The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත නිසා හානි වඩාත් නරක අතට හැරේවි ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

November 24, 2023 • 12:05 PM

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත නිසා හානි වඩාත් නරක අතට හැරේවි ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරන සියලු දෙනා නොවේ නම් සමහරු එයට එකඟ වනු ඇත. මතභේදයක් ඇත්තේ මෙම නීතිය එයට විසඳුම ද යන්න පිළිබඳව ය.
  • මා පහත පෙන්නුම් කරන්නේ මෙමගින් ඉදිරිපත් කරන විසඳුම නිෂ්ඵල බව යි.
  • හානි මගින් පීඩාවට ලක්වන තැනැත්තන්ගේ තත්ත්වය මෙයින් තවත් නරක් වනු ඇත.
  • ගෝලීය තාක්ෂණ සමාගම් මගින් ලබාදෙන සේවා භාවිතා කරන්නන්ගේ තත්ත්වය මෙයින් වඩාත් නරක් වීමට ඉඩ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කරන සියලු දෙනා නොවේ නම් සමහරු එයට එකඟ වනු ඇත. 

මතභේදයක් ඇත්තේ මෙම නීතිය එයට විසඳුම ද යන්න පිළිබඳව ය. මා පහත පෙන්නුම් කරන්නේ මෙමගින් ඉදිරිපත් කරන විසඳුම නිෂ්ඵල බව යි. හානි මගින් පීඩාවට ලක්වන තැනැත්තන්ගේ තත්ත්වය මෙයින් තවත් නරක් වනු ඇත. ගෝලීය තාක්ෂණ සමාගම් මගින් ලබාදෙන සේවා භාවිතා කරන්නන්ගේ තත්ත්වය මෙයින් වඩාත් නරක් වීමට ඉඩ ඇත.

සමාජ මාධ්‍ය වෙනස් වන්නේ කෙසේද?


දශක අටකට වැඩි කලක් ආණ්ඩු විද්‍යුත් මාධ්‍ය සමග කටයුතු කොට ඇත. දැන් ඔවුහූ සමාජ මාධ්‍ය නියාමනය කරන්නට උත්සාහ කරති. පැරණි මාධ්‍යවලින් සමාජ මාධ්‍ය වෙනස් වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම මෙහි දී වැදගත් වෙයි.

ගුවන්විදුලි සහ රුපවාහිනී විකාශන සහ පුවත්පත් මෙන් නොව සමාජ මාධ්‍යයේ ප්‍රකාශකයෝ දශලක්ෂ ගණනක් සිටිති. මෙමගින් අන්තර්ගත නිර්මාපකයන්ට වහකීම් පැවරීම අපහසු කරනු ලබයි. ඇතැම් අවස්ථාවල අන්තර්ගත නිර්මාපකයින් හඳුනාගැනීමට පවා නොහැකි වෙයි. පැරණි මාධ්‍යයේ මෙන් නොව, ප්‍රකාශකයින් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සපයන වේදිකා ඕනෑම රටක තිබිය හැක. මෙනිසා ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කිරීම දුෂ්කර වේ.

වෛරස් ප්‍රචාරණය යනුවෙන් හඳුන්වන ලබන්නේ අලුත්ම මාදිලියක තොරතුරු සම්ප්‍රේෂණයකි. සමාජ මාධ්‍ය වේදිකාවක පළ වූ දෙයක් එහි මුල් ප්‍රකාශනය මකා දැමුව ද දිගට ම ප්‍රචාරය විය හැකි ය. වෛරස් ප්‍රචාරණයේ වේගවත් බව, සමාජ මාධ්‍යයේ අපහාසාත්මක, අවුළුවන සුළු හෝ එබඳු අන්තර්ගතයන්ගෙන් හානි සිදුවීමේ ප්‍රධාන හේතුවකි. පණිවිඩ නිර්මාපකයා සිටින ස්ථානය කුමක් වුවත්, හානි අවම කරගත හැකි ප්‍රතිචාරය වන්නේ, හැකි ඉක්මනින් හානිදායක පණිවිඩ ඉවත් කර ගැනීමයි. පළමු අවස්ථාවේ ම පළකිරීම වැළැක්විය හැකි තාක්ෂණික ආරක්ෂණයන් වඩාත් හොඳ ය.

