The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : අය-වැය සහ තුන්වැනි පුතා

T

The Leader Desk

November 19, 2023 • 7:52 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : අය-වැය සහ තුන්වැනි පුතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළවන දේවලුත් අතර ලොකු වෙනසක් නැත.
  • කවුරුත් දන්නා එවැනි සුලබ - බාල පිළුණු කතා මේ තීරයෙහි නැවත පළ කිරීමෙන් ඇති වැඩක් නැත.
  • අවාසනාවකට මෙන් මෙවර අයවැයෙන් කියූ පරිදි රාජ්‍ය සේවය ඇතුළු සමස්ත පරිපාලනය ඩිජිටල් කිරීමට පෙර අපේ රොබින් කොරියාවේ රැකියාවකට නික්ම ගියේය.
  • රොබින් ගිය අලුත එවූ ලිපියක මෙසේ සඳහන් වුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

පළවන දේවලුත් අතර ලොකු වෙනසක් නැත. ඒ නිසා කන්තෝරු කතාද සජීවී සමාජ මාධ්‍යයක් බඳුය. කවුරුත් දන්නා එවැනි සුලබ - බාල පිළුණු කතා මේ තීරයෙහි නැවත පළ කිරීමෙන් ඇති වැඩක් නැත.

හොඳ උපහාස කතාවක් ඇස ගැසුණොත් පමණක් ඉඳහිට එය මෙහි නැවත ලියමි. එයද මුල් ස්වරූපයෙන් වෙනස් කරමිනි.


මගේ කන්තෝරු චරිත අතර පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ රොබින් ය. මම ඔහුට කිසිවිටෙකත් සුළු සේවකයකු යැයි නොකීවෙමි. මගේ තීරු ලිපි රැසකට අවශ්‍ය මූලද්‍රව්‍ය (ඕපාදූප සඳහා ශිෂ්ට යෙදුමකි) සැපයුවේ ඔහුය. එසේ හෙයින් මට අදාළව, රොබින්ගේ සේවය කිසිසේත් සුළුකොට සැලකිව නොහැකිය.

අවාසනාවකට මෙන් මෙවර අයවැයෙන් කියූ පරිදි රාජ්‍ය සේවය ඇතුළු සමස්ත පරිපාලනය ඩිජිටල් කිරීමට පෙර අපේ රොබින් කොරියාවේ රැකියාවකට නික්ම ගියේය. රොබින් ගිය අලුත එවූ ලිපියක මෙසේ සඳහන් වුණි.

''සර්, සිරි ලංකාව මතක් වෙනකොට හරි දුකයි. මේ කොරියාවට වඩා අපේ රටේ ''කොරියාවක'' මොනවා හරි කරගෙන හිටියා නම් හොඳයි කියලා හිතෙනවා.''

ආර්ථික අර්බුදය හමුවේ විදෙස් රැකියා හීන මවන මහනුවර දිස්ත්‍රික්කයේ තරුණයන් -  (නදීක දයා බණ්ඩාර)
ආපසු සිය රට එන්නැයි මට රොබින්ට කිව නොහැකිය. ඔහු කවදා හෝ ආපසු එනවිට මෙය ලෙබනනයක් හෝ ග්‍රීසියක් හෝ බවට පත්වී තිබුණොත් මා කුමක් කියන්නද?

රොබින්, පාස්පෝට් පෝලිමට එක්වූයේ ඉන්ධන නැති වී ගෑස් හිඟ වී ජනජීවිතය මහපාරට ඇදවැටුණු කාලයේය. රටේ අනාගතය දුටු ඔහු තම අනාගතය ගැන බිය විය. මගේ මිත්‍ර සමාගමයේ සිටි හොඳ මිනිසුන්ගෙන් රට ගියේ රොබින් පමණක්මත් නොවේ. ජීවිතයේ කර්කශභාවය අඩු කිරීමට මිතුරන් අවශ්‍යය. ප්‍රියමනාප මිත්‍ර සමාගමය අහිමි වූ විට ජීවිතය පාළුය. හිස්ය. මුඩුමය.

ඉන්දියාවෙන් බිහිවූ ඉතා ''රසවත් ලේඛකයකු'' වූ කුෂ්වන්ත් සිංට ද බොහෝ මිතුරු මිතුරියෝ සිටියහ. එහෙත් උපහාස ලෝලියකු වූ ඔහු, එක්වරක් මෙසේ කීය.

''මට සමීප යාළුවො කියල කට්ටියක් නෑ. ඒකට හේතුව, මට ඔවුන් සමඟ ඉඳගෙන, ඕපාදූප කතා කර කර ඉන්න වෙලාවක් නැතිකම.''

කුෂ්වන්ත් එසේ කියූවද, දිල්ලියේ පිහිටි එක් අවන්හලක ඔහු නිත්‍ය සාමාජිකයෙක් විය. සෑමදිනම තම විස්කි වඩිය සඳහා, කුෂ්වන්ත් සිං එහි එනතුරු ඔහුගේ මිතුරෝ බලා සිටියහ.

කුෂ්වන්ත්, ජනප්‍රිය කට්ට කථිකයෙකි. ඔහු කියූ-ලියූ රසබස් ලොවපුරා ප්‍රකටය. ඉන්දියාවේ එක් අය-වැය දිනයකදී අවන්හලේ මිතුරන් කුෂ්වන්ත් එනතුරු බලා සිටියේ ඔහුගෙන් ඒ පිළිඳ අදහස් උදහස් දැන ගැනීමටය. 

khushwant singh 650x400 61517584126

කුෂ්වන්ත් සිං

කුෂ්වන්ත් නියමිත වෙලාවට පැමිණියේය. මිතුරෝ ඔහුගේ මේසයට ළං වූහ

''අයවැය ගැන මොකද කියන්නෙ?'' ඔවුහු ඇසූහ.

කුෂ්වන්ත්, උදාසීන ලෙස මෙසේ කීය.

''මං මොනවා කියන්නද? මුදල් ඇමැතිනෙ ඒ ගැන කිව්වෙ.''

පුවත්පත් හා සඟරා කතුවරයකු වූ කුෂ්වන්ත්, එක් අයවැය දිනයකදී ඔහුට ලැබුණු අයවැය ලේඛනයේ පිටපත ගෙනවිත් දීමට තරුණ පත්‍ර කලාවේදියකුට පොරොන්දු විය. එහෙත්, ඔහු වැරදීමකින් ගෙනැවිත් තිබුණේ ඉකුත් වසරේ අයවැය ලේඛනයේ පිටපතකි.


''මේ පරණ එකනෙ?'' තරුණයා පුදුමයෙන් කීය.

''ඉතින්, මොකක්ද වෙනස?''

කුෂ්වන්ත් සිනාවකින් තොරවම කීවේය.

ඔහුගේ උපහාසාත්මක කියුම එකල එරටට පමණක් නොව, සිරි ලංකාවේ අයවැය යෝජනාවන්ටද කදිමට ගැලපේ යැයි කෙනකුට සිතෙන්නට පිළිවන. කුෂ්වන්ත් සිං, වයස 90 දී මිය ගියේය. එහෙත් ඔහු, තමන් කළ හැම වැඩකදීම 100න් 100ම ලබාගත්තේ යැයි ඉන්දීය තීරු ලිපිකාරයකු ලියා තිබුණි.

සුපුරුදු පරිදිම, කන්තෝරුවේ පිරිස අතරද අය-වැය ගැන නොයෙක් කතාබහ සිදුවුණි. ''අය ලොක්කන්ට - වැය සොක්කන්ට'' එකෙකු තම දුරකථනය දෙස බලමින් කියනු ඇසුණි.

business budget
ඉන්දියාවේ ලෝක් සභාවේ අය-වැය වාදය සිදුවන කාලයක, එහි සිටි විපක්ෂ මන්ත්‍රීවරයකු කියූ රස කතාවකි මේ.

පියකුට, තම පුතුන්ගේ අවංකභාවය හා දක්ෂතාව පරීක්ෂා කිරීමට අවශ්‍ය විය. පුතුන් තිදෙනා කැඳවූ ඔහු, එකිනෙකාට රුපියල් 100 බැගින් දී කාමරයක් පිරෙන්නට බඩු රුගෙන එන මෙන් කීය.

පළවැනි පුතා, රුපියල් සීයෙන් පිදුරු ගෙනාවේය. එහෙත් කාමරය පිරුණේ නැත. දෙවැනි පුතා රුපියල් සීයටම පුළුන් ගෙන ආවේය. කාමරය පිරවීමට ඒ මදිවිය.

තුන්වැනි පුතා ''වැඩ්ඩෙකි'' ඔහු ඉටිපන්දමක් ගෙන ආවේය. ඒ දැල්වූ පසු මුළු කාමරයම එළියෙන් පිරුණි. පියා නළල රුළි කළේය.

''නරකම නෑ! ඒත් පුතේ කෝ ඉතිරි රුපියල් අනූනවය?

හැම මුදල් ඇමැතිවරයෙක්ම, ''තුන්වැනි පුතෙකි.''

(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...