The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පොට්ට නවුෆර් රොෂාන් සහ සජිත්ලා - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

November 30, 2023 • 6:10 PM

පොට්ට නවුෆර් රොෂාන් සහ සජිත්ලා - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආශීර්වාද කළ නිර්දේශපාලනික පුර වැසි බහුතරයක් රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් පහ කිරීම ගැන කෝපයෙන් වියරුව සිටින්නාහ.
  • එවන් පසුබිමක රොෂාන් රණසිංහලාට යමක මහා ප්‍රාතිහාර්ය පෑමට බැරි බව රනිල් වික්‍රමසිංහ ඉත්තේරුවටම පෙන්වා ඇත.
  • විමල් වීරවංශ කියන ආකාරයට එයින් උද්ගතවන ප්‍රතිපලයන්ට මුහුණ දීමට රටේ පාලකයා ලෙස ජනාධිපති වරයා අනිවාර්යෙන්ම සූදානම් විය යුතුවේ.
  • සජිත්ලා අනුරලා ආසියා පෙනි පෙනී බූරුවන් ලෙස හැසිරෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

ආශීර්වාද කළ නිර්දේශපාලනික පුර වැසි බහුතරයක් රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් පහ කිරීම ගැන කෝපයෙන් වියරුව සිටින්නාහ.

රොෂාන් රණසිංහ නෙරපා හැරියේ වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය අනුව කැබිනට් සාමුහිකත්වය කඩ කළ නිසාය.

පාලක බහුතරය සමග එකඟ විය නොහැකි නම් නම්බුකාර විදියට පාරට බැස යාම හැදිච්චකම වේ. අතීතයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා,  ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි දේශපාලනඥයන් ගත් ගෞරවනීය ක්‍රියා මාර්ග ගැන රෝෂාන් මතු නොව සජිත්ද හැදෑරිය යුතුවේ.


ජනතාව පාලකයා එළවා ගත් පසුව, විපක්ෂ නායකයා රටේ  වගකීම භාර නො ගත් තැන රටේ කරුමයට රනිල් වික්‍රමසිංහ කර ගැසුවේ ක්‍රිකට් හොරු තබා රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්ටවත් නොවේ. දැල් පාලමේ තනිවූ ඔහුට පැවරුණේ මරණය අතින් ගෙන ඉන්ධන පෝලිම්වල රැඳී සිටි ජනතාවට තෙල් පොහොර අත්‍යාවශ්‍ය දේ සපයා ජන ජීවිතය යාවත් කාලීන කිරීමය. වසර ගණනාවක් වැසී ගිය පාසල් විවෘත කරවීමය. කල් පසුවූ විභාග පවත්වා දරුවන්ගේ අපේක්ෂා ඉටු කිරීමය. මේ සියල්ල සඳහා ඔහුව තෝරා පත් කළේ ඔහුගේ දේශපාලන පස මිතුරන් ගෙන් සමන්විත පාර්ලිමේන්තු බහුතරයකි. හෙවත් ඔහුට පැවරී තිබුණේ කොන්ත්‍රාත්තුවකි.

මේ කියැවීම තුළ ඔහු වගකිව යුත්තේ ජනතාවට සහ පාර්ලිමේන්තුවට මිස විපක්ෂ නායකයා විසින් හැසිරවූ රෝෂාන් රණසිංහට නොවේ.

වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදායට විපක්ෂ නායකයා අනුගත නො වීම තුළ යටපත් වන්නේ විපක්ෂ නායකයා මිස වෙස්ට් මිනිස්ටර් ක්‍රමය නොවේ. එවන් පසුබිමක රොෂාන් රණසිංහලාට යමක මහා ප්‍රාතිහාර්ය පෑමට බැරි බව රනිල් වික්‍රමසිංහ ඉත්තේරුවටම පෙන්වා ඇත. විමල් වීරවංශ කියන ආකාරයට එයින් උද්ගතවන ප්‍රතිපලයන්ට මුහුණ දීමට රටේ පාලකයා ලෙස ජනාධිපති වරයා අනිවාර්යෙන්ම සූදානම් විය යුතුවේ.

