The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : පන්දම් පෙළ-පාලි

T

The Leader Desk

November 12, 2023 • 9:24 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : පන්දම් පෙළ-පාලි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුලි බිල කෙසේ වෙතත්, පන්දම් ඇල්ලීම නැතහොත් දැල්වීම අපට අලුත් දෙයක් නොවේ.
  • අතවැසියා, ආවතේවකාරයා යන තේරුම්ද එහි ඇත.
  • පන්දම් පාලිය නටන විට කියන කවිද රසවත්ය.
  • අන්දම බලා සක්වල මම ගොසින්නේ රන්දම ලෙසට පන්දන් දෙක අතින්නේ රන්ගිරි පර්වතෙන් මෙරඟට වරෙන්නේ පන්දම් පාලියට මහසෙන් වරෙන්නේ ශාන්ති කර්මවලදී පවා පන්දම අවශ්‍ය වූයේ මිනිසාට සෙත සැලසීමටය.
අකුරු ප්‍රමාණය (Font Size):


විදුලි බිල කෙසේ වෙතත්, පන්දම් ඇල්ලීම නැතහොත් දැල්වීම අපට අලුත් දෙයක් නොවේ. ශබ්ද කෝෂවල කියැවෙන විදිහට පන්දම් යනු ලී කැබැල්ලක රෙදි පාන්කඩ ඔතා, තෙල් පොඟවා ආලෝකය ලබා ගැනීම සඳහා පත්තු කරන හුළකි.

පෙරහරේදී පන්දම් ගෙන යන්නා පන්දම් කාරයාය. තොවිල්පවිල්වලදී පන්දම් අල්ලන්නා පන්දමාය. මේ හැරුණු විට දේශපාලනයේදී මෙන්ම සමාජයේ විවිධ තැන්වලද පන්දම්කාරයෝ වෙති. ඔවුන් කරන්නේ කිසියම් පක්ෂයකට හෝ පුද්ගලයකුට හෝ උදව් කරමින්, තමන්ට වාසියක් ලබා ගැනීමය. කන්තෝරු හා නොයෙක් වැඩපළවලද පන්දමාලා සිටිති. ඔවුන් පන්දම අල්ලන්නෙ බොසාට හෙවත් ලොක්කාටය.

පුරාණ සිරිත අනුව, පෙරහරවලදී පන්දම් ගෙනයන පුද්ගලයාගේ ජීවිකාව සඳහා රජුගෙන් ඉඩමක් ලැබුණි. එය හැඳින්වුණේ ''පන්දන් අල්ලන පංගුව'' නමිනි. වර්තමානයේද පෙරහරේ නොයා ලොක්කන්ට පන්දම් අල්ලන්නන්ට, විවිධාකාර පංගු ලැබේ. ඒවා ලබා ගැනීමට, නොයෙකුත් වංගු ගැසීමටද පන්දමුන්ට සිදුවේ.


පන්දම මුදුනේ ගිනි දැල්වීමට යොදන රෙදි කඩමාලු හෝ කෙඳි ගුලි හැඳින්වෙන්නේ ''පන්දන් උණ්ඩි'' නමිනි. ඉහත කී ආකාරයේ පෙරහරේ නොගෙනියන පන්දම්වල සුලබ උණ්ඩිය වන්නේ කේළම්ය. පන්දම්කාරයාත්, කේළම්කාරයාත් අතර වැඩි වෙනසක් නැත.

දේශපාලනඥයන්ගේ හෙංචයියලාටද පන්දම්කාරයා යන යෙදුම ගැළපෙයි. පුරාණයේදී ලොක්කන්ට තල් අතු ඇල්ලූ සොක්කන්ට කීවේ ''හෙංචා''ය. අතවැසියා, ආවතේවකාරයා යන තේරුම්ද එහි ඇත. හෙංචයියලා, ලොක්කා කී කී දේ ඉටු කරයි.

130422150842 jvp electricity demo 624x351 jvp nocredit

දේශපාලන හෙංචයියලා, අනුගාමිකයන් නැත්නම් ''සපෝටර්ලා'' යනුවෙන්ද හැඳින්විය හැකිය. මේ දිනවල කෙරෙන පන්දම් විරෝධතාවලද ''හෙංචයියලා'' අඩු වැඩි වශයෙන් දැකගත හැකිය.

ශාන්තිකර්මවලදී ද පන්දම අත්‍යවශ්‍ය භාණ්ඩයකි. පන්දම් පාලිය ද, සන්නි යකුන් රඟමඬලට කැඳවීම සඳහා කෙරෙන නැටුමකි. දෙපැත්ත දැල්වෙන දෙකොන විලක්කුවද, මහ සොහොන් සමයම නැටීමට යොදාගැනේ. මේ සියලු ''පන්දම් යෙදුම්'' ජන වහරේදී වෙනත් අර්ථයන් දැනවීම සඳහා භාවිතා කෙරේ.

පන්දම් පාලිය නටන විට කියන කවිද රසවත්ය. මේ ඉන් එකකි.

