The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අශ්වයාට පෙර කරත්තය ඉදිරියට දැමීම - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

November 14, 2023 • 8:31 AM

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අශ්වයාට පෙර කරත්තය ඉදිරියට දැමීම - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රියාවලියක් ආරම්භ කිරීමට තමා විසින්ම භාරගෙන ඇති අතර, ඒ සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කර ඇත.
  • ඔහු එම පියවර ගෙන ඇත්තේ විරුද්ධ පක්ෂ හෝ සිවිල් සමාජය සමඟ සාකච්ඡා කර නොවන බව පෙනේ.
  • නීතිවේදීන්ගේ සාමූහිකය අවධාරණය කළේ, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, මැතිවරණ විධිමත් ලෙස පැවැත්වීම සඳහා ජනමාධ්‍ය සහ දේශපාලන පක්ෂවලට මාර්ගෝපදේශ නිකුත් කිරීමට මැතිවරණ කොමිසමට දැනටමත් බලකර තිබේ.
  • ගැසට් නිවේදනයේ දක්වා ඇති බොහෝ කරුණු සම්බන්ධයෙන් වාර්තා රාශියක් ද සකස්කර ඇත” යනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රියාවලියක් ආරම්භ කිරීමට තමා විසින්ම භාරගෙන ඇති අතර, ඒ සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කර ඇත. ඔහු එම පියවර ගෙන ඇත්තේ විරුද්ධ පක්ෂ හෝ සිවිල් සමාජය සමඟ සාකච්ඡා කර නොවන බව පෙනේ. එම තීරණය සම්බන්ධයෙන් සති දෙකකට පෙර මූලික නිවේදනය නිකුත්කරන විට මෙම කණ්ඩායම් දෙකම පුදුමයට පත්විය. ජ්‍යෙෂ්ඨ නීතීඥයෝ පිරිසක් ඉක්මණින්ම තම කනස්සල්ල පළකරමින් නිවේදනයක් නිකුත් කළහ. නීතිවේදීන්ගේ සාමූහිකය අවධාරණය කළේ, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, මැතිවරණ විධිමත් ලෙස පැවැත්වීම සඳහා ජනමාධ්‍ය සහ දේශපාලන පක්ෂවලට මාර්ගෝපදේශ නිකුත් කිරීමට මැතිවරණ කොමිසමට දැනටමත් බලකර තිබේ. ගැසට් නිවේදනයේ දක්වා ඇති බොහෝ කරුණු සම්බන්ධයෙන් වාර්තා රාශියක් ද සකස්කර ඇත” යනුවෙනි.

ලිබරල් ජනාධිපති සිංහල බෞද්ධ භික්ෂු බලපෑමට යට වන බවට බියක්

“පරීක්‍ෂණ කොමිෂන් සභාව පත්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ සමඟවල කිසිදු පූර්ව උපදේශනයකින් තොරව වන අතර, මෙම විශේෂිත යෝජනාවේ කාලසීමාව පිළිබඳව කනස්සල්ල පළකරන බව” ද නීතිඥ සාමූහිකය ද සඳහන් කළේය. "විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයට තව මාස 11ක් පමණක් ඉතිරිව තිබියදී සහ එය 2024 සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර පැවැත්වීමට නියමිතව තිබියදී මෙම පත්කිරීම් රටේ මැතිවරණ ක්‍රියාවලිය නතර කරවීමේ අරමුණක් විය හැකි බවට සැකයක් පවතී." එහෙත් දේශපාලන පක්ෂවල සහ සිවිල් සමාජ කණ්ඩායම්වල මෙම කනස්සල්ල ප්‍රකාශ කිරීම නොසළකා හරිමින් ජනාධිපතිවරයා දැන් ඉදිරියට ගොස්, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති අතර, එහි බලය තවදුරටත් පුළුල් කරමින් කොමසාරිස්වරුන් සංඛ්‍යාව නවයේ සිට දහය දක්වා වැඩිකර ඇත.

රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද නිවේදනයට අනුව, මෙම කොමිසමේ මූළික කර්තව්‍යයන් වන්නේ, පවතින මැතිවරණ නීති හොඳින් පරීක්ෂා කර ඒවා වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමයි. “පවතින සියලුම මැතිවරණ නීති සහ රෙගුලාසි විමර්ශනය කර පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් වත්මන් අවශ්‍යතාවලට සරිලන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස විමර්ශන කොමිෂන් සභාවට වගකීම් පවරා ඇත.

# වැඩි කාන්තා සහ තරුණ නියෝජනයක් සුරක්ෂිත කිරීම මෙයට ඇතුළත් ය;

# මුද්‍රිත ඡන්ද පත්‍රිකා වෙනුවට නවීන තාක්ෂණය භාවිත කරමින් විද්‍යුත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම; එ

# එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීම යනාදියද ක්‍රියාවට නැංවීමේ හැකියාවන් නිර්දේශ කිරීම

එහි වපරිසයට ඇතුළත් වේ. 

