The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

විප්ලවවාදියකුට ප්‍රජාතන්ත්‍රවාදියකු විය හැකි ද?- (ජයදේව උයන්ගොඩ)

T

The Leader Desk

December 25, 2023 • 4:49 AM

විප්ලවවාදියකුට ප්‍රජාතන්ත්‍රවාදියකු විය හැකි ද?- (ජයදේව උයන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම ජීවිතයෙන් අඩක් පමණ වමට සහ ජවිපෙ අරමුණ වෙනුවෙන් කැප කිරීමෙන් පසු ලයනල් දැන් ඉතිරි භාගය තම දේශපාලන විශ්වාසයන් පුළුල්, ඇතුළත් සහ ප්‍රජාතන්ත්‍රවාදී තලයක ඉදිරියට ගෙන යමින් සිටියි.
  • එය එම පරම්පරාවටම අයත් මාද ඇතුළු තවත් බොහෝ දෙනකුගේ ජීවිතවල දේශපාලන පරිවර්තනවලින් මතු කෙරෙන තේමාවක්ද වෙයි.
  • පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ දේශපාලනය පත්වූ අධිකාරවාදී පරිවර්තනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සමාජ අවශ්‍යතාවෙහි ප්‍රධාන ප්‍රකාශකයකු වීමට, ලංකාවේ ප්‍රමුඛ විප්ලවවාදී ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණටද ඉතිහාසය විසින් බල කෙරී තිබෙන බව පෙනේ.
  • එමෙන්ම එය ලංකාවේ දේශපාලන පරිවර්තනයේ වර්තමාන ඓතිහාසික මොහොතේ ඇති යථාර්ථයක්ද වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තම ජීවිතයෙන් අඩක් පමණ වමට සහ ජවිපෙ අරමුණ වෙනුවෙන් කැප කිරීමෙන් පසු ලයනල් දැන් ඉතිරි භාගය තම දේශපාලන විශ්වාසයන් පුළුල්, ඇතුළත් සහ ප්‍රජාතන්ත්‍රවාදී තලයක ඉදිරියට ගෙන යමින් සිටියි.

වාමාංශික විප්ලවවාදී ව්‍යාපාරයක පුරෝගාමී ක්‍රියාකාරිකයකුට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයකු විය හැකිද? මෙය වනාහි ආචාර්ය ලයනල් බෝපගේගේ දීර්ඝකාලීන දේශපාලන ජීවිතයේ පරිවර්තනයෙන් පසුගිය දශක කිහිපය තුළ මතුකරනු ලැබූ වැදගත් ප්‍රශ්නයකි. එය එම පරම්පරාවටම අයත් මාද ඇතුළු තවත් බොහෝ දෙනකුගේ ජීවිතවල දේශපාලන පරිවර්තනවලින් මතු කෙරෙන තේමාවක්ද වෙයි. මෙම ප්‍රශ්නයම වර්තමානයේදී මෙම පරම්පරාවේ තරුණ අවධියේ දේශපාලන අනන්‍යතාව බැඳී තිබුණ ජනතා විමුක්ති පෙරමුණ සමගද බැඳී තිබේ. පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ දේශපාලනය පත්වූ අධිකාරවාදී පරිවර්තනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සමාජ අවශ්‍යතාවෙහි ප්‍රධාන ප්‍රකාශකයකු වීමට, ලංකාවේ ප්‍රමුඛ විප්ලවවාදී ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණටද ඉතිහාසය විසින් බල කෙරී තිබෙන බව පෙනේ.

මෙය වනාහි, ලංකාවේ සිංහල මෙන්ම දෙමළ සමාජවලද දේශපාලන පරිවර්තනයේ වර්තමාන අවධියේ මතුවී තිබෙන ඓතිහාසික වශයෙන් සරදම් සහගත ගැටලුවකි. එමෙන්ම එය ලංකාවේ දේශපාලන පරිවර්තනයේ වර්තමාන ඓතිහාසික මොහොතේ ඇති යථාර්ථයක්ද වෙයි. එම ගැටලුව තරමක් සරල ලෙස ප්‍රකාශ කිරීමට, කෙනකුට පහත සඳහන් ආකාරයේ ප්‍රශ්නද මතු කළ හැකිය. විප්ලවවාදියකුට ප්‍රජාතන්ත්‍රවාදියකු විය හැකිද? සමාජවාදියකුට සමාජවාදියකු වන ගමන්ම ප්‍රජාතන්ත්‍රවාදියකුද විය හැකිද? දශක ගණනාවක් විප්ලවවාදී සහ ක්‍රම විරෝධී දේශපාලන භාවිතයක ප්‍රධාන ප්‍රකාශකයාව සිටි දේශපාලන ව්‍යාපාරයකට, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහාවූ සමාජ අරගලයේද නායක කාර්යයක් ඉටු කළ හැකිද?