 

වැටුණ වලෙන් රට ගොඩ ගැනීමට දරන ප්‍රයත්නයේදී රටේ ආර්ථීකය කියන්නේ ක්‍රිකට්දැයි කිසිවෙකු ඇසුවේ නැත. ක්‍රිකට් ගැන කතා කර තීන්දු ගන්ට පාර්ලිමේන්තුව ඒකමතික වුණාට, අම්මා උයා දුන් රොටිය කා කඳු පල්ලම් හරහා දිව ගොස්, ලෝකය ජය ගත් තරුෂිලා වැනි දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒකමතික වීමට  විපක්ෂය සමත් නොවීය.


රට පුරා විසුරුණ ලක්ෂ සංඛ්‍යාත ගැහැනුන් මිනිසුන් දවසේ වේල ගැට ගසා ගැනීමට මහා අරගලයක යෙදී සිටින්නාහ. තරුෂිගේ දෙමාපියන් මෙන්ම වෙල්පල්ලේ නෙත්මි අහිංසාගේ දෙමාපියන්ද ඔවුන් අතර වෙති. රටට ආදරේ නම් කළ යුත්තේ රොෂාන් පසුපස යාම හෝ රනිල්ගේ ඛෙල්ල කැපීමට තැත් කිරිම නොවේ. දහසක් පීඩා මැද රට වෙනුවෙන් හුදෙකලාව තම කැපවිම සිදු කරන මිනිසුන් ගැහැනුන් ශක්තිමත් කිරීම ය.

 

''රට බංකොලොත්..... රාජපක්ෂලා රට කෑවා. ආණ්ඩුවට සල්ලි නෑ. අප කාට කාටත් කට්ට කන්න වෙනවා... කියන්ට ඉදිරිපත් වන දේශපාලකයෙක් නැත. දමයන්ති දර්ෂාත් සුසන්තිකාත් පටි තද කර ගෙන රට වෙනුවෙන් ලෝකය සමග තරග කළේ දේශපාලන ප්‍රතිපත්ති වලින් ශක්තිමත්ව නොවේ. දර්ෂලා සුසන්කතිකාලා දුවන  කාලයේ රටේ අහේනියක් නො තිබුණා විය හැකිය. එහෙත් ඒ ධෛර්යසම්පන්න දරුවන්ට  නෙස්ටෝමෝල්ට් එකක් අරන් දෙන්න කිසිදු දේශපාලන පක්ෂයක් ඉදිරිපත් වෙලා  නැත.


කොමිස් ව්‍යාපෘතියක් වන අධිවේගී මාර්ග පද්ධතියේ රටේ බහුතරයක් පදින බයිසිකල් ත්‍රී විලර් යාම තහනම්ය. යා හැකි හැම වාහනයක්ම ගාස්තු ගෙවිය යුතුවේ. එයින් ලැඛෙන ආදායම නතර කර ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට විපක්ෂයට කඩේ යන වෘත්තීය සමිති වර්ජන මෙහෙයවති. ප්‍රේමදාස අප්පලා පුතාලාගෙන් නිවාස ලබා ගත් බහුතරය ගෙවල් කුලී ගෙවා ගත නොහැකිව ලක්ෂ ගණනින් ආණ්ඩුවට ණය වී සිටිති. විසි ලක්ෂයක් පවුල් මාසිකව ආණ්ඩුවෙන් දෙන සමෘද්ධිය දෙස බලා සිටීමට හුරු කළේ කවුද? ඒ සමෘද්ධි ලාභීන් රට ගැන තබා තමන්ගේ හෙට දවස ගැනවත් කල්පනා නො කරති. ඔවුන් කරන්නේ ඡන්දයක් ආ විට සහනාධාර අපේක්ෂාවෙන් කතිර ගැසීම පමණකි.

