The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කලු සහ සුදු කතාවක් : මයුරි පරණමානගේ අත්දැකීමක් ගැන සටහනක්

T

The Leader Desk

December 15, 2023 • 11:59 AM

කලු සහ සුදු කතාවක් : මයුරි පරණමානගේ අත්දැකීමක් ගැන සටහනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිය පාර්ශවයෙන් උරුම වූ ජැමෙයිකානු වර්ණය පවුලේ මංගල අවස්ථා වල මල් කුමාරියක් වීමේ අවස්ථා අහිමි කළේය.
  • ඇහැට කනට නොපෙනීම මා පොතට පතට මෙන්ම ක්‍රීඩාවට නැඹුරු කළ කාරණා වූ අතර ප්‍රැක්ටිස් කළුවට වඩා කළුපාට නිසා ස්කූල් බස්සෙකෙ කොල්ලන් මා හැදින්වූයේ කාල් ලුවිස්ගේ නංගී ලෙසය.
  • එදිනෙන් පසුව කිසිම හේතුවක් නිසා මා පාසල් පුහුණුවීම් නොගිය අතර හේතුවක් නොදක්වා වෙනත් පාසලකට යා යුතු බවට අරගලයක් දියත් කළෙමි.
  • හේතුව කිසිවෙකුට සොයා ගැනීමට නොහැකිවූ අතර මාසයකට පසුව මගේ ක්‍රීඩා ගුරුතුමියට නොපවසා සිටීමට නොහැකිවූ අතර ඇය මට වෙනත් පාසලකට යාමට උපකාර කරන බවටද, අරුන්දාට හොඳ රිටන් එකක් දෙන බවටද පොරොන්දු කරවාගෙන මා දිරිමත් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

පිය පාර්ශවයෙන් උරුම වූ ජැමෙයිකානු වර්ණය පවුලේ මංගල අවස්ථා වල මල් කුමාරියක් වීමේ අවස්ථා අහිමි කළේය.

ඇහැට කනට නොපෙනීම මා පොතට පතට මෙන්ම ක්‍රීඩාවට නැඹුරු කළ කාරණා වූ අතර ප්‍රැක්ටිස් කළුවට වඩා කළුපාට නිසා ස්කූල් බස්සෙකෙ කොල්ලන් මා හැදින්වූයේ කාල් ලුවිස්ගේ නංගී ලෙසය.

ළමා මනෝවිද්‍යාව හා ධනාත්මක චින්තනය පිළිබඳව එකල ප්‍රසිද්ධ පාසලේ එවකට අලුතින් පත්ව ආ ක්‍රීඩා ගුරුවරයා මගෙ ක්‍රීඩා ගුරුතුමිය නොමැති අවස්ථාවක පුහුණුවීම් අවස්ථාවක මගෙන් මගේ නම විමසා, ''ඒකෙ තේරුම නං මොනරි නේද? දාන්ඩ තිබ්බෙ කපුටි කියලා නෙ'' කියමින් සරදම් කළේ අනෙක් සිසුන්ද ඉදිරි යේය....

GettyImages 1059160318 b0be7719e1484685ac1e3af955d6fbc2
එදිනෙන් පසුව කිසිම හේතුවක් නිසා මා පාසල් පුහුණුවීම් නොගිය අතර හේතුවක් නොදක්වා වෙනත් පාසලකට යා යුතු බවට අරගලයක් දියත් කළෙමි.

හේතුව කිසිවෙකුට සොයා ගැනීමට නොහැකිවූ අතර මාසයකට පසුව මගේ ක්‍රීඩා ගුරුතුමියට නොපවසා සිටීමට නොහැකිවූ අතර ඇය මට වෙනත් පාසලකට යාමට උපකාර කරන බවටද, අරුන්දාට හොඳ රිටන් එකක් දෙන බවටද පොරොන්දු කරවාගෙන මා දිරිමත් කළාය..

