The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි? - (ආචාර්ය සුජාතා ගමගේ )

T

The Leader Desk

December 12, 2023 • 6:50 AM

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි? - (ආචාර්ය සුජාතා ගමගේ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙරුණු කැබිනට් අනු කමිටුව විසින් අද වන විට එම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ හා දෙවනුව සමස්ත පාර්ලිමේන්තුවේ විමර්ශනය සඳහා ඉදිරිපත් කොට ඇත.
  • එම වාර්තාව අද හෙට ජනගත වනුද ඇත.
  • එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස මා අදහස් කරන්නේ 1943 අධ්‍යාපනය පිලිබඳ විශේෂ කාරක සභාවේ වාර්තාව මත පදනම්වූ ප්‍රතිසංස්කරණ හා ඊට පසුව කෙරුණු ප්‍රතිසංස්කරණයන්ය.
  • දැනට එම සංකල්ප නාමිකව පෙළ පොත්වලට සීමා වී ඇති අතර, පන්ති කාමරයේ වැඩ කටයුතු පහේ ශිෂ්‍යත්ව විභාගය පසු ගිය ප්‍රශ්න පත්‍ර වල අන්තරගතය යන අදිසි විෂය මාලාවට හිරවී නැවතත් සුපුරුදු කට පාඩම් සංස්කෘතියට ලෙහෙසියෙන්ම සංක්‍රමණය වීමට වැඩි කලක් ගත නොවීය.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙරුණු කැබිනට් අනු කමිටුව විසින් අද වන විට එම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ හා දෙවනුව සමස්ත පාර්ලිමේන්තුවේ විමර්ශනය සඳහා ඉදිරිපත් කොට ඇත.

එම වාර්තාව අද හෙට ජනගත වනුද ඇත.

මෙම ලිපියේ අරමුණ එම ප්‍රතිපත්ති රාමුවේ සුවිශේෂ අංගයන් ලෙස මා දකින-

(1) ව්‍යුහාත්මක වෙනස්කම් වලට අවධානය දීම
(2) දැනටමත් එම ප්‍රතිසංස්කරණ සඳහා රාජ්‍ය ආයතන විසින් සුළු හෝ වැඩි ලෙස ක්‍රියාත්මක වෙමින් සිටීම, හා
(3) අද පවතින සමාජ ආර්ථික වටපිටාව යන -- කාරණා නිසා එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් වේ යන මතය ඉදිරිපත් කිරීමයි.


එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස මා අදහස් කරන්නේ 1943 අධ්‍යාපනය පිලිබඳ විශේෂ කාරක සභාවේ වාර්තාව මත පදනම්වූ ප්‍රතිසංස්කරණ හා ඊට පසුව කෙරුණු ප්‍රතිසංස්කරණයන්ය. එයින් මෑතකදී කෙරුණු වැදගත්ම ප්‍රතිසංස්කරණය වන්නේ 1997 ජනාධිපති කාර්ය සාධක බලකායක් මගින් සාමාන්‍ය අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව නිකුත් කරන ලද වාර්තාවක් පදනම්ව එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පූර්ණ කැපවීම ඇතිව මූලිකවම ප්‍රාථමික විෂය මාලාව හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගැඹුරු වෙනස්කම්ය.

 

දැනට එම සංකල්ප නාමිකව පෙළ පොත්වලට සීමා වී ඇති අතර, පන්ති කාමරයේ වැඩ කටයුතු පහේ ශිෂ්‍යත්ව විභාගය පසු ගිය ප්‍රශ්න පත්‍ර වල අන්තරගතය යන අදිසි විෂය මාලාවට හිරවී නැවතත් සුපුරුදු කට පාඩම් සංස්කෘතියට ලෙහෙසියෙන්ම සංක්‍රමණය වීමට වැඩි කලක් ගත නොවීය. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මුල් තැන ගත වෛද්‍ය ටාරා ද මැල් මහත්මිය එතුමියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අභියෝග පිළිබඳව 2022 පළ කළ Challenges to Change පොතේ ප්‍රතිසංස්කරණ කඩා වැටීමට ප්‍රධානම හේතුව ලෙස දේශපාලන සාධක ලෙස සඳහන් කලත්, මූලික හේතුව ව්‍යුහාත්මක සාධක වලට විශේෂයෙන් විභාග ක්‍රමය වෙනස් කිරීමට අවධානය නොදීම බව මගේ විශ්ලේෂණයයි.

