The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ජාතික සංහිඳියාවට අහිතකර ලෙස විශ්වාසනීයත්වය පිළිබඳ පරතරය වර්ධනය වේ - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

December 11, 2023 • 7:51 AM

ජාතික සංහිඳියාවට අහිතකර ලෙස විශ්වාසනීයත්වය පිළිබඳ පරතරය වර්ධනය වේ - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නරකම අවස්ථාවකදී, බහුතරයකට සුළු ජාතීන්ට එරෙහිව කැරලි වැනි ප්‍රචණ්ඩත්වයන් නිර්මාණය කළ හැකිය.
  • ජෝන් ස්ටුවර්ට් මිල් එබැවින්, නීතියේ ආධිපත්‍යය සහ සාධාරණත්වය පිළිබඳ සංකල්ප සුළු ජාතීන්ට වඩාත් වැදගත් වන අතර, එමඟින් ඔවුන් ප්‍රායෝගිකව සමාන පුරවැසියන් ලෙස සළකනු ලැබේ.
  • “බහුතරයේ කුරිරු පාලනයට” එරෙහිව අනතුරු ඇඟවූ 19 වැනි සියවසේ දේශපාලන න්‍යායාචාර්ය ජෝන් ස්ටුවර්ට් මිල් ද ප්‍රකාශ කළේ, “රාජ්‍යයක වටිනාකම යනු දිගුකාලීනව එය රචනා කරන පුද්ගලයන්ගේ වටිනාකමයි,” යනුවෙනි.
  • ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් වාර්ගික සහ ආගමික සුළුතරයන් අතර භීතිය සහ කනස්සල්ල ජනනය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නරකම අවස්ථාවකදී, බහුතරයකට සුළු ජාතීන්ට එරෙහිව කැරලි වැනි ප්‍රචණ්ඩත්වයන් නිර්මාණය කළ හැකිය. සුළු ජාතීන්ට විරුද්ධ විය හැකි නමුත්, එම විරෝධය සඳහා පවතින වැදගත්කම අවම වේ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල, සුළු ජාතිකයන් බහුතර පාලනයේ ගැටලූවට නොවරදවාම මුහුණදෙනු ලැබේ. මන්ද, වැදගත් දේ පිළිබඳ බහුතරයේ දැක්ම සුළුතරය වැදගත් යැයි සිතන දෙයට වඩා ප්‍රමුඛත්වය ගැනීමට නැඹුරුවන බැවිනි.

 

200px Stuart Mill G F Wattsජෝන් ස්ටුවර්ට් මිල්එබැවින්, නීතියේ ආධිපත්‍යය සහ සාධාරණත්වය පිළිබඳ සංකල්ප සුළු ජාතීන්ට වඩාත් වැදගත් වන අතර, එමඟින් ඔවුන් ප්‍රායෝගිකව සමාන පුරවැසියන් ලෙස සළකනු ලැබේ. “බහුතරයේ කුරිරු පාලනයට” එරෙහිව අනතුරු ඇඟවූ 19 වැනි සියවසේ දේශපාලන න්‍යායාචාර්ය ජෝන් ස්ටුවර්ට් මිල් ද ප්‍රකාශ කළේ, “රාජ්‍යයක වටිනාකම යනු දිගුකාලීනව එය රචනා කරන පුද්ගලයන්ගේ වටිනාකමයි,” යනුවෙනි.

ranjith cardinal

ව්‍යවස්ථාපිත ආරක්‍ෂාව තුළින් සමානාත්මතාව සහ යුක්තිය සහතික කිරීම සියලු පුරවැසියන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයන් ආරක්ෂා කිරීමේදී ප්‍රමුඛ වේ. ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් වාර්ගික සහ ආගමික සුළුතරයන් අතර භීතිය සහ කනස්සල්ල ජනනය කර ඇත. පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික පල්ලියේ අදහස් නොසළකා හැරීම, දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සහ ව්‍යවස්ථාදායක සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් නම්කළ නියෝජිතයාට එල්ලවූ විරෝධය ඊට ඇතුළත් ය.

ජෙරොම් දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීම, කුඩා ප්‍රශ්නයක් සහ වෙනත් ආගම් ගැන මෙන්ම, විශේෂයෙන් බහුතරයේ ආගම ගැන ඔහු පැවසූ කරුණු දුරදිග යෑමේ ගැටලුවක් ලෙස පෙනෙන්නට පුළුවන. එහෙත් ආගමික වෛරය පැතිරවීම සම්බන්ධයෙන්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත (ICCPR) යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් රජය සියලුම ආගමික හා වාර්ගික සුළු ජාතීන්ට පණිවිඩයක් යවනු ලබන්නේ, බහුතර ප්‍රජාවට සළකනවාට වඩා දැඩි ලෙස, සමානාත්මතාවේ මූලධර්මය උල්ලංඝනය වන ආකාරයට ඔවුන්ට සැළකිය හැකි බවටයි.

