The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

ක්‍රිකට් ආගමක් වුණු රටක් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 12, 2023 • 7:11 AM

ක්‍රිකට් ආගමක් වුණු රටක් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ආගම පදනම් වන දෘෂ්ටිය කුමක්ද?
  • එනම් “ශ්‍රී ලංකාව” නමැති ජාතික දෘෂ්ටිය මෙහිදී ක්‍රියාත්මක වන බව පෙනේ.
  • ඒ අනුව ගත් කල මිනිසුන් ජාති වශයෙන් බෙදීම සහ ඒවා උස් පහත් කර සැලකීම ක්‍රිකට් ආගමේ මූලික ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය.
  • නමුත් මා හිතන්නේ එම ජාති(ක)වාදය යටින් ලංකාවේ ක්‍රිකට් ලබ්ධිකයන් මෙහෙයවන තවත් ප්‍රබල දෘෂ්ටියක් තිබෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ආගම පදනම් වන දෘෂ්ටිය කුමක්ද? එහි ඇදහිල්ල කුමනාකාර ද?


බැලූ බැල්මට එම ආගම පදනම්වන්නේ ජාති(ක)වාද දෘෂ්ටිය මතය. එම ලබ්ධිකයන් සිය ආවේගය පිට කරන්නේ “රට” ගැන කියමිනි. එනම් “ශ්‍රී ලංකාව” නමැති ජාතික දෘෂ්ටිය මෙහිදී ක්‍රියාත්මක වන බව පෙනේ. එමෙන්ම “ශ්‍රී ලංකාව” අන්‍ය ජාතික රටවල් පරාජය කර ජයගත යුතුය යන්න එහි දෘෂ්ටිවාදයයි. මෙම ජාති(ක)වාදය බිග්මැච් කාලයේදී පාසල් ජාති අතර නිෂ්පාදනය වේ. අල්ලපු ගම් දෙකේ කණ්ඩායම් අතරද නිෂ්පාදනය වේ. එක පාසලේ පන්ති දෙකක් අතරත් නිර්මාණය වේ. ඒ අනුව ගත් කල මිනිසුන් ජාති වශයෙන් බෙදීම සහ ඒවා උස් පහත් කර සැලකීම ක්‍රිකට් ආගමේ මූලික ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය.

නමුත් මා හිතන්නේ එම ජාති(ක)වාදය යටින් ලංකාවේ ක්‍රිකට් ලබ්ධිකයන් මෙහෙයවන තවත් ප්‍රබල දෘෂ්ටියක් තිබෙන බවයි. එය නොදියුණු මිනිස් සන්තානයේ පවතින බියකි. ආගමක් නිර්මාණය වීමට අත්‍යවශ්‍ය වන්නේ එවැනි බියකි. උදාහරණයක් ලෙස "මරණයෙන් මතු කුමක් වේවිද?" යන බිය මත ලෝකයේ බොහෝ ආගම් නිර්මාණය වී තිබේ.

 

ලකේ ක්‍රිකට් ලබ්ධිකයන් සිය නාමික කණ්ඩායම පරාජය වීමට වැඩිපුරම අකමැති වන්නේ ඉන්දියාවේ නාමික කණ්ඩායමටය. ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායමකට පරාජය වීම ඔවුන්ට ඒ තරම් ආවේගයක් උපදවන්නේ නැත. එයට මූලික හේතුව වන්නේ ලකේ ක්‍රිකට් ලබ්ධිකයා තුළ ඉන්දියාව කෙරෙහි පවතින දැඩි බියයි. මධ්‍යම අප්‍රිකාවේ නොදියුණු වානරයාට තිබුණු ලොකුම බියක් වන්නේ අසල්වැසි වානර රංචුව විසින් තමන්ට පහර දී මරා දමාවිය යන සැකය සහ බියයි. මහා විශාල ඉන්දියාව පාමුල සිටින ලකේ වැසියන් තුළ එම සැකය සහ බිය නිරන්තයෙන් පවතී. දෙරට අතර ක්‍රිකට් තරගයක් පැමිණි විට එම බිය වහාම ඉස්මතු වේ. ඉන්දියානු කණ්ඩායම විසින් ලංකාවේ කණ්ඩායම පරාජයට පත් කිරීම ඔවුන්ට දැනෙන්නේ අර ඉපැරණි වානර රංචුවක ඉන්නා නොදියුණු වානරයෙකුට දැනෙන්නාක් මෙනි. එම ප්‍රාථමික බිය පැහැදිලිව පෙන්වන අය වන්නේ විමල් වීරවංශ සහ ඔහුගේ රංචුවයි.

