The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

නත්තල සමරන්නේ නැති ක්‍රිස්තු භක්තිකයන් සිටින බව ඔබ දන්නවා ද?

T

The Leader Desk

December 25, 2023 • 7:39 AM

නත්තල සමරන්නේ නැති ක්‍රිස්තු භක්තිකයන් සිටින බව ඔබ දන්නවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම දිනය දෙසැම්බර් 25 වන දා බව බහුතරයකගේ පිළිගැනීමයි.
  • ඒ අනුව, අද දිනයේදී (දෙසැම්බර් 25) ලෝකය පුරා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් උත්සවශ්‍රීයෙන් සහ භක්තිමත් ලෙස නත්තල සමරති.
  • කෙසේ වෙතත්, ජේසුස් වහන්සේ දෙසැම්බර් 25 වන දින උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ ශුද්ධ වූ ලියවිල්ල ලෙස සැලකෙන බයිබලයේ සඳහන් නොවන බවට ඇතැම් පාර්ශව තර්ක කරයි.
  • ඔවුන්ගේ තර්කයට පදනම් කරගෙන ඇත්තේ, දෙසැම්බර් වැනි අධික ශීත කාලගුණයක් සහිත කාලයක අගොස්තුස් අධිරාජයා සංගණනයක් සිදු කරන ලෙසට නියෝග කළ බව පිළිගත නොහැකිය යන්න ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම දිනය දෙසැම්බර් 25 වන දා බව බහුතරයකගේ පිළිගැනීමයි. ඒ අනුව, අද දිනයේදී (දෙසැම්බර් 25) ලෝකය පුරා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් උත්සවශ්‍රීයෙන් සහ භක්තිමත් ලෙස නත්තල සමරති.

කෙසේ වෙතත්, ජේසුස් වහන්සේ දෙසැම්බර් 25 වන දින උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ ශුද්ධ වූ ලියවිල්ල ලෙස සැලකෙන බයිබලයේ සඳහන් නොවන බවට ඇතැම් පාර්ශව තර්ක කරයි.

ඔවුන්ගේ තර්කයට පදනම් කරගෙන ඇත්තේ, දෙසැම්බර් වැනි අධික ශීත කාලගුණයක් සහිත කාලයක අගොස්තුස් අධිරාජයා සංගණනයක් සිදු කරන ලෙසට නියෝග කළ බව පිළිගත නොහැකිය යන්න ය.

cr3535uy copy
"ජේසුස් වහන්සේ දෙසැම්බර් මාසයේ උපන් බව පිළිගන්න අමාරු යි"


'තව ද, එසමයෙහි අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා විසින් නියෝගයක් නික්මිණි. මේ වනාහී කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරවරයාව සිටියදී කරන ලද පළමු වන සංගණනය යි. සියල්ලෝ ම ලියාපදිංචි වන පිණිස තමතමන්ගේ නුවරවලට ගියහ.' (ලූක් 2:1 - 3) යනුවෙන් ශුද්ධ වූ බයිබලයේ ශුද්ධවර ලූක් පොතෙහි දැක්වේ.

ඔවුන් තර්ක කරන්නේ, ඒ අනුව ජේසුස් වහන්සේගේ උපත අප්‍රේල් හෝ අගෝස්තු මාසයේදී සිදුවන්නට ඇති බව ය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රිස්තු සභාවන් අතරින් The Centre Church නමැති සභාව කිතු උපත දෙසැම්බරයේ සිදුවූ බව නොපිළිගන්නා සභාවකි.

"ජේසුස් වහන්සේ දෙසැම්බර් මාසයේ උපන් බව පිළිගන්න අමාරු යි. ඒක සිදුවුණේ, අප්‍රේල් නැත්නම් අගෝස්තු මාසයේදී කියල යි අප විශ්වාස කරන්නේ. අතීතයේ සිදු කරපු වෙනත් සැමරුම් උත්සවයක් පාදක කරගෙන තමයි නත්තල් උත්සවය පවත්වන්නේ," ද සෙන්ටර් චර්ච් සභාවේ සාමාජිකාවක් (ඇයගේ ඉල්ලීම පරිදි සැබෑ නාමය හෙළි නොකෙරේ) බීබීසී සිංහල සේවයට පැවසීය.

"මේ උත්සවය ජේසුස් වහන්සේගේ උපත සමරන්න ආරම්භ කරපු උත්සවයක් නෙවෙයි. ඒක ගොඩක් කාලෙකට කලින් හිරු දෙවියන් නමදින්න පවත්වපු උත්සවයක්. ඒක කාලයක් ගියාට පස්සේ නත්තල් උත්සවය බවට පත් වෙලා. ඒ නිසා ඒක ජේසු උපත සමරන්න භාවිත කිරීම වැරදි යි."

cr45n6nde copy
මේ අතර, ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ ආරම්භය ජේසුස් වහන්සේගේ උපත සිදුවූ දින සිට ගණනය කළේ නම් දෙසැම්බර් 25 වන දින ජේසු උපත සිදුවූ බව පිළිගත හැකි ද? යන්න ඇතැමෙක් ප්‍රශ්න කරයි.

කෙසේ වෙතත්, දෙසැම්බර් 25 වන දා නත්තල් උත්සවය සමරන පාර්ශව පවසන්නේ, දෙසැම්බර් 25 වන දා වෙනත් සැමරීම් පැවතිය ද, එදින නත්තල් උත්සවය සැමරීම වැරදි ක්‍රියාවක් නොවන බව ය.

"අපි සමරන්නේ ජේසුස් වහන්සේගේ උපත සහ උන් වහන්සේ ලෝකයට ගෙනාව පණිවුඩය. ඒකට දිනය ගැන ප්‍රශ්නයක් ඇති කර ගන්න අවශ්‍ය නෑ," මෙතෝදිස්ත සභාවේ සහෝදරතුමෙක් පැවසීය.

මේ අතර, ද සෙන්ටර් චර්ච් සභාවේ නත්තල ප්‍රතික්ෂේප කරන දරදඬු ප්‍රතිපත්තිය මේ වන විට යම් ප්‍රමාණයකට ලිහිල් වී තිබේ.

එම සභාවේ සාමාජිකාව පැවසුවේ, මීට පෙර නත්තල් දේව මෙහෙයක් නොපැවැත්වුව ද, මෙවර එවැනි දේව මෙහෙයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ය.
 
කෙසේ වෙතත්, දෙසැම්බර් 25 වන දා ජේසුස් වහන්සේගේ උපත සිදුවූ බව තවදුරටත් පිළිනොගන්නා බව ද ඇය පැවසීය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...