මාස හයක්

පුංචි ඡන්දය : මැතිවරණ කොමිසම දෙකට බෙදේ !
කොමිසමේ කොමසාරිස්වරුන්ට 15කට වඩා වැඩි විශාල හා විවිධ විෂයන් ලැයිස්තුවක් පැවරී ඇති අතර, ඒ සඳහා ඔවුන්ට මාස 06ක සීමිත කාල රාමුවක් ලබා දී ඇත. මහජන නියෝජිතයන් තෝරා ගැනීමේදී, එකවර මැතිවරණ දෙකටම ඉදිරිපත්වී, ඡන්දයෙන් තේරී පත්වුවහොත් පළාත් සභා සහ පාර්ලිමේන්තුව එකවර නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදීම වැනි මහජන අභිලාෂයේ කෙළවරේ ඇති හෝ ඡන්දදායකයන්ගේ සාමාන්‍ය අවධානයට ලක්නොවන විෂයයන්ද සළකා බැලීමට කොමිෂන් සභාවට නියම කර තිබේ. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැනි විදේශ රටවල ජීවත් වන අයට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමමේ වගකීමද කොමිසමට පැවරී ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයේ සන්දර්භය තුළ, පුද්ගලයන් මිලියනයක් පසුගිය වසර දෙක තුළ රට හැරගොස් ඇති අවස්ථාවක මෙය දුෂ්කර හා මිල අධික කාර්යයක් වනු ඇතැයි අනුමාන කළ හැකිය.

සමානුපාතික නියෝජන ක්‍රමයට සීමා නොවී, සමාජයේ බහුවිධ ස්වභාවය සහ එවැනි බහුවිධ ලක්ෂණ පිළිබිඹු කිරීම සැළකිල්ලට ගනිමින්, මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සැකැසීමේ ආන්දෝලනාත්මක හා මෙතෙක් නොවිසඳුණු ගැටලුවට විසඳුම් සෙවීමටද කොමිසමට වගකීම් පැවැරී ඇත. මේ සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු විවාදයක් පවතී. ඇත්ත වශයෙන්ම, පළාත් සභා මැතිවරණ සඳහා මැතිවරණ කොට්ඨාශ නැවත නිර්ණය කිරීම ආරම්භ වූයේ මීට වසර පහකට පෙර වන අතර, එම ක්‍රියාවලිය යෝජනාවීමෙන් අනතුරුව ආණ්ඩු දෙකක් සිය කාලය අවසන් කර ඇත.

සීමා නිර්ණය දැම්මොත් නාමයෝජනා අහෝසියි - මහින්ද දේශප්‍රිය

ඉතා කුඩා පළාත් පාලන මැතිවරණ කොට්ඨාශ නැවත සීමා නිර්ණය කිරීම පවා ආණ්ඩුවේ හැකියාවට එහා ගිය කාර්යයක් බව ඔප්පු වී ඇත. ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික සීමා නිර්ණ කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්නොකළේ, බොහෝ දේශපාලන පක්ෂ ඊට කැමැත්තක් නොදක්වන නිසා බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර ප්‍රකාශ කළ බව පසුගියදා පළ වූ පුවතක සඳහන් විය. වාර්තාවේ මූලික කෙටුම්පත 2023 අප්‍රේල් 11 වැනිදා කමිටු සභාපතිවරයා විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදෙන ලද අතර, අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවේ ඉන් අනතුරුවය. දැන් මාස හයකට වැඩි කාලයක් ගතවී ඇති නමුත්, මැතිවරණ කොට්ඨාශ නැවත නිර්ණය කිරීම, දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව විසින් අනුමත කරගැනීමේ ක්‍රියාවලියේ වැඩිදුර ප්‍රගතියක් ලබා නොමැත.

