The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස් - (ජයශ්‍රී ප්‍රියලාල් )

T

The Leader Desk

November 25, 2023 • 6:42 AM

පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස් - (ජයශ්‍රී ප්‍රියලාල් )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්ථික වර්ධනය ඇති කරන උපායමාර්ග කිසිවක් ඒම ලේඛණයේ නොමැත.
  • ඉතිරි ණය වාරික මූල්‍ය අරමුදලින් ලබා ගැනීම සඳහා රාජ්‍ය වියහියදම් ඉලක්කම් ලැයිස්තුගත කර ඇත්තේ ජනතාවට නුදුරු අනාගතයේ තමන් පත්වී ඇති අසහනකාරී ආර්ථික අර්බුදයෙන් කිසිම ගැලවිල්ලක සේයාවක් වත් ඇති නොවෙන තරමටය.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝකටත් තෛලය වන භාණ්ඩ සහ සේවා මත පනවන බදු ඉහල දැමීමෙන් ජනතාවගේ ජීවන බර තවත් බැරෑරුම් අඩියකට වැටෙනු ඇත.
  • සම්ප්‍රදායික ඡන්ද ගුණ්ඩු කිහිපයක් ඔබ්බවා ඇත්තේ රජයේ සේවකයින්ගේ අනුකම්පාවෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ තට්ටු නිවාස ලාභීන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අඩුම තරමින් පාර්ලිමේන්තුවට හෝ තේරීපත් විය හැකිවෙතයි යන විශ්වාසයෙන් විය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරිපත් කලේය.

ආර්ථික වර්ධනය ඇති කරන උපායමාර්ග කිසිවක් ඒම ලේඛණයේ නොමැත. ඉතිරි ණය වාරික මූල්‍ය අරමුදලින් ලබා ගැනීම සඳහා රාජ්‍ය වියහියදම් ඉලක්කම් ලැයිස්තුගත කර ඇත්තේ ජනතාවට නුදුරු අනාගතයේ තමන් පත්වී ඇති අසහනකාරී ආර්ථික අර්බුදයෙන් කිසිම ගැලවිල්ලක සේයාවක් වත් ඇති නොවෙන තරමටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝකටත් තෛලය වන භාණ්ඩ සහ සේවා මත පනවන බදු ඉහල දැමීමෙන් ජනතාවගේ ජීවන බර තවත් බැරෑරුම් අඩියකට වැටෙනු ඇත.



සම්ප්‍රදායික ඡන්ද ගුණ්ඩු කිහිපයක් ඔබ්බවා ඇත්තේ රජයේ සේවකයින්ගේ අනුකම්පාවෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ තට්ටු නිවාස ලාභීන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අඩුම තරමින් පාර්ලිමේන්තුවට හෝ තේරීපත් විය හැකිවෙතයි යන විශ්වාසයෙන් විය හැක.



පොහොට්ටුවේ ගජමිතුරු කල්ලි සංතර්පනය කිරීම සදහා යොදාගත් උපායමාර්ග වලින් බැහැර වීමට පවතින රජයට උවමනාවක් නොමැති බව පැහැදිලිය. රජයේ ආර්ථික වටිනාකමක් ඇති දේපල විකුණා රට කොරවන්නට මසුරං සොයා ගැනීම ඒකම විකල්පය හැටියට බහුජාතික සමාගම් සහ විදේශීය උපදේශකයින්ගේ උපායමාර්ග සිපවැලදගෙන ඇති ආකාරය දැන් ඒලිදක්වා ඇත. 

celan bbc

රාජපක්ෂ සහෝදර සමාගමේ ආර්ථික කලමනාකරණ වැඩපිලිවෙල සකස්කර තිබුනේ දේශීය ගජමිතුරු කල්ලි වලට රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකිණීමට සෙලන්දිවා යන සමාගමක් අටවා ගැනීමෙනි. ඒ අටියෙන්ම දැන් ක්‍රියාත්මක වීමට සැරසෙන විකුනොමික්ස් වැඩපිලිවෙල වෙනස් වන්නේ රජයේ දේපල විදේශීය ගජමිතුරන්ට පැවැරීමට ප්‍රමුඛත්වය දීමෙන්ය. සෙලන්දිවා සමාගමේ වැඩපිලිවෙලට නැගුණු ජනතා විරෝධය GoHomeGota ව්‍යාපාරය තරම්ම උස් හඬකින් පවත්වාගැනීමට රටේ මහජන සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති පෙරමුණ ගත්හ.

