The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : මැතිවරණ භීතිකාව

T

The Leader Desk

November 25, 2023 • 11:22 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : මැතිවරණ භීතිකාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයවර්ධන තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ කෙනෙක් ග්‍රීසියේවත් නැති තරම්ය.
  • එතුමා ''ලාම්පු - කළගෙඩි සෙල්ලම'' නමින් ප්‍රකට වූ ජලතරස් ජනමත විචාරණයක් පවත්වා ''ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී'' ලෙස තම පාලන කාලය දිගු කර ගත්තේය.
  • තමන්ගේ ප්‍රබල ප්‍රතිවාදිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය ද ''ප්‍රජාතන්ත්‍රවාදී'' ලෙස තහනම් කොට එතුමිය දේශපාලන වේදිකාවෙන් පන්නා හැරියේය.
  • මෙවර බජට්ටුවෙන් කියැවුණු ඉතාම වැදගත් කාරණය ලෙස මට හැඟෙන්නේ ලබන වසරේ මැතිවරණ පැවැත්වීමට යාමය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් සිරි ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ කෙනෙක් ග්‍රීසියේවත් නැති තරම්ය.

imagesඑතුමා ''ලාම්පු - කළගෙඩි සෙල්ලම'' නමින් ප්‍රකට වූ ජලතරස් ජනමත විචාරණයක් පවත්වා ''ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී'' ලෙස තම පාලන කාලය දිගු කර ගත්තේය. තමන්ගේ ප්‍රබල ප්‍රතිවාදිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය ද ''ප්‍රජාතන්ත්‍රවාදී'' ලෙස තහනම් කොට එතුමිය දේශපාලන වේදිකාවෙන් පන්නා හැරියේය. ජනපති ජයවර්ධනගේ මෙබඳු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා තව බොහෝය.

මෙවර බජට්ටුවෙන් කියැවුණු ඉතාම වැදගත් කාරණය ලෙස මට හැඟෙන්නේ ලබන වසරේ මැතිවරණ පැවැත්වීමට යාමය.

පුංචි ඡන්දය මාස 04කින් කල් යයි !
මැතිවරණය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම අවශ්‍යතාවයක් වුණත්, බොහෝ ප්‍රජාතන්ත්‍රවාදීන් ඊට බයය.

ජේ.ආර්. ජයවර්ධන ජනපතිතුමා හිස කෙස් කපාගත්තේ නිවෙසට ගෙන්වා ගන්නා හිතවත් බාබර් කෙනකුගෙනි.

හිස කෙස් කැපීමට සැරසෙන හැම මොහොතකම මේ බාබර් ජේ.ආර්. ගෙන් මෙසේ අසයි.

''සර්... ළඟදි ඡන්දයක් තියෙනවද?''

''නෑ නෑ...''

ජේ.ආර්. පිළිතුරු දෙයි.

එහෙත් බාබර් ඊළඟ වතාවේදීද එකම ප්‍රශ්නය නැවත නඟයි.

20 වැනි සංශෝධනයේ සුපිරි කාර්යක්ෂමතාව - ගාමිණී වියන්ගොඩ
එක් දිනක් ජේ.ආර්.ට යකා නැග්ගේය.

''මොකක්ද ඕයි, තමුසෙ හැමදාම කොණ්ඩේ කපන්ඩ ඉස්සෙල්ල ඡන්දයක් ළඟදි නැද්ද කියල අහන්නෙ. මං කී සැරයක් කිව්වද නෑ කියල.''

''ඒ වුණත් සර්, මං ඡන්දෙ මතක් කරන හැමවෙලේම සර්ගෙ ඉසේ කෙස් ටික කෙළින් වෙනවා. එතකොට මගේ වැඩේට ලේසියි.''

බාබර් යටහත් පහත්ව කීවේය.

මෙය ජේ.ආර්. සමයේ පැතිරුණු ජනප්‍රිය සිනා කතාවකි.

දේශපාලනඥයන්ගේ මැතිවරණ භීතිකාවට හේතු වන්නේ තමන් පරාජයට පත්වෙතැයි බියෙනි. ඒ නිසා ඔවුනට මැතිවරණ කල් දමාගැනීමට අවශ්‍යය.

thinker header 1510936970මීට කලකට පෙර ඉන්දියාවේ දේශපාලන නායකයෙක් බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රුජින හමුවීමට ගියේය. සුහද පිළිසඳරකින් පසු ඔහු මෙසේ ඇසුවේය.

