The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

ක්‍රිකට් සුද්ද කරලා රජ පුටුවට ඉව ඇල්ලීම....? - (අශෝක ජයතුංග)

T

The Leader Desk

November 16, 2023 • 4:39 PM

ක්‍රිකට් සුද්ද කරලා රජ පුටුවට ඉව ඇල්ලීම....? - (අශෝක ජයතුංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තව අතකට එය ඔවුන්ට බලය ලබා ගන්නට බැරි තැන කී දුක් ගීයකි.
  • එහෙත් අපට පසු එම ක්‍රමය වැළඳගත් ඉන්දියාව පවා අද ලෝකයේ පස්වන බලවතා බවට පත්ව තිබේ.
  • සිට එය ක්‍රමිකව වර්ධනය වී 2009 යුද ජයෙන් පසු ජයටම කෙරිණ.
  • එහෙම ආ රට 2022 දී අන්තයටම බංකොලොත්වී නන්නපෝල් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

විපක්ෂය කීවේය. එය එක අතකට හරිය. තව අතකට එය ඔවුන්ට බලය ලබා ගන්නට බැරි තැන කී දුක් ගීයකි.

jr Jayawarhana

ලංකාවට විවෘත ආර්ථිකය ගිණි බෝම්බයක් හා හොරුන්ට පාරාදීසයක් වූයේ මේ රටේ නිවැරදි "සිස්ටම්" එකක් නැති නිසාය. එහෙත් අපට පසු එම ක්‍රමය වැළඳගත් ඉන්දියාව පවා අද ලෝකයේ පස්වන බලවතා බවට පත්ව තිබේ. ලංකාවේ එම ක්‍රමය අනුගමනය කල එවුන් කළේ රටට වඩා තමන් හැදීමය. 77 සිට එය ක්‍රමිකව වර්ධනය වී 2009 යුද ජයෙන් පසු ජයටම කෙරිණ.



2015 සිට ද සිටියේ බෝ පැළ නොවේය. එහෙම ආ රට 2022 දී අන්තයටම බංකොලොත්වී නන්නපෝල් විය. ඊට බලපෑ ප්‍රධානම කරුණු වූයේ අකාර්යක්ෂමතාව නාස්තිය හා හොරකම මෙන්ම වසරකට කෝටි 70,000 ක් බදු අතහැරීම හා අදත් රටට නිවැරදි සිස්ටම් එකක් නැතිකමය.

fgerte

රාජ්‍ය පාලනය කල එවුන් රට බූදලයක් ලෙස ගසාකන පසුබිමක ක්‍රිකට් කරවූවන් කල්පනා කළේ අප ද ගේමක් ගසා කෙටි පාරෙන් ගොඩයායුතු බවය. මීට වසර 10 -15 කට පෙර ඇරඹි එම හොරකම මෑතකදී ඔඩු දුවන පසුබිම දක්වා වර්ධනය වූ බව කෝප් කමිටු හා විඝනන වාර්තා මෑතකදී කියා පෑවේය.


මෙතෙක් සිටි ක්‍රීඩා ඇමතිවරු කළේ ද එම "ක්‍රිකට් හොරකම" නම් ගඟෙන් ඔවුන්ද හොදට සප්පායම්වීමය. එහෙත් වත්මන් ක්‍රීඩා ඇමති ඊට වඩා වෙනස් බව පෙනී යයි. ඔහු සැබැවින්ම අවංක ද නැතිනම් ක්‍රිකට් එවුන් හා හරියට සෙට් වී ගේම ගැහීමේ අවකාශ ඔහුට අහිමි වූයේද යන්න දන්නේ නැත. එහෙත් ඇමති රොෂාන් යනු අකුරැස්සේ පරපුරකින් පැවත එන පොලොන්නරුවේ පැළවූ රූස්ස ගසකි. ඔහු ජපානය හා කල වාහන බිස්නස් වලින් කෙටි කලකින්ම කෝටිපතියෙකුවී රටවල් රැසක වාහන අංගන තනා ජීවිතය ගොඩගිය අයෙකි. ඒ තුළ ඔහු අවංකව ක්‍රිකට් හොරුන්ගෙන් ගේම ඉල්ලූ බව ට උපකල්පනය කල හැකිය.

sdgsdfg

තවද ඉන්දීය සාස්තරකාරයෙකු කී දේශපාලන අනාවැකියක් මත රොෂාන් රාජයෝග උරගා බැලීමට ක්‍රිකට් හොරුන්ගෙන් ගේම ඉල්ලූ බවට ද මතයක් තිබේ. එහෙත් ජනපති හා කැබිනට් එකට ද වංගු ගසා ඔහු රහසේම ගේම ඉල්ලුවේ ගේම එළිවුවහොත් හොරු රැකවරණ ලබාවිය යන සැකය තුළ ද නැතහොත් වෙනත් න්‍යාය පත්‍රයක් තුළ ද යන්න පැහැදිලි නැත. ඔහු ගත් පියවරට ජනතාව එකගය. සමස්ත පාර්ලිමේන්තුවට ද අකමැත්තෙන් හෝ එකඟ වන්නට සිදුවිය.

