The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : කතානායක කතා

T

The Leader Desk

December 10, 2023 • 8:24 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : කතානායක කතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුව යනු දේශපාලන භූමියේ ඇති උත්තරීතර මධ්‍යස්ථානයයි.
  • සිනමාවේ කතා නායක ''අනවශ්‍ය කතාවක් කීමට ගොස් හිරේ වැටුණේ, හැමවිටම දේශපාලනය විහිළුවක් නොවන බව පෙන්වා දෙමිනි.
  • රට වටකර වැට බැන්දත්, කට වටකර වැට බැඳිය නොහැකි යැයි පිරුළක් ද ඇත.
  • දැන් කටටත් වඩා ප්‍රබලව ඇත්තේ සමාජ මාධ්‍ය නොහොත් සෝෂල් මීඩියාය.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තුව යනු දේශපාලන භූමියේ ඇති උත්තරීතර මධ්‍යස්ථානයයි. එ තුළින්ද බොහෝ විහිළු කතා ඇසෙයි.

පාර්ලිමේන්තු නියෝජිතයන්ට පිටත ජනතාවට නැති වරප්‍රසාද හිමිය. එම වරප්‍රසාද යටතේ ඔවුහු සිනා කතා පමණක් නොව අපහාස - උපහාස ද කරති.

ඔවුන් මහජන නියෝජිතයන් වුව, මහජනයාට ඒ කතා ගැන, කතා බැරිය. ඒවා අයත් වන්නේ පාර්ලිමන්ට් ජෝක්ස්වලටය. ඒ නමින් චිත්‍රපටයක් හැදුවේ ද ජෝකර් කෙනකු නොවන නළුවෙකි. එතුමා චිත්‍රපටවලදී කතා නායකයෙකි. එහෙත් ඒ කතා නායකකම්, පාර්ලිමේන්තු කතානායකට අදාළ නැත.

සිනමාවේ කතා නායක ''අනවශ්‍ය කතාවක් කීමට ගොස් හිරේ වැටුණේ, හැමවිටම දේශපාලනය විහිළුවක් නොවන බව පෙන්වා දෙමිනි.

politicians 234
දේශපාලනඥයා යනු ජනතාවගේ නිර්මාණයකි. එහෙයින් ඔවුන් සම්බන්ධයෙන් සිනා කතා, උපහාස කතා ආදිය නිර්මාණය ජනතාව සතු නිල නොවන වරප්‍රසාදයකි.

භාෂණයේ නිදහස නොහොත් කතා කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ වැදගත් ලක්ෂණයකි. රට වටකර වැට බැන්දත්, කට වටකර වැට බැඳිය නොහැකි යැයි පිරුළක් ද ඇත.

දැන් කටටත් වඩා ප්‍රබලව ඇත්තේ සමාජ මාධ්‍ය නොහොත් සෝෂල් මීඩියාය. කට වටකර වැට බැන්දත්, සෝෂල් මීඩියා නම් වට කළ නොහැකිය. ඒ නිසාදෝ දැන් එයටත් වාරණ වැටක් පැනවීමට යෝජනා කෙරෙනු වටින් ගොඩින් ඇසේ.

සමහර රටවල කතා කිරීමේ නිදහස ලෝකෙට පරසිද්ද කර ඇතත් රට තුළ එය එසේ නොවේ. කතා කළ හැකිය. ලිවිය හැකිය. එහෙත් දේශපාලනය හෝ නායකත්වය ගැන නොවේ.

EfoYj bWAAMMRHyසියා උල් හක්

පකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයකු වූ සියා උල් හක්, අඥාදායක පාලනයක් ගෙන ගිය අයකු ලෙස ප්‍රකටය. ඔහු ප්‍රතිවාදී දේශපාලනඥයන්ගේ පමණක් නොව, මාධ්‍යවේදීන්ගේද විවේචන නොරිස්සුවේය.

උල් හක් පාලන සමයේ පැතිරුණු උපහාස කතාවකි මේ.

එරට එක්තරා මාධ්‍ය ආයතනයකින් දේශපාලන සිනා කතා තරගයක් පැවැත්වුණි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බොහෝ දෙනා ඊට සහභාගි වූහ.

ජයග්‍රාහකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්ද, දෙවැන්නාට කස පහර විස්සක් සමඟ අවුරුදු දහයක්ද, තෙවැන්නාට කස පහර දහයක් සමඟ අවුරුදු පහක් ද හිමිවුණි.

