චීනය විසින් පැන්ඩාවන් ලබා දී ඇත.

Rasanga
සටහන :
නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...