The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

ක්‍රිකට් තහනම, දේශපාලනය සහ අනාගතය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

November 18, 2023 • 4:55 PM

ක්‍රිකට් තහනම, දේශපාලනය සහ අනාගතය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉල්ලීම පරිදි අපේ ක්‍රිකට් වලට තහනමක් පනවා සතියක පමණ කාලයක් ඉක්ම ගොස් ඇත, එම තහනම පැනවීමේදී ප්‍රධානතම නිර්ණායකයක් ලෙස සලකා ඇත්තේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති දේශපාලන බලපෑමය.
  • අපගේ ක්‍රිකට් දේශපාලනීකරණය වී ඇතැයි චෝදනා කරන්නේ එවැනි කණ්ඩායමකි.
  • ලෝක කුසලාන අවසන් තරඟය පැවැත්වෙන්නේ නරේන්ද්‍ර මෝඩි ගේ සහ අමිත් ෂා ගේ නිජබිම වන ගුජරාටයේ අහමදාබාද් හි නරඹන්නන් 132000 අසුන් ගත හැකි නරේන්ද්‍ර මොදී ක්‍රීඩාංගනයේදී ය.
  • මෙම තරඟාවලිය මේ වන විටත් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයක් බවට පත්වී අවසානය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලීම පරිදි අපේ  ක්‍රිකට් වලට තහනමක් පනවා සතියක පමණ කාලයක් ඉක්ම ගොස් ඇත,  


එම තහනම පැනවීමේදී ප්‍රධානතම නිර්ණායකයක් ලෙස සලකා ඇත්තේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති දේශපාලන බලපෑමය. මෙය ඉතාම හාස්‍යජනකය, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාද වන ජේ ෂා නරේන්ද්‍ර මෝදී ගේ සමීපතමයා සහ පාලක භාරතීය ජනතා පක්ෂයේ මෙහෙයුම්කරුවා වන අමිත් ෂා ගේ  පුත්‍රයාය.


අපගේ ක්‍රිකට් දේශපාලනීකරණය වී ඇතැයි චෝදනා කරන්නේ  එවැනි කණ්ඩායමකි.

xdgfgr


2024 ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් මැයි මාස වල දී පැවැත්වීමට නියමිතය. ලෝක කුසලාන අවසන් තරඟය පැවැත්වෙන්නේ නරේන්ද්‍ර මෝඩි ගේ සහ අමිත් ෂා ගේ නිජබිම වන ගුජරාටයේ අහමදාබාද් හි නරඹන්නන් 132000 අසුන් ගත හැකි නරේන්ද්‍ර මොදී ක්‍රීඩාංගනයේදී ය.


මෙම තරඟාවලිය මේ වන විටත් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයක් බවට පත්වී අවසානය. ඉන්දියාවේ ක්‍රිකට් ලංකාවේ ක්‍රිකට් වලට වඩා දේශපාලනිකය.  ඉන්දියාවේ ප්‍රබල දේශපාලන නායකයන් වන ශරද් පවාර්, අනුරුග් සින් තකුර්, වැනි සභාපති වරු මෑතකදී ඉන්දියාවේ ක්‍රිකට් පාලනය කර ඇත.


ඉන්දීය කොංග්‍රසයත් භාරතීය ජනතා පක්ෂය අතර බලය හුවමාරු වන විට ක්‍රිකට් වල බලය ද හුවමාරු වේ. නමුත් අපේ දේශපාලකයන් වන ගාමිණි දිසානායක, එන් එම් පෙරේරා, ලක්ෂ්මන් ජයකොඩි වැන්නන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරුන් වූයේ දශක ගණනාවකට පෙරය.


1996 ලෝක කුසලානය ජයග්‍රහනයෙන් පසුව එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූ ආනා පුංචිහේවා ඉවත් කිරීමත් සමඟම ‍ක්‍රිකට් පාදඩකරණය සහ ව්‍යාපාරිකකරනය ආරම්භ විය, මෙම චෝදනාවෙන් අර්ජුනලාට හෝ තිලංගලාට මිදිය නොහැකිය. ඉඳහිට හෝ වැදගත් ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් වූයේ අතුරු කමිටු මගිනි. ඒවායේ පාලකයන් වූ විජය මළලසේකර, රියන්සි විජයතිලක, සිදත් වෙත්තමුනි, හේමක අමරසුරිය, ඩී එස් ද සිල්වා ආදීන්ගේ පාලනය තුල මෙවැනි ගැටලු ඇති වූයේ නැත.


මෙම තහනම ඊළඟ තරගාවලිය ආරම්භයත් සමඟ ඉවත්වනු ඇත. මන්දයත් වාණිජ පරමාර්ථ මත රැඳී ඇති ක්‍රීඩාවකට තහනමකින්  ඇති සෙතක් නොමැති බැවිනි.  

ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය කළ ආරම්භකයා වන්නේය ඕස්ට්‍රේලියානු මාධ්‍ය ජාලා හිමිකරුවෙකු වූ කෙරී පැකර්ය (Kerry Packer) එතැන් පටන් මේ වන විට ක්‍රිකට්  පිත්තේ ඔට්ටු කරුවන්ගේ සන්නාම ප්‍රදර්ශනය  කරන තත්ත්වයට ක්‍රිකට් වාණිජකරණය වී ඇත. ක්‍රීඩාවේ සියලු නීති රීති වෙනස්වීම්වලට භාජනය වන්නේ මාධ්‍යයේ අවශ්‍යතාවයටය, පන්දුවාර ප්‍රමාණය නිසි වේලාවට යවා අවසන් නොකරන කණ්ඩායම්වලට විවිධ ආකාරයේ දණ්ඩන ලබාදීම ආරම්භ වන්නේ ද වාණිජ අවශ්‍යතා මතය.


අනාගතයේ ලංකාවේ ක්‍රිකට් වලට යම්කිසි සුබදායි බලාපොරොත්තුවක් තබාගත හැක්කේ සම්පූර්ණ ක්‍රිකට් පරිපාලනයම ලුම්පන් පන්තියෙන් අත්මිදුන හොත් ය. නමුත් එයට විකල්පයක් ලෙස එළිදක්වා ඇති ඇමති අතුරු කමිටුවේ ඇතිනම් පිළිබඳවද විශ්වාසයක් තබා ගැනීම අපහසුය,


සටහන :
Rasangaනීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිකට් තහනම, දේශපාලනය සහ අනාගතය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර) | The Leader