The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අනේ අපටත් ආපදා ධනවාදය වටහා දෙන්න - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

December 18, 2023 • 10:50 AM

අනේ අපටත් ආපදා ධනවාදය වටහා දෙන්න - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමාවේ මුල් පෙළේ මිත්‍රයෙකු මට යොමු කළ හඬපටයේ සාරාංශය මෙසේය. ''සහෝදරයා මේ අර්බුදය නිර්මානය කළේ ධනවාදය විසිනි.
  • ඊට විසඳූම් ලෙස රනිල්ලා ක්‍රියාත්මක කරන්නේ මෙතෙක් ධනවාදයෙන් කළ නොහැකිවූ ඉතිරි කොටස ය.
  • එහෙත් තම ස්ථාවරයන් ගැන රටේ ජනතාව දැනුවත් කිරීමේ වගකීම දේශපාලන පක්ෂ වලට පැවරි ඇත.
  • එහෙත් අනුරලා කෙළවා ගත්තොත් ගෝඨාට තරම් ලේසියෙන් මාරු විය නොහැකි බව තේරුම් ගත යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාලිමාවේ මුල් පෙළේ මිත්‍රයෙකු මට යොමු කළ හඬපටයේ සාරාංශය මෙසේය. 

''සහෝදරයා මේ අර්බුදය නිර්මානය කළේ ධනවාදය විසිනි. එහි නියමුවෝ රනිල් රාජපක්ෂලා ආදිහූ වෙති. මේ මුහුණ දෙන්නේ ඒ ධනවාදි ක්‍රමයේ අභාග්‍ය සම්පන්න ප්‍රතිපලයටය. ඊට විසඳූම් ලෙස රනිල්ලා ක්‍රියාත්මක කරන්නේ මෙතෙක් ධනවාදයෙන් කළ නොහැකිවූ ඉතිරි කොටස ය. එය හැඳින්වෙන්නේ ආපදා ධනවාදය යනුවෙනි. ආපදා ධනවාදය ගැන ඔය සහෝදැරයාගේ ලිපියේ මොනවත් නෑ. ඔයා ආපදා ධනවාදය ගැන නො ලියා සිටීම ගැන අපේ විරෝධයක් නැහැ. ඒක අපේ මිස ඔයාගේ කාර්ය නොවෙයි. ඔයා අරයා අරක කළා. මෙයා මේක කළා. කියලා ලියමින් එක එකා ගොඩදානවා. මේ ලිපියේ තියෙන දේ අපට අදාල නැ, අපි යන්නේ වෙනම ලයින් එකක. ඔයා යන්නේ තව ලයින් එකක. ඒකේ වරදක් නෑ.''

ඔහු කියන්නේ සැබෑවකි. මගේ ලයින් එක ඔහුට වැඩක් නැතුවා සේම මාලිමා ලයින් එක මටද වැඩක් නැත. එහෙත් තම ස්ථාවරයන් ගැන රටේ ජනතාව දැනුවත් කිරීමේ වගකීම දේශපාලන පක්ෂ වලට පැවරි ඇත. එක දිගට ආපදා ධනවාදය ප්‍රතික්ෂේප කරන මාලිමාව බලය ගත් පසුව ක්‍රියාත්මක කරන්නේ කියුබා මොඩලයද? චීන මොඩලයද? වහා රටට හෙළි කළ යුතුවේ. ලෝක බැංකු සහාය ගන්නවාද නැද්ද? සහානාධාර අඩු කරනවාද නැද්ද පුද්ගලික අංශයට ඉඩ දෙනවාද නැද්ද ඉන්දීය සහාය ප්‍රතික්ෂේප කරනවාද නැද්ද පළාත් සභා ඉවත් කරනවාද? විවිධ සේවා සමුපකාර වලට දේශපාලනය රිංගවා පෙන්වන විජ්ජාවන් යොදා ලංකාවේ අර්බුදය විසඳීය හැකි යයි සිතයි නම් එයත් කිව යුතුවේ.