ජනපති ගෝඨාට පවුලෙන් ගැලවීම ලේසි නැති බව පැහැදිලිය' - ටිරන් කුමාර බංගගමආරච්චි

ඔවුන් ගෙනගිය ව්‍යාපාරයන් ජාති හිතෛෂී බව ඔප්පුකරවීමට ශේෂ්ඨාධිකරණය අති විශ්වශනීය තීන්දුවක් 2023 නොවැම්බර් මස 14 වැනිදින ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත් කල මහදැන මුත්තා සහ ගෝලබාලයෝ ටික නම්කරමින්ය. සෙස්සන් පරයා පුස්සන් බලගන්වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම බොහෝ රටවලට අත්විදීමට සිදුව ඇති ඉරණමකි. පැහැදිලි දර්ශනයක් සහිත යම් උපායමාර්ගික වැඩපිලිවෙලක් ඉදිරිපත් කොට තම රටවල් මුහුණදී ඇති ආර්ථික, සමාජීය සහ දේශපාලන ගැටළු විසදාගත හැකි ක්‍රියාපිලිවෙලකට නායකත්වය දිය හැකි පාලන තන්ත්‍රයක් තෝරාපත් කරගැනීම වෙනුවට ඡන්ද දායකයින් නොමඟ හැර හුදු ජාතික-ජනප්‍රියත්වය තුලින් රාජ්‍ය බලය ලබාගෙන රටවැසියන් අන්ත අසරණ තත්වයකට පත්කොට මුළු ආර්ථිකයම ණය බරින් ගිල්ලවා බංකොලොත් කරවීමට වසර දෙකක් වත් ගතවුයේ නැත.

අරගල බිමෙන් සංහිඳියාවට

මෙම අනතුර අවබෝධ කරගත් ජනහිතවාදී කණ්ඩායම් පාලකයින් පන්නා දැමීමට වීදි බැස අරගල කලේ මේනිසාය. ඒ අභීත අරගල කරුවන්ගේ කැපවීමට අධිකරණය නිසි වටිනාකමක් ලබා දී ඇත. කෛරාටිකව බලයට පත්වන්නන් සතු උඩඟු පාලන බලය ඔවුන් බලයට පත්කරන ජන බලවේගයන්ගෙන් සොච්චමක් බව ඔප්පුවී හමාරය. අරගල කරුවන්ට නොයෙක් අවලාද නැඟුවද බොරුව පරදා සත්‍ය හිස ඔසවන පරම සත්‍ය සාමකාමීව ශ්‍රී ලාංකේය අරගලකරුවන් ලෝකයා හමුවේ පසක් කර දුන්හ. 


රාජ්‍ය දේපල සහ සම්පත් වලින් ආර්ථික වාසි උපයා ගතයුත්තේ කෙසේ ද?
 
1SwFB1o k1LGprN XRUZQ8w 
කෝවිඩ් වසංගත තත්වයෙන් නොයෙකුත් සංචරණ සීමාවන්ට හසුවූ පාරිබෝගිකයින් තම දෛනික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට දැන් අන්තර්ජාල සහ ජංගම දුරකථන ඔස්සේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන E-Commerce නොහොත් සංඛත වාණිජමය කටයුතු වලට හුරු වී හමාරය. මෙම තාක්ෂණික පරිනාමයන් තුල සාම්ප්‍රදායික බැංකු, මූල්‍ය, තැපැල්  සහ ආශ්‍රිත සේවාවන් සීඝ්‍රයෙන් වෙනස්වන නිසා මෙකී ආයතන වල ආදායම් සහ ලාභදායි තාව රැක ගැනීමට සිය සේවාවන් නව ක්ෂේ‍ත්‍ර වලට ව්‍යාප්ත නොකලහොත් සිදුවන්නේ ඩයිනෝසරස්ට සිදුවූ ඉරණමය.
 