gdfsdf

එහෙත් රොෂාන් රහසේ ගැසූ ගැසට් එකේ හිල් බව ජනපති කීය. එලෙසම ඇමතිගේ අතුරු පාලනයට පැය කිහිපයකින් අකුලා ගන්නට සිදුවිය. අභියාචනාධිකරණය විසින් ඇමති පත්කල අතුරු කම්ටුව ගෙදර යැවීම නිසා හොරු ලෙස ඇමති හංවඩු ගැසූ පිරිසට තාවකාලිකව හෝ යළි කරළ පැහින. ඇමති රොෂාන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී හතර අතේ නෙලුවේ අනතුරුවය.

එහිදී අභියාචනාධිකරණයේ ප්‍රධාන විනිසුරු සම්බන්ධයෙන් ඔහු විසින් කල ප්‍රකාශ අතිශයින්ම ආන්දෝලනාත්මකය. එම ප්‍රහාරයෙන් පසු එම නඩුව ඇසීමෙන් තමා ඉවත්වන බවට එම විනිසුරු තීන්දු කළේය.


ඒ සමගම එක්තරා හෝටලයක තිබූ සාජ්ජයකදී ක්‍රිකට් බලවතුන් බීමතින් ලංකාවේ ක්‍රිකට් ICC හරහා තහනම් කිරීමට කුමන්ත්‍රණ කල බවට ද ආරංචි ය. එම තහනම ඉන්දීය ජේ ෂා හරහා ඉල්ලා ලබාගත් තහනමක් බවට ද විග්‍රහ වේ. ෂා යනු ආසියානු ක්‍රිකට් ප්‍රධානියා මෙන්ම ඉන්දියාවේ ස්වදේශ ඇමති අමිත් ෂාගේ පුත්‍රයා මෙන්ම එරට අගමැති මෝදි ඊලග වසරේ යළි දිනවීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රබලයෙකු බවට ද විග්‍රහ වේ. එරට විසිනි ලංකාවේ ක්‍රිකට් පමණක් නොව ක්‍රිකට් බලවතුන් මෙන්ම ඇතැම් ක්‍රීඩකයන් ද බිළිගෙන ඇති බවත් කියවෙන්නේ එවැනි පසුබිමකය.


 ලංකාවට ක්‍රිකට් තහනම ඉල්ලා කැඳවාගෙන ෂම්මි හා නඩය සල්ලි වෙනුවෙන් රටට පවා දෝහී වූ බව ඇමති රොෂාන්ගේ පාර්ශවයේ චෝදනාවය. අතරමැදි එකඟතා නොමැති බවත් තමාට එකඟතාව ඇත්තේ ජනතාව සමඟ පමණක් බවත් ඇමති කියයි. ජනපති රනිල්ට සෘජු චෝදනා නොනගන ඔහු ජනපතිට සමීපතම හා ඔහු වටා ලඟින්ම සිටින පිරිසකට පෙරපාදයේම දැඩි ප්‍රහාර එල්ල කරයි.

zxvfef

සතුටක් නොමැති බංකොලොත් රටකට මහා විද්‍යාඥයින් මහා ලේඛකයින් මහා ව්‍යාපාරිකයින් හා මහා පරමාදර්ශී චරිත නැති පසුබිමක තිබුණේ ක්‍රිකට් පමණය. දැන් එය ද තහනම්ය. ලෝක කුසලානයේ දී අන්තිමයා වූ අපේ කට්ටිය ගෙවල් වල පැමිණ සැඟව සිටී. එහෙත් මුදල හා බලය මත රැඳුණු ක්‍රිකට් නාඩගම තවම කොහෙන් කෙලවර වෙදැයි පෙනෙන්නට නැත. සූදු ෂම්මි ද රොෂාන් දැයි විමසූ පැනයට තවම පිළිතුරු ලැබී නැත. ගෝටා නෑවේ පොහොර වලින් වූවාට රනිල් වැනි කපටි නරියෙක් ක්‍රිකට් වැනි දේකින් නාවිදැයි සිතිය නොහැකිය. එසේම රජුගෙන් ගේම ඉල්ලන ඇමති ක්‍රිකට් සුද්ද කරලා බැල්ම දාන්නේ රජ පුටුවට දැයි කියන්නට තවම කල් මදිය. මොන අරමුණෙන් වුවද රටකන හොරු මට්ටු කිරීමට ඉදිරිපත්වීමම මහා පුණ්‍යකර්මයකි.


Ashoka Jayathunga(අශෝක ජයතුංග )
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
වොෂින්ටන් DC සිට...

ashokajayatunga@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...