2020 මහ මැතිවරණය: ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක 
හේතුව හැමදාම බලය දීලා කෙළවා ගත් රටේ මිනිස්සු ඒ ගොනා තවත් නාවනවාදැයි හරියටම කිව නොහැකි නිසාය. අනුර කුමාරත් අවුරුදු පහක් දීලා බලන්න කියා කියන්නේ ඒ නිසා ය. එහෙත් අනුරලා කෙළවා ගත්තොත් ගෝඨාට තරම් ලේසියෙන් මාරු විය නොහැකි බව තේරුම් ගත යුතුය. කරලා බලන්න තවත් දෙයක් ලංකාවේ ඉතිරි වෙලා නැත. ඇත්තේ අතට හසුවන යමක එල්ලී ගොඩ යාමය. මේ සිද්ධ වෙන්නේ ඒකයි. රනිල් කාටත් එක් වන්න කියන්නේත් ඒ නිසාය.  

රනිල් එක් වසරක් තුළ කළ ටික මාලිමාව දකින්නේ ආපදා ධනවාදය හැටියටය. ආපදා ධනවාදය මුලින්ම කිව්ආර් කේතය හරහා ඉන්ධන හිඟය කළමනාකරණය කළාය. එහි සාර්ථකත්වය නිසා නිර්බාධිත ඉන්ධන වෙළඳ පොළ යළි සක්‍රිය වීම මාලිමාව දකින්නේ ආපදා ධනවාදයේ ප්‍රතිපලයක් හැටියට විය හැකිය.

The Leader | We Lead the Nation - Results from #3730 
මේ දිනවල අනුර කුමාරගේ වාහනය ඉදිරියෙන් පිටුපසින් මහත් උද්දාමයෙන් යන මාලිමා යතුරු පැදි පිරිවර දුවන්නේ ආපදා ධනවාදය පොම්ප කරන ඉන්ධන වලින් නිසා අර යතුරු පැදි ෂෝ එක සමාජවාදි නමකින් බෞතිස්ම කළ යුතුවේ. ඒ නම දිමේදී සීමිත සම්පත් භාවිතා කිරීමේ විනය අනුව යතුරු පැදි සඳහා වැය වන ඉන්ධන අමතර කොටස් ටයර් සියල්ල අපට තවමත් හිඟ ඩොලර් පාවිච්චි කිරීමක්ය යන්න සැලකිල්ලට ගත යුතුවේ. මා නම් දකින්නේ එය නාස්තියක් හැටියටය. ඒ නාස්තිය නතර කළ හැකි නම් ඉන්ධන ගිලන් රථ සඳහා භාණ්ඩ ප්‍රවාහනය වැනි පලදායි යමක් සඳහා භාවිතා කළ හැකිය. එවිට හිඟ විදේශ විනිමය සංචිතය නාස්තියෙන් තොරව වඩා පලදායි ලෙස භාවිතා කළා කියා සතුටු විය හැකිය යන මගේ නිරීක්ෂණය අපදා ධන වාදයද යන්න පැහැදිලි කළ යුතුවේ. 

වසා තිබූ රටේ පාසල් විවෘත විය. වසර ගණන් කල් ගිය විභාග පැවැත්වේ. ප්‍රතිපල නිකුත් වේ. ඉන්ධන පෝලිම් මෙන්ම ඉන්ධන පෝලිම්වල සිදුවූ මරණද සිදුවූ පසුබිමක හඳුන්වා දුන් කිව් ආර් කේතය පවා අහෝසි කරන තරමට රටේ ආපදා රටට හිතකර විය. 

යහපත් වන රටේ තත්වයට මානුෂීය සහන දිය යුතුය යන අපේක්ෂාවෙන් ඉන්දියාව, බංගලාදේශය පවා අත මාරු දුන් පසුබිමක මාලිමා පාලනයක් එන තෙක් ලංකාවට ඩොලර් නො එවන ලෙස විදේශත ශ්‍රී ලාංකිකයන් ගෙන් අනුර කුමාර කළ ඉල්ලීම ගැන සාමාන්‍ය මිනිසුන් පාවිච්චි කළ භාෂාව අකුරුවලට නැගිය නො හැකිය.

