The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : මුරලිගේ අලුත්ම පන්දුව

T

The Leader Desk

December 3, 2023 • 6:21 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : මුරලිගේ අලුත්ම පන්දුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම ත්‍රිරෝද රථයක නැගුණෙමි.
  • ටික දුරක් ගමන් කරන විට, රථය යන්නේ මුහුද පැත්තට නොවන බව මට හැඟුණි.
  • අප ඉන්දියානු ක්‍රිකට් සමඟ ''නොරොක්'' වීමට බොහෝ හේතු ඇත.
  • ඒවා ක්‍රීඩා ලෝලීන්ටද රහසක් නොවන බැවින් වැඩි විස්තර අනවශ්‍යය.
අකුරු ප්‍රමාණය (Font Size):

මම ත්‍රිරෝද රථයක නැගුණෙමි. ටික දුරක් ගමන් කරන විට, රථය යන්නේ මුහුද පැත්තට නොවන බව මට හැඟුණි.

''හලෝ... මේ කොහෙද යන්නෙ?''

මම රියැදුරාගෙන් ඇසුවෙමි.

''පොඩ්ඩක් ඉන්ඩ සර්...'' කියමින්, ඔහු දිගටම රථය ගෙන යයි. එකවරම විශාල හෝටලයක් ඉදිරියේ ත්‍රිරෝදයේ වේගය අඩාල කළ රියැදුරා මා දෙසට හැරුණේය.

Muttiah Muralitharan Wedding Photos 1
''සර්... මේක තමයි මුරලිදරන්ගෙ වෙඩින් එක ගත්ත හෝටලේ...''

මට එහි එතරම් වැදගත්කමක් නොවුණත්, රියැදුරාට එසේ නොවීය. මුරලිදරන්ගේ මංගල්‍ය ගත් තැන නිසා ඔහුට එය කෝවිලක් තරමටම පූජනීයය!

සිරි ලංකාවේ අනෙක් ක්‍රිකට් තරුවලට වඩා මුරලිදරන් දකුණු ඉන්දියානුවන් අතර ජනප්‍රියය. මුරලි විවාහයක් කර ගත්තේද දකුණු ඉන්දියාවෙනි. මුරලිගේ බසද ඔවුන්ගේ දමිළය.

මුරලිදරන් යන නමේ තේරුම, වස්දඬුව දරන්නාය. එය ශ්‍රී ක්‍රිෂ්ණාට යෙදෙන තවත් නමකි. අපේ මුරලිදරන් අතින් දරා සිටින්නේ වස් දඬුවක් (බටනළාවක්) නොව, ලෙදර් පන්දුවකි. ඒ නිසා ඔහුට ''බෝල්දරන්'' යන නමද භාවිතා කළ හැකිය.

m s a cric

අප ලෝක කුසලානය දිනූ කාලයේ මුරලිදරන්, ජයසූරිය හා අර්ජුන යන තිදෙනාගෙන් කවරකු හෝ ඉන්දියාවේ ඡන්දය ඉල්ලුවා නම් උඩින්ම දිනන්නට ඉඩ තිබුණි. එසේම ටෙන්ඩුල්කාර්, දෝනි, කපිල් දේව්, අසාරුද්දීන් වැනි ඉන්දීය ක්‍රීඩකයන්ටද සිරි ලාංකික ක්‍රිකට් ලෝලීන් අතර මහත් ප්‍රසාදයක් හිමිව තිබුණි.

අද අපි ඉන්දියාව පරදවා ඔස්ට්‍රේලියාව දිනද්දී හුරේ දැමුවත්, එදා අපි ඔස්ට්‍රේලියාව පරදවා ලෝක කුසලානය දිනද්දී, ඉන්දියාව සිටියේ අපේ පැත්තේය. ඒ තරගය පැවතුණේ පකිස්ථානයේය. ප්‍රේක්ෂකාගාර පිරෙන්නට සිටි පකිස්ථානුවන් ජයඝෝෂා නැගුවේ සිරිලංකා පිලටය. ඒ එදා ක්‍රිකට් ලොවේ තිබූ ''කලාපීය සහයෝගීතාව''යයි.

