The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජාලයේ ජංජාල

T

The Leader Desk

December 17, 2023 • 7:16 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජාලයේ ජංජාල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන උගත්, පරිණත පුද්ගලයින් වූ ඔවුනට සමාජයෙන් ගරු බුහුමන් ලැබුණි.
  • ඕනෑම කෙනෙකුට තම අදහස්, සමාජ මාධ්‍ය තුළින් ප්‍රකාශ කළ හැකිය.
  • එහෙත් එය නිසි ලෙස භාවිතා නොකළොත් එහි ඇතිවන්නේ ''ජංජාලයකි'' සමාජ මාධ්‍යයන්ට වැට බැඳිය යුතු යැයි යෝජනා මතුවන්නේද එහෙයිනි.
  • ශක්‍රයාගේ පවා, පාණ්ඩුකම්බල ශෛලාසනය නිසි ලෙස රත් නොවන නිසා, මෑතක සිට ජෙනරේටරයක් සම්බන්ධ කර ඇති බවටද කටකතා පැතිරුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන උගත්, පරිණත පුද්ගලයින් වූ ඔවුනට සමාජයෙන් ගරු බුහුමන් ලැබුණි. මාධ්‍ය ආයතනයක (පුවත්පත හෝ ගුවන් විදුලිය) රැකියාවක් ලැබීමද ලෙහෙසි පහසු දෙයක් නොවීය.

එහෙත් දැන් සමාජයේ සිටින ඕනෑම තරාතිරමක කෙනෙකුට, මාධ්‍යවේදියකු වීමට පහසුය. ඒ සමාජ මාධ්‍ය තුළිනි. ලිපි පළකර ගැනීමට පත්තර කන්තෝරුවලට ගිය කාලය අවසන්ය. ඕනෑම කෙනෙකුට තම අදහස්, සමාජ මාධ්‍ය තුළින් ප්‍රකාශ කළ හැකිය.

bigstock People Group Having Addicted F 237032038 600x

සමාජ මාධ්‍ය යනු ජාලයකි. එහෙත් එය නිසි ලෙස භාවිතා නොකළොත් එහි ඇතිවන්නේ ''ජංජාලයකි'' සමාජ මාධ්‍යයන්ට වැට බැඳිය යුතු යැයි යෝජනා මතුවන්නේද එහෙයිනි. මාධ්‍ය තුළ නිදහස යනු කුමක්ද එහි සීමාවන් මොනවාද යන්න මෙබඳු තීරු ලිපියකට විෂය නොවේ. එහෙයින් අපි මොහොතකට ''සීමා මායිම්'' වෙතට යොමු වෙමු.

අපි එකනෙකා අදහන, දෙවිවරු විවිධය. ලෝකාරම්භයේ මෙන් නොව, ඒ දෙවිවරු කාටත් දැන් වැඩ වැඩිය. ශක්‍රයාගේ පවා, පාණ්ඩුකම්බල ශෛලාසනය නිසි ලෙස රත් නොවන නිසා, මෑතක සිට ජෙනරේටරයක් සම්බන්ධ කර ඇති  බවටද කටකතා පැතිරුණි.

කාර්යබහුලතාව නිසාදෝ, එක් දෙවි කෙනෙක්, ලෝකවාසීන්ගේ තොරතුරු වාර්තා කිරීම සාතන්ට පැවරීය. එක් දිනක් සාතන්, මනුෂ්‍ය වේශයක් ගෙන, ලෝක සංචාරයක යෙදුණේය. කිසියම් රටක, ගම් පෙදෙසක ගමන් කරද්දී, ගසක බැඳ සිටි බූරුවෙක් කෑගසනු ඇසුණි.

Donkey funny animals is a happy  humorous donkey laughing at something very very funny.
''පිංකරන මහත්තයෝ... මාව මේ ගහෙන් ලිහල දාන්ඩ... මට මුළු දවසම මෙතන ඉඳල එපාවෙලා.''

ඒ ඇසූ සාතන්, බූරුවා බැඳ තිබූ ගැටය ලිහා දමා යන්නට ගියේය. සතුටින් උඩ පිනූ බූරුවා, දිව යන්නට විය. එසේ යන අතර, ගොවියෙකුගේ එළවළු කොටුවකට පැන එය වනසා දැමුවේය. අශ්ව ගාලක දොර හැර දැමූවෙන්, අශ්වයෝ ගම පුරා දුවන්නට ගත්හ.

කුකුල් කොටුවක දොර හැර දැමුවෙන්, කුකුළෝ දස අතේ යන්නට වූහ. මේ අයුරින්, බූරුවා කළ බොහෝ බූරු වැඩ නිසා නොයෙක් අවුල් ඇති විය. මේ බව දුටු, දෙවියෝ වහා සාතන් ආපසු කැඳවා දොස් නැගීය.

''මොකක්ද සාතන් තමුසෙ කරපු පිස්සු වැඩේ. මිනිස්සු සේරම මට දොස් කියයි වෙච්ච දේ දන්නව නං... තමුසෙ බූරුවෙක්ටත් වඩා බූරුවෙක්නෙ.''

73367
''අනේ දෙවියනේ, මම කෙරුවෙ ගහක බැඳල හිටපු බූරුවෙක් ලිහල දාපු එක විතරයි.''

''ඉතින් බලනවා වෙච්ච දේ. ගමක්, රටක් විනාස කරන්ඩ එක බූරුවෙක් ඇති.''

නිදහසේ විවිධ සීමාවන් ඇත. ''වල්බූරු නිදහස'' යනු ඉන් එකකි. සමාජ මාධ්‍යද ජංජාලයක් බවට පත්වනුයේ, එහි පිවිසෙනවුන් ''වල්බූරු නිදහස'' භාවිතා කරන්නට ගත් විටය. 

facts fake news stock

සමාජ මාධ්‍ය තුළින් ලණු දෙන්නන් බොහෝය. ව්‍යාජ ප්‍රවෘත්ති නොහොත් Fake News, හැම පැයකදීම සංසරණය වෙයි. ඇත්ත - බොරුව තෝරා ගැනීම සමාජ මාධ්‍ය භාවිතා කරන්නවුන් විසින් සිහිබුද්ධියෙන් කළ යුත්තකි. කිරි හට්ටිය රසවත් කරගත හැක්කේ පැණි දැමීමෙනි. ඊට ගොම බිඳුවක් මිශ්‍ර වූ විට, හට්ටියම අපතේ යයි.

එක්තරා රටක, මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළුවීමට යද්දී එහි සිටි ආරක්ෂකයෙක් ඔහු නවතාලීය.

''සර්ට අද ඉඳල පාර්ලිමේන්තුව තහනම්.''

''ඇයි ඒ?''

''ඔබතුමාව, පක්ෂෙනුයි, මන්ත්‍රීකමෙනුයි අස් කරලා.''

groucho1a
''වෙන්ඩ බෑ... මට කවුරුවත් දැනුම් දුන්නෙ නෑනෙ.''

''ඇයි සර්, ෆේස්බුක් බැලුවෙ නැද්ද? වට්ස්ඇප් බැලුවෙ නැද්ද?''

''ඕවා කොහොමද අයිසෙ විශ්වාස කරන්නෙ? මීට කලින් මාව දෙපාරක්ම අගමැතිකමටත් පත් කරල තිබුණා...''

මන්ත්‍රීවරයා දුරකථනය අතට ගනිමින් කීය. කතාව ඇත්තය. සමහරු. පණපිටින් සිටියදී මුහුණු පොතේ මිය යති.!

කපිල කුමාර කාලිංග, Author at ආලෝචනා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජාලයේ ජංජාල | The Leader