තමාගේ රටේ සිට ඈතට යත්ම එම බිය ක්‍රමයෙන් අඩුවේ. ඉන්දියාවට වඩා අඩුවෙන් බංගලාදේශයට බියය. බංගලාදේශයට වඩා අඩුවෙන් පකිස්ථානයට බියය. පකිස්ථානයට වඩා අඩුවෙන් ඇෆ්ගනිස්ථානයට බියය. අප්‍රිකානු රටක කණ්ඩායමකට පරාජය වූවාට ඒ තරම් බියක් නැත. ඉතා ඈතින් පිහිටි එංගලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට හෝ පරාජය වීම ඇතැම් ලබ්ධිකයන්ට අනුව “නම්බුවකි”. ඒ අනුව අපට පැහැදිලි වන්නේ ක්‍රිකට් ආගම පදනම් වන්නේ survival අවශ්‍යතාවය මත බවයි. එනම් එය නැවත කැරකී එන්නේ ආත්මීය “පැවැත්ම” පිළිබඳ අදහසටයි. ඒ අනුව ලංකාවේ ක්‍රිකට් ආගම “ආත්මවාදී” ඉගැන්වීමකි. අමු මිත්‍යාදෘෂ්ටික විශ්වාසයකි. 

General view during day one of the TATA Indian Premier League Player Auction held at the ITC Gardenia hotel in Bengaluru on the 12th February 2022Photo by Arjun Singh / Sportzpics for IPL
මෙහි උත්ප්‍රාසය වන්නේ ක්‍රිකට් සෙල්ලක්කාරයන් එසේ සිය "රට ජාතිය" වෙනුවෙන් සටන් නොකිරීමයි. "අපි සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන්" යැයි කීම මුසාවකි. එහෙනම් ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරනවා යැයි කියන බොහෝ සෙල්ලක්කාරයන් ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉන්දියානු මුදලට තමාව වෙන්දේසි කර විකුණා දැමුවේ ඇයි? සනත් ජයසූරිය පමණක් නොව මුත්තයියා මුරලිදරන් පවා එසේ ඉන්දියාවට විකුණුනු සෙල්ලක්කාරයන් ය. දැන් එතන තියෙනවද ඇත්තටම ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කිරීමක්? වයස පැනලා නොහිටියා නම් අර්ජුන සහ අරවින්ද වුණත් IPL ගහනවා. බැරි නිසා බොරුවට රට ගැන කියනවා. ඕනම ක්‍රිකට් සෙල්ලක්කාරයෙක් තමන්ට ලැබෙන වැඩිම පඬුරු ගාණට විකිණෙනවා. හරියට ඔය අනෙක් ආගම්වල ඉන්න දෙවියන් වගේ.

ක්‍රිකට් ආගම තුළත් දේව මණ්ඩල තිබෙන බව අපට පෙනෙනවා. ක්‍රිකට් සෙල්ලකාකාරයන් තමයි යටින්ම ඉන්නේ. ඔවුන්ව පාලනය කරන SLC අධිකාරිය ඊළඟ දේව මණ්ඩලය. ඒ සියලු දේව මණ්ඩල පාලනය කරන මහා දේව මණ්ඩලය ICC එක. මේක හැදිලා තියෙන්නේ හින්දු ආගමේ එන දේව සංකල්පය වගේ. ලබ්ධිකයන් සමග සම්බන්ධ වෙන පොඩි පොඩි දෙවිවරු ඉන්නවා. උඩම ඉන්නවා ශිව බ්‍රහ්ම වගේ ලොකු දෙවියන්. ග්‍රීක දේව මණ්ඩලත් මේකට සමානයි. එක් එක් ලබ්ධිකයන් එක් එක් දෙවියන් අදහනවා. සමහරු ශුද්ධ වූ සංගක්කාරට වඳිනවා. සමහරු ශුද්ධ වූ වාස්ට වඳිනවා. සමහරු ශුද්ධ වූ මැතිව්ස්ට වඳිනවා. පින්තූර එල්ලගෙන වඳිනවා. දර්ශන් දැකලා වඳිනවා. පඬුරු දීලා වඳිනවා. තාප්පවල චිත්‍ර අඳිනවා. ෆේස්බුක් එකේ ස්ත්‍රෝත ලියනවා. දෙවියන්ට කන්නලව් කරනවා. සමහර දෙවියන්ගේ නම්වලින් සජිත් ප්‍රේමදාස ගම්මාන පවා හදලා පුදනවා. මේක නියම ආගමක්!

