The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

පෞද්ගලික දේපලවලට එරෙහි අනුරාගික අරගලය - සමබිම පක්ෂය

T

The Leader Desk

November 22, 2023 • 5:11 AM

පෞද්ගලික දේපලවලට එරෙහි අනුරාගික අරගලය - සමබිම පක්ෂය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාලයක් තිස්සෙ පැවති සමාජ ගැටලුවකට තිරසාර විසඳුමක් මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.
  • මුඩුබිම් පනතින් පසුව මෙලෙස පීඩිත ජනතාව වෙනුවෙන් ගත් සාධනීය තීන්දු තීරණයක් අන්තර්ගතවී ඇති අයවැයක් ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇත.
  • විශේෂයෙන්ම ඉඩම් නොමැති සහ ඉඩම් ආරවුල් ඇති මිනිසුන් හට ඉඩම් ලබාදීම වැනි යෝජනා ඉදිරිපත් කිරීම තුළින් මෙරට සිටින මිලියන දෙකක පමණ ජනතාවට සහන හිමිවීමට නියමිතව ඇත.
  • නාගරික දුප්පත් ජනතාවගේ නිවාස ගැටලු විසඳීමට ද අය වැයෙන් සාධනීය යෝජනා ඉදිරිපත් කොට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විට පැහැදිලි වන්නකි. කාලයක් තිස්සෙ පැවති සමාජ ගැටලුවකට තිරසාර විසඳුමක් මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.

මුඩුබිම් පනතින් පසුව මෙලෙස පීඩිත ජනතාව වෙනුවෙන් ගත් සාධනීය තීන්දු තීරණයක් අන්තර්ගතවී ඇති අයවැයක් ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇත. විශේෂයෙන්ම ඉඩම් නොමැති සහ ඉඩම් ආරවුල් ඇති මිනිසුන් හට ඉඩම් ලබාදීම වැනි යෝජනා ඉදිරිපත් කිරීම තුළින් මෙරට සිටින මිලියන දෙකක පමණ ජනතාවට සහන හිමිවීමට නියමිතව ඇත. 

poor b

නාගරික දුප්පත් ජනතාවගේ නිවාස ගැටලු විසඳීමට ද අය වැයෙන් සාධනීය යෝජනා ඉදිරිපත් කොට ඇත.

එහෙත් මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස වැනි දේශපාලනික කුහකයන් දක්වන්නෙ තුෂ්නිම්භූත වූවාක් වැනි නිහඬ හැඟීමකි. මේ නිසා මුදල් ඇමතිවරයා ගේ යෝජනාවන් වලට කර කියාගත නොහැකි තත්ත්වයක් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට ඇති වී ඇත.


විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සිතන්නේ ලංකාවේ පොදු දේපළ [public property - state] පමණක් ඇති බවත් පෞද්ගලික දේපල [ private property - Freedom  ] නොමැති බවත්ය. මේ නිසා මෙවර අයවැයෙන් ඉතා ප්‍රබල කම්පනයක් ඇති කරන ලද්දේ විජේවීර වාදී මෙම මනෝ භ්‍රාන්තිය ටය. 

අයවැය තුළින් ඉදිරිපත් කරන මෙම කටුක යථාර්ථයෙන් බේරීම සඳහා ඊට විකල්පයක් ලෙස අනෙකාගේ විනෝදයන නම් සාධකය ඉදිරියට ගෙන ඇත. එනම්  cricket Bord එක සම්බන්ධ ගැටලුව රටේ ප්‍රධාන ගැටලුව බවට පත් කිරීමයි. 

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර කුමාර දිසානායක යන දෙදෙනාම නොදන්නා දේ වන්නේ ක්‍රිකට් බෝර්ඩ් එකේ මුදල් යනු පෞද්ගලික මුදල් වන බවයි. එම පෞද්ගලික මුදල් ක්‍රියාත්මක කරන්නේ පෞද්ගලික අභිලාෂයන් සාක්ෂාත් කර කරගැනීම සඳහාය. එයට සමාජ අරමුණු නැත .එය charity යක් නොවේ. මේ බව නොදන්නා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනා  පෞද්ගලික දේපල සම්බන්ධ මෙම සුවිශේෂී ගැඹුරු ගැටලුව ප්‍රධාන අංශ දෙකකට ඇදගෙන යාමට කටයුතු කරමින් ඇත. 