ලංකා ආණ්ඩුවේ පාලනය අයත් නැති ක්‍රිකට් ක්‍රීඩාව ගැන වදවෙන විපක්ෂය රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට කිසිවක් නො කරති. අයිසීසී ක්‍රිකට් තහනමට පසුව හෝ සජිත්ලා තම දේශපාලන දැනුමේ තරම තේරුම් ගෙන නැත. මේ පුහු මිනිසුන් ක්‍රිකට් ජරමරය පසෙක ලා රට බංකොලොත් කිරීම ගැන දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු යෝජනාවක් හරහා යථාර්ථයක් කිරීමට කල්පනා කළා නම් දූෂිත පවුලකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට මැතිවරණ අවශ්‍ය නොවේ.

ghrt7587
සජිත්ලා අනුරලා ආසියා පෙනි පෙනී  බූරුවන් ලෙස හැසිරෙති. සජිත්ලා තබා අනුර කුමාරලාවත් මහින්දට එරෙහිව අතක් උස්සන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය බලය මිස රටේ සුභ සිද්ධිය නොවේ. දේශබන්දු තෙන්නකොන් පොලිස්පති කිරීමේදී ක්‍රිකට් දූෂණයට එරෙහි රඟ පෑ සජිත් ව්‍යවස්ථාදායක සභාව තුළ පාන ප්‍රාතිහාර්ය රටටම බලා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.


රන් පදක්කම් ගත් පාසල් ක්‍රිඩකයන්ට සුභ පැතීමට දුසිම් ගණන් සිටිති. එහෙත් ධෛර්යසම්පන්න මිනිසුන් ඒකරාශී කර ඒ ශක්තිය රට වෙනුවෙන් පාවිච්චි කිරීම වෙනුවට වැඩි පඩි ඉල්ලා රාජ්‍ය සේවය කුරුවල් කරවති. හතුරා ෂම්මි සිල්වා ය. වීරයා රොෂාන් රණසිංහය.

යහ පාලන යුගයේ සාර්ථක මහ බැංකු අධිපතියෙකු ලෙස රට දන්නා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී කෙටි කලක් තුළ රටේ උද්ධමන අගය තනි ඉලක්කමට ගැනීම ගැන සිය ප්‍රසාදය පළ කොට නන්ද ලාල් වීරසිංහට හිමි ගෞරවය පිරිනැමුවේ රෝෂාන් සහ ක්‍රිකට්  ප්‍රශ්නය නො දැන නොවේ. ක්‍රිකට් යනු රෝෂාන් ඇති කළ රටේ තවත් එක් අවුලක් මිස සමස්තය නොවන නිසා විය හැකිය. අද රොෂාන් රණසිංහ කරේ තබා ගෙන උඩ පනින්නෝ පාපන්දු ආදි ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩා  ගණනාවක් ජාත්‍යන්තර තහනමට ලක්ව දන් ගෙඩියට යන තෙක් කතා කළේ නැත. හේතුව ඊට වඩා ප්‍රශ්න රටේ තිබුණ නිසාය.

ශ්‍රේෂ්ඨාධිකරණය රාජපක්ෂ තුන් බෑයන්ට එරෙහිව දුන් තීන්දුව මතුවූ සැනින් රොෂාන් රණසිංහ උස්සා කර තබා ගත්තේ රට වෙනුවෙන් හෝ දූෂණ වංචාවන්ට එරෙහිව නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය රටට වින කළ බවට නම් කළ එවුන්ගේ සිවිල් අයිතිවාසිකම් තහනම් කිරීමට (ක්‍රිකට් ප්‍රශ්නය ගැන මෙන්) පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා නම් එය රටේ ජයග්‍රහණයක් වෙනවාය. සජිත් ප්‍රේමදාසට අවශ්‍යව තිබුණේ ක්‍රිකට් නැංවීමට හෝ රොෂාන් උස්සා තැබීමට නොවේ. රාජපක්ෂලාට එරෙහි වීමට තමන් තුළ ඇති නො කමැත්ත යටපත් කිරීමටය.

තමන් සතු ව්‍යාපාර භූමියක්  පරීක්ෂා කිරීමට විමර්ශන කණ්ඩායක් යැවූ නිසා රොෂාන් රණසිංහ වෛරයෙන් කෑ ගැසුවේ අදටත් ගෝඨාගේ හෙන්චයියන් රටේ නීතිය තමන් අත යට පැවතිය යුතු යයි හිතන නිසා ය. ජනාධිපතිකම සඳහා නම් කළ ඩලස් මෙන්ම රොෂාන්ද සජිත්ගේ දේශපාලන තුරුම්පු ලෙස භාවිතා කරයි. නීති ගරුක පුරවැසියන් තමන්ට එරෙහි චෝදනා වලට මුහුණ දී එක්කෝ නිදොස්ව ගෙදර යති. හෝ ඔප්පු කළ වරද පිළි ගනිති.  එහෙත් ක්‍රිකට් රොෂාන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විනිසුරුවන් විනාස කිරීම යනු තමන්  225න් එකෙක් වන බැවින් රටේ නීතියට දෙකේ කොලයට දැමීමකි.  ක්‍රිකට් ගැටළුවේදී, විනිසුරුවන්ගේ නම් කියමින් චෝදනා කිරීම හරහා තේරුම් ගත යුත්තේ රොෂාන් රණසිංහ යනු නඩු තීන්දුවක් හේතුවෙන් ඇතිවූ කොපයෙන් විනිසුරු සරත් අඹේපිටිය මරා දැමූ පොට්ට නවුෆර්ගේ මානසිකත්වයෙන් හැසිරෙන්නෙකු බවය. සජිත්ලා මේ උස්සා ගෙන සිටින්නේ දෙවැනි පොට්ට නවුෆර්ය.  

නොවැම්බර් 30 වෙනිදා මාධ්‍ය වාර්තා කළ ආකාරයට රොෂාන් එකී කතාවෙන් අධිකරණයට අපහාසයක් සිදු වී යයි නීතිඥ වරියක නඩු පවරා ඇත. වරප්‍රසාද අනුව එවැනි නඩුවකට ඉඩ නැති බවට සජිත් කළ ප්‍රකාශය නිවැරදි බව කතානායකගේත් තීරණය බව පෙනේ. එහෙත් විමසෙමින් පවත්නා නඩුවක් ගැන කතා කිරීම දිගු කලක සිට පාර්ලිමේන්තුවේ  රීතියෙන් වළකා ඇත. ඒ තත්වය තුළ,

 (01) තමන්ට අවාසිදායක  අතුරු නියෝගයක් දුන් විනිසුරුවරයෙකුට පුද්ගලික අවලාද නැගීමට රොෂාන්ට වරප්‍රසාද මුක්තියක් ඇතැයි කතානායක තීන්දු කිරීම යනු පාර්ලිමේන්තුවේ  225ට එරෙහිව නඩත්තු හෝ දික්කසාද  නඩුවක්වත් විභාග කළ නො හැකි කතාවකි.  

(02) විනිසුරුවෙකු දූෂිත නම් අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක කාරණාවේදී  මෙන් ව්‍යවස්ථානුකුලව කි්‍රයා කරනු මිස රාත්‍රී  සමාජ ශාලාවල හැසිරෙන ආකාරයට නඩුවක පාර්ශ්වකාර මන්ත්‍රී වරයෙකුට පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට  ඉඩ දීමට හෝ එවැනි අවස්ථාවක් සාධරණීකරණය කිරීමට කතානායක පියවර නොගත යුතුවේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද තවදුරටත් වචාල කතාවලට ආරක්ෂාව නො දිය යුතු අතර, ගරු අධිකරණය රෝෂාන්ට එරෙහි අධිකරණයට අපහාස කිරිමේ නඩුරකරය ඉස්මත්තේම ප්‍රතික්ෂේප කළොත් රටේ අධිකරණයට හිමි ස්වාධිනත්වය අහෝසි කිරීමක් විය හැකිය. ඇත්තම කතාව නම් රොෂාන් කොටු කිරීමේ  සැලැස්මක් තිබිණ. ඊට මුහුණ දී ගෞරවාන්විතව නිදොස් වී නිදහස් වෙනු මිස අනම් මනම් දෙඩවීම තුළ සැබෑ රොෂාන් රණසිංහ හෙළිදරව් වී හමාරය.