ඒ දෙවිවරු මේ සියල්ලෙන්ම ෆුල් දේව ආතල් එකක් ගන්නවා. දේව සළුපිළි අඳිනවා. දේව මන්දිරවල වැජඹෙනවා. දේව වාහනවල එහෙමෙහෙ යනවා. කන්‍යාවියන් සමග දේව සභාවල නටනවා. ගයනවා. රඟනවා. ලබ්ධිකයන් පූජා කරන පඬුරුවලින් ඔවුන් “සුර” සැප විඳිනවා. ඒවා බලන ලබ්ධිකයන් ඒ පින් අනුමෝදන් වෙනවා. දෙවියෙක් පරදින කොට ලබ්ධිකයන් දුක් වෙනවා. සමහරු බනිනවා. බැනලා වෙන දෙවියෙක් ළඟට යනවා. දේවාලය මාරු කරනවා.

105130812
ක්‍රිකට් ආගමේ සෙල්ලක්කාර දෙවිවරු සහ ඔවුන්ගේ ලබ්ධික අදහන්නන් සම්බන්ධ කරන කපුවන් සිටී. ළහිරු මුදලිගේ, රංගන ද සිල්වා, චතුර අල්විස්, අසාම් අමීන් වැනි ජනප්‍රිය කපුවන් වගේම. දෙවිවරු සහ ලොකු කොම්පැණි අතර කොන්ත්‍රාත්තු ඩීල් දාලා දෙන වෙනම නිලමේ ලෙවල් එකේ කපුවන් පිරිසක්ද සිටී. ක්‍රිකට් ආගම පදනම් කරගෙන රාමායණය වැනි පතරංග කොමඩි ලියන එදිරිමුණි වැනි රචකයන්ද සිටී. මේක ඇත්තටම සම්පූර්ණ ආගමක්.

ක්‍රිකට් ආගමේ සෙල්ලක්කාර දෙවිවරු වරින් වර අප ඉදිරියේ ප්‍රාදුර්භූත වෙලා ඇඩ් දානවා. අප කෑ යුතු ආහාර වර්ග, පී යුතු පාන වර්ග, ඇඳිය යුතු ඇඳුම් වර්ග, ගෑ යුතු ක්‍රීම් වර්ග, ගත යුතු රක්ෂණ වර්ග වැනි අපගේ ජීවිත ගෙවිය යුතු ආකාරය ගැන අපට වටිනා අවවාද අනුශාසනා කරනවා. ඒවා අහන ලබ්ධිකයන් ඒවා අකුරට පිළිපදිනවා. සමහර දෙවිවරු ඉඳලා හිටලා ලබ්ධිකයන්ට වර දෙනවා. කන්‍යාවන්ට දරුඵල පවා ලබා දෙනවා! දේව හාස්කම් ඒවා…

ක්‍රිකට් සෙල්ලම ආගමක් කරගත් මිනිසුන් ඉන්න රටක් මේක. දැන් වහාම ඒ ආගමට ආණ්ඩුව ඇඟිලි ගැසීම නවත්වනු කියා ඔලිම්පස් කන්දේ ඉහළම දේව සභාවෙන් විශාල දේව ආඥාවක් දී තිබේ. එසේ කරන තුරු ලකේ පරිදේව ක්‍රිකට් සෙල්ලක්කරයන්ට ලෝකයේ විශාලතම ක්‍රිකට් දේවාල භූමි තහනම් කර තිබේ. ලකේ ක්‍රිකට් ආගමේ ලබ්ධිකයන් තුෂ්නිම්භූත වී බය භිරාන්ත වී තිබේ. මේවා සුර අසුර යුද්ධයටත් වඩා විනෝදජනක වේ. 


ධර්මය අපට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
eranda.ginige@gmail.com

2023 නොවැම්බර් 11 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිකට් ආගමක් වුණු රටක් - (එරන්ද ගිනිගේ) | The Leader