The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විසිට් වීසාවලින් රට රැකියාවකට යෑමෙන් ඇති විය හැකි අවදානම ගැන දැනුවත් වන්න!

T

The Leader Desk

February 6, 2023 • 10:56 AM

විසිට් වීසාවලින් රට රැකියාවකට යෑමෙන් ඇති විය හැකි අවදානම ගැන දැනුවත් වන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන්ම, 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලපරිච්ඡේදය තුළ කුවේටය, කටාර්, සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින, රොමේනියාව, දකුණු කොරියාව, ඕමානය, ජෝර්දානය සහ ජපානය ඇතුළු රටවල රැකියාසඳහා විදෙස්ගත වූ ශ්‍රමික පිරිස ක්‍රමිකව ඉහළ ගොස් ඇත.
  • ඒ අතරින් වැඩි පිරිසක් රැකියා සඳහා සංක්‍රමණය වී ඇති කුවේටය, කටාර්සහ සෞදි අරාබිය වැනි රටවල් සැලකිල්ලට ගන්නා විට මෙම සංඛ්‍යාත්මක ඉහළ යෑම පැහැදිලිව දැකගත හැකිය.
  • ශ්‍රී ලංකා විදේශරැකියා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන දත්ත අනුව, 2021 වසරේදී රැකියා සඳහා කුවේටයට ගොස් ඇති සමස්ත ශ්‍රී ලාංකිකශ්‍රමිකයින් පිරිස 7312කි.
  • ඒ අතරින් 3603ක් ලියාපදිංචිය ලබා ඇති අතර, 3709ක් වෙනත් ආකාරවලින් කුවේටයට ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දින ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම, 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලපරිච්ඡේදය තුළ කුවේටය, කටාර්, සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින, රොමේනියාව, දකුණු කොරියාව, ඕමානය, ජෝර්දානය සහ ජපානය ඇතුළු රටවල රැකියාසඳහා විදෙස්ගත වූ ශ්‍රමික පිරිස ක්‍රමිකව ඉහළ ගොස් ඇත. ඒ අතරින් වැඩි පිරිසක් රැකියා සඳහා සංක්‍රමණය වී ඇති කුවේටය, කටාර්සහ සෞදි අරාබිය වැනි රටවල් සැලකිල්ලට ගන්නා විට මෙම සංඛ්‍යාත්මක ඉහළ යෑම පැහැදිලිව දැකගත හැකිය.

ශ්‍රී ලංකා විදේශරැකියා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන දත්ත අනුව, 2021 වසරේදී රැකියා සඳහා කුවේටයට ගොස් ඇති සමස්ත ශ්‍රී ලාංකිකශ්‍රමිකයින් පිරිස 7312කි. ඒ අතරින් 3603ක් ලියාපදිංචිය ලබා ඇති අතර, 3709ක් වෙනත් ආකාරවලින් කුවේටයට ගොස් ඇත. එයින් පසුවසරේදී, එනම් 2022 වසර වනවිට රැකියා සඳහා කුවේටයට ගොස් ඇති සමස්ත ශ්‍රී ලාංකිකයින් පිරිස 79094කි. ඒ අතරින් 39097ක් ලියාපදිංචිය ලබා ඇති අතර, 39997ක් වෙනත් ආකාරවලින් කුවේටයට ගොස් ඇත. ඊළඟ වසර හෙවත් 2023 වනවිට රැකියා සඳහාකුවේටයට සංක්‍රමණය වූ සමස්ත ශ්‍රී ලාංකිකයින් පිරිස 52346ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින් 30975ක් ලියාපදිචිය ලබා ඇතිඅතර, 21371ක් වෙනත් ආකාරවලින් කුවේටයට ගොස් ඇත. රැකියා සඳහා සෙසු රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් පිරිසද මේඅයුරින්ම ඉහළ ගොස් ඇති බව අදාළ සංඛ්‍යාලේඛන දත්ත මඟින් අනාවරණය වෙයි.

රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින් පිරිස ක්‍රමයෙන් ඉහළ යෑමත් සමඟම බොහෝ පිරිසකගේ රට රැකියා සිහින බොඳකර දමමින්රහසිගතව ක්‍රියාත්මක වන නීති විරෝධී මිනිස් වෙළෙඳාමද මේ වනවිට මහා පරිමාණ ජාවාරමක් බවට පත්ව ඇත.

image ac0fee3688

මෑත කාලයේදී මාධ්‍යඔස්සේ අනාවරණය වූ කරුණු සහ විශේෂ විමර්ශන මඟින් හෙළිදරව් වන තොරතුරු අනුව මෙම සාපරාධී මිනිස් වෙළෙඳාමට සම්බන්ධජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පහසුවෙන්ම පත්වන්නේ නිසි නීතිමය ක්‍රමවේදයන් අනුගමනය නොකර, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්තිකාර්යාංශයේ ලියාපදිංචිය නොලබා, සංචාරක වීසා හෙවත් විසිට් වීසා (Visit Visa) මඟින් රට රැකියා සඳහා විදෙස්ගත වන්නන්ය.