ආගමික නායකයෝ චෞරයන්ට ආශීර්වාද කරනවා – ලයනල් බෝපගේආචාර්ය බෝපගේ

ආචාර්ය බෝපගේගේ දේශපාලන ජීවිතයත්, ඔහු තවදුරටත් දේශපාලන වශයෙන් සම්බන්ධ නැති ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලන ජීවිතයත් පත්වී ඇති පරිවර්තනවලිනුත්, ඉහත ප්‍රශ්නවලට සැපයෙන පිළිතුර නම් ‘ඔව්’ යන්නයි. එහෙත් එම ‘ඔව්’ යන පිළිතුර ලිහා බලා විභාග කිරීමද ඒ සමගම අත්‍යවශ්‍ය බව පිළිගත යුතුව තිබේ. ජනතා විමුක්ති පෙරමුණ, ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනයේ ප්‍රධාන බලවේගය ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව මතුවීමේ ඓතිහාසික අවකාශය විවෘත වී ඇති වර්තමාන මොහොතේ මෙම පිළිතුර විභාග කිරීම, අප රටේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ වගකීමක්ද වෙයි.

සමාජවාදී හා විප්ලවවාදී දේශපාලනයේ සිට පාර්ලිමේන්තුවාදී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රතිසංස්කරණවාදී දේශපාලනයට පරිවර්තනය වූ ලංකාවේ ‘පැරණි’ වම සහ ‘නව’ වම යන ධාරා දෙකෙන්ම මතු කෙරෙන එක් දේශපාලන ප්‍රස්තුතයක් පිළිගැනීමට ආචාර්ය බෝපගේද, මාද, තවත් විශාල පිරිසක්ද අයත්වන ලංකාවේ නිදහසින් පසුව බිහිවූ රැඩිකල් දේශපාලන පරම්පරාවල අත්දැකීමෙන් යෝජනා කෙරෙන බව මගේ විශ්වාසයයි. එය නම්, ලංකාවේ සමාජවාදී පරිවර්තනය සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය යන දෙකම එකට වෙලී තිබෙන දේශපාලන ක්‍රියාවලියක්ය යන්නයි. ‘සමාජවාදයට පසුව ප්‍රජාතන්ත්‍රවාදය’ යන පැරණි සූත්‍රය තවදුරටත් වලංගු නොවේ. එමෙන්ම ‘සමාජවාදය නැතිව ප්‍රජාතන්ත්‍රවාදය’ යනු සූත්‍රයද දැන් පැරණි සහ අවලංගු වී තිබේ.

අරගලයේ දින 100ක කතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

‘සමාජවාදය’ හා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ එකිනෙකට පටහැණි, පසමිතුරු සහ අන්‍යොන්‍ය වශයෙන් බැහැර කරන ද්වි-භේදනයක් (Binaries) නොවන බවට පිළිගැනීමටද ඒ වෙතින් අපට යෝජනා කෙරේ. ලංකාවේ දැනට සමාන්තරව සහ එකට අත්වැල් බැඳගෙන සිදුවන අත්‍යන්තවාදී නව ලිබරල්වාදී ආර්ථික පරිවර්තනය සහ දේශපාලන අධිකාරවාදයේ නව ප්‍රබෝධය මෙම කරුණ පසක් කිරීමට පසුබිමද සපයයි. 1970 ගණන්වල අගභාගයේ පටන් ලංකාවේ රැඩිකල් දේශපාලන ව්‍යාපාර අබිමුවට ආ දේශපාලන යථාර්ථය, මේ මොහොතේ නැවතත් මතුව තිබේ. එය නම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, සමාජීය ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලය ඒකාබද්ධ සහ මිශ්‍ර වී තිබෙන බවයි. ඒවා වෙන්කළ නොහැකි බවයි. 2022 වසරේ පුරවැසි අරගලය වෙතින් අවධාරණය කරන ලද්දේද එම කරුණයි.

