The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නීත්‍යානුකූලව රට රැකියාවකට යෑමේ වාසි

T

The Leader Desk

February 16, 2023 • 11:20 AM

නීත්‍යානුකූලව රට රැකියාවකට යෑමේ වාසි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැබැවින්ම,විදෙස්ගතව රැකියාවක යෙදී උපන්බිමට විදෙස් විනිමය උපයාදීමේ සුවිසල් කාර්යභාරයට දායකත්වයක් සැපයීමට එවැනි විදෙස්ගත ශ්‍රමිකයන්ටමහඟු අවස්ථාවක්ද හිමිවෙයි.
  • එසේ වන්නේ නිසි පරිදි රට රැකියාවකට යෑම සඳහා අවශ්‍ය වන ක්‍රමවත්, විධිමත් සහ පිළිගත්පියවර අනුගමනය කරමින් නීත්‍යානුකූලව රට රැකියාවකට යෑම වෙනුවට ජාවාරම්කරුවන්ගේ උගුල්වලට හසුව නීතිවිරෝධී ලෙස කටයුතු කරන්නටයෑම නිසාය.
  • ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන මිනිස් වෙළෙඳ ජාවාරමේ ගොදුරක් බවට පත්නොවී නීත්‍යානුකූලව රට රැකියාවකට යෑමට ශ්‍රීලාංකිකයින් සැමවිටම කටයුතු කළ යුතු වන්නේ එබැවිනි.
  • කිසියම් හෝ මොහොතක සිදුවිය හැකි අනපේක්ෂිතකරදරයක් පිළිබඳව බියකින් සහ අනාරක්ෂිත හැඟීමකින් යුතුව පසු වනවා වෙනුවට ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ සහතිකයක් ඇතිවරැකියාව කරගෙන යෑමට ඔවුන්ට හැකියාව ලැබෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වැඩිවෙමින් පවතී. විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් විදෙස් රටවල පවතින බැවින් නිපුණ වෘත්තිකයින් ලෙස මෙන්ම විවිධ රැකියා අංශ සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් ලෙසද විදෙස්ගතවීමට ශ්‍රී ලාංකිකයින් උනන්දුවක් දක්වන්නේ විදෙස් රැකියා සඳහා හිමි වන ඉහළ වැටුප් සහ වරප්‍රසාද මෙන්ම විදෙස් රැකියාවක යෙදීම එක්තරා ආකාරයක අභිමානයක් ලෙසද සැලකිය හැකි බැවිනි.

සැබැවින්ම,විදෙස්ගතව රැකියාවක යෙදී උපන්බිමට විදෙස් විනිමය උපයාදීමේ සුවිසල් කාර්යභාරයට දායකත්වයක් සැපයීමට එවැනි විදෙස්ගත ශ්‍රමිකයන්ටමහඟු අවස්ථාවක්ද හිමිවෙයි. සිය පවුලේ ආදරණීයයන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්ද ඔවුන්ගේ ඒ දායකත්වය වැදගත්ය. එහෙත්, ඒ සියල්ල එසේ සිදු වන්නේ රට රැකියාවක් සඳහා විදේශගතවීම නිසි පරිදි කළහොත් පමණි.

ශ්‍රී ලාංකිකයින්ගේ රට රැකියා සිහින බොඳකර දමන සාපරාධී මිනිස් වෙළෙඳ ජාවාරමට ගොදුරු වන්නන්ට ඒ සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඔවුන්ට සිදු වන්නේ බොඳ වූ සිහින සමඟඑතෙර රටක අතරමංව දුක්පීඩාවන්ට ලක්වීමටය. එසේ වන්නේ නිසි පරිදි රට රැකියාවකට යෑම සඳහා අවශ්‍ය වන ක්‍රමවත්, විධිමත් සහ පිළිගත්පියවර අනුගමනය කරමින් නීත්‍යානුකූලව රට රැකියාවකට යෑම වෙනුවට ජාවාරම්කරුවන්ගේ උගුල්වලට හසුව නීතිවිරෝධී ලෙස කටයුතු කරන්නටයෑම නිසාය. ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන මිනිස් වෙළෙඳ ජාවාරමේ ගොදුරක් බවට පත්නොවී නීත්‍යානුකූලව රට රැකියාවකට යෑමට ශ්‍රීලාංකිකයින් සැමවිටම කටයුතු කළ යුතු වන්නේ එබැවිනි.