ලිපියේ මුලට යයි නම් කැබිනට් සාමුහිකත්වය කැඩීමත් වරදකි. රෝෂාන්ට ඊට නිසි දඬුවම් ලැබී ඇත. ඩබ්ලිව්. දහනායක අගමැතිව සිටියදී එක් රැයක කැබිනට් මණ්ඩලයේ දොළාස් දෙනෙකු නෙරපා හැරියේ තමන්ට විශ්වාසය නැත යන අවබෝධයෙනි.  එදා සක්‍රිය සෝල්බරි ව්‍යවස්ථාව යටතේරෑජිණගේ නියෝජිතයාවූ අග්‍රාණ්ඩුකාරයාටත් එය ප්‍රශ්න කිරිමට  බලයක්  නො වීය. එලඟ මැතිවරණයේදී අපරාජිත දහනායක ගාල්ලේන් ප්‍රතික්ෂේප වීමට එය හේතු වුණා විය හැකිය. හැම පාලකයාම තමන් ගන්නා තීරණවලට වගකිව යුතුවේ. අගමැති ජොන් කොතලාවල මුහුණ දුන් කැබිනට් ආරවුලක් සම්බන්ධව විමසූ විට,  තමා එලඟ කැබිනට් රැස්වීම ගෝල්පේස් පිට්ටනියේ පවත්වන බවට කොතලාවල කීය.  

zxdgwe4563


ජේ.ආර්.ජයවර්ධන,  සිරිල් මැතිව්, ගාමිණි ජයසූරිය වැනි ජ්‍යෙෂ්ඨයන් ගැන බරපතල තීරණ ගත් අතර මොන්ටේගු ජයවික්‍රමට යම් ප්‍රකාශයක් ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියම කළේය. රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයෙන් දොට්ට දැමූ රෝෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටින සජිත්ගේ තාත්තා ජනාධිපති ආර්. ප්‍රේමදාස තම පැවැත්ම වෙනුවෙන් ගාමිණි දිසානායක කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමීය.


දෙ පතුලේ ගංජා ගැට කැක්කුම වැඩි  වුණා වැනි ඉරියව්වකින් පාර්ලිමේන්තුවේ හැසිරෙන සජිත් ප්‍රේමදාසට තමන් සමග ඉන්දීය තානාපති හමුවීමට නො පැමිණෙන ලෙස රෝෂාන්ට අවවාද කළ යුතු යයි කල්පනා නොවුණේ ඔහු සජිත්ම නිසාය. රනිල් පර සක්වල ගසා රොෂාන් ජනාධිපති කර ගෝඨාභය මෙන් බදු අය නො කරන, වැඩි පඩි ගෙවන අතළොස්සක් මිනිසුන්ගේ යහපත පිණිස පාලනයක් ඇති කිරීමට සජිත් කල්පනා කරන්නේ නම් එදා වේල සඳහා වෙහෙසෙන ලංකාවේ එක්කොටි විසි ලක්ෂයක් ඡන්දදායකයන්ට අයෙත් ඉන්ධන පෝලිම්වල දිවි නසා ගැනීමට සිදුවීම වැළැක්විය නො හැකිය.  

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොට්ට නවුෆර් රොෂාන් සහ සජිත්ලා - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader