The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

අයවැය සර්කස් හරහා යථාර්ථය කියවීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

November 16, 2023 • 7:24 AM

අයවැය සර්කස් හරහා යථාර්ථය කියවීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හේතුව ඒවා බරපතල රැවටිලි හෝ ඇස්බැන්දුම් නිසාය.
  • නිදහස් ලංකාවේ 75 වසරින් වැඩි කාලයක් ලංකාවේ වාර්ෂික අයවැය සර්කස් සංදර්ශණයක් වීමෙන් රටටත්, අපටත් සිදුවී ඇති වින්නැහිය ගැන කිසිවෙකු කලබල විය යුතු නැත.
  • චන්ද්‍රිකාගේ පළමු අයවැය කතාවට පසුව ඩලස් අලහප්පෙරුම කීවේ ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට හැරවුණ බවකි.
  • ඒ ඩලස් වසර 17ක් රාජපක්ෂලා යටතේ විවිධ වගකීම් දැරුවේ ඔහු විශ්වාස කළ වම දකුණ ගැන අවබෝධයකින් නම් විය නො හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

හේතුව ඒවා බරපතල රැවටිලි හෝ ඇස්බැන්දුම් නිසාය.

නිදහස් ලංකාවේ 75 වසරින් වැඩි කාලයක් ලංකාවේ වාර්ෂික අයවැය සර්කස් සංදර්ශණයක් වීමෙන් රටටත්, අපටත්  සිදුවී ඇති වින්නැහිය ගැන කිසිවෙකු කලබල විය යුතු නැත. ගිය සඳුදාත් අප අයවැය නමින් දුටුවේ තවත් සර්කස් එකක් පමණකි.  

අයවැය කතාවෙන් පසුව තේ පැන් සංග්‍රහයට පළමුව කෙරෙන කෙටි විවේචන තවත් විනෝදාංශයකි.

ඩලස් ආවත් නැතත් අපි සංධානය පිහිටුවනවා' - සජබ

චන්ද්‍රිකාගේ පළමු අයවැය කතාවට පසුව ඩලස් අලහප්පෙරුම කීවේ ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට හැරවුණ බවකි. ඒ ඩලස් වසර 17ක් රාජපක්ෂලා යටතේ විවිධ වගකීම් දැරුවේ ඔහු විශ්වාස කළ වම දකුණ ගැන අවබෝධයකින් නම් විය නො හැකිය. සමහර විට ඔහුගේ අනාගත නායකයා රොෂාන් රණසිංහ හෝ සජිත් ප්‍රේමදාසත් විට හැකිය.

මුදල් ඇමති පොහොට්ටුවේ බව කියන, රාජපක්ෂලා මෙවර අයවැය ගැන කතා කළේත් විපක්ෂ මානසිකත්වයෙනි. මුදල් ඇමති මතු නොව ජනාධිපතිද පොහොට්ටුවේ ය. එහෙත් රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් රට විසාලා නුවරක් වීම වලක්වා ගැනීම ගැන රාජපක්ෂලා කතා නැත. නාමල් රාජපක්ෂ කීවේ ගිය අවුරුද්දෙත් මේ ටික කී නමුත් කිසිවක් සිදු නොවූ බවය. ඒ ප්‍රකාශය වාර්තා කළ මාධ්‍ය වේදීන් රනිල් අතට බලය හුවමාරුවූ 2022 අවුරුද්ද කාගේ හපන්කම්දැයි ඇසුවේ නැත.



වර්තමානයේ රනිල් පළවා හැරීමේ අලුත්ම කොන්ත්‍රාත්තුව භාර ගෙන සිටින රොෂාන් රණසිංහ ගෙන් අයවැය කොහොමද ඇසූ විට. මුහුණ සඟවා ගෙන පැන ගිය හැටි රටම බලා සිටියහ. මේ තවත් අනාගත ජනාධිපතියෙක් අයවැය දුටු හැටිය. මේ කෙටි සාරාංශය හරහා අයවැය පමණක් නොව ලංකාවම සර්කස් එකක් බව පැහැදිලි කරන්නකි.

