The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ විජයදාස රාජපක්ෂ සළකුණු...

T

The Leader Desk

December 6, 2023 • 7:02 AM

ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ විජයදාස රාජපක්ෂ සළකුණු...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝවිට අප අසා දැක ඇති සුලභ සිදුවීම වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට උරුමකම් පෑ දේශපාලන පවුල් ගස්ය.
  • දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි යැයි කියමන ලෝකෝපකාරයේ ලියවී ඇති නමුත් එය විජයදාස රාජපක්ෂ පවුලට අදාල නොවේ.
  • ඔවාදෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට යැයි එම කවිපෙළේ මුල් පද පෙළ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ නිසිලෙස අර්ථ ගන්වා ඇත.
  • ලංකා බැංකුවේ සේවයට එක්වෙමින් වෘත්තීය ජීවිතය ආරම්භ කරන විජයදාස රාජපක්ෂයන්, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිය හදාරා නීති විද්‍යාලයේ (Attorney at Law) විභාගය සමත්ව 1984 වර්ෂයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):


පෞරුෂය සඳහා දියුණු කල යුතු හිස, අත හා හද (3H) සංකල්පය මේ මොහොතේ සිහිපත් වනුයේ ඉහත කී අංශ සමතුලිතව ප්‍රගුණ කල මෙරට කීර්තිමත් පවුලක සාමාජිකයෙක් දෙසැම්බර් 05 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස දිවුරුම් දීමත් සමඟ එකම පවුලක ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත වීම මෙරට නීති ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන බැවිනි.

ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝවිට අප අසා දැක ඇති සුලභ සිදුවීම වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට උරුමකම් පෑ දේශපාලන පවුල් ගස්ය. එමෙන්ම තම දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගී කරගනිමින් එවැනි පවුල්වල බොහෝ දෙනා කැපී පෙනීමට උත්සුක වනුයේ මැරකමින් අවි ආයුධ හරඹයන්ගෙන්ය. නමුත් එසේ නොවන පවුල් ගසක් ගැන සටහන් තැබීමට සිදුවූයේ එය දුටුවන් සිත් සතුටු කරවන ඇසුවන්ගේ සවන් සතුටින් පුරවාලන ‍‍ඓතිහාසික කතන්දරයක් වන බැවිනි.

ලංකාවේ වත්මන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවුලේ බිරිඳ, වැඩිමහල් පුතු සහ බාල පුතුගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන් ලෙස ශ්‍රී ලංකා නීති ඉතිහාසයට එක්ව සිටි නමුත් දෙසැම්බර් 05 වැනිදා බාල පුතණුවන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකු ලෙස දිවුරුම් දීමත් සමඟ රාජපක්ෂ පවුලේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයින් සංඛ්‍යාව පස්දෙනෙකි. 

WhatsApp Image 2023 12 06 at 9.02.50 AM
ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ගේ සිට මැරකමින් වංචාවෙන්, දූෂණයෙන් ඉදිරියට ඒමට වෙර දරද්දී රඛිත, මුදිත, ඹ්ෂධී වන තම දරුවන් නීති ක්ෂේත්‍රයේ ඉහළට ඔසවා තබමින් විජයදාස රාජපක්ෂ, ආදරණීය පියකු ලෙසත්, මාලා රාජපක්ෂ මවක ලෙසත් සිය යුතුකම් උපරිමයෙන් ඉටු කර තිබෙන බව කීම අතිශොක්තියක් නොවේ.  

දුසිරිත දනන් දෙන  ඔවා වැද්දන් කියන බණ වැනි යැයි කියමන ලෝකෝපකාරයේ ලියවී ඇති නමුත් එය විජයදාස රාජපක්ෂ පවුලට අදාල නොවේ. ඔවාදෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට යැයි එම කවිපෙළේ මුල් පද පෙළ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ නිසිලෙස අර්ථ ගන්වා ඇත.

10450211 10152775950006474 836813601329447895 oලංකා බැංකුවේ සේවයට එක්වෙමින් වෘත්තීය ජීවිතය ආරම්භ කරන විජයදාස රාජපක්ෂයන්, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිය හදාරා නීති විද්‍යාලයේ (Attorney at Law) විභාගය සමත්ව 1984 වර්ෂයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබීය. ඉන් අනතුරුව අඩුම සේවා කාලයකින් එනම් අවුරුදු 17 ක වෘත්තිය නීතිඥ ජීවිතයෙන් පසු 2001 වර්ෂයේ ලාබාලතම ජනාධිපති නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙනු ලබන්නේ ස්වකීය වෘත්තියෙහි නිපුණභාවය ප්‍රකට කරමිනි.

සිය තරුණ ජීවිතය තුළදී තරුණ නීතිඥ සම්මානය 1998 වර්ෂයේදී දිනා ගන්නා ආචාර්ය විජයදාස රාජපක්ෂයන් 2013 වර්ෂයේදී වෘත්තිකයන්ගේ සංවිධානය විසින් (OPA) ජීවිතයේ එක් වරක් වෘත්තිකයෙකුට ලබා දෙන APEX සම්මානය දිනා ගනු ලැබීය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබදව කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සමත් වන විජයදාස රාජපක්ෂයන් කැලණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබදව ආචාර්ය උපාධිය දිනා ගනු ලබන්නේ මෙරට වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම ද්විත්ව ආචාර්ය උපාධිධාරියා බවට පත්වෙමිනි. ආචාර්ය විජයදාස රාජපක්ෂයන්හට Common Wealth විශ්ව විද්‍යාලයෙන් සම්මානිත ආචාර්ය උපාධියක්ද පිරිනමා ඇත.

විජයදාස රාජපක්ෂගේ බිරිද වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මාලා රාජපක්ෂ, කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබදව විශේෂ උපාධිධාරිනියකි. ඇය නීති විද්‍යාලයේ නීති උපාධිය සමත්ව 1986 වර්ෂයේදී නීතිඥ වෘත්තියට පිවිසුනාය.

407578472 929216488574615 3536368346782916978 n
මෙම දෙපලගේ වැඩිමහල් පුතණුවන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ රඛිත රාජපක්ෂ, ලන්ඩන් විද්‍යාලයේ නීති උපාධිය ( L.L.B) උපාධිධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා ලන්ඩන් වෙස්ට් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය ( L.L.M) ලැබීය. සිය පියා වු විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය හොබවන සමයේ අධි නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් රඛිත බණ්ඩාරණායක ජාත්‍යන්තර නීති අධ්‍යාපන ආයතනයේ අන්තර් ජාතික සබදතා පිළිබද උපාධිධරයෙකි.

407661960 929216531907944 2511460818127470159 nමෙම දෙපලගේ බාල පුතණුවන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මුදිත රාජපක්ෂ, එංගලන්තයේ Staffordshire විශ්ව විද්‍යාලයේ නීති උපාධිධරයෙකි. ඔහු 2023 දෙසැමිබර් 05 වැනිදා අධි නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවේ සිය පියාණන් ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදීවීම දෛවෝපගත සිදුවීමක් වනවා ඇත.

බාල පුතණුවන්ගේ බිරිද වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හෙෂ්නා උපසේන, Staffordshire විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරිනියකි. ඇය ද මෙරට නීතිඥවරියක ලෙස දිවුරුම් දෙනු ලැබුයේ මාස කිහිපයකට පෙරදීය.

මෙම දෙපලගේ දියනිය වන උපේක්ෂා රාජපක්ෂ (දියණිය) ලන්ඩනයේ යුනිවර්සිටිහි නීති උපාධිධාරිනියක් වේ. මීට අමතරව Bukimhamshare විශ්ව විද්‍යාලයේ LLM පශ්චාත් නීති උපාධිය හදාරා ඇත.

සටහන :
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සම්පත් දේශප්‍රිය 
Sampathnews@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...