දේවගැති ජෙරොම් අයත් වන්නේ ප්‍රධාන ධාරාවේ ක්‍රිස්තියානි පල්ලි විසින් පවා මතභේදාත්මක ලෙස සළකන එවැන්ජලිස්ත කිතුනුවන්ගේ සංඛ්‍යාත්මකව කුඩා කණ්ඩායමකටය. එහෙත් ඔහු අත්අඩංගුවට ගැනීමේ තත්ත්වය පෙන්නුම් කරන්නේ, වාර්ගික සහ ආගමික සුළුතරයන් සම්බන්ධයෙන් රජය ඇතැම් විට කුඩම්මාගේ ආකල්පය දක්වන බවයි. ලංකාවට නැවත පැමිණි පසු අත්අඩංගුවට නොගන්නා බවට ඉහළ අධිකරණයෙන් තීන්දුවක් ලබාගෙන තිබියදීත් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර ද පළාත් පාලන මැතිවරණයට මුදල් ලබාදීම අවහිර නොකරන ලෙස ලබාදී තිබූ අධිකරණ නියෝගය නොසළකා හැරීමට ආණ්ඩුව සූදානම් බව ප්‍රදර්ශනය කර තිබේ. මෙය ඉතාමත් අවාසනාවන්ත කරුණක් වන්නේ නීතියෙන් සැමට එක හා සමානව ආරක්‍ෂාව ලබදෙනවාය යන පදනම මත, සාමාන්‍ය ජනතාව අතර සංහිඳියාව ඇතිකිරීමට රජය විසින් පිහිටුවන ලද නොයෙකුත් “සංහිඳියා යාන්ත්‍රණයන්” විසින් සිදුකිරීමට උත්සාහ කරන යහපත් කාර්යය එමගින් ඛාදනය වන බැවිනි. 

අසමමිතික යුක්තිය



ජෙරොම් දේවගැතිවරයාට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ, තම ආගමේ නිර්මාතෘවරයා අන් අය විසින් අනුගමනය කළ යුතු ආදර්ශය බව පවසමින්, අනෙකුත් බහුතර ආගම්වල හැඟීම්වලට හානි කළ බවයි. ඒ අනුව, ආගමික අසමගිය ඇති වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාව මත ඔහුව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. සැකකරුට අයත් මිරැකල් ඩෝම් (Miracle Dome) නම් පරිශ්‍රයේ ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත(ICCPR) යටතේ වරදක් සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු අධිකරණය හමුවේ ගොනුකර ඇති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත. සැකකරුගේ ප්‍රකාශය බෞද්ධයන් සහ අන්‍ය ආගමිකයන් අතර නොසන්සුන්තාවක් ඇති කර තිබෙන බවට පැමිණිල්ල විසින් අධිකරණයට කරුණු ගොනුකර ඇති බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.

අනෙක් අතට, ජෙරොම් දේවගැතිවරයාට කරන ලද සැළකීම ගෞරවනීය බෞද්ධ භික්ෂුවකට වඩා දරුණු විය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, දෙමළ ප්‍රජාවට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ කළ බව කියන පූජ්‍ය සුමන හිමියන්ට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර තිබුණේ, පූජ්‍ය සුමන හිමියන්ට එරෙහිව පොලිසිය වහා පියවර නොගත්තේ මන්දැයි කියාය.

F9awhkgacAAJ0WH

Screenshot 2023 12 11 at 12.53.14"එහෙම නොවුණොත් හැම දෙමළ මිනිහෙක්ම කපලා මරනවා. අපි දකුණේ සෑම දෙමළ ජාතිකයෙක්ම කපා කොටා මැරෙමු” යැයි අම්පිටියේ සුමනරතන හිමියන් පවසා තිබෙනවා. මෙය ICCPR පනතේ 3 වැනි වගන්තිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක් නොවේද? ජනාධිපතිතුමනි!" යයි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාද ට්විටර්(X) සටහනක් තබමින් කියා සිටියේය. 


සුළු ජාතික හැඟීම් රජය විසින් නොසළකා හරින බව පෙන්වන තවත් වැදගත් කරුණු දෙකක් තිබේ. සත්‍යය සහ යුක්තිය සෙවීම අත්නොහරින ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික සභාවෙන් ඉල්ලා සිටි ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවධානයට ලක්වූ, පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පිළිබඳව පරීක්ෂණයක් නොපවත්වා දැන් සිව් වසරක් ගතවී තිබේ. පසුව බලයට පත් වූ ආණ්ඩු විසින් මේ පිළිබඳව විමර්ශනය කිරීමට කමිටු පත්කර ඇති අතර, වත්මන් ආණ්ඩුවද එසේ කිරීමට ප්‍රතිඥා දී ඇතත්, වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රගතියක් නොමැත. මෙම කමිටු වාර්තාවල රාජකාරි පැහැර හරින ලද අය ලෙස නම් කර ඇති පුද්ගලයෝ උසස්වීම් ලබමින් ඔවුන්ගේ නිලතලවල දිගටම රැඳී සිටිති. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට ප්‍රාදේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට ශ්‍රී ලංකාවේ ජනගහනණයෙන් අඩකට වඩා (53%ක්) විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච්(Verite Research) විසින් මෑතකදී කරන ලද මහජන මත විමසුමකට අනුව හෙළිවී ඇති අතර, එය සැළකිව යුතු කරුණකි  

