The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ජවිපෙ හා උතුර : 'ද්වන්ධ' අන්තර්ජාලයට

T

The Leader Desk

December 22, 2023 • 11:00 AM

ජවිපෙ හා උතුර : 'ද්වන්ධ' අන්තර්ජාලයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙසැම්බර් මස අටවෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර, පිහිටි ග්ලෙන් වේවර්ලී පැවැති ලයනල් බෝපගේ ප්‍රත්‍යාවලෝකන වැඩසටහනට සමගාමී ව, 2019 වර්ෂයේ නිෂ්පාදිත, ද්වන්ධ - a tale of two rebels වාර්තා චිත්‍රපටය, නැවත වරක් දියත් කිරීම (relaunch) කෙරිණ.
  • ද්වන්ධ චිත්‍රපටය, කොළඹ, යාපනය, ලන්ඩන්, හේග්, මෙල්බර්න්, හවායි නුවර හී ප්‍රදර්ශනය වූයේ 2019 ඔක්තෝබර් මස සිට ය.
  • විශේෂයෙන් මේ දෙදෙනාගේ ළමා කාලය පනහ දශකය තුළ සිදුවූ දේශපාලන විපර්යාස ඔවුන්ගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් විස්තර කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දෙසැම්බර් මස අටවෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර, පිහිටි ග්ලෙන් වේවර්ලී පැවැති ලයනල් බෝපගේ ප්‍රත්‍යාවලෝකන වැඩසටහනට සමගාමී ව, 2019 වර්ෂයේ නිෂ්පාදිත, ද්වන්ධ - a tale of two rebels වාර්තා චිත්‍රපටය, නැවත වරක් දියත් කිරීම (relaunch) කෙරිණ.


ද්වන්ධ චිත්‍රපටය, කොළඹ, යාපනය, ලන්ඩන්, හේග්, මෙල්බර්න්, හවායි නුවර හී ප්‍රදර්ශනය වූයේ 2019 ඔක්තෝබර් මස සිට ය. චිත්‍රපටයේ සෙසු මුදා හැරීම 2020 සිට පැවැති, කෝවිඩ් වසංගතය නිසා තරමක් අඩාල විණ. 

දැනට විප්‍රාවාසයේ වෙසෙන, දකුණේ හා උතුරේ අරගලවල පුරෝගාමී නායකත්වයේ සිටි චරිත දෙකක්, පදනම් කරගෙන ඔවුන්ගේ ළමා කාලයේ සිට ලාංකීය දේශපාලනයේ විවිධ අවස්ථා සමග ඔවුන් අභිමුඛ වූ ආකාරය හා ඒ අරභයා ඔවුන් සන්නද්ධ අරගලයකින් ප්‍රතික්‍රියා කළ ආකාරය චිත්‍රපටයේ ආවර්ජනාත්මක ව දිග හැරේ. විශේෂයෙන් මේ දෙදෙනාගේ ළමා කාලය පනහ දශකය තුළ සිදුවූ දේශපාලන විපර්යාස ඔවුන්ගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් විස්තර කෙරේ. උතුරේ හා දකුණේ අරගල එකිනෙකට අභිමුඛ නොවීම ගැන ඔවුන් දෙදෙනාගේ ම ජීවිත කතා තුළින් මතුවන්නේ අසිතූ විරූ ආකාරයකිණි. 

ඕස්ට්‍රේලියාවේ හා එංගලන්තයේ දැනට විප්‍රවාසී ව වෙසෙන මේ පුද්ගලයන් දෙදෙනා සමග, චිත්‍රපටයේ අධ්‍යක්ෂක ආචාර්ය උදන් ප්‍රනාන්දු වසර දෙකක පමණ කාලයක් තුළ කළ පර්යේෂණ හා දීර්ඝ සම්මුඛ සාකච්ඡා මිත්‍රපටයේ තිරනාටකයට  පාදක වී ඇත. 2019 අප්‍රේල් මුල, අදාළ චරිත දෙක ලංකාවට පැමිණයේ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ය. ද්වන්ධ චිත්‍රපටයේ නිර්මාණයට දායක වූ ශිල්පීන්ගේ නාමාවලිය පහත දැක්වේ. 

කැමරා අධ්‍යක්ෂණය : ධනුෂ්ක ගුණතිලක සමග සමීර වීරසේකර
සංස්කරණය : සමන් ඇල්විටිගල
සංගීතය : නදීක ගුරුගේ
වර්ණ සංයෝජනය : දිනිඳු ජාගොඩ
ශබ්ද පරිපාලනය: ප්‍රියන්ත අරුණ කළු ආරච්චි
නිශ්චල ඡායාරූප : ශානි ජයවර්ධන 
සංකල්පය, පර්යේෂණ හා අධ්‍යක්ෂණය :  උදන් ප්‍රනාන්දු 

විනාඩි 52 ක ධාවන කාලයෙන් යුතු ද්වන්ධ - a tale of two rebels වීඩියෝව පහත දැක්වේ. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...