 

මොනවාද මේ එදා අවධානය නොදුනු වෙනත් ව්‍යුහාත්මක සාධක හා මෙදා ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගත හැකි වීමට බලපාන කරුණු?

79d47060 e9a3 11ed 8666 19279af8f142

ව්‍යුහාත්මක සාධක වලට අවධානය දීම:

Anthony Giddens at the Progressive Governance Converence Budapest Hungary 2004 Octoberඇන්තනි ගිඩන්ස්ඕනෑම සන්ධර්භයක් සඳහා පවතින ව්‍යුහය කුමක්ද යන්න හඳුනා ගැනීමට ඇන්තනි ගිඩන්ස් විසින් අංග තුනක් නිර්වචනය කර ඇත. 

එනම්, 
(1) පුද්ගලයින් හා ආයතන 
(2) සම්ප්‍රදායන් හා රීති හා 
(3) සම්පත්
(Actors & Institutions, Rules and Resources) යන අංග තුනය. 

එම අංග තුනට සමාන්තරව ලාංකික සන්ධර්භයට අදාලව මම සම්ප්‍රදායන් හා රීති අංගය මුල් කොට තබන්නේ එතෙක් මෙතෙක් ප්‍රතිසංස්කරණ වල අවධානය වී ඇත්තේ මෙම රීති හා සම්ප්‍රදායන් යම් තරමකට එහා මෙහා කිරීමට නිසාය. අලුතින් යෝජනා වී ඇති රාමුවේ එම මූලික අංග තුනම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, මා දකින ආකාරයට එක් එක් අංගයට අදාළ යෝජනා වලින් වැදගත්ම යෝජනා පහත සඳහන් ලෙස දැක්විය හැක.
 
 125747423 p0cjrndb
- මතකය විමසන විභාග සම්ප්‍රදාය වෙනස් කිරීම
- පරිපාලන ව්‍යුහය සැබවින්ම විමධ්‍ය ගත කිරීම හා පරිධියේ කාර්ය සාධනය ඇගයීම
- රාජ්‍ය සම්පත් ආයෝජනයේ ප්‍රමුඛතා හඳුනා ගැනීම
 
මතකය විමසන විභාග සම්ප්‍රදාය වෙනස් කිරීම
 
අ.පො.ස. උත්තර පත්තර බැලීම පමා වෙයි
මේ වන විට අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිටවී ඇත. කී දෙනෙක් සමත්ද අසමත්ද විග්‍රහයන් කරන විට අප විසින් අමතක කරන්නේ මේ සමත් අසමත් ලෙස මනින්නේ දරුවකුගේ පූර්ණ අධ්‍යාපන සාධනය පැය තුනක ප්‍රශ්න පත්‍රයකින් 35% ක් ගැනීම හෝ නොගැනීම වැනි ඉතා සාවද්‍ය මෙන්ම අසාධාරණ මිම්මක් මත පදනම් ව බවයි.
මේ විභාග ක්‍රමය සාවද්‍ය එකක් බව අප දන්නේ අද ඊයේ.නොවේ. 1972-1977 වකවානුවේ ප්‍රේමදාස උඩගම අධ්‍යාපන ලේකම් තුමාගේ නායකත්වයෙන් අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට විකල්පයක් ලෙස පිළිවෙලින් NCGE හා HNCE යන වඩා ප්‍රායෝගික විෂය මාලාවක් මත පදනම් වූ විභාග ක්‍රමයක් හඳුන්වා දුන්නත් එයට මධ්‍යම පන්තිකයන්ගෙන් බලවත් ප්‍රතිරෝධයක් එල්ල විය. ඊට ප්‍රතිචාරයක් ලෙස 1977 පත්වුණු ජයවර්ධන ආණ්ඩුව විසින් අදටත් පවතින අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට යෙදුනි. ඊට පසුව සිදු වූ හෝ සිදු කිරීමට බලාපොරොත්තු වූ කිසිම ප්‍රතිසංස්කරණයකදී මේ දුෂ්කර විභාග ක්‍රමයේ වෙනසක් කිරීම යන කාර්යයට අත ගසා නැත.

යෝජිත ප්‍රතිසංස්කරණ තුලින් ඊට වඩා යථාර්ථවාදීව අපොස සාමාන්‍ය පෙළක් හා උසස් පෙළක් පවත්වා ගෙන යාමට නියමිත වූවත් ඒවා අමතර සුදුසු කම් ලෙස හඳුන්වාගෙන, අනිවාර්ය සුදුසුකම් ලෙස වඩා පූර්ණ ඇගයීමක් පාසැල පාදකව ජ්‍යෙෂ්ඨ ද්විතීයක පාසැල් සහතිකයන්ලෙස වයස 16 හා 18 දී ලබා දෙයි.
 
පරිපාලන ව්‍යුහය සැබවින්ම විමධ්‍ය ගත කිරීම:
 
EDUCATION MINISTRY
පුද්ගලයන් හා ආයතන පිළිබඳව අධ්‍යාපනයේ ප්‍රධානම ප්‍රශ්නය අධික මධ්‍යකරණයයි. දහතුන් වැනි සංශෝධයෙන් අධ්‍යාපනය විමධ්‍ය ගත කර ජාතික පාසල් ලෙස වර්ග කර ඇති 300+ පාසැල් හැරුණු විට අනිකුත් සියළු පාසල් පළාත් සභා වලින් පාලනය වන තත්වයක් තුල වුවද ඕනෑම ප්‍රශ්නයකට විසදුම ඇමති වරයාගෙන් හෝ රේඛීය අමාත්‍යංශයෙන් බලාපොරොත්තු වන තත්ත්වයක් රටේ ඇත.
 
යෝජිත ප්‍රතිසංස්කරණ වලට අනුව අමාත්‍යංශයේ ප්‍රතිපත්ති සම්පාදනය හා විමර්ශනය වඩා ශක්තිමත් ලෙස කෙරෙන අතර පරිපාලනය සම්පූර්ණයෙන්ම පළාත් අධ්‍යාපන මණ්ඩල ප්‍රමුකව පවතින ප්‍රාදේශීය අධ්‍යාපන මණ්ඩල වලට පවරනු ඇත. ඊට අමතරව අමාත්‍යවරයා විසින් අධ්‍යාපනයේ කාර්ය සාධනය පිළිබඳව සවිස්තර වාර්තාවක් වාර්ෂිකව පාර්ලිමේන්තුවට හා ජනතාවට ඉදිරිපත් කිරීම පනතක් හරහා ව්‍යවස්ථාපිත කිරීම තුලින් ප්‍රාදේශීය අධ්‍යාපන මණ්ඩල වලින් දත්ත එකතු කර වාර්තා කිරීම අමාත්‍යංශයේ වැදගත්ම වගකීමක් වීම මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයින්ටද අධ්‍යාපනයේ ප්‍රගතිය පිළිබඳව අවධානයෙන් සිට ක්‍රියාත්මක වීමටද අවස්තාවක් සැලසේ.
රාජ්‍ය සම්පත් ආයෝජනයේ ප්‍රමුඛතා හඳුනා ගැනීම:
 
school kids in sri lanka
 
රාජ්‍ය සම්පත් ආයෝජනයේ ප්‍රමුඛතා හඳුනා ගැනීම වැදගත් වන්නේ අධ්‍යාපනය යන්න පූර්ව ළමා වියේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ විය යුතු බවට ජනප්‍රිය සමාජ මතයක් තිබුනත් සැමට එම අවස්ථා ව ලබා දීම සඳහා කුමන මුදලක් වැය විය යුතුද, සීමිත සම්පත් ඇති තත්වයක කෙසේ කටයුතු කළ යුතුද, යන්න ගැන සංවාදයක් නැති නිසාය. අවාසනාවකට එවැනි සංවාදයක් වෙනුවට ජනප්‍රිය පාසලකට ඇතුළු කර ගැනීම හෝ නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා සුදුස්සන් තේරීම සඳහා පවතින අවිද්‍යාත්මක මෙන්ම හානිකර විභාග ක්‍රමයක් පැවැත්වීම හා අන් අය වක්‍රව නුසුදුස්සන් ලෙස සැලකීම සමාජය විසින් පිළිගෙන ඇත.
 
1946 කන්නගර කමිටු වාර්තාවෙන් පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය නොමිලේ විය යුතු බවට ප්‍රකාශනයක් කර ඇතත්, ඇත්තටම එම පාඨයෙන් ඉලක්ක කලේ එවකට පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් තේරෙන 5% ක ප්‍රතිශතයක් බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. 
 
Screenshot 2023 12 12 at 12.02.13එවකට බෝගම්බර හිර ගෙදර අත් අඩංගුවේ සිටීම නිසා කවුන්සිලයේ විවාද වලට සභාභාගී වීමට නොහැකි වූ ආචාර්ය එන් එම් පෙරේරා විසින් කන්නන්ගර වාර්තාවට ප්‍රතිචාරයක් ලෙස ලියූ “ නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” පොතෙහි එම කරුණ විස්තරාත්මකව දක්වයි. උදාහරණ ලෙස, එවකට සිටි පාසැල් යන වයසේ දරුවන්ගෙන් 50% කට වැඩි ගණනක් විධිමත්ව පාසැල් නොයන තත්වයක් තුල කන්නන්ගර කමිටුව විසින් 5% කට පමණක් අවධානය දීම ආචාර්ය එන් එම් පෙරේරා විසින් තදින් ප්‍රශ්න කරයි. සෑම දරුවකුටම හොඳ ප්‍රථමික අධ්‍යාපනයක් පළමුව ලබා දී ක්‍රමක්ක්‍රමයෙන් නිදහස් අධ්‍යාපනය පුළුල් කිරීම ඔහුගේ අදහස විය.
 
usasNW
අවාසනාවකට අදටත් විශ්ව විද්‍යාල ප්‍රවේශය ඉලක්ක කර ගත් විභාග ක්‍රමයක් තුලින් සීමිත කොටසකට පමණක් අධ්‍යාපනයෙන් වටිනා කමක් ලබා දී අනිත් අය නුසුදුස්සන් යන දුර්මතය ප්‍රචලිත කරයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්ත වලට අනුව, 2020 වර්ෂයේ රටේ 19-24 වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ගෙන් නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබීමට සුදුසු කම් ලැබූයේ 8.75% කට පමණි. 1946 දී පවතී 5% තත්වයට වඩා වැඩි වෙනසක් අවුරුදු අසූවකට පසුවත් නැතිවීම පුදුමයකටත් වඩා අතිශය සංවේගයට කාරණයක් නොවේද?
 
යෝජිත ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන ප්‍රතිපත්ති මූල ධර්ම තුනෙන් එකක දක්වා ඇති ”අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය අරමුදල් පාසැල අධ්‍යාපනය සඳහා යෙදවීමට ප්‍රමුඛතාවය ලබා දීම” යන වගන්තියෙන් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වග වී සිටින අධීක්ෂණ මණ්ඩලයට එම ප්‍රමුඛතාවය නිර්වචනය කර ඒ සඳහා සුදුසු උපාය මාර්ග සැකසීමට අවකාශය ලබා දේ.
 
Screenshot 2023 12 12 at 12.18.58
 
මා විසින් මීට පෙර ශ්‍රී ලංකාවේ හා දකුණු කොරියාවේ අධ්‍යාපන ප්‍රමුඛතා පිලිබඳ කළ සැසඳීම මෙහිදී ප්‍රයෝජනවත් වනු ඇත. එනම් OECD ආයතනයේ දත්ත අනුව දකුණු කොරියාවේ 2019 වර්ෂය සඳහා අධ්‍යාපනය සඳහා වැය කළ මුදල හා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා වැය කළ මුදල සසදන විට, දකුණු කොරියාව පාසලේ එක් සිසුවෙකු සඳහා වැය කරන සෑම ඩොලරයක් සඳහාම විශ්ව විද්‍යාල තුළ එක් සිසුවෙකු සඳහා වැය කළේ ඩොලර් 0.72 ක් පමණක් වන අතර, ශ්‍රී ලංකාව පාසල්වල එක් සිසුවෙකු සඳහා වැය කරන සෑම රුපියලකටම විශ්වවිද්‍යාලවල සිසුවෙකු සඳහා රුපියල් 13.40 ක් වැය කර ඇත.
අධ්‍යාපන ප්‍රතිපාදන යෙදවීමේ ප්‍රමුඛතා තීරණ ගැනීමේදී මෙවැනි සාධක සැලකිල්ලට ගත යුතුව ඇත.
 
යෝජිත වෙනස්කම් බොහොමයක් රාජ්‍ය පද්ධතිය හෝ පාර්ලිමේන්තුව තුලින්ම පැන නැගීම
 
පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8
මෙම ප්‍රතිසංස්කරණ රාමුව අධ්‍යාපන අමාත්‍යංශය හා ජාතික අධ්‍යාපන ආයතනය මගින් දැනටමත් සම්පාදනය කෙරෙමින් පවතින වන ප්‍රතිසංස්කරණ සහ, මුදල් අමාත්‍යංශය හා පාර්ලිමේන්තුවේ උසස් අධ්‍යාපනය පිළබඳ විශේෂ කාරක සභාව විසින් කල මෑතකදී කරන ලද යෝජනා, වඩා ජව සම්පන්න කිරීමට පසුබිම සලසයි.
 
පරිපාලනය ප්‍රාදේශීය අධ්‍යාපන බල මණ්ඩල වලට පවරමින් අධ්‍යාපන පරිපාලනය පූර්ණ ලෙස විමධ්‍ය ගත කිරීම අධ්‍යාපන අමත්‍යංශය විසින් දීර්ඝ ලෙස අධ්‍යයන කර ලේඛන ගත කර තිබිණි. ජාතික පාසල් හෝ වෙනත් වර්ගීකරණ ලෙස නොමැතිව සියලු පාසල් පළාත් පාසැල් බවට පත් කිරීම ද ප්‍රයෝගිකව දැනටමත් ප්‍රධාන පෙළ පාසැල කිහිපයක් හැරුණු විට අනික පාසල් සඳහා යථාර්ථයයි. මෙලෙස පරිපාලනය විමාධ්‍යගත කිරීම නව අධ්‍යාපන පනතකින් ව්‍යවස්ථා ගත කිරීම සඳහා සර්ව පාක්ෂිකසම්මුතියක් ලබා ගැනීම ඉදිරියේ සිදු විය යුතු අත්‍යවශ්‍ය කටයුත්තකි.
 
විභාග ක්‍රමයේ වෙනස්කම් සඳහා ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන අමාත්‍යංශය එකතුව 2023 ක්‍රියාත්මක කිරීමට තිබුණු නමුත් විවිධ හේතුන් නිසා 2024-25 ට කල් දැමුණු විෂය මාලා ප්‍රතිසංස්කරණ වලින්ද විෂය මාලාව ලිහිල් කර අපොස සාමාන්‍ය පෙලට විමසන විෂයයන් සංඛ්‍යාව හය හෝ හත දක්වා අඩු කිරීමටත් ඉතිරි විෂයයන් පාසැල් පාදකව හා ප්‍රයෝගික නිපුනතාවලට අවධානය යොමු කරවමින් ක්‍රියාත්මක වීමට නියමිතයි. 
 
උසස් පෙළ විභාග රාජකාරියට විශේෂ පහසුකම් ඉල්ලයි
යෝජිත ප්‍රතිපත්ති රාමුව ඉන් ඔබ්බට ගොස් සාමාන්‍ය පෙළ ජාතික විභාග ප්‍රතිඵලය ඇතිව හෝ නැතිව සිසුවකුගේ පූර්ණ අධ්‍යාපන සාධනය කැටි කර ගන්නා පාසැල පාදක අධ්‍යාපන සහතිකයක් 10 වැනි ශ්‍රේණිය (හෝ 11 වන වසර) අවසානයේ හා 12 වැනි ශ්‍රේණිය (හෝ වසර 11 ක්) අවසානයේ සෑම සිසුවකුටම ලබා දීමට නියමිතය. ඊට අමතර පාසැලක වග කීම වන්නේ භාෂාවට හා ගණිතයට 35% ක් ලබා ගැනීම නොව තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනුව සිසුවකුටම මවු බස හා ගණිතය සඳහා අතවශ්‍ය නිපුනතා100% කට හෝ ආසන්නයට ලබා දීමයි. එම නිර්ණායකයට දෙවනුව ඉංග්‍රීසි, දෙවන බස හා ඩිජිටල් සාකෂරතාවද අඩංගු වනු ඇත.
 
රාජ්‍ය සම්පත් ආයෝජනයේ ප්‍රමුඛතා පිලිබඳ කරුණ ගැන රාජ්‍ය ආයතන හෝ පාර්ලිමේන්තු කාරක සභාව කෙලින්ම ආමන්ත්‍රණය නොකරන අතර ඔවුන් විසින් යෝජනා කරන්නේ රාජ්‍ය හෝ පෞද්ගලික වෙනස්කමක් නොමැතිව අධ්‍යාපනයේ නියාමනය රජයේ වගකීම බවට පත් කිරීම හා රාජ්‍ය ආයතන සඳහා රාජ්‍ය-පුද්ගලික සබදතා දියුණු කිරීමයි. මේ අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට උසස් අධ්‍යාපනය ලබා දෙන සියලු ආයතන නියාමනය කෙරෙන් උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් යෝජනා කෙරේ. නමුත් කලින් සඳහන් කළා මෙන් නව ජාතික ප්‍රතිපත්ති රාමුව තුලින් අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය අරමුදල් පාසැල අධ්‍යාපනය සඳහා යෙදවීමට ප්‍රමුඛතාවය මූලික ප්‍රතිපත්තියක් ලෙස හඳුන්වා දී ඇත.
 
කිසිම දේශපාලන පක්ෂයකට මග නොහැරිය හැකි ආර්ථික සමාජීය යථාර්තය
 
ආර්ථික අර්බූදය අද හෙට නිම වන එකක් නොවේ. අද තත්වය යටතේ හෝ කිසිම පෙර තත්වයක් යටතේ හෝ දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමේ සටන පාඨය යනු අන්තිම අතාර්තික සටන් පාඨයකි. ආණ්ඩුවේ මුළු ආදායම මෑතකදී දල දේශීය නිෂ්පාදනයෙන් 20% කට වැඩි වී නැත. පසු ගිය වසරේ එය 12% ක් විය. එවැනි තත්වයක් යටතේ දල දේශීය නිෂ්පාදනයෙන් අර්ධයක් අධ්‍යාපනය සඳහා වැය කරන්නේ කෙසේද? අපගේ ඉලක්කය විය යුත්තේ ආණ්ඩුවේ වියදමින් දැනට අධ්‍යාපනය සඳහා වෙන් කරන කරන ප්‍රතිශතය ක්‍රමක්ක්‍රමයෙන් ඉහළ දැමීම හා එයිනුත් පාසල් අධ්‍යාපනයට වැය කරන ප්‍රතිශතය වහ වහාම ඉහළ දැමීමයි. 
 112348919 237b96b2 5fe5 479a a228 45ace83b550a
උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණයෙන් මුදවා ගන්න ජීවිත පරිත්‍යාගයෙන් සටන් කිරීම වෙනුවට පාසැල් අධ්‍යාපනය බිද වැටීම නිසා එයින් ඉවත්වන පවුල්, බිඳ වැටුණු පද්ධතියක පැවතීම සඳහා ටියුෂන් වලට අතින් වියදම් කරන දෙමාපියන්, හෝ පාසලේ සිටිය යුතු වයසේ අපරාධ වලට යොමුවී “ළමා සිරගෙදරක” මැරුම් කෑ කල්මුනේ දර්සන්ත් වැනි දරුවන් සිටිති යන සමාජ යථාර්තයට මුහුණ දීම කිසිමදේශපාලන පක්ෂයකට මග හැරිය නොහැකි වීම යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සාර්ථක වීමට තවත් සාධකයක් වේ යන්න මම විශ්වාස කරමි.
 
 
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ගිලිහිනු සමාජ පිළිගැනීම නැවත ලබා ගැනීමට  නම් - (ආචාර්ය සුජාතා ගමගේ)(ආචාර්ය සුජාතා ගමගේ )
සම සම්බන්ධීකාරක 
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය
gamage@gmail.com

(උපුටා ගැනීම - අනිද්දා පුවත්පත)
ජෝසෙ මරියලා පේදුරු ජුදාස්ලා එක්ක ජේසු අයියලා එකට නෑව වැලිගම්පිටියේ බාර ළිඳ  - (ශිවන්ති ප්‍රනාන්දු )

(ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කර ඇති කමිටුවේ සාමාජිකාවක් ලෙස ආචාර්ය සුජාතා ගමගේ කටයුතු කරමින් සිටී.)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි? - (ආචාර්ය සුජාතා ගමගේ ) | The Leader