The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිද?

T

The Leader Desk

November 23, 2023 • 1:27 PM

ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යළිත් ප්‍රජා අයිතිය අහෝසි කිරීම හෙවත් 'ප්‍රජා අශක්නුතාව' පිළිබඳව සමාජය තුළ දැඩි අවධානයක් යොමු වී තිබේ.
  • ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වග කිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ ප්‍රජා අයිතීන් අහෝසි කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නොවැම්බර් 17 වන දා පාර්ලිමේන්තුවේදී කළ යෝජනාව හේතුවෙනි.
  • පසුව නොවැම්බර් 21 වන දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනා‍ධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ, අදාළ වගකිවයුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන ලෙසය.
  • සිය අයිතීන් නැති කළ යුතු යැයි කියන නායකයන් පසුගිය කාලයේ කළ කී දේවල් තමන්ට මතක ඇති බව කී ඔහු, අනුන්ගේ අයිතීන් නැති කිරීමට කතා කරන අය රටේ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට වැඩ කළ යුතු බව පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

යළිත් ප්‍රජා අයිතිය අහෝසි කිරීම හෙවත් 'ප්‍රජා අශක්නුතාව' පිළිබඳව සමාජය තුළ දැඩි අවධානයක් යොමු වී තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වග කිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ ප්‍රජා අයිතීන් අහෝසි කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නොවැම්බර් 17 වන දා පාර්ලිමේන්තුවේදී කළ යෝජනාව හේතුවෙනි.

පසුව නොවැම්බර් 21 වන දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනා‍ධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ, අදාළ වගකිවයුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන ලෙසය.


''දැන් මුළු රටේ ම ඉල්ලුමක් තිබෙනවා රට බංකොලොත් කරපු කණ්ඩායමට නිසි දඬුවමක් දෙන්න කියලා. මේ අය යහතින් මේ දේවල් තවත් ඉදිරියට කරගෙන යනවා ද කියලා රට අහනවා. ඒ නිසා මේ අයට තවදුරටත් සිවිල් අයිතිවාසිකම් ලබා දීම නුසුදුසුයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් කරපු කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවන්නේ ජනාධිපති විශේෂ කොමිසමක් හරහායි. ඒ සඳහා ක්‍රියා කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඒ ක්‍රියාමාර්ගය ජනාධිපති විසින් ගත යුතු යැයි කියලා අපි මේ අවස්ථාවේ රටේ ලක්ෂ දෙසීය විස්ස වෙනුවෙන් යෝජනා කරනවා.''


මේ අතර, මෙරට ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු මුදල් ඇමති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ නොවැම්බර් 21 වන දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සිය අයිතීන් නැති කළ යුතු යැයි කියන නායකයන් පසුගිය කාලයේ කළ කී දේවල් තමන්ට මතක ඇති බව කී ඔහු, අනුන්ගේ අයිතීන් නැති කිරීමට කතා කරන අය රටේ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට වැඩ කළ යුතු බව පැවසීය.

මේ අතර, විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා මෙතෙක් දක්වා නොමැත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

hsdjkfe

රට තුළ මතු වී ඇති ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි නොවැම්බර් 14 වන දා තීන්දු කළේය.

ඊට අමතරව, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පාර්ශව ද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දු කළහ.


ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.


එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මලල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ කුමන වැරදි යටතේ ද?

දේශපාලනඥයෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා බලපාන වැරදි කිහිපයක් ඇතැයි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.


ඒ අනුව, "දේශපාලනික පළිගැනීම් කිරීම, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, දූෂණ හෝ වංචාවල නිරත වීම සහ අධිකරණයට ඇඟිලි ගැසීම යන කාරණාවලට වැරදිකරු වන පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි," බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

ප්‍රජා අයිතිය අහෝසි කෙරෙන ක්‍රියාවලිය කුමක් ද?

යමෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හෙවත් ප්‍රජා අශක්නුතාව සඳහා පළමුවෙන් ම කළ යුත්තේ, 1978 විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත යටතේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමය.

එය පත් කරනු ලැබිය යුත්තේ, ජනාධිපතිවරයා විසිනි.


hoiere"ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත් කරන්න ඕන මුලින් ම. එහෙම පත් කළාට පස්සේ ඒ කොමිෂන් සභාව සාක්ෂි කැඳවලා, තොරතුරු එක් රැස් කරලා අවසානයේ නිර්දේශ කරන්න ඕනෙ අදාළ පුද්ගලයා හෝ කිහිප දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි කියලා," ආචාර්ය ජයම්පති පැවසීය.
"ඒ නිර්දේශය යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුණොත් තමයි ප්‍රජා අයිතිය අහෝසි වෙන්නේ."


ඒ අනුව, උපරිම වශයෙන් වසර 7ක කාලයක් සඳහා ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිය.

ප්‍රජා අයිතිය අහෝසි වුවහොත් අහිමි වන්නේ මොනවා ද?

දේශපාලකයෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ පසු අහෝසි කෙරෙන කාල සීමාව අනුව (උපරිමය වසර7ක්) ඔහුට හිමි සියලු වරප්‍රසාද සියල්ල අහිමි වන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය.

ඒ අනුව, මැතිවරණවලට තරග කිරීම, ඡන්දය භාවිත කිරීම, රජයේ නිලතල දැරීම තහනම් වන අතර, මන්ත්‍රීවරයෙකු නම් ඔහුගේ මන්ත්‍රී ධූරය ද අහෝසි වෙයි.

සමගි ජන බලවේගයෙන් විකල්ප දෙකක්

ආර්ථික අර්බුදයට වග කිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතීන් අහෝසි කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ගැනීමට උපරිම උත්සහ දරන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී. පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු සඳහන් කළේ, යම් හෙයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා කොමිෂන් සභාවක් පත් නොකළහොත් විකල්ප ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සැලසුම් කර ඇති බවය.


"ප්‍රජා අයිතිය අහෝසි කරන්න විමර්ශන කොමිෂන් සභාවක් පත් කළේ නැත්නම් අපට විකල්පයක් තියෙනවා. එහෙම වුණොත් අපි අදාළ වැරදිකරුවන්ගේ විශ්‍රාම වැටුප්, වෙනත් දීමනා, වරප්‍රසාද අහිමි කරන්න පාර්ලිමේන්තුවට පනතක් ගේනවා," නීතිඥ අජිත් පී. පෙරේරා පැවසීය.


ඔහු පැවසුවේ, එවැනි පනතකට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. කෙසේ වෙතත්, එය අධිකරණය විසින් තීන්දු කරනු ලබනු ඇතැයි ඔහු පැවසීය.

පාර්ලිමේන්තුව හරහා ප්‍රජා අයිතිය අහෝසි කිරීම් පිළිබඳ අතීතය

xgter

දේශපාලකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ සිද්ධිය වන්නේ, හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමය.


මීට වසර 43කට පෙර එනම් 1980 වසරේ ඇයට එරෙහිව එම තීන්දුව ක්‍රියාත්මක වූයේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක කැමැත්ත ඇතිවය.


එහිදී, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරිණි.

(BBC සිංහල සේවය)

(අවධාරණය කිරීම් අපෙන්- සංස්කාරිකා)

   

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිද? | The Leader