2022දී ලංකාව බිම ඇද වැටී කොන්ද කැඩී සිටින්නේ අපේ සර්කස් දේශපාලනය නිසා ය. රනිල් අයවැය කතාව අතර රට 2018 ගෙන යාමට තමත් බොහෝ කල් ගත වේ යයි කළ ප්‍රතාශය ගැන කිසිවෙකු කතා නො කරනු ඇත. හේතුව 2018 ආර්ථිකයට බෝම්බ ගැසුවේ රනිල් නොවන නිසාය.

2022දී  අපේ පඩි දියව් කී එවුන් 2023දී රුපියල් 20,000ක වැටුප් වැඩිවීමකට රාජ්‍ය සේවය පෙළ ගැස්වීමෙන් ඉහත සඳහන් ලංකාවේ සර්කස් දේශපාලනයට වෘත්තීය සමිති දක්වන දායක්වය පැහැදිලි කරයි.

බොහෝ අයවැය ඉලක්ක අසාර්ථක වන්නේ හිඟය පියවා ගත නොහැකි වීමෙනි. මෙවර අයවැය හිඟය රුපියල් බිලියන 2,851කි. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 9.1කි. මේ හිඟය පියවා ගැනීමට පාලකයන් අපොහොසත් වුවහොත් අයවැය යෝජනා වලින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබෙන්නේ නැත. එය ජනකාවට කෙසේ වුවත් බලයට ඉව අල්ලන විපක්ෂයට නම් ජයග්‍රහණයකි. 2019 පාස්කු ප්‍රහාරයට පසුව ගෝඨාභයට බලය ලැබෙන තෙක් කාලයේ ද 95 පැට්රල් ලීටරයක් රුපියල් 129කි. කිරිපිටි පැකට් එක 325කි. ගෑස් සිලින්ඩරය රුපියල් 1350කි. මේ පාරිභෝගික දර්ශකය අනුව 2019 හැට නව ලක්ෂයක් ජනතාව පාලනයක් වෙනස් කළේ ඇයි? ඉහත කී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 2019 නොවැම්බරයෙන් පසුව ගෙවී ගිය වසර දෙකකුක් පස් මසක් තුළ හිඟ වුණේ කෙසේද?

rajapaksa campaign tisaranee article

එසේම හැට නව ලක්ෂයක් ජනතාවට පැවති පාලනය පළවා හැර ගෝඨාට රට භාර දීමට තරම් ආර්ථීක බිඳ වැටීමක් 2019දී තිබුණේද? මෙයින් අදහස් වන්නේ රටේ කඩා වැටීමට ගෝඨාට වඩා ඔහු තෝරා ගැනීමට පෙළ ගැසුණ හැට නව ලක්ෂයක් ජනතාව වගකිව යුතු බවය. හෙට මැතිවරණයක් තිබුණත් තවත් රාජපක්ෂ කොනෙකු වෙනුවෙන් යටත් පිරිසෙයින් තිස් පන් ලක්ෂයක් පමණ ජනතාව පෙළ ගැසෙනු නියතය.

රට ගොඩ නැගීමට අවංක අවශ්‍යතාවක් තිබේ නම් කළ යුත්තේ වසර පහකට සියලු මැතිවරණ කල් දමා ආර්ථිකය පමණක් මුල් කොට ගත් පාලනයක් පවත්වා ගෙන යාම පමණකි. එසේම ඉහතින් කී අයවැය පරතරය පියවා ගැනීම පිණිස රටේ සාමාන්‍ය ජනතාවගේ සහාය ලබා ගත  යුතුවේ. මෙයට පෙර මා ලියා පළ කළ ලිපියක රටේ ආදායම වැඩි කිරීමට මා ඉදිරිපත්  කළ යෝජනා මෙසේ ය.  

මරබිය සමාජගත කිරීමේ මෙහෙයුමක් !