මහා රෑ ඉන්ධන මිළ වැඩි කරයි - ඉන්ධනහල් 70%කට වඩා වැසෙයි ! 
ආණ්ඩුවේ වාහන පිරිවරා යාම ගැන කවදත් කතා කළ මාලිමා නායකයන් පිරිවරා ගත් උක්ත යතුරු පැදි ගැන්සියට අර්ථකතනය කුමක්ද? දැන් හිඟයක් නැත. අවශ්‍ය තරම් ඉන්ධන භාවිතා කළ හැකිය. එසේ කල්පනා කරන තරමට ලංකාව ශක්තිමත් නැත. ඉන්ධන යනු ඩොලර්ය. ගතවූ වසරේ අත්දැකීම් අනුව මාලිමාව රටට ජනතාවට පක්ෂපාති නම් ඉන්ධන වැනි විදේශ විනිමය වැයවන සම්පත් නාස්තිය නතර කිරීමට කෝටා ක්‍රමයක් ඇති කොට අමතර හැම ලීටරයකටම වැඩි මිලක් අය කිරීම වැනි ජාතික ව්‍යාපාරයක් ඇති කිරිමට මාලිමාවට නායකත්වය දිය හැකිද යන්න කිව යුතුවේ. 

මේ සාකච්ඡා කළ කරුණු අතරින් ආපදා ධනවාදය යනු කුමන ක්‍රියාකාරකම්ද තම පාලන ප්‍රවේශය අතර ඒවා වෙනස් කරන ආකාරය රටට පැහැදිලි කළ යුතුවේ. රනිල් විදේශ ණය ගනියි. රාජ්‍ය ව්‍යාපාර ප්‍රති ව්‍යාහගත කරයි. බදු පනවයි. ඉඩම් ඔප්පු දෙයි. තමන් ඉල්ලා සිටින රටේ පාලනය යටතේ මේවාට කරන්නේ කුමක්දැයි පැහැදිලි කරනු මිස පංචායුධ ජංගි කතා ආපදා ධනවාද කතා නො කළ යුතුව තිබේ. ලංකාව යනු හඳෙන් හරි හාල් ගෙනැවිත් දෙනවා කී විට රැවටුණ මිනිසුන් ජීවත්වන රටකි. 2019ත් කෑවේ එවැනිම කුස තණ මිටියකි. එහෙව් අත්දැකීම් ඇති ලංකාවේ බලය ඉල්ලන මාලිමාව මේ කරන්නේත් කොලේ වසා ගසන පසික්කාඩු මැතිවරණ විජ්ජාවකි.


ජනාධිපති වික්‍රමසිංහ පාලමෙන් දරුවා ගොඩ කළා යයි කී විට (රනිල් ගත් පියවර අපදා ධනවාදි නිසා) නෑ තෝ ඒක කළේ නෑ. හෝ අපි තොට ඒක කරන්න දුන්නේ නෑ කීමට විචිත්‍ර භානක වාදීභසීහ අනුර කුමාර දිසානායකගේ දිව නැමුණේ නැත. ඔහු ජාම බේරා ගත්තේ කෙල්ලාගේ පංචායුධය ජංගිය නැත කියා ඛෙරිහන් දීලාය. ඒ අවස්ථාවේ කොල්ලා මැරුණත් පංචායුධය සහ ජංගිය ඉල්ලා ආපදා ධනවාදයට එරෙහිව නැගී සිටිව් කියන්ට අනුර කුමාර ඉක්මන් නො වීය. 



දිවයිනේ බොහෝ පාසල්වලට දරුවන් ඇතුල් කිරීමේදී දෙමාපියන් ගෙන් කෝටි ගණන් මුදල් ගසා කති. ඒවා පිටුපස සිටින්නේ  ආදි ශිෂ්‍ය සංගම් ය. විදුහල්පතින් නො වන ගුරු සංහතිය ඒවා නො දකිනවා හෝ නො දන්නවා නොවේ. දිගු කලක් වඩාත් දූෂිත රාජ්‍ය ආයතනය ලෙස පොලිසිය හංවඩු ගැසුණද, ආසන්න වසර දොළහක පමණ කාලයක සිට පොලිසියෙන්ද පගා ගනිමින් ඒ කීර්තිය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගුරු සංහතිය විසින් දිනා ගෙන ඇත. එකී ගුරු සංහතියෙන් බහුතරය මාලිමා පාලනයක් ඇති කිරීමට වර්ජන හා වීදි සටන් කරති. ඒත් වංචා දූෂණ චෝදනා පංචායුදය කරගත් මාලිමා කථීකයන් ගුරු සේවයේ දූෂිතයන් ගැන කටේ කෙළ බිංදුවක් හොල්ලන්නේ නැත. අධ්‍යාපනයේ ඒ ගැහිල්ලත් ආපදා ධනවාදයම නොවේද? 