පළමුව මැතිවරණ

මැතිවරණ වියදම් පනත වහා සම්මත කර ගන්න ! - දේශපාලන පක්ෂවලට බලපෑම්
පවතින තත්වය මත, දුෂ්කර හා සංකීර්ණ කාර්යයන් විශාල සංඛ්‍යාවක් ඉටුකිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලබා දී ඇති මාස හය තුළ හෝ ජනාධිපතිවරණයට පෙර, සිය කාර්යය සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇතැයි පෙනෙන්නට තිබේ. පළාත් පාලන, පළාත් සභා, මහ මැතිවරණය සහ ජනාධිපති මැතිවරණය යන සෑම තරාතිරමකම මැතිවරණවලට අදාළව විසඳුම් සෙවීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරී ඇත. පළාත් සභා සඳහා මැතිවරණ ක්‍රමයද ඇතුළුව, නොවිසඳී තිබෙන ගැටලුවලට සාර්ථක විසඳුමක් නොමැතිව, මැතිවරණ හතරටම එකඟතාවකට පැමිණීමට සැලසුම් කිරීම 'ගොඩෝ එනතුරු බලා සිටීම'(කිසිදා සිදුනොවන්නක්) හා සමාන වනු ඇතැයි සිතිය හැකිය. නියමිත කාලය තුළ මැතිවරණ පැවැත්වීමට නොහැකිවීමේ ප්‍රතිඵලය, ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය බරපතළ ලෙස ඛාදනය වීමටත්, ජාතික ආර්ථිකය යළි පණ ගැන්වීමට දරන උත්සාහය අනතුරේ හෙළීමටත් ඉඩ සලසනු ඇත.

අර්බුදකාරී තත්වයක් තුළ ගැටළු විසඳීමේ නිරතවීමට උත්සාහ කරන ඕනෑම ආණ්ඩුවක ප්‍රමුඛතාව වන්නේ, එහි නීත්‍යනුකූලභාවය ශක්තිමත් කිරීම මිස එය ඛාදනය කිරීම නොවේ. ප්‍රජාතන්ත‍්‍රවාදී රටකට නීත්‍යනුකූලභාවයක් ලැබෙන්නේ, නිදහස් හා සාධාරණ මැතිවරණ නියමිත වේලාවට පැවැත්වීමෙනි. ප්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගී ඇත්තේ මහජන පරමාධිපත්‍යය යන අදහස මතයි. එනම් ආණ්ඩුවේ අධිකාරී බලය ජනතා කැමැත්තෙන් ලබාගන්නා බවයි. ජනවරමක් ලබාගැනීම මෙම මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය සමඟ සමපාත වේ. ජනතාවගෙන් ලැබෙන වරමක් දේශපාලන ප්‍රතිසංස්කරණවල නීත්‍යානුකූලභාවය වැඩිකරනු ලබයි. පුරවැසියන්ගේ කැමැත්ත සහ අනුමැතිය ඇතිව වෙනස්කම් සිදුකිරීම, පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කරනු ලබයි. මෙම ජනවරම ලබාදෙන මැතිවරණ අවශ්‍ය වන්නේ, ඉදිරි ප්‍රතිසංස්කරණ සඳහා වන බාධා ඉවත්කිරීම සඳහායි. එසේ නොමැතිව සිදුවිය යුත්තේ එහි අනෙක් අන්තය ක්‍රියාත්මක කිරීම නොවේ.

පුංචි ඡන්දය ගැන තීරණයක් ගනී : බිලියන 10ක වැය ඇස්තමේන්තුවක්

බහුතර කැමැත්තට අනුව ආණ්ඩුව ක්‍රියාකරන බව ප්‍රදර්ශනය කරමින් ජනවරමක් ලබාගැනීම, සමාජ අසහනය සහ අස්ථාවරත්වය අවම කර ගැනීමට උපකාරී වේ. ජනවරමක් මගින් බහුතරයක් ජනතාවගේ කැමැත්ත පවතින බව සහතික කෙරෙන අතර, එමගින් සමාජ අසහනය හෝ බෙදීම් ඇතිවීමේ හැකියාව අඩුකරයි. ප්‍රජාතන්ත‍්‍රවාදයේ මූලාරම්භය වන සාමාන්‍ය මැතිවරණ පැවැත්වීම, එක් පක්ෂයක හෝ වෙනත් පක්ෂයක දේශපාලන වාසනාව යටපත් වීම සමග ගැළපිය යුතු නැත. ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට පවතින වාර්තාව සහ පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සැළකිල්ලට ගනිමින්, නියමිත වේලාවට නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට පහසුකම් සැලසෙන සාමකාමී වාතාවරණයක් ඉදිරි මාස කිහිපය තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා අවධානය යොමුකරන්නේ නම්, ඔහුගේ අවශ්‍යතා වඩාත් හොඳින් ඉටුකරගත හැකිවනු ඇත. ජනවරම අලුත් කිරීම තුළින් අලුතින් තේරී පත්වූ ආණ්ඩුවට ලැබෙන අන්තර්ජාතික තලයේ විශ්වසනීයත්වය ඉහළ නංවන අතර, ජනතා පිටුබලය ඇති පාලනයකට අන්තර්ජාතික සම්පත් ගලාඒමේ දොරටු විවර වේ.

jehan perera

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අශ්වයාට පෙර කරත්තය ඉදිරියට දැමීම - ජෙහාන් පෙරේරා | The Leader