එනම් සජිත් ප්‍රේමදාස මෙම ගැටළුව නීති ප්‍රශ්නයක් වෙත ඇද ගෙන යන අතර අනුර කුමාර දිසානායක එම ගැටලු ඇදගෙන යන්නේ සදාචාර ප්‍රශ්නයක් වෙතටයි. මෙම තත්ත්වය අපට අදේශපාලනය ලෙස නම් කළ හැක. මෙම අදේශපාලනය කෙතරම් ලංකාවේ අධිනිශ්චය වී ඇත්දැයි ප්‍රකාශ කිරීමට ඇති හොඳම නිදසුන වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට චූන් එක වැඩි වී ලංකාවේ සිටින විශාලතම අන්ත දූෂිතයා වන්නේ ෂම්මි සිල්වා බව ප්‍රකාශ කිරීමයි.



360 වැඩසටහන තුළදී සංඛ අමරජිත් නමැති තොත්ත බබා විසින් cricket board එක සම්බන්ධ ගැටළුව ගැන ප්‍රකාශ කිරීමේදී අධිකරණය විසින් අතුරු තහනම් නියෝගය ගෙන ඒමට බලපෑ මූලික නිර්ණායකය පිළිබඳව ඔහුගේ අදහස ගැන කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත. 

සත්‍ය වශයෙන්ම අධිකරණය විසින් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය තහනම් කිරීමට කටයුතු කළේ ICC ය විසින් දේශපාලනික ඇගිලි ගැසීම් වහාම නතර කරන ලෙස විෂයභාර අමාත්‍යවරයාට අවස්ථා ගණනාවක දී දැනුම් දී ඇති පසුබිමක ය. මෙම අතුරු තහනම් නියෝගය සඳහා ෂම්මි සිල්වා ගේ කිසිදු සම්බන්ධයක් නැත. 

"සමබිම පක්ෂය " කිසිදු අවස්ථාවකදී සම්මි සිල්වාගෙන් කිසිදු මුදලක් අරගෙන නොමැත. එහෙත් අප ශම්මි සිල්වා ගේ පාර්ශවය පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක වැනි දේශපාලන නරුමයන් විසින් වසර විස්සකට අධික කාලයක් තුළ පතුරමින් යන සහ ජන විඥානයට ඇතුළු කරමින් ඇති මතවාදයක් වන "පෞද්ගලික දේපල "හම්බ කිරීම , භාවිතා කිරීම, ඉතා කැත අශෝභන, ජනතාවගේ විනෝදය [others enjoyment ] මංකොල්ල කන දෙයක් බවට පෙන්වමින් සිදුකරමින් යන විනාශයට විරුද්ධව වේ. 

sa0o

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන දෙන්නාම සිදුකරමින් ඇත්තේ පෞද්ගලික දේපළ වලට ඉරිසියා කිරීමට ජනතාව පෙළඹවීමයි. ඔවුන්ගේ කෝපය ජන්ද මැෂිමක් කිරීමටය. එසේම තම ගොං අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ගණිකා වෘත්තියේ යෙදවීමටද සජිත් ප්‍රේමදාස මෙන්ම අනුර කුමාර දිසානායක ද කටයුතු කරමින් ඇත.  

සැබෑවට නම් අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස වෙත ආකර්ෂණීය වී සිටින ව්‍යාපාරික ඉහළ මධ්‍යම පාන්තිකයන් මොවුන් සම්බන්ධයෙන් ඉතා බිය විය යුතුය. ඊට හේතුව වන්නේ මොවුන්ගේ බලය මුලින්ම මෙම මධ්‍යම පන්තිය වටා ඇති දේපල ඉතා ඉක්මනින් පොදු දේපළ බවට පත් කරන මතවාදී යාන්ත්‍රණයක් මොවුන් සමඟම පැමිණෙන බැවිනි .

අප විසින් ඉහත ඉදිරිපත් කරන ලද ප්‍රවාදය බොරුවක් නම් එය ඔප්පු කර පෙන්වන ලෙස අප ඔබට අභියෝග කර සිටින්නෙමු.

(සමබිම පක්ෂය)

slvanguardparty@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...