වර්තමානයේ රටෙන් අඩක් පමණ ජනතාව සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පුද්ගලික අංශයේ සේවා අපේක්ෂා කරති. එකී ස්ථානවල ප්‍රතිකාර කරන වෛද්‍ය වරුන්ගෙන් අති බහුතරය රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ය. රහසක් නොවන මේ තත්වය තුළ රජයේ වෛද්‍ය නිලධෘරි සංගමය කරන වෘත්තීය තර්ජන මාලිමාව සලකන්නේ ආපදා ධනවාදි ව්‍යාපාර හැටියටද?



මාලිමා සමාජ මාධ්‍ය සාමාජිකයන් හසුරුවන අඩෝ ආදි භාෂාව අපදා ධනවාදයට එරෙහි තම කාඩරයන් ශක්තිමත් කරන මාලිමා පන්නයේ සමාජවාදි ඇමතීම්  විය හැකිය. එය ප්‍රති විප්ලවීය ව්‍යාපාරයක් තෙක් ව්‍යාප්ත කරන්නේද යන්න අනුර කුමාරලා කඩිනමින් පැහැදිලි කළ යුතුවේ. 

දිනපතා මාලිමාව වෙත රැස්වන ප්‍රමාණය ඉහළ යමින් පවතී. එසේ එකතු වන්නේ කියුබාවෙන් පැමිණි සමාජවාදින් හෝ රුසියාවේ මාක්ස් ලෙනින් වාදින් නොවේ. ලංකාවේ මෙතෙක් රාජපක්ෂලා දිනවූ ඡන්දදායකයන්ය. රනිල් ගෙදර යැවූ යූඇන්පි කාරයන් ගෙන් හා ගෝඨා බලයට පත් කළ හැට නව ලක්ෂයෙන් තමන් වෙත පැමිණි අයට පන්ති පහ කියාදී සූදානම් නො කළොත් රටට සෞභාග්‍ය උදා කිරීම බොරුය.  

2019 ගෝඨා ගෙනාවේ ජීවන වියදම ඉහළ ගිය නිසා නොවේ. වෙහෙරලියද්ද, ප්‍රදීපා ධර්මදාස මුල්ව ගැයූ රට ගිනි තිබ්බා ගීතයට වශී වූ නිසාය. 

ගෝඨාභය දුර්වල නායකයෙක්ද? - (එරන්ද ගිනිගේ)
යහ පාලන කාලයේ වැටුපට එක් කළ රුපියල් දස දහස ලබා ගත් සමහර ගුරු ජෝඩු ලීස් ක්‍රමයට වාහන ගත්හ. ඒ සියල්ලන්ම ගෝඨා දිනවීමට පාරට බැස්සේ අනුර කුමාරත් ජනාධිපති කමට තරග කරද්දීය. ආරක්ෂක ලේකම් ලෙස ලසන්තලාගේ තාජුදීන්ලාගේ එක්නැලිගොඩලාගේ රවිරාජ්ලාගේ ඝාතනවලට ඇඟිලි දිග් වෙමින් පැවති ගෝඨාට නම් බරපතල මිනිසාට ඔබයි අපේ මිනිසා කියා උඩ දැම්මේ 1971 සිට 2019 තෙක් වසර 48ක් රටේ සක්‍රිය ජනතා විමුක්ති පෙරමුණ ගැන නො දැනද? දැන් මාලිමාව සොයා එන්නේ සමුපකාර ඡන්ද දිනා පෙන්වන ජන ශක්තිය ගැන විශ්වාසයෙන්ද? 

ජවිපෙය මේ ආකාරයෙන් අතීතයේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ලංකාවට පූර්වාදර්ශක් කොට නිර්මානය කළද ජනතාව එය ප්‍රතික්ෂේප කළහ. ඒ සංසිද්ධිය හරහා  ආපදා ධනවාදය යනු කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණ පළමුව තේරුම් ගත යුතුවේ. තෝ හොරා කී විට රටේ සියලුම ගැටළු නිරාකරණය නොවේ. අමාත්‍ය කාංචන විජේසේකර අනුරට කළ අභියෝගය හමුවේ වසන්ත සමරසිංහ පෙන්වා ඇඟ බේරා ගැනීමට ගන්නා උත්සාහය හමුවේ මාලිමාවේ හරබර පමණක් නොව හොර බොරුද රටේ මිනිසුන්ට මැනවින් තේරුම් ගැනීමට ඉඩකඩ සැලසී ඇත.  

ක්‍රිකට් නෙයියාඩගම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...