The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මහා මැතිවරණය ද? ජනාධිපතිවරණය ද? - පක්ෂ කඳවුරු බදින හැටි

T

The Leader Desk

December 9, 2023 • 5:03 AM

 මහා මැතිවරණය ද? ජනාධිපතිවරණය ද? - පක්ෂ කඳවුරු බදින හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා මැතිවරණය සහ 2024 සැප්තෑම්බර් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම කඳවුරු තැනීම සිදුවේ.
  • උතුරු පළාතේ හැර අනෙකුත් ස්ථානයන් හි ඔවුන් මේ වන විට මුලික දේශපාලන කටයුතු අරඹා ඇත.
  • පොහොට්ටුවේ කණ්ඩායමක් ආණ්ඩු පක්ෂය සමඟ අය වැය සඳහා පක්ෂව ඡන්දය දීමට නොපැමිණි අතර, ඔවුන් ගේ අදහස වී ඇත්තේ පොහොට්ටුව පක්ෂය ශක්තිමත් කර, මැතිවරණයට මුහුණදීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් යුතු බව ය.
  • පක්ෂ සම්මේලනයෙන් පසුව, තව දුරටත් ආණ්ඩු පක්ෂයේම රැදෙන්නේ ද, නැතිනම් විපක්ෂ කණ්ඩායමක් ලෙස ජනතාව අතරට යන්නේ ද යන දෙගිඩියාවෙන් ඔවුහු පසුවෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

මහා මැතිවරණය සහ 2024 සැප්තෑම්බර් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම කඳවුරු තැනීම සිදුවේ.

* පළමු කණ්ඩායම, වත්මන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම සහ විපක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලංසා ප්‍රමුඛ කණ්ඩායම, ඩග්ලස් දේවානන්ද, මුස්ලිම් පක්ෂ මන්ත්‍රීවරුන්, ලංකා කම්කරු කොන්ග්‍රසය, එජාප හා එයට සහාය දක්වන පක්ෂ වෙති. උතුරු පළාතේ හැර අනෙකුත් ස්ථානයන් හි ඔවුන් මේ වන විට මුලික දේශපාලන කටයුතු අරඹා ඇත.

* පොහොට්ටුවේ කණ්ඩායමක් ආණ්ඩු පක්ෂය සමඟ අය වැය සඳහා පක්ෂව ඡන්දය දීමට නොපැමිණි අතර, ඔවුන් ගේ අදහස වී ඇත්තේ පොහොට්ටුව පක්ෂය ශක්තිමත් කර, මැතිවරණයට මුහුණදීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් යුතු බව ය. පක්ෂ සම්මේලනයෙන් පසුව, තව දුරටත් ආණ්ඩු පක්ෂයේම රැදෙන්නේ ද, නැතිනම් විපක්ෂ කණ්ඩායමක් ලෙස ජනතාව අතරට යන්නේ ද යන දෙගිඩියාවෙන් ඔවුහු පසුවෙති.  

* සමගි ජනබලවේගය මේ වන විටත් පොහොට්ටුවෙන් ඉවත් වූ ඩලස් අලහප්පෙරුම, ජී.එල්.පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායම සමඟ සන්ධානගතවීමට මුලික එකඟතාවයක් ගොඩ නගා ඇත. එහි මහමොළකරු ලෙස ඩිලාන් පෙරේරා සහ වෛද්‍ය චන්න ජයසුමන සමගි ජනබලවේගය සමග ගිවිසුම් සකස් කරමින් සිටී. චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත් ඇතුළු පිරිසක් මේ වන විටත් සජබට එක්වී ඇත. සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූවේ, රෝෂාන් රණසිංහ පමණක් නොව අමාත්‍යවරුන් රැසක් තමන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවය.

* ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජනබලවේගය) අනුර කුමාර දිසානායක සහ හරිනි අමරසූරිය ප්‍රමුඛව දිවයින පුරා රැස්වීම් පවත්වමින් ක්‍රියාකාරී වී ඇත. වෘත්තීය සමිති, තරුණ හා කාන්තා බලවේග ලෙස ජවිපෙ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නොතිබූ මැතිවරණ ව්‍යූහයක් ගොඩනගා ගැනීමට ඔවුහු සමත්ව සිටී. අද වන විට ශක්තිමත් සමාජ මාධ්‍ය ජාලය ද ඔවුන් සතුය.

* සාම්ප්‍රදායික ශ්‍රීලනිප ඡන්ද පදනමට ආමන්ත්‍රණය කළ හැකි කණ්ඩායම් එකතු කර පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ද එකඟතාවක් ඇති කර ගැනීමට පැරණි වාමාංශික පක්ෂ උත්සහයක නිරත වේ. පසුගිය ආණ්ඩුවල අමාත්‍යධූර දැරූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිස් ද, සාම්ප්‍රදායික වාම දේශපාල පක්ෂ  (කො.ප., ලසසප) ද මේ සාකච්ඡාවට ඇතුලත් වෙති.

* චන්ද්‍රිකා කුමාරතුංග, කුමාර වෙල්ගම, චම්පික රණවක ඇතුළු පිරිසක් ජනාධිපතිවරණයක් ජයගත හැකි පොදු අපේක්ෂකයෙකු සොයා ගැනීම සඳහා උත්සහ දරමින් සිටී.  

* ද්‍රවිඩ ජාතික සන්ධානය මේ වන විට කොටස් දෙකකට බෙදී ඇත. තමිල් අරසු කච්ච් පක්ෂයක්, ටෙලෝ කණ්ඩායමත් වෙන් වෙන්ව ඇත. ප්ලොට් සංවිධානය මෙම කණ්ඩායම් නැවත එකතු කර සන්ධානය රැක ගැනීමට උත්සහ දරයි.

* උතුරු පළාතේ බලය ක්‍රමිකව ව්‍යාප්ත කරමින් සිටින විග්නේෂ්වරන්/ පොන්නම්බලම් ඇතුළු කණ්ඩායම තමන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව සිය සංවිධායකවරුන්ට දැනටමත් දැනුම් දී ඇත. තරුණ ක්‍රියාකාරීන්ගෙන් හා රාජ්‍ය සේවකයින්ගෙන් සමන්විත අපේක්ෂකයින් සමඟ ඔවුහු ග්‍රාමීය මට්ටමින් මැතිවරණ කටයුතු මේ වන විටත් අරඹා ඇත. දකුණේ ජවිපෙ ක්‍රියාකාරීවන ලෙසම, උතුරේ මැතිවරණ ආසන මට්ටමින් දේශපාලන ක්‍රියාවලියේ නිරත වන කණ්ඩායම පොන්නම්බලම් ගේ තරුණ කණ්ඩායමයි.

 ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වෙන්නේ නම්, මෙම දේශපාලන කඳවුරු හත අතර පාර්ලිමේන්තු ආසන 220 ක් පමණ බෙදී යනු ඇත.  කිසිදු කණ්ඩායමට මන්ත්‍රී ආසන 70 ඉක්මවිය නොහැකි තත්වයක් ඒ අනුව ඇතිවනු නොවැලැක්විය හැකිය.

 
2024 ජූලි මස අවසන් සතියේ දී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා තවත් ඇත්තේ දින 235 කි. ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් වන්නේ නම්, එය 2024 ජනවාරි හෝ පෙබරවාරි මුල් සතිය තුල සිදුවනු ඇත. එය ලංකා ඉතිහාසයේ වැඩිම පක්ෂ හා කණ්ඩායම් ගණනකට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව සැලසෙන මහා මැතිවරණය බවට එය පත්වනු ඇත.


Rajith Keerthi
(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

rajith_tennakoon@yahoo.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...