The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මෙවර අයවැයෙන් බෞද්ධ උරුමයන් පෝෂණයට ප්‍රමුඛස්ථානයක්

T

The Leader Desk

November 29, 2023 • 6:37 AM

 මෙවර අයවැයෙන් බෞද්ධ උරුමයන් පෝෂණයට ප්‍රමුඛස්ථානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාවිහාර විශ්වවිද්‍යාලය අපේ ප්‍රථම රාජධානිය වූ අනුරාධපුරය, ක්‍රි.පූ.
  • ඉන් අනතුරුව බෞද්ධ අගනගරයක් වශයෙන් අනුරාධපුරය දේවානම්පියතිස්ස රජු දවස එනම් සම්බුද්ධ වර්ෂයෙන් 236 වැන්නේ දී (කි.පූ.
  • මහාවිහාරයීය ථෙරවාදී භික්ෂු පරම්පරාව මූලික කොට ඇති වූ අප රටේ පිරිසිදු ථෙරවාදී බුදුදහම ලොව පුරා අදටත් ප්‍රචලිතව පවතී.
  • මෙනයින් බලන විට මෙම මහාවිහාර භික්ෂු පරම්පරාව විසින් ශ්‍රී ලංකාව තුළ ඇති කළ බෞද්ධ ප්‍රබෝධය හා අභිවර්ධනය රාජධානියෙන් රාජධානියට පැතිර යමින් මුළු දිවයින පුරා එම සංස්කෘතික දායාදයන් ව්‍යාප්තව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කළමනාකරණය හා සංවර්ධනය ගැන පමණක් අවධානය යොමු නොකොට අප රටේ අද්විතීය ඉපැරණි සංස්කෘතික උරුමයන්ගේ පෝෂණය පිළිබඳවත් චිරපැවැත්ම පිළිබඳවත් අවධානය යොමු කරමින් එම ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමයන් අනාගතයට දායාද කිරීම පිණිසත් ක්‍රියා කිරීමට යත්න දැරීම මෙම අයවැය ලේඛනයේ 52, 53, 54 යන ව්‍යාපෘති යෝජනා තුළින් අවධානය යොමු කොට තිබීමයි.


මහාවිහාර විශ්වවිද්‍යාලය


Maha vihara
 අපේ ප්‍රථම රාජධානිය වූ අනුරාධපුරය, ක්‍රි.පූ. 6 වන සියවසේ දී විජයාවතරණය සමග මෙහි පැමිණි එරජුගේ අනුරාධ අමාත්‍යවරයාගෙන් ජනාවාසයක් වශයෙන් ස්ථාපනය වී පසුව ක්‍රි.පූ. 4 වන සියවසේ දී පණ්ඩුකාභය රජු විසින් අංගසම්පූර්ණ අගනගරයක් වශයෙන් සංවර්ධනයට ලක්විය.

 ඉන් අනතුරුව බෞද්ධ අගනගරයක් වශයෙන් අනුරාධපුරය දේවානම්පියතිස්ස රජු දවස එනම් සම්බුද්ධ වර්ෂයෙන් 236 වැන්නේ දී (කි.පූ. 250 දී පමණ) ශ්‍රේෂ්ඨ සංස්කෘතිකයක් මෙම අගනගරය කේන්ද්‍ර කොට ගෙන ආරම්භ විය. මහින්ද මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැමිණි ධර්මදූත පිරිස හා ශ්‍රී මහාබෝධීන් වහන්සේ වැඩමවූ මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණියක වූ සංඝමිත්තා මහතෙරණින් වහන්සේ ශ්‍රී මහාබෝධිය වැඩමවීමත් සමග මෙම අගනගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ බෞද්ධ සංස්කෘතිය රටේ බොහෝ තැන් කරා ව්‍යාප්ත වීම ආරම්භ විය.  මහාවිහාරයීය ථෙරවාදී භික්ෂු පරම්පරාව මූලික කොට ඇති වූ අප රටේ පිරිසිදු ථෙරවාදී බුදුදහම ලොව පුරා අදටත් ප්‍රචලිතව පවතී.

 මෙනයින් බලන විට මෙම මහාවිහාර භික්ෂු පරම්පරාව විසින් ශ්‍රී ලංකාව තුළ ඇති කළ බෞද්ධ ප්‍රබෝධය හා අභිවර්ධනය රාජධානියෙන් රාජධානියට පැතිර යමින් මුළු දිවයින පුරා එම සංස්කෘතික දායාදයන් ව්‍යාප්තව ඇත.

1200px Ruwanweli Saya 1

  අනුරාධපුර මහා විහාරයෙන් ආරම්භ වූ පිරිසිදු ථෙරවාදී බුදුදහම සුරක්ෂිත වීමෙහිලා මහාවිහාර භික්ෂු පරම්පරාව බලවත් මෙහෙයක් ඉටු කරනු ලැබූහ. පිරිසිදු ථෙරවාදී බුදුදහම ජාත්‍යන්තරයට පැතිරයාමෙහිලා මහාවිහාර භික්ෂු පරම්පරාව මූලික වූහ. කටපාඩමින් පවත්වාගෙන ආ පිරිසිදු ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට මාතලේ අලුවිහාරයේ දී ලේඛනාරූඪ වූයේ මහාවිහාර භික්ෂු පරම්පරාවට පිංසිදු වන්නටය. මෙසේ ලක්දිව ආරක්ෂා වූ පිරිසිදු ථෙරවාදී බුදුදහම ලෝකයේ අවශේෂ බෞද්ධ රටවලට පැතිරයෑමට, විශේෂයෙන් තායිලන්තය, බුරුමය වැනි රටවලට මෙම බුදුදහම රැගෙන යෑමට හැකි වූයේ මහාවිහාරය පිංසිදු වන්නයට.