''ඔබතුමී පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව. ඒ නිසා ලෝක දේශපාලනය ගැනත් බොහෝ අත්දැකීම් තියෙනවා. වැඩි කලක් බලයේ සිටීම ගැන ඔබතුමීගෙන් උපදේශයක් ලබන්න කැමතියි.''

මඳ සිනාවක් පෑ රුජින මෙසේ කීවාය.

''වැදගත්ම දේ තමයි ඔබ වටා බුද්ධිමත් පිරිසක් රඳවා ගැනීම.''

''මගෙ ළඟ ඉන්න අය බුද්ධිමත්ද කියල දැනගන්නෙ කොහොමද?''

ඉන්දියානු දේශපාලනඥයා ඇසුවේය.

''බොහොම ලේසියි. ඒ අයගෙන් තේරවිල්ලක් (riddle) අහන්න. හරි උත්තරේ දුන්නොත් බුද්ධිමත්.''

''මොන වගේ තේරවිලිද?''

ඉන්දියානුවා හිස කැසීය.

elizabeth234
රුජින තම දුරකථනයෙන් අගමැති ඩේවිඩ් කැමරන්ට ඇමතුමක් ගත්තේය.

''ඩේවිඩ්.. මං පොඩි තේරවිල්ලක් අහනවා. උත්තරේ දෙන්න.''

''හොඳමයි.''

''ඔබේ මවටයි පියාටයි දරුවෙක් ඉන්නවා. ඒ ඔබේ සහෝදරයාවත් සහෝදරියවත් නෙවෙයි. එහෙනම් ඒ දරුවා කවුද?''

''ඒ මමනෙ.''

කැමරන් ඉක්මනින් පිළිතුරු දුන්නේය.

රුජිනට ස්තූති කළ ඉන්දියානු දේශපාලනඥයා ආපසු සිය රට ගියේය.

තම උපදේශකයන් කැඳවූ ඔහු, අර තේරවිල්ල ඔවුන් හමුවේ තැබීය. එකකුටවත් පිළිතුරු දීගත නොහැකි විය. 

politician cartoon in india
එක් අයෙක් කල් ඉල්ලාගෙන අධ්‍යාපන ඇමැතිව සිටි මහාචාර්යවරයකු හමුවට ගියේය. තේරවිල්ල ඉදිරිපත් කළේය.

''ඉතින් ඒ මමනෙ.''

මහාචාර්යවරයා පහසුවෙන් පිළිතුරු දුන්නේය. උපදේශකවරයා මහත් සතුටින් තම දේශපාලන නායකයා වෙත ගියේය.

''හරි සර්... උත්තරේ හොයා ගත්තා. ඒ දරුවා අපේ අධ්‍යාපන ඇමැති... ප්‍රොෆෙසර්.''

කෝපයට පත් දේශපාලනඥයා තම උපදේශකයාගේ කණ රත්වෙන්නට පහරක් දුන්නේය.

''මෝඩයා... ඒ දරුවා වෙන කවුරුවත් නෙවෙයි. ඩේවිඩ් කැමරන්.''

උපදේශකයා ද හිස නමා ඒ පිළිතුර බාරගත්තේය.

මැතිවරණ පරාජයන් බාරගැනීමට මැළිවන ඇතැම් දේශපාලනඥයෝ ඡන්ද පොළේදීම ''රී කවුන්ටින්'' නොහොත් නැවත ගණන් කිරීමක් ඉල්ලති.

iastoppers State funding in india

ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයකදී එක් අපේක්ෂකයෙක් ඡන්ද මධ්‍යස්ථානයට වී ඡන්ද ගණිනු බලා සිටියේය.

ඒ මොහොතේදීම ඔහුට රෝහලක හෙදියකගෙන් ඇමතුමක් ලැබුණි.

''ඔබතුමාගේ නෝනට දැන් දරුවො තුන්දෙනෙක් හම්බවුණා.''

''පිළිගන්න අමාරුයි. මට රී කවුන්ට් එකක් ඕනෙ.''

අපේක්ෂකයා හිස දෙපසට වනමින් කීවේය.

(මා මෙම කතා සඳහා ඉන්දියාව යොදාගත්තේ ඔස්ට්‍රේලියාවට හුරේ දමන ඉන්දියානු විරෝධියකු නිසා නොවේ. සිරි ලංකාවේ මැතිවරණ ළඟ එන බැවින් මාධ්‍ය ආචාරධර්ම පිළිපදිනු සඳහාය.)

අලුත් ඇමැතිවරයෙක් ඕනෑකර තිබේ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...