ඈම පවසන අන්දමට මොන මනෝ විජ්ජාවක්වත් නොදන්නා නමුත් ජාතික තලයේ ක්‍රීඩිකාවක වූ ඈ කුඩා දැරියක වූ මගේ මනස මගේ මවටත් වඩා හොදින් ඒ අවස්ථාවේ කළමනාකරණය නොකරන්නට මට වන විනම්බෑසිය සිතා ගන්නටත් බැරි ය.

ඉදින් මේ ඝර්මකලාපීය දූපතේ කළු හමට විරුද්ධවන්නන්ට රිටන් දීමටත්, ඒවායින් ජිවිතය නොනවත්වා එනයින්ම ආතල් ගැනීමටත් ඈ මට උගැන්වූවාය....

කළු හමට ඇදිය යුත්තේ ලා පැහැති මළානික වර්ණ බව යොවුන්වියේ විලාසිතා ගැන අවබෝධයක් නැති එව්කට මගේ විලාසිතා නිර්මාණ ශිල්පිනිය වූ මව් රැජිනගෙ තෝරාදීම් නිසා විශ්වවිද්‍යාලයට යන තුරුම මා ඇන්දේ පැළැන්දේ අර අවර්ණ වර්ණයන්‍ ය.

Mele kincare hero
විශ්වවිද්‍යාල ජීවිතයේ හමේ පැහැය කිසිදු ලෙසකින් ප්‍රශ්න ගතනොවූ අතර මා එනයින් අවතක්සේරු නොකරන මිනිසුන් අප්‍රමාණ ලෙසින් හමුවීමද ඔවුන්ගේ ආදරය නිතැතින් දිනාගැනීමද මට හැකිවිය....

ඒ ජීවිතය වර්ණවත් කළ බොහෝ ගැහැණුන් මිනිසුන් අදටත් මා අස හිදී ..

ඉතිම් මා ඉතා ප්‍රමෝදයෙනුත් සිනාවෙනුත් පිබිදෙමින් ජීවිතය මගේ විලාසිතාවට අනුව ගෙවමින් පසුවෙමි.....

පාට කළු වුවද වර්ණවත්ව හිදිය යුතු බව මට උගැන්වූයේ මගේ මිතුරෙකි. මා ආදරය කළ මිනිසෙකු මට අහිමිවූයේ මගේ උපන් කැත නිසා යැයි අපහාස කළ ගැහැණුන් දෙදෙනෙකුගෙ වචන දෙක තුනකට හිත රිද්දාගෙන සිටි අවදියකය..

"බලාපන් මංදිහා මං ලස්සන මිනිහෙක් නෙවෙයි. ඒකට ලස්සනට ඇදලා තැනකට බැස්සම මට වඩා පොරක් උඹ දැකලා තියනවද?" 

ඉන් පසු මා අන්කවරදාටත් වඩා වර්ණවත් වූයෙමි..හරහට නොව කෙළින් බලන්නට උගත්තෙමි...


ඉදින්, 
* Miss world
* Miss universe 
* Miss river 

ඔය ලෝක සම්මතයයි කියනා ලස්සනෙන් එහා බුද්ධියක්ද හදවතක්ද ඇති බව ප්‍රකට කළ ගැහැණුන් ය. ලංකාවට ලෝකය දුරස් බව ඇත්තය...නමුත් දූපතකට එහා ලෝකයක් අපට ඇත.

Screenshot 2023 12 15 at 17.08.42(මයුරි පරණමාන)

මයුරි පරණමාන ශ්‍රී ජයජයවර්ධනපුර සරසවියේ දර්ශනය සහ මනෝ විද්‍යාව, පිලිබඳ උපාධිධාරියෙකු වන අතර කැලණිය වි.වි. සමාජ විද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. එසේම විවෘත විශ්ව විද්‍යාලයේ නීතිය පිලබඳ උපාධිය ලබා ඇති ඇය, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් වන අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කරයි. මෙම සටහන ඇයගේ මුහුණු පොතෙහි පළකරන ලද්දකි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කලු සහ සුදු කතාවක් : මයුරි පරණමානගේ අත්දැකීමක් ගැන සටහනක් | The Leader