E Commerce කටයුතු වලට භාණ්ඩ හුවමාරු කිරීමට අවශ්‍ය Logistic පහසුකම් සැපයීමට කොළඹ නගරයේ වරාය ආශ්‍රිත විශාල ගොඩනැඟිලි වලට අවශ්‍ය නවීණ තාක්ෂණික සේවාවන් සපයා එම කටයුතු වල නිරත ව්‍යාපාරිකයින්ගෙන් සෘජු ආදායම් කුලී හෝ බඳු පදනමකින් උපයා ගත හැක. තැපැල් දෙපාර්තමේන්තුවට අමතර ආදායම් උපයාගත හැක. E Commerce කටයුතු වලට ඉක්මනින් යොමු නොවුනොත් එම කටයුතු වල වාසිය පෞද්ගලික අංශය වෙත ගලා යනු ඇත, තැපැල් දෙපාර්තමේන්තුව සතු දිවයින පුරා විහිදී ඇති ශාඛා ජාලය මෙම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීමට පිටිවහලක් කර ගැනීමට දෙපාර්තමේන්තු බලධාරීන් ඉදිරි දැක්මක් සහිත සැළසුම් කල යුතුව ඇත. මෙම සම්පත් වලින් රටට ජනතාවට ආර්ථික වටිනාකම් උපයාගැනීමේ ක්‍රම උපායන් සොයාගැනීමට අපොහොසත් ප්‍රතිපත්ති සැලැසුම් කරන්නන් මැති ඇමතිවරුන් වටකර ගෙන සිටීම ජාතියේ අවාසනාවකි.
 
ජනතාව System Change ඒකක් අපේක්ෂා කරනුයේ, නව දැක්මක් සහිත ප්‍රතිපත්ති සැළැසුම් ජනතාවගේ ඒකඟතාවය මත, පොදු යහපත වෙනුවෙන් ඒම වැඩපිළිවෙල ජනතාව විසින්ම ක්‍රියාත්මක කිරීමේ වගවීම සහ වගකීම පවරා ගනුවස් පැහැදිලි විශ්වසනීය දේශපාලන සහ ආර්ථික නායකත්වයකි. ජාත්‍යන්තර උපදේශකයින්ගේ පැළැස්තර වැඩපිලිවෙලවල් ජනතාව මත බලෙන් පැටවීමට යෑම පාරාවළල්ලක් වන බවට හොදින් තේරුම් ගත යුතුවේ.
image 1497028562 ee8b5705b2
තැපැල් දෙපාර්තමේන්තුවේ පෞරාණික වටිණාකම් සහිත දේපල විදේශීය හිතමිතුරු සමාගම් වලට විකිණීමට ඒරෙහිව තැපැල් සේවක වෘත්තීය සමිති රොඳබැදගෙන සිටින්නේ මේ නිසාය. තැපැල් සේවකයින්ගේ සටනට ආශිර්වාද කලයුතු මෙන්ම, ඒය විරෝධයකට පමණක් සීමා නොකොට සියළු දෙනාටම ඒකතුවී සිය දේපල සහ සම්පත් වලින් නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් පාරිබෝගිකයින්ට නව සේවාවන් සපයා දීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි කරගැනීමට ඉදිරිපත් විය යුතව ඇත.
 
සංචාරකයින් වැඩිදෙනෙක් ගැවෙසෙන නුවර, නුවරඑලිය, ගාල්ල සහ කොළඹ ඇති තැපැල් කන්තෝරු සහ ගොඩනැඟිලි නවීකරණය කොට, විදේශිකයින්ට ශ්‍රී ලාංකේය නිෂ්පාදන පහසුවෙන් ඇණවුම් කර ගෙන්වා ගැනීමේ E Commerce සහ Logistics කටයුතු වලට යොදාගැනීම දේපල විකුණන විකුනොමික්ස් බංකොලොත් වැඩ පිලිවෙලට පැහැදිලි විකල්පයක් කරගත හැක. දේශීය වෙළදපල පමණක් ඉලක්ක කරගනිමින් නොව මුළු දකුණු ආසියා වෙළද පල හරිහැටි අවබෝධ කරගෙන කොළඹ වරාය වැදගත් උපායමාර්ගික වෙළද මධ්‍යස්ථානයක් කරගනිමින් ජාත්‍යන්තර වෙළදාමේ ප්‍රථිලාභ මතු පරම්පරාවට උරුමකර දිය හැක්කේ දූර දර්ශීව කටයුතු කලොත් පමණි. මෙම අනගි ව්‍යාපාරික අවස්තාවන් හොදින් වටහා ගෙන පාලකයින් රවටාගෙන දත කන්නේ ජාතියේ සම්පත් කුණු කොල්ලයට ගැනීමටය. මතු පරපුර වෙනුවෙන් මෙම සම්පත් බේරාගැනීමට සියළු දෙනාම කැපවිය යුත්තේ ඒ නිසාය.

ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම - (ජයශ්‍රී ප්‍රියලාල්)(ජයශ්‍රී ප්‍රියලාල්)
jayasripriyalal59@gmail.com

ජයශ්‍රී ප්‍රියලාල් :  යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා වන අතර, ඔහු ලිපි රචකයෙක් හා පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස් - (ජයශ්‍රී ප්‍රියලාල් ) | The Leader