පෝලිමේ ගොස් පාස්පෝර්ට් ගත් අයගෙන් රට ගොස් ඇත්තේ තුනෙන් එකයි !

රැකියා සඳහා විදෙස්ගත වන විට පිළිපැදිය යුතු නීත්‍යානුකූල හා සදාචාරාත්මක ක්‍රමවේද අනුගමනය කරන්නේ නම්, රට රැකියා සිහින සැබෑකරගැනීම අපහසු වන්නේ නැත. එසේම, නීත්‍යානුකූලව රට රැකියා සඳහා යෑමේදී සැලසෙන වාසි රැසක් අත්විඳීමටද ශ්‍රී ලාංකිකයින්ට හැකියාවලැබේ.

විශේෂයෙන්ම, අනපේක්ෂිත අතුරු අනතුරු, උපද්‍රව හෝ විපත් වැනි අර්බුදකාරී තත්ත්වයන්ට ගොදුරුව දුක්පීඩා විඳීමට සිදුනොවන බැවින්සැනසීමෙන් යුතුව විදෙස්ගත ශ්‍රමිකයකු ලෙස කටයුතු කිරීමේ මානසික නිදහස සහ තෘප්තිය අත්විඳීමට නීත්‍යානුකූලව රට රැකියා සඳහා පිටත්වයන ශ්‍රී ලාංකිකයින්ට හැකියාව ලැබෙන අතර, එය සෙසු වාසි සියල්ලට වඩා වැදගත් වෙයි. උපන් රටෙන් බැහැර විදෙස් රටක රැකියාවක නිරත වනශ්‍රමිකයකුට ඒ මානසික නිදහස මිල කළ නොහැකි තරම් ඉහළ වටිනාකමකින් යුක්ත වේ. කිසියම් හෝ මොහොතක සිදුවිය හැකි අනපේක්ෂිතකරදරයක් පිළිබඳව බියකින් සහ අනාරක්ෂිත හැඟීමකින් යුතුව පසු වනවා වෙනුවට ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ සහතිකයක් ඇතිවරැකියාව කරගෙන යෑමට ඔවුන්ට හැකියාව ලැබෙයි.

ක්‍රමවත්, විධිමත් පියවර අනුගමනය කරමින් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී, නීත්‍යානුකූලව රට රැකියාවකට යෑමෙන්ලබාගත හැකි සෙසු වාසි:


■ හදිසි කරදරයකදී හෝ අපහසුතාවකට පත්වූ අවස්ථාවකදී පිහිටක් ලබාගැනීමට හැකිවීම
■ අසාධාරණ හෝ අයුක්ති සහගත තත්ත්වයක් හමුවේ අසරණභාවයට පත් නොවී නෛතික සහාය ලබාගැනීමට හැකිවීම
■ විදෙස් රටක අතරමං නොවී තානාපති කාර්යාල හරහා වැඩකටයුතු කරගැනීමට අවශ්‍ය සහාය, උපදෙස් සහ මඟපෙන්වීම ලබාගැනීමේහැකියාව
■ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හරහා ලබාගත හැකි ණය පහසුකම්
■ තීරුබදු රහිත වාහන මිලදීගැනීමේ හා අමතර තීරු බදු සහන ලබාගැනීමේ හැකියාව
■ වෙනත් ප්‍රවර්ධන වැඩසටහන් ඔස්සේ ලබාගත හැකි ප්‍රසාද තිළිණ
■ ඕනෑම අවස්ථාවක එතෙර රටක තානාපති කාර්යාල වෙතින් සහාය ලබාගැනීමේ හැකියාව
■ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව පහසුකම්ද හිමිකර ගත හැකිවීම
■ ස්වයං රැකියා ආධාර

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් 'රට විරුවන්ට' පොල්ලක් !

නීත්‍යානුකූලව රට රැකියාවකට යෑමේදී හිමි වන වාසි පිළිබඳව විදෙස් රැකියාවකට යෑමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු සියලු වැදගත් කරුණුගැන දැනගැනීම සඳහා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ සහාය සේවාවක් ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය ඕනෑම විටෙක තොරතුරුදැනගත හැකි විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක්ද 1989 නමින් හඳුන්වා දී ඇත.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...