සමෘද්ධිලාභීන් දස ලක්ෂයක් දෙනා සේවා ගාස්තු ලෙස රුපියල් 100ක මුදලක් රජයට ගෙවයි නම් රුපියල් 100,000,000.00 මාසික (මිලියන 100කි.) ආදායමක් රාජ්‍ය භාණ්ඩාගාරයට ගලා එනු ඇත. රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන්නන් ගෙන් රුපියල් 50.00 ගාස්තුවක් අය කරයි නම් දිනකට ප්‍රතිකාර ලබන්නන් ප්‍රමාණය ලක්ෂයක් ලෙස උප කල්පනය කළොත් දිනකට අපෙක්ෂිත ආදායම රුපියල් 5,000,000.00කි. (1973 අයවැය යෝජනා අතර මුදල් ඇමති ඇන්.ඇම්.පෙරේරා හැම රෝගියෙකුම ශත 25ක මුද්දයකින් සේවා මුදලක් ගෙවිය යුතු බව යෝජනා කළ බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.) එකී මුදල දින 25ක එකතුව ( මිලියන 125කි.) රුපියල් 125,000,000කි. බුලත් විටක් රුපියල් 50කි. බීඩියක් රුපියල් 10කි. කිසිදු මත්පැන් බෝතලයක් රුපියල් දහසකට අඩු නැත. පාසල් යවන සිසුන්ගේ මාපියන් මාසිකව රුපියල් 100ක මුදලක් ගෙවයි නම් පාසල් සිසූන් ලක්ෂ දෙකහමාරක් ලෙස උප කල්පනය කළොත් ආදායම රුපියල් 25,000,000කි. හෙවත් මිලියන 25 කි. මේ යෝජිත ආදායම දොළහෙන් වැඩි කළ විට ලැබෙන උත්තරය මෙවර අයවැය හිඟයෙන් සියයට එකක්විය හැකිය.  

 
එහෙත් මේ අලුත් ඇරඹුමකි. මේ යෝජනාව රට වෙනුවෙනි. එහෙත් මිහින්තලේ පන්සලේ ලයිට් බිල ගෙවා රනිල්ට ඇඟිල්ල දිගු කළ සජිත් මෙයට පක්ෂ වන්නේ නැත. රටේ බදු නො ගෙවනන්නන්ට නායකත්වය දෙන අනුර කුමාර දිසානායකලා මෙවැනි නැඹුරුවකට කිසිසේත් පක්ෂ නොවේ. 

පස් වසරකට මැතිවරණ කල් දැමීම හෝ ඉහත සේවා ගාස්තු අය කිරීම යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගන්නැයි රනිල් තමන් ඩිස්නි ලන්තයට ගෙන ගියාය කියන විපක්ෂයට කීවොත් ඔවුන් දක්වන ප්‍රතිචාරය අනුව අපට අයියලාගේ තරම තේරුම් ගත හැකිවේ. 
 


එහෙත් හාල් මිටක් ආණ්ඩුවෙන් නො ඉල්ලා රට වෙනුවෙන් තරුෂි කරුණාරත්න ජාත්‍යන්තරයට යැවූ දෙමාපියන් මේ යෝජනා ඉටු කිරීමට එක් කරගත හැකිය.

ජනතාවට අවශ්‍ය සන්සුන් රටකි. විපක්ෂයට අවශ්‍ය අර්බුද වලින් ගහන රටකි. අද මේ රට පවත්නේ හැට නව ලක්ෂයක් දෙනා එක්ව බිංදුවට බස්සා ගෙදර යැවූ රනිල් වික්‍රමසිංහ බව මතක ඇද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. 
 
මේ ලිපිය ආරම්භයේ අයවැය සර්කස් එකක් කීවේ මේ නිසා ය.  අයවැය සර්කස් එකක් වන්නේ එහි පවත්නා යථාර්ථය සැබෑව ජනතාව තේරුම් නො ගැනීම නිසාය. ආචාර්ය ඇන්.ඇම්. 1953දී හර්තාල් කළේ බලය වෙනුවෙනි. ඩඩ්ලි ඉඳා ගනිල්ලා කියා දමා ගසා ගියේ සද්භාවයෙනි. 1973දී හර්තාල් නායක ආචාර්ය ඇන්.ඇම්. රජයේ රෝහල් කරා ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගින් ගෙන් ශත 25ක ගාස්තුවක් අය කිරීමට තීරණය කළේ රටේ අයවැය යනු බලය අල්ලන උගුලක් නොවන හෙයිනි. මේවා වර්තමානයේ දේශපාලනඥයන් පිළි ගන්නේ නැත. එහෙත් පාසල් පෙළ  පොත් වලට මේ කරුණු එකතු කරයි නම් ජෝෂප් ස්ටාර්ලින්ලාගේ ග්‍රහණයෙන් මිදුණ, එසේම 2048 රනිල් අපෙක්ෂා කරන රට නිර්මානය කළ හැකිය. 
 