ලංකාවේ දේශපාලන පරිවර්තනයේ නව කර්තෘකයකු වශයෙන් ප්‍රබලව මතුවී සිටින ජනතා විමුක්ති පෙරමුණ සහ ඒ වෙත ඇදී යන ප්‍රගතිශීලී බලවේග ඉදිරියේ ඇති දේශපාලන-බුද්ධිමය අභියෝගයක් වන්නේ මෙම කරුණ පිළිගෙන, එය සමාජවාදී ප්‍රයත්නවලද, ප්‍රජාතන්ත්‍රීයකරණ ප්‍රයත්නවලද ඓතිහාසික කර්තව්‍යයක් බවට පරිවර්තනය කිරීමයි. හොඳ සමාජවාදියකු පළමුව චර්යාධාර්මික ප්‍රජාතන්ත්‍රවාදියකු විය යුතු බවත්, හොඳ ප්‍රජාතන්ත්‍රවාදියකු චර්යාධාර්මික සමාජවාදියකු විය යුතු බවත් පිළිගැනීමට සිදුවන්නේද මෙම පසුබිම තුළය. එහෙත් එය පිළිගැනීම සහ ඒ මත දේශපාලන තීරණ ගැනීමට නම් අපට සමාජවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් යන දෙකම පිළිබඳව අලුතෙන් සිතන්නට බල කෙරේ.

රනිල්-ගෝඨා අශුද්ධ සංධානය'ට එරෙහි ජවිපෙ ගේමට බසී !
එවැනි අලුත් සිතීමකට ආධාර කරන සාරවත් පසුබිමක් ලංකාවේ වර්තමාන අර්බුදය තුළ තිබේ. ලංකාවේ පවතින්නේ ත්‍රිවිධාකාර අර්බුදයක සංයෝගයකි. ආර්ථික, සමාජ හා දේශපාලන යනු එම සමස්ත අර්බුදයේ පැතිකඩ තුනයි. ආර්ථික හා සමාජ යන අර්බුදයේ පැතිකඩ දෙක විසඳීමට පවත්නා නව ලිබරල් ධනවාදී ක්‍රමයත්, එම ක්‍රමය සාධාරණය කරන ලිබරල්, නිදහස් වෙළඳපොළ ධනවාදී න්‍යායික මඟ පෙන්වීමත් ප්‍රමාණවත් නැත. මේ අතර දේශපාලන අර්බුදය වෙතින් ප්‍රකාශ වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ න්‍යායික මඟපෙන්වීම එම අර්බුදයෙන් ගොඩඒම සඳහා ප්‍රමාණවත් නොවන බවයි. ආර්ථික හා සමාජ අර්බුද විසඳීමට ධනවාදයත්, නව ලිබරල්වාදයත් පිළිබඳ සමාජවාදී විවේචනය වෙතින් ලැබෙන මඟපෙන්වීම අත්‍යවශ්‍යය.

ඒ සමගම, දේශපාලන අර්බුදය විසඳීම, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය සහ පුද්ගල නිදහස ප්‍රතික්‍ෂෙප කරන රාජ්‍ය-කේන්ද්‍රීය දේශපාලන මඟපෙන්වීමකින්ද කළ නොහැක්කකි. ලංකාවේ සුවිශේෂ තත්වයන් වෙතින් නිර්මාණය වූ ලාංකීය ප්‍රභවයක් සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායික දැක්මක් අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය සමග සමාජ විමුක්තිදායක සංවාදයක් ගොඩනැගීම සහ ලාංකික සමාජ- ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක් සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම, ලංකාවේ ප්‍රගතිශීලී ව්‍යාපාරවල හදිසි කාර්යයක්ද වී තිබේ. එය වර්තමාන අර්බුදය වෙතින් ලංකාවේ ප්‍රගතිශීලී බලවේගවලට කෙරෙන ආරාධනයකි.

ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු - කථිකාචාර්ය සුමිත් චාමින්ද-මහාචාර්ය ජයදේව උයන්ගොඩ
(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙකි.)
uyangoda@gmail.com

(anidda.lk)

සබැඳි ලිපි :
ජවිපෙ හා උතුර : 'ද්වන්ධ' අන්තර්ජාලයට

ලයනල් බෝපගේ: තම කාලයට තරමක් ඉදිරියෙන් සිටි විශේෂ වර්ගයක 71 කැරලිකරුවා - (නිර්මාල් රංජිත් දේවසිරි)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...