 එබැවින් අපේ ඉතිහාසයෙහි අපේ සංස්කෘතියෙහි වැදගත්ම තැනක් ගන්නා මහාවිහාර අධ්‍යාපන ක්‍රියාවලිය, ධර්ම ශාස්ත්‍රීය ඉගැන්වීම් ක්‍රම හා ධර්මය පිළිබඳ විවිධ වූ පර්යේෂණාත්මක ක්‍රියාවලීන් පිළිබඳව වර්තමාන ලෝකයේ උනන්දුවක් දක්වන පිරිස් සඳහා පර්යේෂණාත්මක වශයෙනුත් ගවේෂණාත්මක වශයෙනුත් අධ්‍යයනයට බලවත් රුකුලක් ලබාගත හැකිවන පරිදි අනුරාධපුර ඉපැරණි අගනගරය කේන්ද්‍ර කොට ගෙන මහාවිහාර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට පියවර ගැනීම කාලෝචිත වූත් අප රටේ බෞද්ධ උන්නතිය සඳහාත් සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම හා අභිවර්ධනය පිණිසත් මෙම වැඩපිළිවෙල අතිශයින්ම වැදගත් වනවා ඇත.



අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය

p2b

 අනුරාධපුරය කේන්ද්‍ර කොටගත් ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් ඇති කිරීමට කටයුතු කිරීම පිළිබඳ යෝජනාව ද මෙම ඉපැරණි නගයේ නිර්මාණාත්මක නගර සැලැස්ම පිළිබඳවත්, වාස්තු විද්‍යාත්මක වශයෙන් සලකන විට මහල් ගණනාවකින් යුක්ත වන සේ ගොඩනැගූ සංඝරාම ආදී ගොඩනැගිලි නිර්මාණ පිළිබඳවත්, අහස උසට ගොඩනැගුණු රුවන්වැලිය, අභයගිරිය, මිරිසවැටිය වැනි චෛත්‍යයන් වහන්සේලා නිර්මාණය පිළිබඳවත්, වාරි කර්මාන්තය පිළිබඳ දැක්වූ විශේෂත්ව ඥානය පිළිබඳවත් සුවිශුද්ධ සාඩම්බර ඉතිහාසය කියාපාන, පර්යේෂණාත්මක කටයුතු සඳහා භාවිතා කළ හැකි විවිධ මූලාශ්‍රයන් එක්තැන් වූ පුස්තකාලයක් ස්ථාපිත කිරීම අතිශයින්ම වැදගත් වන්නකි.

 
මේ තුළින් අප රටට එන සංචාරක ප්‍රජාවට හා පුරාවිද්‍යාත්මක අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය විද්වතුන්ගේ ප්‍රයෝජනය පිණිසත් මෙවැනි බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීම ඉතාම වැදගත් පියවරක් වනු නොඅනුමානය. එමගින් අපේ ඉපැරණි රාජ්‍ය පාලන විධි හා නගර නිර්මාණ, වාරි කර්මාන්ත, වාස්තු විද්‍යාත්මක නිර්මාණ ආදී ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමයන් හා ජාත්‍යන්තර සබැඳියාව ද වැඩිදියුණු කර ගැනීමට මූලාශ්‍ර එක්තැන් කර ගත යුතුව ඇත.


 මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය


sridhalada maligawa
අනුරාධපුර රාජධානියෙන් පසුව ආරම්භ වූ පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක හා සෙංකඩගලපුර රාජධානිය යන මේ රාජධානීන්හි ව්‍යාප්ත වෙමින් පැවති බෞද්ධ ශිෂ්ඨාචාරය හා සංස්කෘතියෙහි උච්ඡතම අවස්ථාවක් වූ මහනුවර රාජධානිය තුළ අංක 54 මගින් යෝජිත මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාර යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළින් සංචාරක ප්‍රජාවගේ ආකර්ෂණය දිනාගත හැකිවාක් මෙන්ම මෙරට සේම විදේශීය විද්වතුන්ගේ  පර්යේෂණ කටයුතු හා දැනුම අවබෝධය වැඩිකර ගැනීම පිණිස යෝජිත මෙම කෞතුකාගාරය තුළින් බලවත් රුකුලක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.

 දැනටමත් මහනුවර ශ්‍රී දළදා මාළිගාව මගින් දැනටමත් ආරම්භ කොට ඇති ලෝක බෞද්ධ කෞතුකාගාරය, දිනපතා මහනුවර ශ්‍රී  දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බෞද්ධයන්ගේ හා අවශේෂ  ප්‍රජාවගේ අවධානය දිනාගෙන ඇති බව දක්නට ලැබේ. ඒ අනුව සලකා බලන විට යෝජිත බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය තුළින් ද අපේ  ඉපැරණි සංස්කතික උරුමයන් අනාගතයට දායාද කිරීමෙහිලා මහත් සේ උපකාරී වනු නියතය.

 කෙසේ වෙතත් මෙම යෝජනා සංශෝධන සහිතව අදට ගැලපෙන ලෙස ක්‍රියාත්මක කළ හැකි වන යෝජනාවන් බව සියලු දෙනා තරයේ සිහියේ තබාගත යුතු අතර, ඒ සඳහා උගත් භික්ෂූන් වහන්සේලා හා විශ්වවිද්‍යාල උගතුන්ගේ සහාය ලබාගත යුතුය ඇත.


WhatsApp Image 2023 11 29 at 9.18.10 AM
(තිලක් දේවගිරි බණ්ඩාර)
tdevagiribandara@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...