දුරින් පෙනෙන ක්ෂිතිජය

නැවත මුණගැසෙන ජාතික ප්‍රශ්නයේ මංසන්ධිය - (සුමිත් චාමින්ද)

සුළු ජාතික හැඟීම් නොසළකා හරින ලද හෝ නිෂේධනය කර ඇති බව තහවුරු කෙරෙන තවත් කාරණයක් වන්නේ, ව්‍යවස්ථාදායක සභාවේ පුරප්පාඩු නොපිරවීමයි. ඉහළ අධිකරණය, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික විගණන කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිසම සහ අල්ලස් හෝ දූෂණ කොමිසම වැනි බලවත් හා වැදගත් රාජ්‍ය ආයතන සඳහා අවංකභාවයෙන් යුත් ස්වාධීන පුද්ගලයන් පමණක් පත්කිරීම සහතික කිරීමට පවතින රටේ ඉහළම ශ්‍රේණියේ අධීක්ෂණ ආයතනය මෙයයි. කෙසේවෙතත්, පාර්ලිමේන්තුවේ තුන්වැනි විශාලතම පක්ෂය ලෙස දෙමළ ජාතික සන්ධානයෙන් පිරවිය යුතු ව්‍යවස්ථාදායක සභාවේ පුරප්පාඩුව ඊට ලබාදී නැත්තේ, තුන්වැනි විශාලතම පක්ෂය යැයි කියාගන්නා වෙනත් දේශපාලන පක්ෂ තිබෙන බවට සැක පවතින බැවිනි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර, ඒ පිළිබඳව සියලුදෙනා දන්නවා. එක අසුනක් තවමත් හිස්ව ඇති විට එය අවහිර තත්වයක්. එය පිරවූයේ නම්, අවහිරයක් ඇති නොවේ. ඉතින්, රටම දැනගත යුතුයි, ඔබතුමා හැමදෙනාටම සමානයි. මේ රටේ සැමට සමාන නියෝජනයක් තිබෙනවා කියමින් ඉතා වැදගත් ආයතනයක් වන ව්‍යවස්ථා සභාව වැනි ආයතනයකට ඔබතුමාලා තවමත් අපේ තැන අහිමි කළා. අනික කොහොමද කාටවත් කියන්නේ මේක හරි විදියට පාලනය වෙනවා කියල. ඉතින් අද මම මේක බරපතළ ප්‍රශ්නයක් විදියට මතුකරනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩුව පිරවීම පමණක් නොව බරපතළ ජාතික ප්‍රශ්නයක් ලෙස. අපි මේ රටේ සාමාන්‍ය ජීවිතයෙන් ඈත්වෙලා කියලා දශක ගණනාවක් තිස්සේ මැසිවිලි නැඟුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් බැහැරව සිටීම එකේ තවත් පිළිබිඹුවක්.”

ජාතික සංහිඳියාව සඳහා වන ක්‍රියාවලිය සඳහා ඇති සැබෑ කැපවීම අන්තර්ජාතික ප්‍රජාවට ඒත්තු ගැන්වීමට දැඩි උත්සාහයක් ගන්නා රජය විසින්ම, ව්‍යවස්ථාදායක සභාව තුළ සියලුම වාර්ගික සහ ආගමික ප්‍රජාවන්ට දේශපාලන නියෝජනයක් නැති බව පෙන්වීම මගින් බහු වාර්ගික, බහු ආගමික සහ බහුවිධ සමාජයක මූලික මූලධර්මය නිෂ්ප්‍රභ කර තිබේ.

එය ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පත සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා පනත වැනි නව නීති සමඟින් වෙනත් ආකාරවලින් පැමිණෙමින් ඇත. එහෙත් සංහිඳියාව සඳහා මූලික පූර්ව කොන්දේසිය වන නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් හැසිරෙන ආකාරය සහ එම ආයතන ප්‍රධානීන් තෝරාගන්නා ආකාරය පිළිබඳ ක්‍රියාවලිය පිළිබඳව සුළුතරයේ දෘෂ්ටි කෝණයෙන් බලන විට සෑහීමකට පත්විය නොහැකිය.

කුමන වචන භාවිත කරමින් සම්මත කරන නව නීති හා ආයතන පිහිටුවනු ලැබුවද, සාධාරණත්වය සහ සැමට සමාන සැළකීම නොමැති විට, ජාතික සංහිඳියාව ඈත ක්ෂිතිජයේ සිහිනයක් මෙන් පවතී.

 

jehan perera

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාතික සංහිඳියාවට අහිතකර ලෙස විශ්වාසනීයත්වය පිළිබඳ පරතරය වර්ධනය වේ - ජෙහාන් පෙරේරා | The Leader