The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

අකිලාගේ පන්නරය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

November 22, 2023 • 7:00 AM

අකිලාගේ පන්නරය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයසැති අකිලා තිරුනායකී, එම ඉසව් අවසානයේ කැමරාවට හසු වී තිබුණු ඡායාරූපයේ විජයග්‍රාහී ජයග්‍රාහිකාවකගේ උතුරා ගලන ප්‍රමෝදයක් හෝ ආඩම්බරයක් සනිටුහන් වී නොතිබිණ.
  • පරම්පරා ගාණක් කඳුකර ප්‍රදේශවල සැතපුම් ගානක් පයින් ඇවිදි ජානමය සංයුතිය කෙන්යානුවන්ට දිගු කලක් දැරිය හැකි ශක්තිය හෙවත් එන්ඩ්‍යුරන්ස් ලබා දෙන්නේ යැයි විශ්වාස කෙරේ. අකිලාගේ වයස සලකා බලන විට, 1983 දී ඈ වයස තිස් එක් හැවිරිදි තරුණියක ය.
  • මේ කාලය තුළ අකිලා හා ඇගේ පවුල කළේ කුමක් ද කියා මම නොදනිමි.
  • ඇගේ පරිසරයේ ජීවත් වූ බොහෝ දෙනා කලින් කල, තැනින් තැන අවතැන් වූ බව ඡායාරූපවලින් දුටු අවස්ථා එමට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වයසැති අකිලා තිරුනායකී, එම ඉසව් අවසානයේ කැමරාවට හසු වී තිබුණු ඡායාරූපයේ විජයග්‍රාහී ජයග්‍රාහිකාවකගේ උතුරා ගලන ප්‍රමෝදයක් හෝ ආඩම්බරයක් සනිටුහන් වී නොතිබිණ. පාවහන් රහිත ව එම දුර දිවූ ඇයගේ තරමක් කඩා වැටුණු මුහුණේ මට පෙනෙන්නේ විඩාවක සේයාවකි. 

PHOTO 2023 11 22 12 13 01 3
අද දවසේ මෙවැනි ජයග්‍රහණයක ලත් විගස ක්‍රීඩකයන් කොඩි වනමින්, පොළොව සිඹිමින්, අතපය දස අතේ විසි කරමින්, ප්‍රේක්ෂකයන්ට පියාඹන චුම්භන යවමින් කැමරාවට කරන අධි රංගන කිසිවක අකිලා කළ බවක් නොපෙනේ. 

PHOTO 2023 11 22 12 13 00
මැරතන් ක්‍රීඩා ඉසව්වේ බොහෝ කාලයක් ඉදිරියෙන් සිටින්නේ කෙන්යානු ජාතිකයන් ය. ඇටසැකිල්ලට ඇළවුණ සේ සැදුණ කෙසඟ සිරුරු සහිත  කෙන්යානුවෝ මැරතන් තරග දිනන අයුරු පුදුම සහගත ය. පරම්පරා ගාණක් කඳුකර ප්‍රදේශවල සැතපුම් ගානක් පයින් ඇවිදි ජානමය සංයුතිය කෙන්යානුවන්ට දිගු කලක් දැරිය හැකි ශක්තිය හෙවත් එන්ඩ්‍යුරන්ස් ලබා දෙන්නේ යැයි විශ්වාස කෙරේ. 

IMG 20231122 WA0027අකිලාගේ වයස සලකා බලන විට, 1983 දී ඈ වයස තිස් එක් හැවිරිදි තරුණියක ය. ඉන් අනතුරුව ගෙවුණු දශක තුනක් පමණ කාලයේ අකිලා ජීවත් වූ පරිසරයේ තිබුණේ ජවන පිටියක් නොව යුධ පිටියකි. මේ කාලය තුළ අකිලා හා ඇගේ පවුල කළේ කුමක් ද කියා මම නොදනිමි. ඇගේ පරිසරයේ ජීවත් වූ බොහෝ දෙනා කලින් කල, තැනින් තැන අවතැන් වූ බව ඡායාරූපවලින් දුටු අවස්ථා එමට ය. උතුරට ගිය සීමිත අවස්ථාවකදී බඩු පොදි පැදුරු මාළු කරේ හිසේ තබා ගෙන තැනකින් තැනකට යන අකිලලා මම දැක ඇත්තෙමි. ඔවුන් ඇවිද ගිය දුර මීටර 1500ට 5,000ට වඩා දුර ය. ඒ ප්‍රීති ඝෝෂා හා ඔල්වරසන් මධ්‍යයේ නොවේ. 

IMG 20231122 WA0028

රන් පදක්කමක් දිනු මේ අවස්ථාවේ, කැමරාවට හසු වුණු අකිලාගේ දෑතට හා කරට එවැනි බඩු පොදි කිහිපයක් හා එතුණු පැදුරු මාල්ලක් පොටෝ-ශොප් කළහොත්, අකිලා ද කලකට පෙර තැනකින් තැනකට අවතැන් වූ දහස් ගණනක දමිළ ජනතාවගේ රුවෙන් හා හැඟුමෙන් දශමයක්වත් වෙනස් නොවේ යැයි මට සිතේ. 

PHOTO 2023 11 22 12 13 02 2

කඳු තරණය කළ පරම්පරාගත ජානවලින් සුසෑදුණු කෙන්යානු මැරතන් ශූරියකට මෙන් තම අතීත අත්දැකීමෙන් ලද පන්නරය හා දරාගැනීමේ හැකියාවට පාදක වූ මෑත ඉතිහාසය හා ඒ වටා ඈඳුණු අසාධාරණය ගැන අකිලාටත්, අකිලා රන් පදක්කම් පෙරලා රැගෙන එන රටටත් ආඩම්බර විය හැකි දැයි අඩමාන ය.

කොළඹ (ට කිරි) සරසවිය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අකිලාගේ පන්නරය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader