The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අද කාලෙට ගැලපෙන ලස්සන ආදර කතාවක්

T

The Leader Desk

December 15, 2023 • 9:54 AM

අද කාලෙට ගැලපෙන ලස්සන ආදර කතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කතාව හරිම ඉන්ටරෙස්ටින් එකක්. මෙතනදි පොලිසිය හැමදාම වගේ තමන්ගෙ අසභ්‍යත්වය ප්‍රදර්ශනය කරලා තියෙනවා.
  • ඒ දෙන්නා දෙන්නාගේ කැමැත්තෙන් තමන්ගේ ලිංගික දර්ශන වීඩියෝ කරලා අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කරනවා.
  • ලිංගික ප්‍රකාශනවල යෙදිය යුත්තේ මෙවැනි අය නෙමෙයිද?
  • නූගත් නොදන්නා ගැමි අසරණ බව අපයෝජනය කිරීම වෙනුවට දැනුවත්ව වෘත්තියක් ලෙස තමන්ගේ ලිංගික ප්‍රකාශනය යොදාගැනීම මොන තරම් අගය කළ යුතු පෞර්ෂයක්ද?
අකුරු ප්‍රමාණය (Font Size):


මේ කතාව හරිම ඉන්ටරෙස්ටින් එකක්. 

මෙතනදි පොලිසිය හැමදාම වගේ තමන්ගෙ අසභ්‍යත්වය ප්‍රදර්ශනය කරලා තියෙනවා. කිසිදු බලහත්කාරයක්, දූෂණයක් හෝ වංචාවක් සිදු නොකළ යුවළකගේ පෞද්ගලික ලිංගික ක්‍රියාවලියක් මැදට කඩාපැනලා තියෙනවා. ලංකාව වගේ ලිංගික ආතතියෙන් පෙලෙන සිංහල බෞද්ධයන් බහුල රටක මේ වගේ තිරශ්චීන වැඩවලින් පොලිසියට ලකුණු දාගන්න පුළුවන්.

රුවන්වැල්ලෙ තරුණියක් සහ පිළිමතලාවෙ තරුණයෙක් අතරයි මේ අසිරිමත් ආදර කතාව දිගහැරෙන්නෙ. මේ දෙන්නා නීතියෙන් විවාහ වූ අය. ඒ දෙන්නා දෙන්නාගේ කැමැත්තෙන් තමන්ගේ ලිංගික දර්ශන වීඩියෝ කරලා අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කරනවා. ඒ හරහා මාසිකව රුපියල් ලක්ෂයක පමණ මුදලක් උපයාගෙන තියෙනවා.

1702478924 1774160 hirunews
කොයිතරම් හොඳ රැකියාවක්ද? ආණ්ඩුවෙන් රස්සා ඉල්ලගෙන ගිහිල්ලත් නෑ. ආණ්ඩුවෙ සමෘද්ධිය හෝ වෙන සුබසාධන මත යැපිලත් නෑ. කිසි කෙනෙකුට පාඩුවක්, වංචාවක්, කොමිස් ගැහිල්ලක්, අපචාරයක් සිදු කරලත් නෑ. තමන්ගේ පාඩුවේ තමන්ගේ නිරුවත වීඩියෝ කරලා එය නරඹන්න කැමති, ඒ වෙනුවෙන් මුදල් ගෙවන්න කැමති අයගෙන් මුදල් උපයාගෙන ජීවත් වෙලා තියෙනවා. 

පොලිසිය නීතිය මුවාවෙන් කරන්නෙ මේ පුද්ගලයන්ගෙ ආර්ථික නිදහස කඩාකප්පල් කිරීමයි. එතනදි ඒ වීඩියෝ පළ කිරීමට කැමති අය වගේම ඒවා නැරඹීමට කැමති අයගේ අයිතියත් පොලිසිය විසින් උදුරාගන්නවා.

මේ යුවලම උපාධිධාරීන්. ඒ කියන්නෙ ලංකාවෙ සම්මත අධ්‍යාපන මිනුම්දඩු වලට අනුව උගත් අය. තමන් කරන දේ පිළිබඳ දැනුවත් අය. එවැනි දෙන්නෙක් මෙවැනි වෘත්තියක් තෝරාගැනීමම කොයිතරම් වටිනවද? ලිංගික ප්‍රකාශනවල යෙදිය යුත්තේ මෙවැනි අය නෙමෙයිද? නූගත් නොදන්නා ගැමි අසරණ බව අපයෝජනය කිරීම වෙනුවට දැනුවත්ව වෘත්තියක් ලෙස තමන්ගේ ලිංගික ප්‍රකාශනය යොදාගැනීම මොන තරම් අගය කළ යුතු පෞර්ෂයක්ද?

Screenshot 2023 12 15 at 15.10.03
මේ අයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000ට ආසන්න ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. නැරඹුම්වාර මිලියන 09ට ආසන්නව තිබිලා තියෙනවා. මේ තොරතුරු කියන්නෙත් පොලිසිය. මේ කිසිම නැරඹීමක් නීතියෙන් හෝ වෙනයම් අනීතික ආකාරයකින් හෝ කරන ලද බලහත්කාරයක ප්‍රතිඵල නෙමෙයි. නරඹන්නන් විසින් සිය කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස බුක්ති විඳපුවා. මේක ජාවාරමක් විදිහට ‍පොලිසිය හඳුන්වන්නෙ කුමන පදනමකින්ද? රජයට බදු ගෙවීමක් නොකරන හින්දද?

කොහොම වුනත් ලංකාවෙ නීතියෙන් මෙවැනි දේවල් අසභ්‍ය හැටියට ඔප්පු කරන්න පුළුවන්කමක් නෑ. නමුත් කවුරුවත් නීතිය අභියෝග කරමින් දිගටම මෙවැනි නඩුවකදි සටන් කරන්නෙ නෑ. අනිත් පැත්තෙන් වරද පිලිගැනීමෙන් ‍විඳින්නට සිද්ද වෙන දඩුවම වුනත් ඉතා ලිහිල් එකක්. ඇත්තටම ලංකාවෙ නීතිය මෙවැනි දේවල් ලොකු වරදවල් හැටියෙන් පිලිගන්නෙ නෑ. මේ වෙද්දි මේ දෙන්නාත් ඇප ලබාගෙන නිදහස් වෙලා තියෙනවා.

ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන !

නමුත් සමලිංගික අයිතීන් වෙනුවෙන් වගේ තීරණාත්මක මැදිහත්වීම් සිවිල් සමාජය පැත්තෙන් සිදු නොවන නිසා පොලිසිය වරින්වර මේ සදාචාරය වෙනුවෙන් අපචාරය මුදාහැරීම සිද්ද කරනවා. ඒකෙන් කුහක බහුතරයක අසහනය සංතර්පනය කරනවා.


හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
#godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අද කාලෙට ගැලපෙන ලස්සන ආදර කතාවක් | The Leader