The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රට රැකියාවකට යනවිට ලියාපදිංචිය ලබාගෙන ඔබේ ආරක්ෂාව සහතික කරගන්න

T

The Leader Desk

February 9, 2023 • 11:09 AM

රට රැකියාවකට යනවිට ලියාපදිංචිය ලබාගෙන ඔබේ ආරක්ෂාව සහතික කරගන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිරිසක් නිසි ලෙස විදෙස්ගතවීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි සහ ආරක්ෂාකාරී ක්‍රමවේදයන් පිළිබඳව අවබෝධයක්නොමැතිකම නිසාම ඉදිරියේදී උදා විය හැකි අනතුරුදායක වූත්, අවදානම් සහගත වූත් තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලක් නොදක්වාකටයුතු කිරීමෙන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වෙති.
  • තමන් ජාවාරම්කරුවන්ගේ දැළට හසුවී ඇති බව ඔවුන්ට අවබෝධවනවිට බොහෝ දේ සිදුව අවසන්ය.
  • විදෙස්ගත වන ශ්‍රමිකයින් ඉතා උපක්‍රමශීලීව මිනිස් වෙළෙඳාමට ගොදුරු කරගන්නා ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන්නේ ව්‍යාජ විදෙස්රැකියා නියෝජිත ආයතන සහ ඔවුන්ගේ තැරැව්කරුවන් හෝ අතරමැදියන් ලෙස පෙනී සිටින පුද්ගලයින්ගෙන් සැදුම්ලත් ජාලයක් හරහාය.
  • වංචාකාරී ලෙස ජනතාව රවටමින් සිය අරමුණු ඉටුකර ගන්නා ජාවාරම්කරුවන් තමන් කෙරෙහි විශ්වාසය තබන අසරණ ජීවිතපිළිබඳව කිසිදු වගකීමක් දැරීමට කිසිවිටෙකත් සූදානම් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

පිරිසක් නිසි ලෙස විදෙස්ගතවීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි සහ ආරක්ෂාකාරී ක්‍රමවේදයන් පිළිබඳව අවබෝධයක්නොමැතිකම නිසාම ඉදිරියේදී උදා විය හැකි අනතුරුදායක වූත්, අවදානම් සහගත වූත් තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලක් නොදක්වාකටයුතු කිරීමෙන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වෙති.

තමන් ජාවාරම්කරුවන්ගේ දැළට හසුවී ඇති බව ඔවුන්ට අවබෝධවනවිට බොහෝ දේ සිදුව අවසන්ය. අවසාන ප්‍රතිඵලය වන්නේ ඔවුන් මෙන්ම පවුලේ ආදරණීයයන්ද අසරණවීමය. විධිමත් ක්‍රමවේදනොසලකා කුමන හෝ ක්‍රමයකින් රට රස්සාවට යෑමෙන් මිනිස් ජාවාරමට ගොදුරු වන ඔවුන්ට අවසානයේදී ඉතිරි වන්නේ දුක, සෝකය,වේදනාව සහ පසුතැවිල්ල පමණි. එබැවින්, සතුට සොයා රට රැකියාවට යන ගමන නැණවත්ව, දැනුවත්ව සහ විධිමත්ව සැලසුම්කරගනිමින් ජාවාරම්කරුවන්ට ‘’අහුනොවී” විදෙස්ගත වීමට සියලුදෙනා සැලකිලිමත් විය යුතුය.

මිනිස් ජාවාරම්කරුවන් සොයා දීප ව්‍යාප්ත වැටලීම්

විදෙස්ගත වන ශ්‍රමිකයින් ඉතා උපක්‍රමශීලීව මිනිස් වෙළෙඳාමට ගොදුරු කරගන්නා ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන්නේ ව්‍යාජ විදෙස්රැකියා නියෝජිත ආයතන සහ ඔවුන්ගේ තැරැව්කරුවන් හෝ අතරමැදියන් ලෙස පෙනී සිටින පුද්ගලයින්ගෙන් සැදුම්ලත් ජාලයක් හරහාය. විදෙස්ගත වන විට පිළිපැදිය යුතු නීත්‍යානුකූල හා සදාචාරාත්මක ක්‍රමවේද නොසලකා කටයුතු කරන ඔවුන් බොහෝවිට විදෙස් රැකියාසොයා වෙහෙසෙන පිරිස් ඉලක්ක කරගනිමින් සිය ජාවාරම පවත්වාගෙන යන්නේ ඉතා සංවිධානාත්මකවය.

ලාංකික කාන්තාවන් ඕමානයේ දී මුදලට විකිණෙන්නේ ඇයි?

රැකියා සඳහා විදෙස්ගතවනවිට පිළිපැදිය යුතු මූලික කරුණු පිළිබඳව නිසි අවබෝධයක් හෝ දැනුවත්භාවයක් නොමැති පිරිස් සිය බසට අවනත කරගැනීමට ඔවුන්සමත් වෙයි. වංචාකාරී ලෙස ජනතාව රවටමින් සිය අරමුණු ඉටුකර ගන්නා ජාවාරම්කරුවන් තමන් කෙරෙහි විශ්වාසය තබන අසරණ ජීවිතපිළිබඳව කිසිදු වගකීමක් දැරීමට කිසිවිටෙකත් සූදානම් නැත. එබැවින්, එවැනි ජාවාරම්කරුවන් කෙරෙහි විශ්වාසය තබා විදෙස්ගත වනපිරිස් අවසානයේදී අන්ත අසරණ තත්ත්වයට පත්වෙති. මෙවැනි පසුබිමක් තුළ මිනිස් වෙළෙඳාම හෙවත් මිනිස් ජාවාරම පාලනය කිරීමසඳහා ජනතා දැනුවත්භාවය ඉතා වැදගත් වෙයි. විදෙස් රැකියා සඳහා එතෙර රටවලට සංක්‍රමණය වනවිට මිනිස් ජාවාරම්කරුවන්ගේගොදුරු බවට පත් නොවන්නට නම්, පිළිගත් හා විධිමත් ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත්ව, නැණවත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.

අතරමං නොවී, විශ්වාසයෙන් එතෙර යන මග - (සෝබා කෝලියවංශ)

විශේෂයෙන්ම, රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින් සැමවිටම ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමඅතිශයින් වැදගත් වන්නේ හේතු ගණනාවක් නිසාය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්තිකාර්යාංශය පිහිටුවා ක්‍රියාත්මක කරගෙන යනු ලබන්නේ රැකියා සඳහා විදේශගත වන ශ්‍රමික ජනතාවගේ ආරක්ෂාව සහ සුබසිද්ධියතහවුරු කිරීම සඳහාය. එම ආයතනයේ ප්‍රමුඛතම කාර්යභාරය සකසා ඇත්තේ විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් දැරියයුතු වන වගකීම සපුරා ඉටුකිරීම උදෙසාය. එබැවින්, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගත වන ශ්‍රීලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, රැකවරණය සහ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්තිකාර්යාංශය බැඳී සිටියි.

වෙනත් රටවල ඇති තානාපති කාර්යාල හරහා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකවරණය සැලසීමට එමෙආයතනය සැමවිටම කැපවී සිටියි. අදාළ රටවල නීතිරීතිවලට අනුගතව කටයුතු කරමින් රැකියාවල නියුතු වන අතරම, සිය සුරක්ෂිතතාවතහවුරු කරගැනීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවශ්‍ය පසුබිම සකසාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය බැඳී සිටියි.

 

ශ්‍රී ලංකාවේ දක්ෂතා ගිළිහීම සහ රඳවා ගැනීමේ අභියෝගය - (දිනේෂ් වීරක්කොඩි)
විදෙස්ගත වන ශ්‍රමිකයන්ට අවශ්‍ය තොරතුරු සියල්ල පහසුවෙන් දැනගැනීමටත්, නිසි දැනුවත්භාවය ලබාගැනීමටත් අවශ්‍ය පහසුකම් රාජ්‍යවගකීම සහිතව සැපයීමේ අවශ්‍යතාව සහ වැදගත්කම මේ වනවිට හඳුනාගනු ලැබ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු වනසැලසුම් සහ ක්‍රමවේදයන් විධිමත්ව පවත්වාගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට අදාළ අංශ විසින් දැනටමත් පියවර ගෙන ඇත.

රට තුළ සිටින ගෘහ සේවිකාවන් වෙනුවෙන් විශේෂ ක්‍රමවේදයක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර

විදෙස්ගත වන ශ්‍රමිකයන් පිළිබඳ වගකීම ශ්‍රී ලංකා රජය සතුව පවතින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රමුඛ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ රැකියා නියුක්තිකාර්යාංශය හා අනුබද්ධ ආයතන සැමවිටම කැපවී සිටියි. රැකියා සඳහා විදෙස්ගත වන සියලු ශ්‍රමිකයන් වෙත මෙම ආයතන හාපහසුවෙන් සම්බන්ධ විය හැකි පහසුකම් මේ වනවිට සලසා දී ඇත.

විදෙස් රැකියාවකට යෑමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු සියලුවැදගත් කරුණු ගැන දැනගැනීම සඳහා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ සහාය සේවාවක් ක්‍රියාත්මක වන අතර, අවශ්‍යඕනෑම විටෙක තොරතුරු දැනගත හැකි විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක්ද 1989 නමින් හඳුන්වා දී ඇත. එවැනි විශේෂ සේවාවන් ඔස්සේමනාව දැනුවත්ව, විධිමත්ව රට රැකියාවට යෑමෙන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්නොවී සතුටින් ජීවිතය අත්විඳිමේහැකියාව රැකියා සඳහා විදෙස්ගත වන සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට පහසුවෙන් ලබාගත හැකිය. එසේම, රට රැකියාවකට විදෙස්ගතවනවිට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා, නීත්‍යානුකූල හා සදාචාරාත්මක මෙන්ම විධිමත් ක්‍රමවේද අනුව කටයුතුකිරීමෙන් සැමට සැමවිටම ඉහළම ආරක්ෂාව, රැකවරණය සහ සැනසිල්ල සමඟ සතුට අත්විඳිය හැකිය.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රට රැකියාවකට යනවිට ලියාපදිංචිය ලබාගෙන ඔබේ ආරක්ෂාව සහතික කරගන්න | The Leader