The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිසි ක්‍රමවේද අනුගමනය කරමින් රට රැකියාවකට යෑමෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය

T

The Leader Desk

February 21, 2023 • 11:34 AM

නිසි ක්‍රමවේද අනුගමනය කරමින් රට රැකියාවකට යෑමෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රැකියා අවස්ථා සඳහා මෙරට පවතින තරගකාරීත්වය හමුවේ රට රැකියා සඳහා විදේශගත වන තරුණ පිරිස් ප්‍රමුඛ සියලු ශ්‍රීලාංකික ශ්‍රමිකයින්ගේ ඒ අරමුණ සැබෑ ලෙසම ඉටුකර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙයි.
  • ඒ සියලු රැකියා සඳහා ඉහළ වැටුප් සහ වරප්‍රසාද ඇතුළු පහසුකම් රැසක් හිමිවෙයි.
  • සැබැවින්ම යහපත් අනාගතයක් ගැන සිහින මවන ශ්‍රී ලාංකිකයින්ට ඉදිරි ජීවිතය ජයගැනීමට ඉඩහසර ලබාදෙන එවැනි රට රැකියා මඟින්ශ්‍රමිකයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් වඩා යහපත් ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීමේ හැකියාව ලැබෙයි.
  • ආහාර, විදුලිය, ඉන්ධන,ඖෂධ, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය සහ නිවාස ඇතුළු විවිධ අත්‍යවශ්‍ය දෑ සඳහා වියපැහැදම් කිරීමේ හැකියාව සහිත ආර්ථික ශක්තියක්ගොඩනගා ගැනීමේ හැකියාව ලැබීමෙන් ඔවුන්ට සතුට සපිරි යහපත් පවුල් ජීවිත පවත්වාගෙන යෑමටද ඉඩ ලැබෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රැකියා අවස්ථා සඳහා මෙරට පවතින තරගකාරීත්වය හමුවේ රට රැකියා සඳහා විදේශගත වන තරුණ පිරිස් ප්‍රමුඛ සියලු ශ්‍රීලාංකික ශ්‍රමිකයින්ගේ ඒ අරමුණ සැබෑ ලෙසම ඉටුකර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා විදෙස් රටවලවිවිධ රැකියා අවස්ථා විහාල ප්‍රමාණයක් තිබේ. ඒ සියලු රැකියා සඳහා ඉහළ වැටුප් සහ වරප්‍රසාද ඇතුළු පහසුකම් රැසක් හිමිවෙයි.

සැබැවින්ම යහපත් අනාගතයක් ගැන සිහින මවන ශ්‍රී ලාංකිකයින්ට ඉදිරි ජීවිතය ජයගැනීමට ඉඩහසර ලබාදෙන එවැනි රට රැකියා මඟින්ශ්‍රමිකයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් වඩා යහපත් ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීමේ හැකියාව ලැබෙයි. දැඩි ආර්ථිකඅර්බුද මධ්‍යයේ වුවද ගෘහස්ථ ජීවිත පවත්වාගෙන යෑමේ අභියෝගය ජයගැනීමට එමඟින් ඔවුන්ට හැකි වෙයි. ආහාර, විදුලිය, ඉන්ධන,ඖෂධ, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය සහ නිවාස ඇතුළු විවිධ අත්‍යවශ්‍ය දෑ සඳහා වියපැහැදම් කිරීමේ හැකියාව සහිත ආර්ථික ශක්තියක්ගොඩනගා ගැනීමේ හැකියාව ලැබීමෙන් ඔවුන්ට සතුට සපිරි යහපත් පවුල් ජීවිත පවත්වාගෙන යෑමටද ඉඩ ලැබෙයි.

ශ්‍රී ලාංකිකයින් 50,000කට මැදපෙරදිග රැකියා අහිමිවීමේ අනතුරක්!

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රට රැකියාවල නියැළෙමින් මෙරටට එවන විදෙස් විනිමය යොදවමින් පවුලේ ඇත්තන් විසින් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර අරඹන අවස්ථාද ඇත. එමඟින් ඔවුන්ගේ පවුල්වල මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම සඳහාදඉඩ සැලසෙයි. ගමෙන් ගමට, නගරයෙන් නගරයට ඒ අයුරින් ආර්ථික සංවර්ධනයක් සිදු වනවිට එය සමස්ත වශයෙන් ගමට, රටට පමණක්නොව පුරවැසි ප්‍රජාවටද ඵලදායී වනු ඇත. එමඟින් දුගී දුප්පත්කම, අසරණභාවය සහ සෝ ළතැවුල් වෙනුවට රට පුරා ගම් දනව් සිසාරාසශ්‍රීකත්වය සහ ආර්ථික සංවර්ධනය ව්‍යාප්ත වීමෙන් සහජීවනය සහ ස්වාධීනත්වය සපිරි ජීවන රටාවන් ඇති වනු ඇත.

එසේම, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන විදෙස් විනිමය මෙරට ජාතික ආර්ථිකය ගොඩනැගීමට සුවිසල්දායකත්වයක් සපයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලාශ්‍ර අනුව, 2021 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ විදෙස්ගතශ්‍රමිකයින්ගෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 5,166ක් ලැබී ඇත. එය 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3,314ක් විය.

කරදර නොවී විදේශ රැකියාවකට යමු

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ඉදිරියට යෑමේදී මුහුණදීමට සිදු වන බොහෝ අභියෝගයන් ජයගැනීමට මෙම විදෙස් විනිමයමඟින් ලැබෙන අත්වැල කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේසිට සංවර්ධන ක්‍රියාදාමයන් ඇතුළු සමස්ත ආර්ථික යාන්ත්‍රණය පවත්වාගැනීම සඳහා එමඟින් ලැබෙන දායකත්වය සුවිසල්ය. විදෙස්ගත ශ්‍රීලාංකික ශ්‍රමිකයින් බොහෝ කැපකිරීම් කරමින් එතෙර රටවල වෙහෙසී උපයන විදෙස් විනිමය මඟින් ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනිකකරුණු හා සෘජුව සම්බන්ධ ආර්ථික රටාව කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව නොරහසකි.

දැන ගියොත් පිටරට- නොදැන ගියොත් පාරට! - (හර්ෂා සුගතදාස)

මේ සියලු කරුණු මෙසේ වන්නේ රට රැකියා සඳහා විදේශගත වන විට නිසි ක්‍රමවේද අනුගමනය කරන්නේ නම් පමණි. එසේ නොවුවහොත්සිදු වන්නේ රට රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැර වන ශ්‍රමිකයින් මෙන්ම ශ්‍රී ලංකාවද අනවශ්‍ය අර්බුදකාරී තත්ත්වයන්ට පත්වීමය.එවැනි තත්ත්වයන් මඟහරවාගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා ක්‍රමවත්, විධිමත් සහ පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් නීත්‍යානුකූලවරට රැකියා සඳහා යෑම අත්‍යවශ්‍ය වෙයි.

නීත්‍යානුකූලව රට රැකියාවකට යෑමෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය පිළිබඳව සහ විදෙස් රැකියාවකට යෑමට පෙර ගත යුතුක්‍රියාමාර්ග ඇතුළු සියලු වැදගත් කරුණු ගැන දැනගැනීම සඳහා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ සහාය සේවාවක් ක්‍රියාත්මකවන අතර, අවශ්‍ය ඕනෑම විටෙක තොරතුරු දැනගත හැකි විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක්ද 1989 නමින් හඳුන්වා දී ඇත. 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිසි ක්‍රමවේද අනුගමනය කරමින් රට රැකියාවකට යෑමෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය | The Leader