පනත් කෙටුම්පතේ අසාර්ථක බව

Web AdobeStock 318278449
පනත් කෙටුම්පතේ කෙටුම්පත් කරුවන්ට අනුව, පංච පුද්ගල කොමිෂන් සභාවක් මගින් පණිවිඩයක් තහනම් ප්‍රකාශයක් ලෙස සලකනු ලබන බව තීරණය කිරීම සහ එහි සංසරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස පණිවිඩයේ ආරම්භකයා වෙත දැන්වීමක් නිකුත් කිරීම මගින් හානිය වළක්වා ගැනීම හෝ සමනය කිරීම කළ හැකි ය.

පැය 24ක් ඇතුළත එය සිදු නොකළහොත්, පණිවිඩය පළ කළ වේදිකාව හෝ අන්තර්ජාල සේවා සපයන්නා වෙත ඉවත් කිරීමේ දැන්වීමක් කොමිසම විසින් නිකුත් කරනු ඇත. නැවතත්, ඉවත් කිරීම පැය 24ක් ඇතුළත සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

delted social media post

මුලින් යෝජනා කරන ලද ක්‍රියා පටිපාටිය දෙස ශ්‍රේෂ්ඨාධිකරණය කාරුණිකව නොබැලුවේ එය අන්තර්ගත උත්පාදකයාට ඔහුගේ හෝ ඇගේ පැත්තෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නො දීම නිසා, එමඟින් ස්වභාවික යුක්තියේ මූලික මූලධර්මය උල්ලංඝනය වන බැවිනි. ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිළිබඳ තීන්දුවේ දී, බලාපොරොත්තු වූ පරිදි, අධිකරණය සඳහා වෙන් කර ඇති කාරණාවලට විධායකය විසින් ඇඟිලි ගැසීමක් ලෙස සම්පූර්ණ 26 වන වගන්තිය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය අන්තර්ගතය නිර්මාණය කළ පාර්ශවයට කරුණු දැක්වීමට අවස්ථාවක් දිය යුතු යයි නියම කලේය.

ඒක පාර්ශවික ලෙස ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීමට සලසා තිබු මුල් සැලැස්ම යටතේ පවා ඉවත් කිරීමකට අඩු තරමින් වැඩ කරන දින තුනක් හෝ හතරක් ගත වනු ඇත. දැන්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබ ඇති වෙනස්කම් සමග ඊටත් වඩා වැඩි කාලයක් ගතවනු ඇති අතර එම කාලය තුළ වරදකාරී පණිවිඩය වඩ වඩාත් වැඩි ප්‍රේක්ෂක පිරිසක් විසින් බලනු ලැබිය හැකි වනවා මෙන් ම, එය බෙදා ගැනීමට සහ නැවත ට්වීට් කිරීමට ඉඩ ඇත. පැමිණිල්ලක් ගොනු කිරීම හෝ කොමිසම විසින් පරීක්ෂණයක් කිරීම ප්‍රසිද්ධ කරන්නේ නම්, එයින් ඇතිවන කුතුහලයේ බලපෑම තවත් වැඩි ජනතාවක් වරදකාරී පණිවිඩය දැන ගැනීමට සහ එය වෛරස් ලෙස පැතිරීමට හේතුවක් විය හැකි ය.

shutterstock 307035422

මුල් විසඳුම හෝ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් වෙනස් කරන ලද විසඳුම වෛරස් ලෙස පැතිරීමේ සංසිද්ධියට පිළියමක් නො වේ. නියෝග නිකුත් කරන්නේ අන්තර්ගතයේ නිර්මාණකරුවා ඉලක්ක කරගෙන ය. ඔහු හෝ ඇය නියෝගයට අවනත වුව ද, අන්තර්ජාලය පුරා පැතිරෙන්නට ඉඩ ඇති “තහනම් ප්‍රකාශයේ” පිටපත් සම්බන්ධයෙන් කිසිවක් සිදුවන්නේ නැත. අන්තර්ගත නිර්මාපකයා සිටින්නේ ශ්‍රී ලංකා අධිකරණ සීමාවෙන් පිටත නම්, එම පුද්ගලයා තම අණ අනුව ක්‍රියා කරන බව සහතික කිරීමට පවා කොමිසමට හැකියාවක් නැත. එවිට සිදුවන්නේ අන්තර්ගතය අවහිර කරන ලෙස අදාළ වේදිකාවට හෝ අන්තර්ජාල සේවා සැපයුම්කරුට හෝ බල කිරීමට ය. වඩාත් ඵළදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇත්තේ වේදිකා සපයන සමාගම්වලට ය..එසේ වුව ද, ඒවා ද පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පිටත බැවින් බලකිරීමට අවනතව ප්‍රතිචාර දැක්වීමට ඉඩක් නැත. බලහත්කාරය හේතුවෙන් දැනට ඔවුන් ලබා දී ඇති සහයෝගය පවා අඩු වීමට ඉඩ ඇත.

සාර්ථක විය හැක්කේ කුමක් ද?

how to delete old email addresses

විසඳුම වන්නේ මුල් පළකිරීම පමණක් නොව වෛරස් ලෙස ප්‍රචාරය වන පිටපත් පවා ඉක්මනින් ඉවත් කිරීමයි. මුල් ප්‍රකාශකයා සිටින ස්ථානය සහ පසුව බෙදාහරින්නන් සිටින ස්ථාන නොසලකා ඉවත් කිරීම සිදුවිය යුතු ය. වැරදි පණිවිඩය ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීම වඩාත් හොඳ ය.

මෙය කිරීමේ හැකියාව ඇත්තේ මෙටා, යූ ටියුබ්, සහ ටික්ටෝක් වැනි වේදිකා සපයන සමාගම්වලට පමණකි. ආණ්ඩුවලට එම හැකියාව නැත. ෆේස්බුක් හි නිරුවත් ඡායාරූප පෙන්නුම් නොකිරීම ඇල්ගොරිතම මත පදනම්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාවයට සාක්ෂියකි. පුද්ගලික ආයතනවන වේදිකා සමාගම්වලට දෙපාර්ශවයට ම සවන් දීමට යුතුකමක් නැත. ඔවුන්ට විදුලි වේගයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළ හැක. එසේ නොමැති නම් එහි ඇල්ගොරිතම සහ ක්‍රියා පටිපාටිවල අන්තර්ගත ප්‍රමිතීන්ට පිටින් වැටෙන පණිවිඩයක් ලෙස සලකා, දකින පුද්ගල සංඛ්‍යාව අඩු කළ හැකි ය. අධිකරණ බල ප්‍රදේශය ඔවුන්ට අදාළ වන්නේ නැත.

ශ්‍රී ලාංකීය සමාජයට සහ වැසියන්ට ඇති වී ඇති ගැටලුවට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම රජයේ අවශ්‍යතාවය නම්, වේදිකා සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු ය. ඔවුන්ගෙන් උපදෙස් නොගෙන නීති සම්පාදනය කිරීම හෝ සමාජ මාධ්‍යවල ප්‍රධාන ලක්ෂණ තේරුම් ගැනීමට උත්සාහ නොදැරීම ඵලදායක ප්‍රවේශයක් නොවේ.

media Fp8AKKiWIAEv Bs

විශාල දඬුවම් නියම කිරීමේ හැකියාව ඇති, කෙටි කාල රාමු සහිත නියෝග නිකුත් කරන නියාමන ආයතන නිර්මාණය කිරීම, සහයෝගීතාව සඳහා ඇති අවස්ථා වසා දැමීමක් වනු ඇත. කුඩා හා නොවැදගත් වෙළඳපළක, නියාමකයාගේ උපදෙස් වලට අනුකූල වීමේ පිරිවැය අධික නම්, පරිශීලකයින්ට සැලකිය යුතු හානියක් සිදු කරමින් වේදිකා සමාගම් ශ්‍රී ලංකාවෙන් ඔවුන්ගේ සේවාවන් ඉවත් කර ගැනීමට ඉඩ ඇත. එළඹෙන මැතිවරණවල දී තීරණාත්මක වීමට ඉඩ ඇති ක්‍රියාශීලී තරුණ ජනවිකාසයකට වගකිවයුතු දේශපාලනඥයන්ට එවැනි ප්‍රතිඵල ප්‍රියජනක නොවනු ඇත.

අයවැය විවාදය නිසා ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගැනීමට න්‍යාය පත්‍රයේ ඉඩක් නොමැත. මෙම හානිකර නීතිය නම්බුකාර ලෙස ඉවත්කර ගැනීමට සහ සමාජ මාධ්‍ය අවභාවිතය නිසා අපගේ පුරවැසියන් මුහුණ දෙන ප්‍රශ්නවලට ඵලදායී විසඳුම් සෙවීමට සහයෝගයෙන් ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව වේදිකා සමාගම් සමග පුළුල් උපදේශන ආරම්භ කිරීමට මෙය අවස්ථාවක් ලෙස සැලකිය යුතු ය.

රජයට මුදල් තිබේ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
rohan@lirneasia.net
(උපුටා ගැනීම - අනිද්දා පුවත්පත)

Anida


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත නිසා හානි වඩාත් නරක අතට හැරේවි ද? - (මහාචාර්ය රොහාන් සමරජීව) | The Leader