 75609802 murali getty6

අද ඔස්ට්‍රේලියාවට හුරේ දමන, අපට එදා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මුරලිව නෝබෝල්කාරයකු කළ හැටි අමතකය. අර්ජුනට ''බඩා, තඩියා'' යනුවෙන් අපහාස කරමින් ගේම ඉල්ලූ හැටි අමතකය. ඒ අතින් බලන කල, ''දේශපාලනයේදි සදාකාලික සතුරන් නැත'' යන කියමන ක්‍රිකට් ක්‍රීඩාවටද අදාළ කළ හැකිය.

අප ඉන්දියානු ක්‍රිකට් සමඟ ''නොරොක්'' වීමට බොහෝ හේතු ඇත. ඒවා ක්‍රීඩා ලෝලීන්ටද රහසක් නොවන බැවින් වැඩි විස්තර අනවශ්‍යය. එසේ හෙයින් නැවතත් මුරලිදරන් දෙසට හැරෙමු.

Biography Of Muttiah Muralitharan Biggest Spin Superstar In Cricket History lg
බටනළා වාදනය නොදන්නා අපේ මුරලි හපන්කම් දක්වන්නේ පන්දු යැවීමටය. ඔහුගේ පන්දු දඟ කැවෙයි. ඒ දඟපන්දු ඉදිරියේ පිතිකරුවෝ ඇඹරෙති. ඔහුගේ හැම පන්දුවක් දෙසම බලා සිටීම ආස්වාදජනකය. ඕනෑම මොහොතක කඩුල්ලක් බිඳී යා හැකිය.

මුරලි පිළිබඳව නිපදවුණු චිත්‍රපටයක්ද දැන් ඉන්දියාවේ ප්‍රදර්ශනය කෙරෙයි. මුරලි දැන් ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින්නෙකි. එහෙත්, ඔහු වරින්වර, දඟපන්දු එල්ල කරයි.

මෑතකදී ඔහු තවත් එබඳු දඟ පන්දුවක් දඟ කවමින් කියා සිටියේ, දකුණු ඉන්දියාව කිසි කලෙක සිරි ලංකාව හරිහැටි තේරුම් ගත්තේ නැති බවකි.

එය පැහැදිලිවම, දේශපාලනික දඟ පන්දුවකි. ඉන්දියාවේ කවරකු ඉන් දැවී යනු ඇත්දැයි දැන්ම කිව නොහැකිය. එහෙත් දැනටමත් ඒ පන්දුව වටා කෙරෙන කතා බතා බොහෝය.

මුරලිට ඔස්ට්‍රේලියානුවන් නැගූ අභූත චෝදනාව වූයේ, ඔහු පන්දුව දමා ගසන බවකි. ඉන්දියානුවන්ද දැන් එයම නැවත කියන්නට බැරි නැත.

ලෝක කුසලාන පරාජය නිසා, ඉන්දියාව තවමත් වේදනාවෙන් පසුවෙයි. ඒ නිසා, මුරලිගේ කතාව, අඬන්නට සිටින මිනිසාගේ ඇඟට පන්දුවෙන් ගැසීමක් වෙන්නටද ඉඩ ඇත. දැන්, ඉන්දියානු කාටුන්කාරයෝ තම හිතේ අමාරුව යනතුරු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් පතුරු ගසති. මෑතක තිබූ එබඳු කාටූනයක දෙබස මෙසේය.

''ඉන්දියන් ක්‍රිකට් ක්‍රිඩකයෝ හොඳටම සෙල්ලම් කරන්නෙ කොහෙද?''

''වෙළෙඳ දැන්වීම්වල.''

Screenshot 2023 12 03 at 11.46.48
තවත් කාටූනයක මෙසේ දැක්වෙයි.

''කුල්දීප් යාදව් ලකුණු සීයක් ගත්තු වෙලාවක් තියෙනවද?''

''ඔව්. හැබැයි බැට් කරද්දී නෙවෙයි. බෝල් කරද්දී.''

අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් මෙසේ ඇසීය.

''ඔබතුමා මුරලිදරන්ගේ චිත්‍රපටිය බැලුවද?''

''මට ඕවට වෙලාවක් නෑ. මං තාම අපේ ටීම් එක සනසනවා.''

''ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකේ අර්බුදය ගැන ඔබතුමා හිතන්නෙ කොහොමද?''

''මං හැමදාම කිව්වෙ, රටවල් දෙකටම එක බෝඩ් එකක් තිබුණම ඇති කියලා.''


කපිල කුමාර කාලිංගගේ හීසරය : කට කහනවට නො-හදන කටකතා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...