250px Devi Picඅන්දම බලා සක්වල මම ගොසින්නේ
රන්දම ලෙසට පන්දන් දෙක අතින්නේ
රන්ගිරි පර්වතෙන් මෙරඟට වරෙන්නේ
පන්දම් පාලියට මහසෙන් වරෙන්නේ

 

ශාන්ති කර්මවලදී පවා පන්දම අවශ්‍ය වූයේ මිනිසාට සෙත සැලසීමටය. ඒ අනුව බලන කළ, ජනතාවට සහන ඉල්ලීමේ ''තොවිලයන්''හිදී ද පන්දම යොදාගැනීමේ වරදක් නැත. එහෙත් එය හනුමන් අතට නොදීමට වග බලාගත යුතුය. එවිට එය දෙකොන විලක්කුවක් වී, රටම ගිනි ඇවිලීමට හේතුවිය හැකි බැවිනි.

දැන් කාගේත් ගෙදර දොර පමණක් නොව ගමන් මල්ලේ පවා තිබෙන්නේ ''ටෝච් එක'' නොහොත් විදුලි පන්දමය. පෙන් ටෝච් නමැති කුඩා බැටරි යොදන, කමිස සාක්කුවේ පවා ගෙන යා හැකි ඒවා මෙන්ම, බැටන් පොලු මෙන් දිග කෑලි හයේ හතේ, විදුලි පන්දම්ද වෙළෙඳපොළේ ඇත.

1898 දී විදුලි පන්දමට පේටන්ට් බලපත්‍රය ගත් බ්‍රිතාන්‍ය අමෙරිකානුවකු වූ ඩේවිඩ් මිසෙල් ජංගම දුරකථනය ගැන දැන සිටියේ නැත. අද ක්‍රීඩා තරගවලදී සුවිසල් ප්‍රේක්ෂකාගාර තුළ දැල්වෙන දහස් සංඛ්‍යාත ''හෑන්ඩ්ෆෝන් ටෝච් එළි'' අලංකාර ආලෝක සංදර්ශනයකි.

Screenshot 2023 11 12 at 14.48.18
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිරි ලංකාව හා වෙනත් රටක් අතර පැවැත්වෙන තරගයක් නැරුඹීමට පිය-පුතු දෙපළක් ගියහ. සිරි ලංකා පිල පන්දුවට පහර දෙන අවස්ථාවක ප්‍රේක්ෂකයෝ ජංගම දුරකථන ටෝච් එළි දල්වා දෙපසට වනන්නට ගත්හ. කුඩා දරුවාද, තම පියාගේ දුරකථනය ගෙන ඊට එක්වීමට සැරසුණි. පියා ඊට එරෙහි විය.

''එපා පුතේ... ඕකෙ බැට්රි ලෝ වෙයි.''

''පිස්සුද තාත්තේ, මේ ගොල්ලො ඊට කලින් අවුට් වෙනවා...''

දැන් කුඩා දරුවෝ පවා සිරි ලංකා පිලේ ''බැට්-රි පවර්'' එක ගැන දනිති.

හේන් ගොවිතැන් කරන ගැමියන්ටද විදුලි පන්දම ඉතා ප්‍රයෝජනවත්ය. වනජීවී පර් යේෂණයක නියුතු පුද්ගලයෙක්, හේන් ගොවියකු සමඟ හේනට යමින් සිටියේය. අතරමගදී පර් යේෂණකයා මෙසේ ඇසීය.

Spot DE TC MAR 4724

''දැන් වලහෙක්හෙම පාරට ආවොත්, උගෙන් බේරෙන්න ටෝච් එක ප්‍රයෝජනවත් වෙනවද?''


''ඒක තීරණය වෙන්නෙ, ටෝච් එකත් අතේ තියාන, කොච්චර වේගෙන් දුවන්න පුළුවන්ද කියන එක උඩයි.'' ගොවියා උපහාසයෙන් කීය.

ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය සමඟ කෙරෙන යුද්ධයේ කෙළවරක් නැත. ඊශ්‍රායලය ගාසා තීරයට දහස් ගණනින් බෝම්බ හෙළයි. ඒ නිසා බොහෝවිට ගාසා තීරය අඳුරේය. ඔවුන්ගේ රෝහල්වල, කුඩා සැත්කම් සඳහා විදුලි පන්දම් පවා යොදාගැනීමට සිදුව ඇති බැව් කියැවේ.

අලුත් විලාසිතාවට, බඩ පෙදෙස පෙනෙන සේ හැඳ පැළඳි, රෑමත් තරුණියක නගරයේ ගමන් කරමින් සිටියේය. ඇයට සරදමක් කරන්නට සිතූ තරුණයෙක් මෙසේ කීය.

''නංගි... ගාසා තීරය එළියෙ.''
තරුණිය කෝප වූවාය.

''ඇයි තමුසෙට ඊශ්‍රායලේ වෙන්න හිතුනද?''
''අනේ නෑ නංගි... මං කවදත් ''සුදු-හමාස්''ලට හරි කැමැතියි.''

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : පන්දම් පෙළ-පාලි | The Leader