දේශපාලන විහිළුවලදී වැඩි වශයෙන් ඉලක්ක වන්නේ ජනාධිපති හෝ අගමැතිය. මැති ඇමැතිවරු ඊට පසුවය. 

george 3

ජෝර්ජ් කාර්ලින් යනු ඇමෙරිකාවේ සිටි ජනප්‍රියතම විකට කථිකයෙකි. (Stand-up comedian). එක් අවස්ථාවක ඔහු මෙසේ පැවසීය.

''අමෙරිකානු දේශපාලනයේ ඇති විශිෂ්ට ලක්ෂණයක් වන්නේ, ඕනෑම කෙනකුට ජනාධිපති වීමට හැකිවීමය. එහෙත් ලොකුම ප්‍රශ්නය වන්නේ ද එයයි.''

කාර්ලින් එසේ කියුවද, ඇමෙරිකාවේ ජනප්‍රිය ජනාධිපතිවරයකුව සිටි ජෝන් එෆ් කෙනඩිගේ පියා ඔහුට දුන් අවවාදයක් මෙසේය.

''ජෝන්... අමෙරිකාවේ ජනාධිපති වෙන්න නම් කාරණා තුනක් සම්පූර්ණ කරගත යුතුයි. එක, සල්ලි. දෙක, සල්ලි. තුන, සල්ලි.''

කෙනඩිගේ තාත්තාගේ කටේ ඩොලර් පමණක් නොව රුපියල් ද දැමිය යුතුය. ඒ කතාව දැන් ඇමෙරිකාවට පමණක් නොව, සිරිලංකාව හා ඉන්දියාව වැනි සුවිසල් රටවලටද ගැලපෙන බැවිනි.

Funny Indian Political Cartoons11

මේ දිනවල ඉන්දියාවේ මැතිවරණය පැවැත්වෙයි. ඒ නිසා පුවත්පත්වල දේශපාලන කාටූන්ද (කාටූන් හැමවිටම දේශපාලනිකය) වඩා රසවත්ය. තියුණුය. උපහාසාත්මකය.

ඉන් එකක දැක්වෙන අන්දමට ඉන්දීය ලෝක් සභාවේ පසුපෙළ මන්ත්‍රීවරු දෙදෙනෙක් සිය ආසනවල ඇලවී නිදා සිටිති. එක් අයෙක් අවදි වී අනෙකාගෙන් මෙසේ අසයි.

''අද මොනව ගැනද මේ වාද කරන්නෙ?''

''හෙට පත්තරෙන් බලාගමු.''

කතානායක ද පාර්ලිමේන්තුවේ සිටින වැදගත් මෙන්ම රසවත් චරිතයකි. ඔහුගේ ප්‍රධාන රාජකාරියක් වන්නේ කතා පාලනය කිරීමය.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සැසිවාරයකදී විපක්ෂ මන්ත්‍රීවරයෙක් නොනවත්වා කතා කරමින් සිටියේය. කතානායක ඔහුට බාධා කළේය.


''ඔබතුමාට තියෙන්නෙ තව මිනිත්තු තුනයි.''

''මිනිත්තු තුනට තත්ත්පර කීයද?'' මන්ත්‍රී ඇසීය.

''තත්ත්පර එකසිය අසූවයි.''

''තත්ත්පරේකට වචන කීයක් කතා කරන්න පුළුවන්ද?''

''ඒක මම දන්නෙ නෑ. ඔබතුමාගෙ කාලය ඉවරයි. කරුණාකර වාඩිවෙන්න.''

''ඔබතුමා මගේ මිනිත්තු තුන විනාශ කළා. මට ඒක ආපහු ඕනෙ.''

''ඒක දැන් අතීතයෙ. මට ඒක ආපහු ගන්න බෑ. වර්තමානයේ ඔබට වෙලාව ඉවරයි.''

''එහෙනම් මට අනාගතයෙන් මගේ කාලය අරන් දෙන්න.''

''ඒක තීරණය කරන්නෙ මම නෙවෙයි. ඡන්ද දායකයෝ.'' 

මෙසේ කියවමින් කතානායකවරයාතම අසුනත්, ගෞවරයත් රැකගත්තේය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : කතානායක කතා | The Leader