මේ කතා කළේ අයවැය සම්බන්ධ එක් පදාසයකි. පසුගිය සතියේ මහනුවර අධිකරණයේ  විවේකාගාරයේදී අපි කී දෙනෙක් ඩොලර් ඉපයන්නේමුදැයි විමසූ විට මා විවෘත ප්‍රශ්නයක් යොමු කළ විට, එහි සිටි උගත් මිතුරන් කිහිප දෙනෙකුම සිනාසෙමින් විමසා සිටියේ අප ඩොලර් උපයන්නේ කෙසේද කියා ය. එහෙත් අප ඩොලර් කොපමණ ප්‍රමාණයක් දිනකට පරිභෝජනය කරන්නේදැයි නැවත කළ විමසීමේදී බොහෝ දෙනා කළේ සිනාසීම පමණකි.  එක් නීතිඥ මිතුරෙකු පමණක් ගණන් කරලා බැලිය යුතු බව කීවේ මුහුණට ගැඹුරක් මවා ගනිමිනි. එය ඇත්තකි. අප මසකට එක් සති අන්තයක් හෝ පවුල් පිටින් යෙදෙන සංචාර සඳහා පමණක් අප කොපමණ ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කරන්නේද? අපට උවමනාකම් වර්ග කළ හැකි නම් එය රටට යහපතක් වනු ඇත.
 
ඩොලරය අදත් පහළට ගිය හේතුව ?
නැහැමින් රුපියල් සත උපයන ලංකාවේ කවුරුත් මෙහෙමය. එය දෝෂයට කරුණක් නොවේ. රුපියල් උපයන අප වැය කරන ඩොලර් ගණන කෙසේ වෙතත් රටේ බහුතරයක් දෙනා උපයන මුදල් ප්‍රමාණයවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ දන්නේ නැත. අයවැය පමණක් නොව මු`ථ රටම රට සර්කස් පිටියක් නො වන්නේදැයි මා මෙය කියවන ඔබගෙන් යළි විමසනු කැමැත්තෙමි. සජිත් පන්සල්වල විදුලි බිල් ගෙවීමට කතා කරන්නෙත්, අනුර කුමාරලා හොරුන් අල්ලා රට ගොඩ නගන්නට කල්පනා කරන්නේත් මෙන්න මේ සර්කස් පිට්ටනියෙහිය. අප කළ යුත්තේ බිම් මට්ටමෙන් යම් මතයක් පතුරුවා මේ සර්කස් දර්ශණය නතර කිරීමය. 

කිව්ආර් කේතය නිසා හැම වාහන හිමියෙකුම භාවිතා කරන ඉන්ධන පරිභෝජනය වාර්තා වී ඇත. එකී ප්‍රමාණයට තවත් යම් ප්‍රමාණයකට එක් කොට කෝටා ක්‍රමයක් හඳුන්වා දී අමතර අවශ්‍ය ඉන්ධන සඳහා විශේෂ මිලක් නියම කළ යුතුවේ. එය ඉන්ධන පරිභොජනය හරහා නාස්තිවන ඉන්ධන ගැන යම් හැඟීමක් ජනතාව තුළ ඇති කිරිමය. ඉන්ධන ගෙන්විය හැකිය. එහෙත් අපට ඩොලර් හිඟය අවසන්ව නැත. යමක් හිඟ වූ විට කෝටා ක්‍රමය අනුගමනය කිරීම අපරාධයක් නොවේ. 
 
රට ගොඩ හැක්කේ ජනතාව සමග ඇති කර ගන්නා කතාබහක් හරහා මිස පාර්ලිමේන්තුවේ කෙරෙන විකාර වලින් නොවේ. රාජ්‍ය නොවන ආයතනයක පාලක මණ්ඩලය වෙනස් කිරීමේ  හැකියාව පාර්ලිමේන්තුව සතුව නැති බව නො දන්නා විපක්ෂ නායකයා ක්‍රිකට් ක්‍රීඩාවට කළ විනාසය ඔහු දකින්නේ හපන්කමක් හැටියටය. රටට අවශ්‍ය නිර්දේශපාලනික ප්‍රවේශයක් මිස බල ලෝභී දේශපාලනඥයන්ගේ බඩ පිණුම් නම් නොවේ.  

රාජ්‍යයක පැවැත්මට අවශ්‍ය ආදායම් ද ලාභදායි ව්‍යාපාර ද ? - (චන්ද්‍රසිරි  සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...