විදෙස්රැකියා සඳහා පිටත්ව යෑමේදී අනුගමනය කළ යුතු විධිමත් සහ පිළිගත් ක්‍රමවේදය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම නිසාමබොහෝ අය විසිට් වීසා යොදාගනිමින් රැකියා සඳහා එතෙර රටවලට ගොස් අතරමං වන අවස්ථා ඇත. විදෙස් රැකියා සඳහා ශ්‍රීලාංකිකයින් යොමුකරන නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් වංචා සහගත ලෙස ජනතාව රවටන තැරැව්කරුවන් බොහෝවිට විසිට් වීසාමඟින් ශ්‍රී ලාංකිකයින් විදෙස් රටවලට යැවීමට කටයුතු කිරීමෙන්ද බොහෝ පිරිසක් අසරණ තත්ත්වයට පත්ව ඇත.


රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන් සඳහා විසිට් වීසා කිසිසේත්ම වලංගු නොවන බව පැහැදිලිව තේරුම් ගත යුතුව ඇත. විසිට් වීසායනු රටකින් තවත් රටකට සංචාරය පිණිස යෑමේදී ලබාගත යුතු වන වීසා වර්ගයකි. ඒවා සංචාරක වීසා ලෙස හැඳින්වෙන්නේද එබැවිනි.සංචාරක කටයුතු සඳහා වලංගු වන එවැනි වීසා උපයෝගී කරගනිමින් රැකියා සඳහා විදේශ රටකට යෑම කිසිවිටෙකත් නොකළ යුත්තකි.එය රට රැකියා සඳහා විදේශගත වන විට අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයට පටහැනි වන අතරම, එමඟින් අනපේක්ෂිත අවදානම්සහගත තත්ත්වයන් ඇතිවීමේ අනතුරක්ද පවතී.

ලාංකිකයින් 140,000 ක් විදෙස් රැකියාවලට ගිහින්

එහෙත්, බොහෝවිට කුමන හෝ ක්‍රමයකින් රට රැකියාවකට යෑමේ හෝ යැවීමේ අරමුණුඇතිව කටයුතු කරන ඇතැමුන් මෙය පැහැදිලිව වටහා නොගැනීමෙන් අනවශ්‍ය ගැටලු රැසකට මඟපෑදෙයි. විසිට් වීසා මඟින් රට රැකියාසඳහා විදේශගත වන අයට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට මෙන්ම තානාපති කාර්යාල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවිදේශ රැකියා නියුක්ති කාර්යාංශය ඇතුළු විවිධ ආයතන ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයටද එමඟින් ගැටලු ඇති වෙයි. විසිට් වීසා මඟින් රට රැකියාසඳහා විදේශගත වන ඇතැම් පිරිස් නිසා ශ්‍රී ලංකාව රටක් ලෙස ජාත්‍යන්තරය තුළ අපකීර්තියට සහ අපහසුතාවට පත්වීමද බරපතළගැටලුවකි. එබැවින් විසිට් වීසා මඟින් රට රැකියා සඳහා පිටත්ව යෑමට පෙර මේ සියලු කරුණු ගැන දැනුවත්ව කටයුතු කිරීම ශ්‍රී ලාංකිකපුරවැසියන් වන ඔබ අප සැමගේම පුරවැසි යුතුකමක් සහ වගකීමක් බව සැලකිය යුතුය.

විසිට් වීසා මඟින් විදෙස් රැකියා සඳහා යොමු වූ අයෙකු එතෙර රටකදී කිසියම් ගැටලුවකට හෝ අර්බුදකාරී තත්ත්වයකට පත් වුවහොත්ඔවුන්ට කිසිදු අයුරකින් පිහිට වීමේ හැකියාවක් වගකිව යුතු ආයතනවලට හෝ ශ්‍රී ලංකා රජයට නැත. එබැවින් එවැනි පිරිස් අවසානයේදීකිසිදු හව්හරණක් නොමැතිව දුරු රටක අන්ත අසරණභාවයට පත් වන්නට බොහෝ ඉඩ ඇත. මේ වනවිටත් එවැනි අවදානම් සහගතතත්ත්වයන්ට මුහුණ දී සිටින ඇතැම් ශ්‍රී ලාංකික පිරිස් ගැන විවිධ රටවලින් වාර්තා වෙයි. තවදුරටත් එවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබා, විසිට් වීසා මඟින් රට රැකියා සඳහා යෑමට යෝ යැවීමට කටයුතු කිරීමෙන් වැළකී සිටීම වැදගත්ය.

විදෙස්රැකියාවකට එතෙර රටකට යෑමට පෙර ඒ සඳහා අදාළ වන නිසි ක්‍රමවේදය පිළිබඳව හොඳින් දැනුවත් වීමෙන් බොහෝ අනවශ්‍ය ගැටලුවළක්වා ගත හැකි වනු ඇත. මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් හෝ එහිවිශේෂ තොරතුරු අංශයේ 1989 ක්ෂණික ඇමතුම් සේවාවෙන් විමසිය හැකිය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විසිට් වීසාවලින් රට රැකියාවකට යෑමෙන් ඇති විය හැකි අවදානම ගැන දැනුවත් වන්න! | The Leader