The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මාධ්‍යයේ හැමෝම කැරපොත්තන් විය යුතුයි - (කුසල් පෙරේරා)

T

The Leader Desk

December 9, 2023 • 6:13 AM

 මාධ්‍යයේ හැමෝම කැරපොත්තන් විය යුතුයි - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිංගනවා.” එයට පහළින් කැරපොත්තෙකුගේ වර්ණ රූපයකුත් ඇතුළු කෙරුවා.
  • මම හිතන්නේ මට ජී-මේල් විද්‍යුත් තැපැල් ගිණුමක් විවෘත කරන්න ඇරයුමක් ලැබුණේ 2005 අවුරුද්දේ මැදක පමණ කියලා.
  • ඒ නිසා සමාජ මාධ්‍ය ජාල නොතිබුණු, වෙබ් පුවත් අඩවිද අද මෙන් නොතිබුණු, අතළොස්සක් අපි උද්ධාමයෙන් සහ අසීරුවෙන් පෞද්ගලික බ්ලොග් අඩවි නඩත්තු කළ කාලයේ අන්තර්ජාලයට ගොඩ වන්නේ ඇත්තටම අවශ්‍යතාවක් තිබුණොත් පමණයි.
  • ක් 04ක් වගේ උපරිමයකට අන්තර්ජාල හැසිරීම සීමා කර තිබූ ඒ කාලයේ වැයවන කිලෝ බයිට් ප්‍රමාණයට ගෙවන්න සිදු වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

රිංගනවා.” එයට පහළින් කැරපොත්තෙකුගේ වර්ණ රූපයකුත් ඇතුළු කෙරුවා. ඊට අමතරව මගේ හැම සමාජ මාධ්‍ය ගිණුමකම කැරපොත්තා ඉන්නවා. කෙටියෙන් කියුවොත් විද්‍යුත් සහ සමාජ මාධ්‍යවල මගේ සංකේතය වෙලා තියෙන්නේ මේ කැරපොත්තයි.Screenshot 2023 12 09 at 11.14.42 AM
මගෙන් සමහරුන් අහනවා “මොකද්ද බං ඔය කැරපොත්තගෙ තේරුම?” කියලා. ඒකේ තේරුම ගැන ඒ නිසා පොඩි කෑල්ලක් ලියන්න හිතුනේ ඊයේ පෙරේදා මා සමග කයිවාරුවකට වාඩි වුන විදේශිකයෙකුද ඒ ගැන ඇසුව නිසයි.

කතාව පටන් ගන්නේ අද ඊයේ නෙවෙයි. මම හිතන්නේ මට ජී-මේල් විද්‍යුත් තැපැල් ගිණුමක් විවෘත කරන්න ඇරයුමක් ලැබුණේ 2005 අවුරුද්දේ මැදක පමණ කියලා. ඒ කාලේ ජී-මේල් ගිණුමක් විවෘත කරන්න, ආරාධනාවක් ලබන්න ඕනේ. ඒ වගේම අන්තර්ජාලයේ සැරිසරන්න අද වගේ පුළුවන්කමක් තිබුණෙත් නැහැ. එය ලොකු මිලක් වැයවෙන වැඩක්. ඒ නිසා සමාජ මාධ්‍ය ජාල නොතිබුණු, වෙබ් පුවත් අඩවිද අද මෙන් නොතිබුණු, අතළොස්සක් අපි උද්ධාමයෙන් සහ අසීරුවෙන් පෞද්ගලික බ්ලොග් අඩවි නඩත්තු කළ කාලයේ අන්තර්ජාලයට ගොඩ වන්නේ ඇත්තටම අවශ්‍යතාවක් තිබුණොත් පමණයි.
Screenshot 2023 12 09 at 11.27.06 AM removebg previewඑවැනි දිනක වරක් වැරදි අන්තර්ජාල අඩවියකට මම අහම්බෙන් ගොඩ වුනා. සාමාන්‍යයෙන් එවැනි විටක අපි කරන්නේ වහා සම්බන්ධය කපා හරින එකයි. නැත්තං සාමාන්‍යයෙන් එම්.බී. 02ක් 04ක් වගේ උපරිමයකට අන්තර්ජාල හැසිරීම සීමා කර තිබූ ඒ කාලයේ වැයවන කිලෝ බයිට් ප්‍රමාණයට ගෙවන්න සිදු වෙනවා. නමුත් එදා ඒ අහඹු අඩවිය බා ගෙන මම මඳක් එහි රැඳුනේ ඒකේ කැරපොත්තන් වර්ග ගැන ඡායාරූප සමගින් විස්තර තිබූ නිසයි. එහි තිබූ විස්තර පුදුමාකාර යැයි මට සිතුනා. අහල තියෙනවාද ලෝකයේ කැරපොත්තන් ප්‍රභේද 4,600 ක් ඉන්නවා කියලා? උන්ගේ ආරම්භය මීට අවුරුදු මිලියන 320 ට පෙරාතුවයි කියනවා. මේ කැරපොත්තන්ගෙන් මනුස්ස වාසයේ ගැවසෙන්නේ ප්‍රභේද 30 ක් පමණ ලූ.

 කරදකාර කෘමි විශේෂයක් ලෙස සැළකෙන කැරපොත්තන්ට ඕනෑම දේශගුණික තත්ත්වයක ජීවත් වෙන්න istockphoto 1224195620 612x612 removebg previewපුළුවන් ලූ. ඝර්ම කලාපීය ප්‍රදේශවල වගේම සෘණ සෙන්ටිග්‍රේඩ් 122 දක්වා පුදුමාකාර සීතලක වූවත් ඉන්න පුළුවන් ලූ. ඒ වගේම කැරපොත්තන් පුදුමාකාර දරාගැනීමක් ඇති සත්ව විශේෂයක්. උන්ට කිසිදු ආහාරයක් නැතිව සාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් ඇතිව මාසයක් ඉන්න පුළුවන්. තැපැල් මුද්දරයක පිටුපස ඇති මැලියම් ආහාරයට ගැනීමෙන් ජීවත් වෙන්න පුළුවන් කැරපොත්තනුත් ඉන්නවා. ඒ වගේම පොදු පිළිගැනුම නම්, මනුස්ස වර්ගයා සමස්ථයක් වශයෙන් සිය පැවැත්ම න්‍යෂ්ඨික විනාශයකින් අහෝසි කරගත්තත් කැරපොත්තන් මේ පෘථිවියේ වාසය කරනු ඇතැයි යන්නයි.


අනෙක මේ ලෝකයේ ඉතාම පිරිසිදු කෘමි වර්ගය කැරපොත්තන් කියලා පිළිගැනුමක් තිබෙනවා. වනජීවි ලේඛකයෙකු සහ වනජීවි සංරක්ෂකයෙකුද වන රෙක්ස් ටෘලොව්ට අනුව කැරපොත්තන් බැක්ටීරියා වර්ග විශාල සංඛ්‍යාවක ප්‍රවාහකයෙකු වූවත් ඌ තමන්ගේ පවිත්‍රතාව හැම විට තබා ගන්නවා. ඒ වගේම කැරපොත්තා ඉතාම විමසිලිවත් කුතුහලයක් ඇති කෘමියෙක්. එනිසා ඌ රිංගන්නේ නැති තැනක් නැතැයි කියනවා.

Screenshot 2023 12 09 at 11.39.14 AM removebg preview 1මේ විස්තර කියෙව්වම මම කල්පනා කෙරුවේ, ඉතාම විමසිලිවන්ත සහ කුතුහලයකුත් තියෙන, ඒ නිසා ඕනෑම තැනකට රිංගන, න්‍යෂ්ඨික බලයෙන්වත් විනාශ කරන්න බැරි, මොනවා කෙරුවත් තමන්ගේ පිරිසිදුකම තියා ගන්න, එවැනි ජීවිතයක් වෙනුවෙන් මහා සම්පත් ප්‍රමාණයක් සොයන්නෙත් නැති කැරපොත්තා මාධ්‍යවේදීන්ට මොන තරම් ආදර්ශමත් සතෙක්ද කියලයි. මාධ්‍යවේදයේ සංකේතාත්මක ප්‍රදර්ශනය කැරපොත්තා උනොත් “මරු-නෙ” කියලා හිතුනා.

මගේ විද්‍යුත් ලේඛන කලාවට කැරපොත්තා ආවේ එහෙමයි. දැන් මම හිතනවා විශේෂයෙන් මේ යුගයේ ස්වාධීන ගවේශනාත්මක මාධ්‍යවේදියකු කියන්නේ කැරපොත්තගේ චරිත ලක්ෂණ තිබිය යුතු මාධ්‍යවේදීන් කියලා. මාධ්‍යවේදීන් අඩුම තරමින් ඒ ලක්ෂණ වගා කරගන්න සූදානම් විය යුතුයි කියලා.

kusal perera
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2023 දෙසැම්බර 08

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...